10 November 2014

කෝට්ටේ නටබුන් සොයා - 2වන කොටස

කෝට්ටේ රජමහා විහාරය වැදපුදාගෙන අපි දෙන්නා ප්‍රධාන පාරට ආවා. ප්‍රධාන පාර කිව්වේ මාර්ග අංක 168 කොටහේන නුගේගොඩ බස් පාරට. එක පැත්තකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරය දකින්න පුලුවන්. ඉරිදා දවසක් නිසා දහම් පාසලක් පැවැත්වෙන බවක් දකින්න තිබුනා.

අපි එතනින් පල්ලම් බැස්සා. එක පැත්තකින් කෝට්ටේ ප්‍රදේශයේ ජනප්‍රිය පාස දෙකක් වෙච්ච ආනන්ද ශාස්ත්‍රාලයත් ශා. තෝමස් විද්‍යාලයත් දකින්න තියෙනවා. අපි තවත් ඉදිරියටම, ඒ කියන්නේ පිටකෝට්ටේ හන්දිය පැත්තට ඇවිදගෙන ආවා.

එතකොටම තමයි අපි දැක්කේ පිටකෝට්ටේ ගල් අම්බලම.

එතන ටිකක් නැවතිලා පින්තූර කිහිපයකුත් ගත්තා. මේ ගල් අම්බලම 19 වෙනි ශත වර්ෂයේ හදපු එකක්. මේ ගල් අම්බලම කලින් තිබුනේ පාර මැදක් වෙන්ඩ ලු. පාර පලල් කිරීමේ කටයුතු නිසා ගල් අම්බලම එතනින් ගලවලා ඊට ටිකක් එහායින් ඒ තිබුන විදිහටම සවි කලා ලූ.

මේ වෙනකොට ගල් අම්බලම එක එක මිනිසුන්ගේ නවාතැන්පොලක් වෙලා ඉවරයි. ඒ වගේම ඒ ගල් අම්බලම විවිධ අවස්ථාවන් වලදී කඩයක් විදිහටත් පාවිච්චි කරන බවක් පෙනුනා. කෝට්ටේ රාජධානිය කියලා කිව්වට මහ ලොකු පුරාවස්තු නැති එකේ මේ ටිකවත් මීට වඩා සංරක්ෂණය කලා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.

හරි... වැඩි කතා ඕනැන්නේ නෑ.. අපි පින්තූර ටිකක් බලලා ඉම්මු.

ඔය පහලින් තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහලා තියෙන පුවරුව.

ඒකේ තියෙන විස්තරත් කියවලා මම ගල් අම්බලමේ පැති පෙනුමේ පින්තූර කිහිපයක් ගත්තා.පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූර වලින් එකක්.
මේ අම්බලමට ගල් අම්බලම කියන්නේ ගල් කණු පාවිච්චි කරලා තියෙන නිසා වෙන්ඩ ඕන. අම්බලමේ වටේ බලලා ඊට පස්සේ අම්බලම ඇතුලට ගොඩ උනා. මම කැමරාවක් අතේ තියාගෙන අම්බලම ඇතුලට ආපු නිසා ඒක ඇතුලේ හිටපු අය ටිකක් කලබල උනා. ඒ අය ටිකක් එලියට ගියා.මම හිතන්නේ මෙතන පදිංචි වෙලා ඉන්න අය වෙන්ඩ ඕන.

කට්ටියක් පදිංචි වෙලා ඉන්න බවක් නම් පෙනෙන්ඩ තියෙනවා.
 වහලේ ලන්තෑරුමකුත් එල්ලලා තියෙන්නේ.මම අම්බලමේ කැණිමඩලේ පින්තූරයකුත් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
අම්බලම බලලා ඉවර වෙලා මමයි අපේ එක්කෙනායි පාර මාරු උනා. අපේ ඊලඟ නැවතුම උනේ කෝට්ටේ තියෙන කෞතුකාගාරය. ඒක බලන්ඩ යන්ඩ බස් එකට එන්ඩ ඕන නිසයි පාර මාරු උනේ.පාර මාරු උනාට පස්සේ මම ආයෙම පාරේ එහා පැත්තට පේන ගල් අම්බලමේ පින්තූරයක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
පිටකෝට්ටේ හන්දියේ ඉදලා මාර්ග අංක 163 විදේශ සේවා- දෙහිවල බස් එකේ හරි 168 නුගේගොඩ කොටහේන බස් එකේ හරි නැගලා බංගලා හන්දියට ටිකට් ගත්තා.විනාඩි දහයකුන් පහලොවකින් විතර බංගලා හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ තව ටිකක් බස් එක ගියපු දිහෑවට ඇවිදගෙන ගියා.එතකොට පාරේ දකුණු පැත්තේ තිබ්බ කෞතුකාගාරයට ගොඩ උනා.
 පහලින් තියෙන්නේ ඒ කෞතුකාගාරයේ පින්තූරයක්. මේ පින්තූරේ ගත්තේ පුරාවිද්‍යා වෙබ් අඩවියෙන්.

කෞතුකාගාරේට ගොඩ උනහම ඒක බාරව හිටපු කෙනෙක් පොතක් දුන්නා නම ගම විස්තර ලියන්ඩ. පැමිණීම සටහන් කරන්ඩ වෙන්ටෑ.. අපිට කලින් තව එක්කෙනෙක් එදා ඇවිදින් තිබුනා. අපිට කෞතුකාගරේ බලන්ඩ කියලා එක එක කුටි වල ලයිට් දාලා දුන්නා. මේ කෞතුකාගාරයට ටිකට් ගන්ඩ ඕන නෑ..නමුත් අපිට පින්තූර ගන්ඩ ලැබුනේ නෑ.. ඒකට අවසර නෑලූ.පින්තූර ගන්ඩ ඕන නං පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ගන්ඩ ඕනලු.

මේ කෞතුකාගාරේ කෝට්ටේ යුගයේ තිබ්බ පිගන් භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ඒ වගේම පෘතුග්‍රීසි හේවායන්ගේ හිසකෙස් එහෙම තිබුනා.ඊට අමතරව නටබුන් වලින් හොයාගත්තු කොටසුත් තිබුනා.කෝට්ටේ සිංහයා කියලා විරුදාවලිය ලබපු ඊ.ඩබ්. පෙරේරාගේ විවිධ දේවල් එකතුවක් තිබුනා. ඒ කෞතුකාගාරය පවත්වන ස්ථානය ඊ.ඩබ්. පෙරේරාගේ නිවසලූ.

 මෙතනින් එහාට්ට කෝට්ටේ රාජධානියේ බලන්ඩ තියෙන දේවල් ගැන විස්තරයක් කෞතුකාගාරයේ හිටපු කෙනාගෙන් අහගන්ඩ ලැබුනා.උන්දෑ දීපු ඔත්තුව ඔස්සේ අපි දෙන්නා එතනින් එහාට්ට ගමන ඇරඹුවා...

 ඒ ටික ඊලඟ ලිපියෙන්......

12 comments:

  1. වැඩි දුරක් නෙමේ... බලන්න ඕනෙ වෙලාවක....

    ReplyDelete
  2. මම අවුරුදු 2-3ක් උදේ හවස ඔය හරියේ හිටිය .. හැබැයි කවදාවත් ඕව බලන්න ගියේ නෑ .. පන්සලට නම් දෙපාරක් විතර ගියා ... දැන් මෙහෙමවත් බලනවා .. හෙහ් හෙහ්

    ReplyDelete
  3. harima watinawa harima watinawa..ithiriyath damu ehenam.

    ReplyDelete
  4. මමත් ඔය ටික කවර් කලා දැන් ටික කාලයකට කලින්.. මං හිතන්නේ අවුරුදු දෙකක් විතර ඇති.. මම පටන් ගත්තේ ගල් අම්බලමෙන්.. එයින් පස්සේ කෝට්ටේ බල කොටුවේ පරණ බැමි ටිකෙන්.. කෞතුකාගාරයට ගියාට පස්සේ තමා අනිත් තොරතුරු ටික හම්බ උනේ.. එයින් පස්සේ ඒ හැම තැනටම වගේ ගියා.. හැබැයි කෝට්ටේ රජමහා විහාරයට ගියේ නැහැ... පන්සලටනං කොයි වෙලේ යන්න බැරිද කියලා.. ඒත් තාම යන්න උනේ නැහැ.. විනාඩි දහයේ දුර උනත් ඕක මතක් උනේ නැහැ.. හෙටානිද්දටම යන්න ඕන..

    කෞතුකාගාරයේ මං බලන්න ගිය දවසෙත් තත්වය ඔහොමම තමා... එදා මම තමා පලවෙනියා දවල් දෙක විතර වෙද්දිත්... හැබැයි ඒකේ ඉන්න අය හරි හොදයි... පිළිවෙලට අර සිතියම පෙන්නල යන හැටි එහෙම කියා දෙනවා... හැබැයි බස් එකේ ගිහින්නං ඔය ටික බලන්න මාර කට්ටක් කන්න ඕන නේද..? පරාක්‍රමබාහු සොහොන එහෙම බලන්න නැදිමාල පැත්තේ යන්න ඕන.. ගල් අම්බලමයි කටුගේයි.. බලකොටුවයිනං පයින් උනත් ගිහින් බලන දුරේ...

    ඒක නෙවෙයි... ඔය ගමන්ම ඔය ගල් අම්බලම අහල තියෙනවා තවත් කටුගෙයක් වීගන යන පොට් එකක්.. ඒක බලන්න ගියේ එහෙම නැතෙයි..? :D

    ReplyDelete
  5. දැං කොහෙවත් තැං වල පොටෝ ගහන්න දෙන්නෙ නෑ... පුරුාවිජ්ජා කාරයො ඒම ගන්නව දැක්කොත් හෙන සද්ද දානව...
    ඒත් සුද්දන්ට අරුංට මුංට ලංකාවෙ නොවන ඕන බය්යෙක්ට පොටෝ ගත්තැකි...
    අපි ගන්නව නං අවසර ඇරං අරක කොරල මේක කරල ගන්න ඕන...
    මගුල තමා අපේ රටේ දෙවල් අපිට බලන්න කරන්න බෑ...
    තූ නෙද්දකිං

    ReplyDelete
  6. මේක හරි වටින දෙයක් බං.. ඒ කියන්නේ බහුතරයකගේ නටඹුන් නැරඹීම අනුරපුර පොළොන්නරුව ට සීමා වෙලා තියෙන්නේ. අවංකව මාත් ගිහින් නෑ. ඒ වගේම වටේ ඉන්න කොළු කුරුට්ටෝ කව්රුවත් ගොහිල්ලත් නෑ.. මේ සටහන් මාව එහාට යවන්න තරම් පොළඹවනවා.. ස්තුතියි

    ReplyDelete
  7. මහේෂ්ගේ කතාව හරි.. මේ මැතකදී අපේ හර්ෂණ අධිකාරිගේ තොරතුරු අනුව මම අර මාලිගාවක නටඹුන් තිබුන කන්දක් බලන්න ගිය වෙලේ එතන කැණීම් කරන තැන පොටෝ එකක් දෙකක් ගහද්දි ඒක බලාගෙන හිටිය කැණීම් කරන තැන වැඩ බලන හාදයෙක් ආවා පොටෝ ගන්න එපා කියන්න...
    මං ඒ පාර ඇහුවා දැන් මම ඉරිදා දවසක ආවොත් ඔයාලා මෙතන ඉන්නවද මම පොටෝ ගහනවද නැද්ද කියලා බලන්න කියලා.. පොර කොර.. එදාටනං අපි වැඩ නැහැ කිව්වා.. මං ඒ පාර කිව්වා ඒක තමා ප්‍රශ්නේ.. මොකද දැන් දවස් ගානකට කලින් ඉරිදාවක ආව මගේ යාළුවෙක් මෙතන ඕන හැටියට පොටෝ ගහං ගිහිං තිබුනා එතකොට අවුලක් නැත්තං ඇයි අද අවුල කියලා.. පොරට දීගන්න උත්තර නැහැ.. එයින් පස්සේ ඉතිං මං කිව්වා මේක බලන්න එන කෙනෙක් මේකේ පොටෝ ගහන් ගිහින් කොහේ හරි තව කෙනෙකුට පෙන්නුවොත් තමා මේවා බලන්න පිටරටකින් හරි කෙනෙක් එන්නේ කියන එකත්.. එහෙම එන උන්ගෙන් එන කීයෙන් හරි තමා පුරා විජ්ජාව කොරං යන්න සලලි හම්බ වෙන්නේ කියන එකත්.. කෙටියෙන් කිව්වේ උන්නැහේලට පඩි ගෙවන්නෙත් අපි කියන එක.. නිධන් හොරු එන්නේ නැහැ මහ දවල් ඔහෙලා ඉන්න තැන මේක පොටෝ අල්ල අල්ල ඉන්න කියලා... මෑන් එයින් පස්සේ සෑහෙන්න ෆිට් උනා... මුංගේ විකාර නීති...

    ReplyDelete
  8. නියමයි. ඔය පැත්තෙ ආපු දවසක හරි බලල යන්න බැරියැ.
    මටත් පේන්න බැරි ඔය ෆොටෝ ගහන්න එපාය කියල බෝඩ් ගහල තියෙන එක තමයි. ‍යකෝ ලංකාවෙ දෙයක් ෆොටෝ ගහන්න ලංකාවෙ එකෙකුට තියෙන අයිතිය නැතිකරන්න පුලුවංද. අර මාරය දෙවෙනියට කියල තියෙන කතාව හරියටම හරි.

    ReplyDelete
  9. පුළුවන් උනොත් ගිහිල්ල බලන්න ඕන.

    අම්බලමෙත් මිනිස්සු පදිංචි වෙල ඉන්නවද බං. එතකොට ඒක අම්බලමක් වෙන්නෙ නෑනේ. :)

    ReplyDelete
  10. කුරුටු ගෑ ගී පොත :
    ඔවු ගිහිං බලන්ඩ... වැඩි ඈතක නෙමේ නේ. ඒත් කට්ටියක් එක්ක යන්ඩ. තනියෙන්ම යන්ඩ එපා.

    Pathum Herath :
    ඒ උනාට ගොඩක් ලොකු පුරාවිද්‍යා සයිට් මෙහේ නෑ.. පොඩි පොඩි නටබුන් ස්ථාන කීපයක් විතරයි තියෙන්නේ. ඒකයි මේවා ඒ හැටි ප්‍රසිද්ධ නැත්තේ. නැත්නම් කට්ටිය ඔක්කොම බලලා තියෙනවා නෙහ්, :)

    සයුරි :
    තව ස්ථාන කිහිපයකින් මේ ලිපි සැට් එක ඉවර කරනවා.

    මාරයාගේ හෝරාව :
    පරාක්‍රමබාහු සොහොන බලන්ඩ යන්නේ කොහොමද කියලා කිව්වා නං.... මම ඒ හරියේ ගිහිං නෑ. ඔය කියපු සෙට් එක නං එක නං එක සැරේම බලාගෙන ආවෑකි.

    ReplyDelete
  11. Mahesh Rathnayaka :
    ඒක නං ඇත්ත. පින්තූරයක් ගහන්න දෙන්නේ නැති එක නං අවුලක් තමා.. අනික අපි කියලා ඕවා හොරෙන් අරන් යනවා ඈ..

    දේශක යා :
    නිවාඩු වෙලාවක බයික් එකක් හොයාගෙන ගිහින් එන්ඩ බැරුව යෑ...


    Praසන්ன :
    ඒක නේන්නං.. ඔය සේරම නීති අපිට විතරයි. පිටරටකින් ආපු එවුන්ට් ඔය කිසිම එකක් නෑ..


    DDT :
    අම්බෝ සෑහෙන කාලෙකින් දැක්කේ.. වෙලාවක ගිහි එන්ඩ.

    ReplyDelete
  12. http://goo.gl/maps/d1kl5

    ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න.. B කියන තැන පොඩි පිට්ටනි කෑල්ල වගේ තියෙන තැන.. බැද්දගාන පාරේ ගිහින් වෙහෙර කන්දට යන්න ඕන.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.