දැන් ආයෙම පොඩි විවේකයක් ලැබුනා. ඒ නිසා මොනවා හරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා මේ පැත්තට ගොඩ උනා.
ඒති ඉතිං ලියනවයි කිව්වට ලියන්නත් මොනවහරි දෙයක් තියෙන්න එපා ය. ඔහොම හිත හිත ඉන්නකොට තමයි ගොසිප් අඩවියක තිබා මෙන්න මේ ලිපිය දැක්කේ.
මතකද අපි පොඩි දවස්වල ගායනා කරපු මොනවද මුත්තේ මොකද අරන්නේ ගීය.... ? මුලින්ම ඒ ගීයේ පද ටික මතක් කරගෙන ඉමුකෝ.. මෙන්න එහෙනම් මේ ගීයේ පද මාලාව.
ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
එක අඹයක්වත් කන්න ලැබේවිද
සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට
කරන්න හැකිදේ නොම තේරෙයි මට
සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමිලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ඒ දවස්වල අපි හරි ආසාවෙන් ගායනා කලා මතක ඇති නේ. ඒ ගීයේ පද මාලාව හරිම සරලයි. ඒ වගේම ගායනා කරන්න්නත් ලේසිම තාලයක් තියෙන්නේ. ඒ වගේම මේ ගීය ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ ගේය පද රචනයක්.
පොලොව හාරමින් ඉන්න මුත්තව දකින්න මුනුපුරා මුත්තා ඉන්න දිහාවට යනවා. ගිහින් අහන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගලා යන සංවාදය තම මේ ගීයෙන් ඉදිරිපත් කෙරෙන්නේ.
මේ ගීය සරල උනාට ඒ ගීය තුලින් ඉදිරිපත් කරන අදහස සුලුපටු නෑ..
තමන්ට කවදාවත් මේ අඹ පැලයෙන් අඹ කන්න ලැබෙන්නේ නෑ කියලා හිතලා අඹ පැලය නොහිටවා උන්නා නම් කවදාවත් අනාගත පරපුරට අඹ ගහක් ලැබෙන්නේ නෑ.. නමුත් මුත්තා තමන්ට නොලැබුනත් අනාගතය බාර ගන්න එන කවුරු හරි මේ ගහෙන් ප්‍රයෝජන ගනියි කියලා හිතලා තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ ගීයෙන් ඉදිරිපත් කරන අදහසත් මේකමයි.. තමන්ට නොලැබුනත් තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ඉටු කරන්න කියන පුංචි ඉල්ලීම මේ ගීය පුරාම තියෙනවා.
කාලෙකට පස්සේ මේ ගීයේ වචන ටික ඇහුවත් ඒ දවස්වල විඳපු රසයම තාම මේ ගීයේ ඉතුරු වෙලා තියෙනවා. යුතුකම් ගැන කියවෙන මේ අපූරු ගීය ඔයාලත් පොඩි දවස්වල අහලා ඇති...
එහෙනම් මම ගියාවේ. වෙලාව තියෙන හැටියකට ලියන්න කියවන්න එන්නම්. ජය වේවා !!
ඇත්තට ඔය සිංදුව මම අහල නෑනේ බං.. හැක්..
ReplyDeleteඅරුත්බර ගීතයක්...
ReplyDeleteමුත්තයි හූනයි එකවාගෙයි නේ
ReplyDeleteඔය මුත්තටගෙන්ද අර කොල්ල තුට්ටුවක් ගත්තෙ පස් කකා හිටපු මීයගෙන් චූ බින්දුවන් වැටෙන්න ටොක්කක් ඇනල
ReplyDeleteපොඩි කාලේ ඇහුනට දැන් ඇහෙන්නේ නැති එක තමා ගැටලුව, මතකයි මතකයි සින්දුව
ReplyDeletehttp://hadageepotha.blogspot.com/2014/10/blog-post.html
අපිට සමාජෙන් ලැබෙන දෑ බුක්ති විඳිනවා සේම, අපෙන් සමාජයට විය යුතු දෑ ගැනත් සිතීම මීටම සමාන නොවේද?
ReplyDeleteලස්සන සිංදුවක් නේන්නම්. ඕක කතාවක් විදිහටත් ළමා පොතක තිබුනා.
ReplyDeleteන දේවල් මතක් වෙයි බ්ලොග් එක්ක ඉන්නකොට. වෙලාව තමයි ඉතින් අවුල.
*න දේවල් නෙවෙයි ලියන්න දේවල්
ReplyDeletehikiz,
ReplyDeletemathaka nadda oke advertisement eka?
කාලේකට පස්සේ මේ ගීතය අහුවත් අපහු ඒ රූප පෙලත් එක්ක අතීතයට ගියා වගේ..
ReplyDeleteඅලුත් සිංදුව මැද්දෙන් දාල තියෙන හින්දි වචන ටික නැත්නම් එකත් ලස්සනයි ...
ReplyDeleteඅපි දෙන්නා හිටපු ගමන් ඔය සින්දුව මතක් කරනවා. අපි දෙන්නටම මුළු සින්දුවම කට පාඩම්.
ReplyDeleteහයියෝ මොන එහෙකට හින්දි වචන ටිකක් ඔබලද මන්දා...
ReplyDelete