17 August 2014

පුංචි බයිබලයක්

අද නිවාඩු දවසේ ගෙදර ඉන්න කම්මැලි නිසා මම අපේ ලොකු නංගිලෑ දිහාට්ට ටිකක් ගොඩ උනා. ලොකු නංගි කියන්නේ අපේ නැන්දෑ ලොකු දුව. එයා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ පෙලට වාඩි වෙනවා. ඒ නිසා පාඩමක් දෙකක් කියාදෙන්නත් පුලුවන්නේ කියලා හිතලයි ඒ පැත්තේ ගියේ.

ගිය හැටියේ නඟා මට තේකක් එහෙම හදා දුන්නා. මම ඒයැයිගේ පාඩම් වැඩ ගැන අහලා උපදෙස් ටිකක් එහෙම දීලා අමාරුයි කියලා කියපු ගණන් ටිහිකුත් කියලා දුන්නා.

ඒ ටික කියලා දීලා නිවාඩු පාඩුවේ ඉන්නකොට තමා මම මේ චූටි බයිබලේ දැක්කේ...

මේ ජාතියේ චූටි බයිබලයක් මම දැක්ක පලවෙනි වතාව මේක. එහෙනං බයිබලේ බලලා ඉමුකෝ..

ඕං ඕක තමා බයිබලේ...ඇඟිලි පුරුක් දෙහෙකට වඩා දිග නෑ..
මේක කීටැග් බයිබලයක්...ලස්සන කේස් එකකුත් තියෙනවා..
පිටු 168ක් තියෙනවා...ඒ උනාට මේකේ අකුරක්වත් අපේ පියවි ඇහැට බලාගන්ඩ බෑ.. එක අතකට මෙහෙම පොතක් ප්‍රින්ට් කරපු එකත් අපරාදේ කියලා හිතෙනවා.ඇයි ඉතිං පොතක් නං ඒක කියවගන්න පුලුවන් වෙන්ඩ එපෑ..
එහෙනං මං ගියාවේ..

17 comments:

  1. ලෝකෙ මෙහෙම පුදුමයන් තියෙන බව අහල තිබුනා. ඒත් අපේ ලංකාවෙ අපි අතරත් මෙහෙම තියෙන බව දන්නෙ අද නොවැ. මේ වගේ දේවල් වලට මං හරි මනාපයි, කියවන්න පුලුවන් උනත් බැරිඋනත්.

    ReplyDelete
  2. ඒක එක්ක අන්වීක්ශෙකුත් දෙනවද දන්නෙ නෑ කියවන්න.
    එක අතකට බයිබලය තියෙන්නෙ කියවන්නම නෙමේනෙ. ඒක ක‍තෝලික ආගමේ ශුද්ධවූ සංකේතයක්

    ReplyDelete
  3. හි හි අන්වික්ෂේකුත් දෙනවා ඇති

    ReplyDelete
  4. ලෝකේ කුඩාම පොත ගැන විස්තරයක් මම කියවලා තිබුනා.. හැබැයි ඒක බයිබල් එක නෙමෙයි වෙන එකක් වගේ මට මතකනම්..

    ReplyDelete
  5. විභාගේ හන්දා නංගි ඒක ලඟින් තියාගෙන ඇති. :D

    ReplyDelete
  6. හ්ම්ම්....කියවන්න බැරි පොතක්.

    ඕකේ පරමාර්ථය ඉතින් කියවන එකම නෙමෙයි නේද?

    ReplyDelete
  7. ලෝකෙ පුංචිම පොත තිබ්බෙ දකුණෙ පැත්තෙ මනුස්සයෙක් ළග.. සුද්දෙක්ගෙන් හමුබුණ තෑග්ගක්..
    පහුගිය දවසක මව්බිමේ තිබ්බ

    ReplyDelete
  8. ඔහොම් එකක් ලංකාවේ තියෙනවා කියලනම් දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
  9. ඕක කියවන්නේ කෝමද??

    ReplyDelete
  10. නියමයිනෙ. අන්වීක්ෂෙකුත් අරගෙන කියවන්න බලමු.

    ReplyDelete
  11. අපේ ගෙදර තියෙනවා ඔය වගේ පුංචි ත්‍රිපිටකයක්. කරඩුවක් ඇතුලේ දාලා තියෙන්නේ. පාරමිතා කියල පදනමකින් ගත්ත එකක්.

    ReplyDelete
  12. මේක දැං පල්ලියේ හොරණෑව වගේ.... පොඩ්ඩක් ලූස් ද?

    ReplyDelete
  13. කියවන්න බැරි එකමයි කාරිය. ලොව පුරා අපරාධයන් දහස් ගණනකට මුල් වූ සුරංගනා කතා පොත.

    ReplyDelete
  14. August 18, 2014 at 10:32 AM ඇනෝට,

    ඔව් බං කතෝලික ගෑණියෙක් ගන්න ගිහාම බෞද්ධයින්ව ඔය වගේ ඔළු හෝදලා හරවනවා. හැබැයි මොලේ තියෙන උන් ඒ හැම දේකටම අහු වෙන්නේ නැහැ. මේ වගේ උගත්කම මිසක් සිහි බුද්ධියක් නැති ළමයි ඔය වගේ තැන්වලදි නිකංම අර පැත්තට නැවෙනවා.

    ReplyDelete
  15. අර ඇනෝ කෙනෙක් කිව්ව වගේ ඔය වගේම ත්‍රිපිටකේකුත් තියෙනව... කරඬුවක එහෙම දාලා හැබෑම ලස්සනයි... හැබැයි ඕනමන්ට් එකක් වගේ තියාගන්න විතරයි ඉතිං පුළුවන්..

    ReplyDelete
  16. කිව්වත් වගේ දැන් උබ දිගටම හිමින් සීරුවේ හොඳ ආගම් ප්‍රචාරයක් දීගෙන යනවා නේද බෝල

    ReplyDelete
  17. මම වතාවක් කිව්වා වගේ බොලා තරම් ලෙහෙසියට පහසුවට බේලොග් සටහන් ලියන කවුරුවත් නෑ කියලයි මගේ හිත කියන්නෙ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.