04 June 2014

කොච්චර කාලයක් ගත වෙනවද ?

ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ කතාවක් එහෙම නෙමේ. අද ලිපියෙන් දෙන්ඩ යන්නේ ගණිත ගැටලුවක්. මේ ගණිත ගැටලුව අපිට දුන්නේ අපිත්තෙක්ක වැඩ කරන යාළුවෙක්. අපේ කණ්ඩායමේ අය කොහොමහරි එක එක උත්තර දීලා අන්තිමේදි ප්‍රශ්ණය විසඳුවා.

ඔයාලත් උත්සහ කරලා බලමු !

බැරි වෙන එකක් නෑ....

මේකයි ප්‍රශ්නේ.

එක ගෙදරක ලොකු වතුර ටැංකියක් තියෙනවාලු. ඒ ටැංකියට බට දෙකක් සම්බන්ධ කරලා තියෙනවාලු. ආයේ ඒකේ අරුමයක් නෑ.. ඕනම ටැංකියක වතුර පුරවන්ඩයි වතුර පිටවෙන්ඩයි බට දෙකක් තියෙනවා නේ.

අපි ලේසියට ඒ බට දෙක A හා B කියලා නම් කරමු.

A නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකියට වතුර පුරවන එකලූ. A නළයෙන් ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්ඩ මිනිත්තු හතලිස්පහක් ගත වෙනවාලු (මිනිත්තු 45ක්)

B නළයෙන් කරන කාර්යය වෙන්නේ ටැංකිය හිස් කරන එකලු. B නළයෙන් ටැංකිය සම්පූර්යෙන්ම හිස් කරන්ඩ පෑ බාගයක් යනවලු (මිනිත්තු 30ක්)

එක්තරා වෙලාවක ටැංකිය සම්පූර්ණ‍යෙන්ම වතුරෙන් පිරිලා තියෙනවාලු. මේ වෙලාවේ එක පාරම A හා B කියන නළ දෙකම විවෘත කරනවාලු. දන්නවනේ A නළයෙන් වතුර පුරවනවා B නළයෙන් වතුර හිස් කරනවා කියලා.

ප්‍රශ්නය තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා A හා B කියන නළ දෙකත් විවෘත කරලා තියෙන වෙලාවක ටැංකිය සම්පූර්ණයෙන්ම හිස් වෙන්ඩ කොච්චර කාළයක් ගත වෙනවද කියන එක.

දන්න ඈයෝ ගාන හදලා උත්තරේ කියමු බලන්ඩ !
උත්තරේ මිනිත්තු වලින්ම කියමු. හදපු විදිහත් කියන්ඩ පුලුවන් නම් පංකාදුයි !

22 comments:

  1. මේ දවස්වල නං වතුර අපතෙ යන මේ වගෙ වැඩ කලාට කමක් නෑ ! උත්තරෙත් මේකෙ තියෙනවා. හපනා නම් කියයි..

    ReplyDelete
  2. You cant empty the tank.

    ReplyDelete
  3. මගේ ටැංකිය (think tank) නම් කවදත් උතුරා යනවා.

    පටන් ගන්නකොට මේ ප්‍රශ්ණයේ කියවෙන ටැංකිය හිස් නම් විනාඩි අනූවකදී පුරවා ගන්න පුලුවනි. ඒක නම් මං පහේ පන්තියේදී විතර විසඳපු ප්‍රශ්ණයක්.

    ReplyDelete
  4. Anonymous :
    ඔන්න ඇනෝ ගානේ තිබ්බ වැරැද්ද හැදුවා. දැන් උත්තරේ කියමු බලන්ඩ.

    ReplyDelete
  5. ටැංකිය සම්පූර්ණයෙන් පිරිලනම් නළ දෙකම එකවර විවෘත කලාට ටැංකිය හිස්වෙන්න විදියක් නෑ.

    ReplyDelete
  6. මට නම් පේන්නේ ටැංකිය උතුරන බවක් මිස හිස් වෙන බවක් නෙමෙයි නේ

    ReplyDelete
  7. අඩේ මේක වෙනස් කරලා නේ. උත්තරේ විනාඩි 90. විනාඩියට පිරෙන භාගයයි 1/45, හිස් වෙන භාගයයි බැලුව 1/30. ඒ දෙකේ වෙනස ඔය ගත්ත . වෙනසේ එක යට අගය ගත්තා.

    ReplyDelete
  8. අයියෝ සිම්පල් කේස් එකක්නේ, කලින් දෙක මාරු කරලා නේද ගාන දුන්නේ, එතකොටනම ඉතින් ඇනොගේ උත්තරේ තමා මිනිත්තු 90.

    මේකයි විසදුම.

    ටැංකිය පිරෙනවා මිනිත්තු 45 කින්
    ඒ නිසා ටැංකියෙන් 1/45 හිස් වෙන්න යන්නෙත් මිනිත්තු 1

    ටැංකිය හිස්වෙනවා මිනිත්තු 30 කින්
    ඒ නිසා ටැංකියෙන් 1/30 ක් හිස් වෙන්න යන්නේ මිනිතතු 1

    ඉතින් ටැංකිය පුරවලා තියෙද්දී ඔය සිදුවීම් දෙකම වෙනවනම් සමස්ත ප්‍රතිපලය වෙන්නේ

    පිරෙන්න ගතවන කාලය - හිස්වෙන්න ගතවන කාලය

    1/45 - 1/30 = (- 1/90)

    උත්තරය සෘණ උත්තරයක්. ඒ කියන්නේ අඩුවෙනවා. ඒ කියන්නේ ඔය තත්වේදී ටැංකියෙන් 1/90 ක් හිස් වෙනවා මිනිත්තු එකකදී. ඉතින් මුළු ටන්කියම හිස් වෙන්න යන්නේ මිනිත්තු 90.

    ReplyDelete
  9. කට්ටිය උත්තරේ දීලා නිසා මම සද්ද නැතිව ඉන්නම්. (උත්තරේ නොදන්න නිසා නෙමේ ඕන්. ) :D

    ReplyDelete
  10. ගාන වෙනස් කරලනේ. දැන් නම් ඉතින් මිනිත්තු 90න් ටැංකිය හිස් වෙනවා.

    ReplyDelete
  11. මිනිත්තු කීයක් ගියත් අපට මොකද? ඒක ටැංකිය අයිති කට්ටිය බලා ගනී.. හි හි....

    ReplyDelete
  12. විනාඩි 90යි. (ටැංකිය හිස් වෙද්දී වෙන පීඩන වෙනස එහෙම නොසලකා හරින නිසා)

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
  13. උත්තරේ ඉහළින් දීලානෙ....මම මගින්ම කැපෙනවා එහෙනං...

    ReplyDelete
  14. හිස් කල නොහැක.
    මිනිත්තු අනන්තයි.

    ReplyDelete
  15. කාලෙකට පස්සේ ආවේ. ඒත් මෙයා තාම ගණන් හදනවා...:D

    ReplyDelete
  16. ටැංකිය හිස් කරනවට මම විරුද්ධයි.

    ReplyDelete
  17. මං මංඤං....
    මං ගණන් දන්නෙ නෑ අප්ප

    ReplyDelete
  18. දැන් ඔය ගෙදර අයිති කාරය දන්නවද මේ කට්ටිය එකතු වෙලා ටැංකිය හිස් කරන්න හදනවා කියල.. :)

    ReplyDelete
  19. මට ප්‍රශ්නේ ටැංකිය කොච්චර හිස් කරත් පිරෙන එක තමයි ඉතින් :D

    ReplyDelete
  20. අපි පස්සේ එන්නම් ඈ..

    ReplyDelete
  21. මොනා උනත් අපරදේ වතුර ටික, අවුලක් නැහැ ගං වතුර දාන්න වහිනවානේ

    ReplyDelete
  22. හයියෝ..ගණන් හදන්න කම්මැලියි..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.