මට අපේ එක්කෙනාගේ ගෙදර පරණ පොත් ගොඩක තිබිලා ජන කතා පොතක් ලැබුනයි කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. අද මම වැඩ ඇරිලා ඇවිල්ලා ඇඟපත හෝදගෙන ප්ලේන්ටියක් එහෙම හදාගෙන ඇවිදින් පොත කියවන්ඩ ගත්තා..
ශා.... අගේ ඇති පොතක් !
දන්නවානේ මම ජනකතා, ජනප්‍රවාද වලට ගොඩක් මනාපයි කියලා. මේකත් එහෙම කතාවක්.
ඔන්න එකමත් එක ගමක උන්නා අම්මෙකුයි පුතෙකුයි. මේ අම්මයි පුතයි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් උනා.නමුත් මේ අම්මගේ ලොකු කෑදර කමක් තියෙනවා මී මල් කන්ඩ.. ඔය මී මල් කනවයි කියන්නේ මී පැණිත්තෙක්ක අනාගෙන ලූ.
ලූ කියලා කිව්වේ මම උපන්තේකට මී මල් කාලා නැති හන්දා.
දවසක් මේ අම්මා මිදුලේ මාගලක මී මල් වේලෙන්ඩ ඇරලා කොහෙදෝ මන්දා ගමනක් ගියා ලු. ගිහින් එනකොට වෙලෙන්ඩ දාපු මී මල් වලින් බාගයක්කත් නෑ ලු.මේ අම්මා හිතුවලු තමන්ගේ පුතා මී මල් එකින් එක කන්ඩ ඇති ය කියලා.
අම්මට කේන්ති ගියා ලූ !
අම්මා කෝට්ටක් අරගෙන තමන්ගේ පුතාට හොඳටෝම තලන්ඩ ගත්තලු. මේ පුතාත් ගුටි කන ගමන් කියනවාලු "මම මී මල් කෑවේ නෑ" ය කියලා. අම්මා ඒත් අහන්නේ නෑ ලූ.
මී මල් කෑවා මදිවට බොරුත් කියන්ඩ එනවයි කියලා හිතපු මේ අම්මා, තමන්ගේ පුතාගේ කකුල් දෙකෙන් අල්ලලා පොලොවේ ගැහුවලූ. ඒ ගහපු පාරට කොලුවගේ ඔලු කට්ට පුපුරලා මැරුනලු.
තමන්ගේ දරුවාගේ මරණෙන් දවස් කීපයකට පස්සේ අම්මට හිතුනලු තමන්ගේ ළමයා මී මල් කෑවේ නෑයි කියලා අච්චරටම පරසක්වල ගැහුවා නං ඇත්තටම මී මල් වලට මොකද උනේ කියලා බලන්ඩ. එහෙම හිතපු මේ අම්මා දවසක් මී මල් වෙලෙන්ඩ දාලා එතනින් නැගිටින්නෙත් නැතුව මී මල් දිහා බලාගෙන හිටියලු.
මේ අම්මා දැක්කා ලු මී මල් වේලෙන්ඩ වෙලෙන්ඩ බර අඩුවෙනවා ය කියලා. එදත් මේකම වෙන්ඩ ඇති නේද කියලා අම්මට හිතුනාලු. මී මල් වලට තිබ්බ කෑදර කමටයි හදිසි කේන්තියයි හන්දා තමන්ගේ ආදර පුතාව මරා ගත්තා නේ කියලා හිතුන අම්මට දුක වාවගන්ඩ බැරුව පපුව පැලිලා මැරුනා ලූ.
මේ අම්මා මලාට පස්සේ කොබෙයියෙක් වෙලා උපන්නාලු. ඒ කොබෙයියා තාමත් දුකෙන් නැති වෙච්ච තමන්ගේ පුතාව හොයනවාලූ.
ඒකලු කොබෙයියන්,
මි පුප් ලදිම්.
දරු නොලදීම්.
රන්කැටි පුතා.
කෝ...කෝ... කියලා අඬලන්නේ.. !
මේ කතාව දිගාමඩුලු ප්‍රදේශයේ අය අතර තියෙන ජනප්‍රවාදයක්.
ඒ වගේම මේ කතාව පොඩි පොඩි වෙනස්කම් එක්ක සංස්කරණ කිහිපයක් තියෙනවා.
මෙන්න උදාහරණ වලින් දෙකක්.
1. සුවඳ කැකුළු අඩවියේ තිබ්බ කතාව.
2. ජැක්සන් ඇන්තනී කියන කතාව.
ඔහොම කුරුල්ලෙක්ට සම්බන්ධ මෙවැනිම කථාවක් අසා ඇති බවක් මතකයේ තියෙනවා..නමුත් ඒ කොබෙයියාමද කියන්න මතක නෑ...
ReplyDeleteඅපේ එක්කෙනා නෙමෙයි බං...මගේ එක්කෙනා කියලා කියහං...
eka ulama netnam ula lenage kathawa sira ayya.
Deleteදිගාමඩුල්ලේ සැරිසරණ මටවත් මේ කතාව අහන්න ලැබිලා නෑ නමුත් මේ නෑකම දිගාමඩුල්ට ගෞරවයක් අපුරුයි. මේ කතාව ඇතුලේ අපුරු ඉවසිමේ පාඩමක් තියෙනවා .ඒක වැදගත් එදා ජන සාහිත්‍ය කොතරම් බුද්ධිමත්ද මෙවැනි කතාවක් තුල ඇති සංවේදි තාව ගැන කියන අපුරුව.......අපුරු පාඩමක් කොතරම් බුද්ධිමත්ද අපේ මුතුන් මිත්තන්.......
ReplyDeleteමාර අම්මෙක් නොවැ!!! අහල තිබ්බෙ නෑ කතාව කලින්. ස්තුති යි බෙදා ගත්තට.
ReplyDeleteකතාවනම් කලින් අහලා තිබුනේ නෑ.. අපිට තව කතා ඕනේ..
ReplyDeleteමී මල් කියන්න මීක් කියන ගහේ මල් වලට එවා අයේ මී පැණි එක්ක කන්න ඕන නෑ ...
ReplyDeleteමේ කතාව කුඩා කාලයේදී මගේ අම්මා කියලා දුන්නා මතකයි. ඒ මතකයත්, කතාවේ රසයත්, යලිත් මතු කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.
ReplyDeleteඇත්තටම ජනකතාවල හරිම සුන්දරත්වයක් තියෙනවා. කියවන්න ආස හිතෙනවා. ඒක නෙවෙයි, ඇත්තටම කොබෙයියා ඔය විදියටද කෑගහන්නේ?
ReplyDeleteඅද මගේ පොඞ්ඞට කියලා දෙනවා
ReplyDeleteහදීසි කෝපය ගෙනදෙයි ශෝකය.
ReplyDeleteමම මේ කතාව ගොඩක් පොඩි කාලේ අහල තියෙනවා. ඒ දවස් වල මම ඔය කතාවට බයයි. එච්චර නපුරු අම්මලත් ඉන්නවද කියල මලක් නිසා ළමයෙක් මරන්න. කොබෙයියා නෙවෙයි කෑරලා හරි කොරවක්කා හරි වගේ සතෙක් ගැන මතකයක් තමයි මට නම් තියෙන්නේ..
ReplyDeleteසිරාගෙ කාමරේ :
ReplyDeleteඔය පහල එක්කෙනෙකුත් කියලා තියෙන්නේ කිරලද දන්නේ නෑ කියලා. හරි ඈ.. ආයේ අපේ එක්කෙනා කියලා නොකියා මගේ එක්කෙනා කියලා කියන්නම්.
Chandana Liyanaarchchi :
දිගාමඩුල්ල පැත්තේ ද ඉන්නේ ? මරුනේ.. මගෙත් ලොකු ආසවක් තියෙනවා සතියක් විතර දිගාමඩුල්ලේ ගෙදරක නැවතිලා ඉන්න.
කුරුටු ගෑ ගී පොත :
මාර අම්මෙන් නේන්නම්.. :)
Dinesh :
ReplyDeleteපුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම් මල්ලි. ඒ පොත හොයා ගන්ඩ නැතිවෙයි කියලා හිතලා ලියන්නේ. :)
Anonymous :
මම නම් තාම ඔය මල් කාලා නෑ.. මේ කතාව කියෙව්වහම ආසාවකුත් ආවා. :)
Wicharaka Asami Dakimi Soyami :
මේ කතවෙන් පරණ මතකා අලුත් උනා නම් ඒ ගැන සතුටුයි
Manosh Sandaruwan :
ReplyDeleteකොබෙයියගේ කෑගැහිල්ල ඔය විදිහටයි කියලා තමා ඔය පොතේ තිබුනේ. අර කිව්වත් වගේ ජනකතා සුන්දරයි..
sanjeewa mendis :
කියලා දෙන්න.. පොඩ්ඩත් ගොඩක් ආසවෙයි ඒ කතාව අහන්ඩ !
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
සහතික ඇත්ත ය.
Pathum Herath :
ReplyDeleteමේ කතාව ටිකක් බය හිතුනට මේකෙන් ලොකු ආදර්ශයක් දෙනවා. කෑදරකමයි ක්ෂණික කෝපයයි හොඳ නෑ කියලා.
හ්ම්ම් මේ වගේ කතාවක් තමා කෑරලා කා ගහන එක, එකාගේ කා ගැහිල්ල කොච්චාර එපා උනත් පොඩ්ඩක් හොඳට අහන්න ඌ අන්දන තාලේ, බිත්තර පෑගෙයි පිත්තර පෑගෙයි කියලයි ඌ අඬන්නේ කියලා කතාවක් තියෙනවා, මට ඇහෙන්නෙත් ඒ වගේම තමා. ජය. තව කතා ඔනෝ.
ReplyDeleteකතාව කළින් අහල තියෙනවා.. ඔයා ලියල තියෙනවත් ලස්සනයි මල්ලි....
ReplyDeleteමං නං ඒ කාලෙ අපේ එක්කෙනාගෙ ගෙදර ගියාම මට පරන පොත් හොයන්න ඕනෙ උනේ නෑ.
ReplyDeleteපුළුවන්නම් ඔයාගෙ එක්කෙනාගෙ ගෙදරින් හොයල හරි උලලේනගෙ කතාවත් දාන්නකො.....
ReplyDeleteඉස්සර සිළුමිණ පත්තරේ මේ වගේ කතා මාලාවක් ගියා.
ReplyDeleteමගේ අන්තිම පොස්ට් එකත් ඔයා බලන්න කැමති වෙයි එහෙනම්.
ලස්සන කතාව
ReplyDelete