18 June 2014

හංසයෝ

දවස් කිහිපයකින් බ්ලොග් එකේ මුකුත් ලීවේ නැති නිසා  අද මොනවාහරි කුරුටු ගාන්ඩ ඕන කියලා හිතලා මේ පැත්තේ ආවා. මොනවද ලියන්නේ කියලා කල්පනා කරගෙන යනකොට තමා මට මූනුපොතේ තිබ්බ මේ පින්තූරේ හම්බ උනේ.

ඉතින් මට හිතුනා ඒ ගැන හොයලා බලන්න ඕන කියලා.

හංසයා  ගැන තියෙන ජනප්‍රියම කතාව වෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න එකනේ. ඒක නම් ඇත්ත නෙමෙයි ලූ. හංසයාට ඒ හැකියාව නෑ ලු. හිංදු සාහිත්‍යයේලු එහෙම තියෙන්නේ.

හරි.... අපි ආයෙම අර කතාවට  එමු.

උඩ තියෙන පින්තූරේ කියන විදිහට හංසයෝ ජීවිත කාලය පුරාම ඉන්නේ එකම එක සහකාරයෙක් එක්ක විතරමයි ලූ. බැරි වෙලාවකවත් තමන්ගේ සහකාරයා මලොත් ඒ හංසයා සෑහෙන කාලයක් වැලපෙනවලු.

මේ නිසාම වැඩිකල් යන්න මත්තෙන් අනිත් හංසයාත් මියෑදෙනවා ලු. කමදාකවත් තවත් හංසයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. එහෙම සිදුවෙනවා නම් සිදුවෙන්නේ ඉතාමත් අල්ප වශයෙන් ලූ.

මෙන්න මේ කතාව විද්‍යාඥයින් තහවුරු කරලා තියෙන කතාවක් ලූ.

ඒ වගේම තමා හංසයන්ගේ පිහාටු වල කිසිම දෙයක් ගෑවෙන්නේ නෑලු. ඒකට හේතුව වෙන්නේ හංසයාගේ පිහාටු තෙල් ගතියකින් යුක්ත වීමලු.

ඔය කිසිම දෙයක් ගෑවෙන්නේ නැති කතාව නිසා හිංදු සාහිත්‍යයේ හංසයාව සලකන්නේ පිරිසිඳු බවේ සංකේතය කියලා ලු.  හිංදු සාහිත්‍යයේ එහෙම හඳුන්වන එකේ වරැද්දක් නෑ නේ ? :)

ඔය වගේ නානාප්‍රකාර කතා ටිකක් හංසයා ගැන කියවන්න හම්බ උනා. සිංහලයට පරිවර්තනය කරන්න කම්මැලියි. කැමති කෙනෙක් ඉන්නවා නං පහල සබැඳි වලින් කියවන්ඩ.

1. හංසයෝ...
2. හංසයෝ.. 

ගූගල් කලා නම් තව තව ලිපි ගොඩාක් හොයාගත්තෑකි.

එහෙනං මං ගියාවේ.. !

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක්‌ ලයට ලංවුනා


(අපි පොඩි දවස්වල ගාර්මන්ට් ගෑල්ලමයි අතර ගොඩක් ප්‍රසිද්ධ සිංදුවක්ලු ඕක.. )

28 comments:

  1. මේක කියෙව්වම හිතුනේ ඉවානුයි, පත්තර මල්ලියි ගිය ආත්මේ හංස ජෝඩුවක්ද කොහෙද කියලයි

    ReplyDelete
    Replies
    1. ඕ යේස් .. මං හංසයෙක් .. ඉවාන් දියකාවෙක් :D

      Delete
  2. අදහස් ටික හරිම වටිනවා. අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා. අනික තමයි ඒ ගීතය දැක්කා ම පොඩි කාලේ ඇහුණ හැටි මතක් වුණා. මං හිතන්නේ සමිතාගේ කඩහඩ ද කොහෙදෝ ඔය මට මතක හැටියට..................

    ReplyDelete
  3. හංස පුට්ටු දාන්න ඇත්තේ ඒකයි හෙනං....

    ReplyDelete
  4. හංසයෝ කියල මාතෘකා දාලා අන්තිමට කුණුහරුප සිංදු දාන්න එපා “ඕයි“ :D

    ReplyDelete
  5. හංසයෙක් වාගේනේ

    ReplyDelete
  6. හංසයෝ බලද්දි මිනිස්සුන්ට වඩා හොදයිනේ ;)

    ReplyDelete
  7. නියම විස්තර ටිකක් ....

    ReplyDelete
  8. ඔය හංසයා දියෙන් කිරි වෙන් කරන එක ගැන නං මටත් ලොකූ ගැටළුවක් තිබ්බා මචං.හංසයා කියන්නේ ක්ෂීරපායී එකෙක් නෙමෙයිනේ.ඉතිං ඌ අහවල් වෙඩිමකට යැ දියෙන් කිරි වෙන් කරන්නේ.

    සින්දුවනං අසබ්බයි වගේ බං.කලිං අහලා තිබ්බට මෙහෙම කියෙව්වම තමයි එහෙම හිතුනේ.

    ReplyDelete
  9. හංසයෝ ගැන හදිසීයෙම ලියන්න හිතුනේ රණ හංස යුවලක් දකින්න හම්බ වෙලාද කොහෙද.. හෙහ් හෙහ්

    සිංදුව අසභ්‍ය නෑ බන්.. අපි අසභ්‍ය වෙලා... :D

    ReplyDelete
  10. @Pathum Herath ,
    මරු කතාව..

    ReplyDelete
  11. හරි පුදුමයි නේ...දියෙන් කිරි වෙන් කරන එකනම් බොරුවක් තමා...ඌට එහෙම කරන්න කිසිම ඕන කමක් නෑ නේ..

    ReplyDelete
  12. මාත් ඔඋඅ කතාව අහල තිබුනා. ඇත්තෙන්ම හංසයා ලියන්නෙ හරිම ආදරණීය අහිංසක සතෙක්. මං තාමත් හොයන දේ හංසයා දියෙන් කිරි වෙන්කරන කතාව හැදුනෙ කොහොමද කියලයි.

    ReplyDelete
    Replies
    1. හා හරි හංසයට පුලුවං කියපංකෝ !!!

      ඒත් පුතේ දැං කඩේ තියන කිරිවල නං වතුරයි කිරියි වෙං කරන්ඩ හංසයට නෙමෙයි සක්කරයටවත් බෑ .. ඕ යේස් . අම්මපා !!!!

      Delete
  13. @පත්තරේ,

    :D

    මධු, හංසයෝ ගැන ඇතිවුනේ පුදුම ආදරයක්...:)

    ReplyDelete
  14. අර හංසයා දියෙන් කිරි වෙන්කරගන්න කතාව නම් නිකං බොරුවක්..හංසයින්ට කොයින්ද කිරි ?

    ReplyDelete
  15. අපූරු විස්තරයක්
    ස්තූතියි

    ReplyDelete
  16. ඔය අන්තිම සිංදුව නම් මම ආසම එකක්.

    ReplyDelete
  17. මල්ලි අර යෙදුම එන්නෙ කිරි දියෙන් හංසයා වෙන් කෙරෙනවා වගේ එකක් නේද? ඒක මේ කිරි වල සහ හංසයාගේ පාට ගැන කිය වෙන්නක් නෙමෙයිද? දෙකම සුදු නිසා. ( කළු හංසයෝ අමතක කර ) අනේ ඉතින් ඔය මං දන්න හැටි තමයි

    ReplyDelete
  18. මේ කතාව මම කලින් අහලා තිබුනේ නෑ. හරි පුදුමයි නේද?

    ස්තූතියි විස්තර වලට...

    ReplyDelete
  19. PM, කුකුලෙක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉවාන් නං කුකුලා :D මං ෂෝයි බබා !!

      Delete
  20. හංසයෝ ගැන ඔය කතාවනම් මමත් කොහේදි හරි කියෙවුවා..

    ReplyDelete
  21. විස්තරය හොදයි මධුරංග..ඒත් මට මේක තව කොහේද හරි කියෙවුව කියන මතකයක් තියෙනවනෙ.

    ReplyDelete
  22. අයියෙ මට සමිතක්කගෙ රණ හංස යුවල දෙන්න කියලා කුපාඩි කොල්ලෙක් ඉල්ලුවයි කියන්නෙත් ඔය සින්දුවම තමයි...

    ReplyDelete
  23. සංදේශ සාහිත්‍යෙය් කියන සමහර දේවල් ගැන හිත්න්න එපා එහි රසවින්දන පැත්ත විතරක් හිතන්න....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.