13 June 2014

මගේ දන්සැල් වන්දනාව

ගණිත ගැටලුව දැම්මට පස්සේ එක ලිපියක්වත් ලියන්ඩ හම්බ උනේ නෑ. ඒකට මූලිකවම හේතුව උනේ වෙලාව මදිකම. කන්තෝරුවේ කරන්ඩ තිඋනු වැඩ ගොඩක් තිබ්බ නිසා බ්ලොග් ලියවිල්ලයි කියවිල්ලටයි දෙකටම තිත තියන්ඩ උනා.

පොසොන් පෝයටවත් මොනවාහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් උදෙ හිටන්ම දන්සල් වලට දුව දුවා හිටියා මිසක්කා අකුරක් කොටන්ඩ බ්ලොග් පැත්ත පලාතේ ආවේ නෑ..

ඔය දන්සල් දිවිල්ලෙදි මට අපේ ගමේදී අපූරු දන්සල් දෙකක් හම්බ උනා. එක දන්සැලක් තමයි කොණ්ඩේ කපන දන්සැලක්.

ඒ දන්සලේ කරන්නේ උදේ හිටන් හවස් වෙනකන්ම දන්සැලට එන අයගේ කොණ්ඩෙයි රැවුලයි කපලා දෙන එක. මාත් කොණ්ඩේ කපාගන්ඩ පෝලිමේ උන්නට කොණ්ඩේ කපන්ඩ උනේ නෑ.. සෑහෙන දිග පෝලිමක්...

ඒ දන්සල ඇරුනහම අනිත් දන්සල තමයි යෝගට් දන්සැල... ඒ දන්සැල පටන් ගන්ඩත් කලින්ම නයා ගැහිච්ච ලොකු පෝලිමක් තිබුනා. මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව යෝගට් එකක් කන්ඩ කියලා පෝලිමේ උන්නා.

හවස හතරට විතර දන්සැල පටන් ගත්තා. එතන ඉදන් යෝගට් දෙන්ඩ ගත්තා. කොච්චර යෝගට් දුන්නත් පෝලිමෙ ඉස්සරහට යන පාටක් තිබුනේ නෑ..  යෝගට් නැතුව හිස් අතින්ම ගෙදර යන්ඩ වෙයිද කියලා දෙතුන් විඩක්ම හිතූනත්තෙක්ක. ඒත්තෙක්කම ඔන්න ඔහේ හිටපු එකේ තව ටිකක් ඉන්නවයි කියලා හිටියා. බොහොම අමාරුවෙන් යෝගට් එකක් අරගෙන ගෙදර යන්ඩ ආවා. 

එතකොට කලින් යෝගට් ගත්තු අය එතනදිම යෝගට් කාලා යෝගට් කෝප්ප ටික එතන දාලා ගිහින්. අපේ මිනිස්සුන්ගේ හැටි නෙව. මේ වගේ දේවල් කලහම ආයේ ඊලඟ වතාවේ දන්සැල් දෙයිද කියලත් හිතෙනවා.

යෝගට් අරගෙන එනක්කොට කඩල දන්සලක් තිබිලා ඒකෙන් කඩල මුලකුත් අරගෙන ගෙදර ආවා.

ඊයේ දවසේ මට මිස් උනේ බීම දන්සැලක් විතරයි. බීම දන්සල් දෙන්ඩ එපාය කියලා තිබුන හන්දමද මන්දා බීම දන්සැල් තිබුනේ නෑ.

උදේ ඉදලා මම කඩල, සවු, අයිස්ක්‍රීම්, බත්, සීනි සම්බෝල පාන්, යෝගට් වගේ නානාප්‍රකාර දන්සල් ගොඩක් වැඳලා තිබුනා.ඉතින් බ්ලොග් ලියන්ඩ වෙලා තියේවි යෑ..

පෝය දවසට ලියන්ඩ ආපු බණ කතාව මම වෙන දවසක ලියන්නම්. එහෙනං මං ගියාවේ !

17 comments:

  1. යකඩෝ දැන් එහෙනම් අසමෝදගම් කුප්පියක් ගෙදර ගෙනත් තියාගනින්

    ReplyDelete
  2. මට හම්බවුණා වඩේ දන්සලක් එක් අයෙකුට පෙඩි වඩේ 5යි මිරිස් කරලයි කරපිංචා කොල දෙකයි ලුනු කැල්ලයි මරේ මරු ඒක.

    ReplyDelete
  3. එහෙනං මදි නොකියන්න වැඳල තියෙනව.

    ReplyDelete
  4. බඩක්ද බොල අම්බලමක්ද.

    ReplyDelete
  5. බඩේ කොත්තුවක් ගැහුවා වගේ ඇති

    ReplyDelete
  6. කොණ්ඩෙ කපන දන්සලක්? ඇහුවෙත් අදයි. කෑම බීම හැර වෙනත් දන්සලක් ගැන.

    ReplyDelete
  7. මම මේ මයියොක්ක දන්සලක පොටෝ ටිකක් බුකියේ දැකල කන්න විදියක් නැතුව හිතේ දුකෙන් ඉන්න වෙලාවේ මු තව දන්සැල් කතාවක් දාල.. :D

    ReplyDelete
  8. යකො මුගෙ බඩෙ හිඟන පවුලක්ම පදිංචි වෙලා. මමවත් කන්නෙ නෑ බං ඔච්චර එක දවසකට. :)

    මොන රෙද්දකටද බං පෝලිංවල තපින්න යන්නෙ, මට නම් පේන්න බැරි වැඩක්. කීයක් හරි දීලා කඩෙන් කාලා සනීපෙට ගෙදර යනව.

    වෙසක් පෝයට කොණ්ඩ රැවුල් කපපු දන්සලක් ගැන ඒ සතියෙ ඉරිදා ලංකදීපෙ විස්තරයක් දාලා තිබුන. මමත් ඉස්සෙල්ලම එහෙම දන්සලක් ගැන ඇහුවෙත් එදාමයි.

    ReplyDelete
  9. ඒක තමයි එහෙනම් පෙන්න නොහිටියේ මේ ටිකේම... ;)

    ReplyDelete
  10. අන්තීමේ අසමෝදගම් දන්සැලකුත් වදින්න තිබුනේ හැබැයි.. ඔක්කොම පත්තියන් වෙලා යන්නත් එක්ක..

    ReplyDelete
  11. මෙහෙමත් කෑමක්...:D

    ReplyDelete
  12. හිහි අපි එළ කිරි දංසැලකුයි කඩල දංසලකුයි දුන්න.. ඒ ඇර වදින්න නං ගියෙ නෑ...
    හැක්...
    මෙයාට තියෙන්නෙ නංඑසේ මෙසේ බඩක් නෙවී වගේ

    ReplyDelete
  13. මධුරංගයො...බඩේ හිගන්නෙක්ද බං...

    ReplyDelete
  14. වෙස්සන්තරල ඔක්කොම මධුගෙ පැත්තෙ වගේ මේ පොසොන් එකට

    ReplyDelete
  15. මම් මේ සැරේ එක බත් දන්සලකට විතරයි ගියෙ දෙපාරක් ගියා දවල් සහ රෑ .කෑම හොද්යි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.