ඊයේ දවස, ඒ කියන්නේ ජුනි පළවෙනිදා.. එහෙනම් මීට අවුරුදු හතරකට කලින් ඊයේ වගේ දවසක තමයි මම සිතක සංකල්පනා කියන බ්ලොග් අඩවිය පටන් ගත්තේ.
මට බ්ලොග් අඩවියක් පටන් ගන්න ඕන කියන අදහස මුලින්ම ආවේ මම ට්‍රේනින් වෙච්ච තැන උන්නු අයගේ අදහසක් නිසා.ඒ අය නම් කිව්වේ තමන්ට හම්බවෙන තාක්ෂණික දේවල් ලියන්ඩ බ්ලොග් අඩව්යක් පටන් ගන්ඩ කියලා.
එහෙම බ්ලොග් අඩවියක් පටන් අරගෙන ටික දවසක් කරගෙන යනකොට කම්මැලි හිතෙන්ඩ ගත්තා. ඒ නිසා තාක්ෂණික දේවල් ලියවිල්ලට තිත තියලා මට හිතෙන නානාප්‍රකාර කතා ලියන්ඩ ගත්තා. ඒක තාක්ෂණික ලිපි ලියනවාට වඩා ආස හිතෙන වැඩක්..
හැබැයි ඉතින් බ්ලොග් අඩවියක් පටන් ගන්නවාට වඩා අමාරුයි ඒක එක දිගට යාවත්කාලීන කරගෙන එන එක... කොහොමින් කොහොමහරි අවුරුදු හතරක් කරගෙන ආවා වගේ තව දුරටත් ලියාගෙන යනවා.
මේ අවුරුදු හතර පුරාම මාත්තෙක්ක උන්නා වාගේම ඉදිරියටත් ඔයාලා රැඳී ඉදීවි කියලා හිතෙනවා.
බ්ලොග් අඩවියට අවුරුදු හතරක් ගත උනා වගේ තමා ඊයේ දවසේ මගේ උපන්දිනේ. ඒ නිසා මට තෑගිබෝගත් ලැබුනා.තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා, මට අපේ උන්දැගේ ගෙදර පරණ පොත් රාක්කෙකක තිබිලා ජනකතා පොතක් හම්බ උනා.
ඒකේ ලස්සන ලස්සන කතා ගොඩක් තියෙනවා. වෙලාවක් හම්බ උනහම එයින් කතාවක් දෙකක් ලියන්නම්.
එහෙනම් මම ගියාවේ.. !
මටයි මගේ බ්ලොග් අඩවියටයි සුබම සුබ උපන්දිනයක් වේවා !!
සුබ උපන් දිනයකට සුපැතුම් පළමුවෙන්ම , ඒ වගේම සිතක සංකල්පනා තවත් වසරකින් වියපත් විම වෙනුවෙන් මගේ සතුට පිළිගන්න .
ReplyDeleteතාක්ෂණික තොරතුරු ලියන එක අතාරින්න එපා. ඒ වගේම රසවත් ඔබේ සන්ච්ගාරක සටහන්.
ReplyDeleteඔබටත් ඔබේ බ්ලොග් අඩවියටත් සුබ උපන් දිනයක් වේවා!
හැපි ඇනිවර්සරි හොඳේ...සුභපැතුම්....
ReplyDeleteතමුන්ටම සුභ පතාගන්න රටක් තියෙනවද බං..
ReplyDeleteඔන්න පරක්කු උනත් සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා පතන ගමන්ම බ්ලොගේ හතරවන වර්ෂ පූර්ණයටත් සුභ පැතුම් එක් කරන්න කැමතියි..
දැන්වත් බ්ලොගේ කමෙන්ට් කරන තැනම රිපල්යි දාන්න පුලුවන් විදිහට හදපන්කො. නැත්නම් මල කරදරේ උඩ පහළ බලන්න ගියාම..
තවත් දෙයක් මධුරංගව මුල්ම කාලෙ බ්ලොග් එලෝ එලෝ එව්වල කමෙන්ට් කරපු හැටි මතක් උනා.. මධුරංගගේ කමෙන්ට් එකක් තිබ්බෙ නැති බ්ලොග් පෝස්ට් එකක් තිබ්බෙ නෑ. පස්සෙ ඉතින් අවකාසෙන් ඈත්වෙලාමත් ගියානෙ.. ඒත් ආයෙ ආපු එක ගැන සතුටුයි..
දෙන්නටම සුබ උපන්දිනයකට ආසිරි.... හොඳේ.. චිරාත් කල් යෙහෙන් වැජඹේවා...
ReplyDeleteඋපන් දිනයටත් ඇනිවසරියටත් සුබ පැතුම් මධු,දැන්වත් කමෙන්ට් බොක්ස් එක හදාගත්තොත් නරකද.
ReplyDeleteසුබ පැතුම් මලයා !
ReplyDeleteඔන්න එහෙනම් සුබ ම සුබ උපන්දිනයක් වේවා ගුණ කිරීම 2!
ReplyDeleteදෙකටම එක වගේ සුබ පැතුම් !
ReplyDeleteහ්ම්ම් එතකොට බ්ලොග් එකේ පස් වෙනි උපන් දිනේ එනකොට මධු හිරකාරයෙක්.. අම්මේ සංසාරෙක හැටි !!
සුබම සුබ පැතුම ඈ
ReplyDeleteමේ සංවත්සර දෙකට වගේම නිවාස ව්‍යාපෘතියටත්, මැවිසුරු වෘත්තීමය දියුණුවටත් මගෙන් සුභ පැතුම්!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා... අවුරුදු හතරට ජයවේවා!!!
ReplyDeleteඋපන්දින දෙකටම සුබ පැතුම් ..... ඉඩමේ ඉක්මනට ගෙයක් හදාගෙන එක වහලක් යටට වී දරුමල්ලන් දුසිමක් හදාගෙන ඉන්න වාසනාව ලැබේවා
ReplyDeleteඋපන්දිනේටයි බ්ලොග් සමරුමටයි සුභ පැතුම් .. !!
ReplyDeleteඅඩේ, බ්ලොගේ උපන්දිනෙයි, ඔය තුමාගෙ උපන් දිනෙයි දෙකම එකම දවසෙ. ඒකත් හරි අපූරුයිනෙ. ඉස්සෙල්ලාම ඔබට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ බ්ලොග් එකටත් සුබම සුබ උපන්දිනයක් වේවා. තව සුවහසක් කල් බ්ලොග් ලොව ඔබගේ මෙම සටහන් විරාජමාන වේවා..!
ReplyDeleteජයෙන් ජයම වේවා!
උපන්දිනේටනං මං මොකක් හරි එව්ව මතකයි.. ඈ බං අවුරුදු හතරක් ඕක ඇදං යන එක මොකක්ද.. අර ප්‍රසා යස අගේට අවුරුදු තුනකට දවස් ගානක් අඩු වෙන්නම ඔය ඇදන් යන්නේ උගේ තියෙන අමාරුවටම.
ReplyDeleteසුභ ඇනිවැසැරියක් මඩුවෝ..
මධූගෙ උපන් දිනේටයි බ්ලොගේ උපන්දිනේටයි දෙකටම හදවතින්ම සුබ පැතුම්……!!
ReplyDeleteසියළු සිතුම් පැතුම් ඉටුවේවා……!!!
සුභ පැතුම්. පොඞ්ඞක් අනුමත වෙමු පත්තරයයි නලින් අයියන්ඞි අල්ලගෙන
ReplyDeleteසුබ උපන්දිනයක්, සුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteකිසි අවුලක් නැතුව තව බොහෝ කාලයක් බ්ලොග ලියාගෙන යන්න හැකිවේවා !!
@දේශකයා,
හැක්...
සුපැතුම්
ReplyDeleteසුභ උපන් දිනයක් හා සුභ අනාගතයක් පතමි.
ReplyDeleteසුබ පැතුම් සුබ පැතුම්... උපන්දිනේටයි, අවුරුදු හතරටයි දෙකටම හදවතින්ම සුබ පතනවා !
ReplyDeleteසුබ උපන්දින දෙකක් වේවා
ReplyDeleteසුබ පැතුම්
ReplyDeleteඋඹෙ දෙකටම සුභපැතුම් මල්ලී :D
ReplyDeleteCongratulations...
ReplyDeleteසුභ අනාගතයක් වේවා...
ReplyDeleteඅඩේ උණුසුම් සුබපැතුම් සහෝ...අවුරුදු හතරක් ආවා වගීම ඉදිරියටත් එලෙසින්ම ලියන්න හැකිවේවා. ඒ වගේම උපන්දිනේටත් සුබ පැතුම්, දැන් ඉතින් නාකි අවුරුද්දකින් වෙනවා නේද? හෙක් හෙක්. ඉක්මනින්ම ගේ දොර හදාගෙන පඩිපෙලක් ගසා ගැනීමට හැකි වේවා. :D
ReplyDeleteසුබ උපන් දියනයක් දෙන්නටම...ඔය අවුරුදු හතර ඇතුලත අතුරුදහන් වෙලා හිටපු වෙලාවලුත් තිබුනා නේද? කමක් නෑ. ආපහු අතුරුදහන් වෙන්න බෑ හරිද
ReplyDeleteසුබ ඇනිවසරියක් වේවා අයියේ...
ReplyDeleteදෙකටම වේවා..!
ReplyDelete(පොඩ්ඩක් පරක්කු උනා.. අදයි බ්ලොග් තොගයක් අතරින් ටිකක් හොයාගෙන කියෙව්වේ..)
පරිනතව තවත් වසරකින්..
ReplyDeleteසුබපැතුම් සහෝ :)