07 May 2014

සිරගත උනෙමි

සෑහෙන කාලෙකින් කොහේහරි කන්දක් නගින්ඩ යන්ඩ උනේ නෑ. ඒකට හේතුව මේ තියෙන වැහිවර කාළගුණය. මේ කාළගුණය හන්දා සති අන්තයේ ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නේ. ඒ වගේම තමා බ්ලොග් එකෙත් මොකක් හරි ගමනක් ගැන වීස්තරයක් වැටුනේ නෑ....

ඔහොම හිත හිත ඉන්නකොට තමා මතක් උනේ මම නොලියපු චාරිකාවක් තියෙනවයි කියලා. ඒ තමා බෝගම්බර ගමන.

දවස හරියටම කිව්වොත්  මේ අවුරුද්දේ මාර්තු මාරේ විසි එක්වෙනිදා. සිකුරාද දවසක්. ඔය දවස්වල තමයි බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා තිබ්බේ. ඉතින් මගෙත් ආසාවක් තිබ්බා ඒ හිරගේ දැක බලාගෙන එන්ඩ.

දෙපාරක් නොහිතා නිවාඩුවක් දාලා  උදෙම්ම නුවර බස් එකක නැගලා නුවර ආවා. ඒ එනකොට උදේ නමයට විතර ඇති. බෝගම්බර හිරගේ ලඟට ඇවිත් බලනකොට සෑහෙන පෝලිමක් තිබුනා. දවසම පෝලිමේ ලගින එක කාලේ කන වැඩක් නිසා මමයි මගේ ගමන් සගයා වෙච්ච සංඛ මල්ලියි ලංකාතිලක,ගඩලාදෙණි පන්සල් දෙක වැදපුදාගන්ඩ පිටත් උනා.


ඒ ගමන ගැන තවත් දවසක  විස්තර කියන්නම්.

පන්සල් දෙක බලාගෙන දවාලට සංඛ මල්ලිලෑ දිහෑවෙන් බත් කාලා නුවර බස් එකක එල්ලුනා බෝගම්බර එන්ඩ. ඒ එනකොට පෝලිමක් තිබුනේ නෑ.



අපි දෙන්නා ඇතුලට ඇවිත්  මුලින්ම ගියේ බන්ධනාගාරේ කුස්සියට. පහලින් තියෙන්නේ කුස්සියේ බත් දාපු තැටි ටික.



ඒ ටිකත් බලාගෙන එනකොට දිග පෝලිමක් තිබුනා. ඒ පෝලිම තිබුනේ එල්ලුම්ගහ බලන්ඩ. අපිත් පෝලිමේ පැයක් දෙකක් ඉදලා එල්ලුම්ගහ බලාගෙන ආවා.


එල්ලුම් ගහේ තුන්දෙනෙක්ව එක වතාවකට එල්ලන්ඩ පුලුවන් ලූ. ඒ වගේමයි ඒ කිට්ටුව තියෙන බුදු මැදුර ලඟ බෝධියේ කිසිම ශාඛාවක් එල්ලුම්ගහ පැත්තට එන්නේ නෑලූ. එල්ලුම් ගහ බලාගෙන එනකොට තමයි අපි ඇහැලේපොල කුමාරිහාමි ගොඩගහපු තැන දැක්කේ.

ඉහලින් තියෙන්නේ ඒ පින්තූරේ.

ඒ ටිකත් බලාගෙන අපි හිර මැදිරි බලන්ඩ ගොඩනැගිල්ලට ඇතුල් උනා. හිර මැදිරි ගොඩකට කියන්නේ වාට්ටුවක් කියලා. ඉංග්‍රීසි හෝඩියේ ඒ අකුරේ ඉදලා අකුරු හය හතක් යනකන්ම වාට්ටු තිබුනා.



ඔහොම හිර කූඩු බලාගෙන යනකොට අපිට හිර කාරයෙකුත් හම්බ උනා. පහලින් ඉන්නේ ඒ හිරකාරයා. :)
 

 හිරගේ බලලා එනකොට වෙලාව හතරාමාරයි. ඒ වෙලාවේ පොලිසියේ අය නිවේදනයක් නිකුත් කලා ප්‍රදර්ශනේ ඉවර කරන්ඩ යන්නේ සියළුම දෙනා පිටවෙන්ඩ කියලා. ඉතිං මලයයි මායි දෙන්නා හිරගෙදරට සමු දීලා නුවර ටවුමට ආවා.

සංඛ මල්ලි දවුලගල බස් එකක එල්ලුනා. මම කොළඹ බස් එකක නැගලා ගෙදර ආවා. හිරගේ බැලුවට පස්සේ හිතුනේ ටිපිටිප් කෑවා වගේ කියලා. හිරගේ පිටතින් බලනකොට තියෙන ගාම්භීරත්වය ඇතුලෙදි දකින්ඩ ලැබෙන්නේ නෑ. මහ මූසල පෙනුමක් තමා ඇතුලේ තියෙන්නේ.

එහෙනම් මම ගියාවේ !

30 comments:

  1. බෝගම්බර බන්ධනාගරය බලන්න එන්න මටත් ලොකු උවමනාවක් ආසාවක් තිබුනත් කාලවේලාව සහ නිවාඩු මට හරස් උනා. පිංතූර ටිකනම් ගොඩක්ම වටිනවා. මේ දුක විඳින්න යන්න මිනිස්සු මොනතරම් නම් දේවල් කලාද..

    ReplyDelete
  2. ‍ොබෙගම්බර හිරගෙයක් වෙන්න කලිං වෙනත් ස්ථානයක් වගේ මතකයි... නිකං වලව්වක් වගේ...

    ReplyDelete
  3. උඹව යවන්න තිබුනේ වැලිකඩ.. අපරාදේ...

    ReplyDelete
  4. මම බදුල්ල බන්ධනාගාරේ ඇතුලට නම් ගිහින් තියෙනවා , හැබැයි මේ තරම් ජරා නෑ මතක හැටියට

    ReplyDelete
  5. බලන්න යන්න හිතාගෙන හිටියට යන්න බැරි වුනා...

    ReplyDelete
  6. මන් ආසයි යන්න මේක බලන්න, එල්ලුම් ගහේ ඉස්සර හරි හරියට එල්ලන්න ඇති නේද 3 දෙනෙක් එකපාර එල්ලන්න පුළුවන් කියන්නේ

    දැන් ඉතින් විදුලි පුටු තියෙනවනේ :)

    ReplyDelete
  7. නියමයිනෙ. අර හිර කාරය මරණ දඬුවම නියමවෙච්ච එකෙක් වෙන්ටැ.

    ReplyDelete
  8. MOKATA OYA HIRA GEWAL WALA YANAWADA. MAMA HITHANA INNE KOHOMATH HIRE LAGINDA

    ReplyDelete
  9. අපරාධයක් නොකර හිර කුඩුවක ලගින්න මාර ආසාවක් නේ තිබිලා තියෙන්නේ, :D ප්‍රයෝජනවත් ගමනක් වගේම අපුරු පින්තූර ටික.

    ReplyDelete
  10. මන් බැලුවා මලයා හිරයක් වත් ගත්තද කියල

    ReplyDelete
  11. 1988 දී මම හිරකාරයන් ඉන්නකොට මේක ඇතුලට කීප වතාවක් ගියා. එකම අපායක් තිබුණේ මේක ඇතුලේ.

    ReplyDelete
  12. මටත් එල්ලෙන්න අැත්නං

    ReplyDelete
    Replies
    1. න්ෙේ
      Ane ammapa mehema asawal

      Delete
  13. සිරකරුවෝද මනුෂ්‍යයෝය ... මම නුවර වැඩිය ඇවිල්ල නෑ එත් බෝගම්බර හිරගෙදර තාප්පේ දවසක් දැක්ක එක ලස්සනයි. හැබැයි එකේ ඇතුල ලස්සන නෑ කියල හිතුන .මේක කියවද්දි සුනිල් එදිරිසිංහයන්ගේ සින්දුවක් මතක් උනා ... https://www.youtube.com/watch?v=IrQDxAl-uHU

    ReplyDelete
  14. දැන් කෝමත් හිරේ යන්න ලගත් එක්ක එකේ මේවත් බලලා තියා ගන්න එක හොදයි තමයි මධු අයියේ..

    ReplyDelete
  15. කැත හිරගෙයක්...නිකං මිනිස්සුත් මානසිකව වැටෙනවා මෙතන දැක්කාම.

    //ඇහැලේපොල කුමාරිහාමි ගොඩගහපු තැන දැක්කේ.// ???

    ගොඩගත්තු තැනනේ?

    ReplyDelete
  16. නුවර අවුරුදු ගානක් හිටියා බලන්න ගිහින් නැහැනේ....

    පොඩ්ඩි මාර කතානෙ කියන්නේ... :).. මේක ලස්සනට තිබ්බ නම් තව බර ගානක් හිරේ මෙලහකට, හිරේ යන්න උවමනාවට අපරාධ කරලා..

    ReplyDelete
  17. පොඩ්ඩි හිතා ඉඳල තියෙන්නේ හිරේ කියන්නේ බීච් රිසොර්ට් එකක් වගේ කියල හික්

    ReplyDelete
  18. දිනෙශ් කියල තියෙන්නෙ මම කියන්න ගියපු එකම.

    ReplyDelete
  19. හිර ගෙදරක මොනවා බලන්ඩද

    ReplyDelete
  20. මෙහෙම බලන්න දෙන විත්තිය කලින් දැනගෙන හිටියෙ නෑ.. දන්නවා නම් යන්නත් තිබ්බා.. හිර ගෙවල්වල මිනිස්සු වැඩී ඉඩකඩ මදි කියලා කතාවක් තිබ්බා නේද? මෙතන හිටපු අයත් ගිහින් දැම්මම ඒවල තවත් ඉඩමදි වෙලා ඇති..

    ඉස්සර ප්‍රසිද්ධ කියමනක් වෙන 'තාප්පෙ උඩින් පෙරහැර බලන්න ආසද?' කියලා දැන් අහන්න වෙන එකක් නෑ..

    …@ පොඩ්ඩි,
    හිරේ යන්නෙ නිවාඩු ගන්ටයැ..

    ReplyDelete
  21. අටම කියනව වගෙ ඔකෙ මොනව බලන්නද.

    ReplyDelete
  22. බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා...
    හතුරෙකුටවත් මේ වන් දුක වෙන්න එපා...

    ReplyDelete
  23. Manosh Sandaruwan :
    ඔවු ඒක ඇත්ත. ඒ මිනිස්සු කොච්චර නම් දුකක් විඳින්න ඇත් ද...

    Mahesh Rathnayaka :
    එහෙම කතාවකුත් අහන්න හම්බ උනා.. තව නිධානයක කතාවකුත් අහන්ඩ හම්බ උනා.

    දේශක යා :
    ඒ මොකෝ ඒ... ?

    ඉවාන් පවුලූශා :
    මේක සෑහෙන පරණයි. ඒ වගේම හරිම මූසල පාලු ගතියක් තියෙන්නේ.

    ReplyDelete
  24. තුශානි :
    අපරාදේ.. ඒ වගේ ඒවා මිස් කරන්ඩ එපා.

    අපූර්වී :
    ඔයා ලංකාවේ හිටියා නං ගිහින් බලලා එන්ඩත් තිබුනා. ඒත් ඉතින් කොයි..?

    Praසන්ன :
    ලඟදි එල්ලලා මරන්ඩ නියම වෙච්ච එකෙක්. :)

    වැව් ඉස්මත්ත :
    ඒක තමයි.. මාත් හිතාගෙන ඉන්නවා ළඟදි හිරේ යන්ඩ.

    ReplyDelete
  25. සොඳුරු මිනිසා :
    ආයේ ඉතින් මේක බලන්ඩ යන්ඩ වෙන්නේ නෑ නේ.

    Bindi :
    කොහොමත් මේ අවුරුද්දේ හිරයක් ගන්ඩනේ ඉන්නේ... :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අපරාදේ.. කලින් දන්නවා නම් එක්ක යන්ඩත් තිබ්බා..

    Wicharaka Asami Dakimi Soyami :
    අපායක් නේන්නම්... :(

    ReplyDelete
  26. සී.ජේ. විදානේ. :
    ඉතින් එල්ලෙමුකෝ..

    අපූර්වී :
    ඒකනේ නංගි... :)

    හංසි(swan) :
    මටත් ඔය ගීතය මතක් වෙවී තමා මේ ලිපිය ලිව්වේ. මගේ අඩවියට හංසිව සාදරයෙන් පිලිගන්නවා.

    Dinesh :
    හික්ස් :)
    ඔවු නෙහ්.. ඊට පස්සේ ජීවිතාන්තේ දක්වා හිරේ නෙහ්

    ReplyDelete
  27. Podi Kumarihami :
    ඒකනේ ඉතින් හිරගෙයක් කියන්නේ. ගෙදර වගේ පහසුකම් දෙන්ඩ බෑනේ..
    අකුරු වල වැරැද්ද හදන්නම් පොඩ්ඩි...

    තිසර :
    නුවර හිටියා නම් එන්ඩත් තිබුනා. මම මේ කිරිබත්ගොඩ ඉදලත් ආවේ.. :)

    Bindi :
    අනේද කියන්නේ...

    වීරේ :
    අපෝ අපෝ... පොඩ්ඩක් ඉන්ඩලා..
    ඒක නෙමේ.. පහුගිය ටිකේ දකින්ඩ හිටියේ නැත්තේ මොකෝ ? කොහෙද ගියේ ?

    ReplyDelete
  28. අටම්පහුර :
    ආසාවට බලන්ඩ ගියේ. හිර කූඩු කොයි වගේද කියලවත් බලාගන්ඩ පුලුවන් නෙව.. :)

    හරී :
    දැන් තාප්පේ උඩින් පෙරහැර බලන්ඩ වෙන්නේ නෑ.. දැන් පල්ලෙකැලේට අරගෙන ගිහින් නෙ.

    Damith Gunawaredane :
    ඇයි අප්පේ.. මේ බලපු දේ මදිදෑ.. :)

    අසෙනි :
    කොහෙද ගිහින් හිටියේ.. ???

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.