05 May 2014

රීලෝඩ් මැෂිම

දැනට මාසෙකට විතර උඩදි සෙනසුරාදා දවසක මට අපේ එක්කෙනාගෙන් කෝල් එකක් ආවා පානදුර පැත්තේ ඉඩමක් තියෙනවා ය ඒක බලන්ඩ ඉරිදට එන්ඩ පුලුවන්ද කියලා. මාත් ඉඩම් හොය හොයා ඉන්න හන්දා නෑ බෑ නොකියා හා කියලා කිව්වා.

මගෙත්තෙක්ක ඉඩම බලන්ඩ යන්ඩ අපේ මාමණ්ඩිව ලෑස්ති කරලා තිබුනා. අපි කතා කරගත්තු විදිහට ඉරිදා උදේ මම පානදුර අළුත් බස් ඩිපෝව ගාවට ආවා.

ඇවිත් මාමණ්ඩිට කෝල් එකක් දුන්නහම එයා තාම ඇවිදින් තිබුනේ නෑ.

මම පානදුර ඩිපෝවේ ටිකක් එහාට මෙහාට ඇවිද ඇවිද උන්නා. ඊට පස්සේ එතනම තිබුන පොඩි කඩයකින් බීම එකකුත් බීවා. ඒත් අපේ මාමණ්ඩි තාම ඇවිත් උන්නේ නෑ. මම තව ටිකක් වෙලා ඉදලා ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්ඩ කොමිනිකේශන් එකකට ගොඩ උනා.

කොමිනිකේශන් එකේ මල්ලිට කිව්වා පනහක රීලෝඩ් එකක් ඕනය කියලා.

එතකොටම ඒකා ගත් කටටම කිව්වේ නැතෑ "රීලෝඩ් කරන්ඩ ඕන අංකය ටයිප් කරන්ඩ." කියලා. ඔන්න එතකොට තමා මම රීලෝඩ් මැෂිම දැක්කේ. පහලින් තියෙන්නේ ඉක්මන් වෙබ් අඩවියේ විකුණන්න දාලා තිබුනු රිලෝඩ් මැශිමක්.

ඔය ජාතියේ එකක් තමා මම එදා දැක්කේ.... !

මැෂිම දැක්කට වඩා සතුටුයි ඒක හදලා තියෙන්නේ අපේ රටේ කෙනෙක් කියලා දැනගන්න ලැබුනම.ඒ මැෂිමෙම ගහලත් තිබුනා මේක අපේ රටේ නිශ්පාදනයක් ය කියලා.

තාම මේ මැෂිම එච්චර ජනප්‍රියතාවයක් නැති හන්දද මන්දා ගොඩක් කමිනිකේශන් වලදි මම මේක දැකලා නෑ. මේ වගේ නිශ්පාදන හදන අයට රජයෙන් අත හිද දීලා දිරිමත් කරවන්න පුලුවන් නං කොච්චර වටිනවද කියලා මට එදා හිතුනා.

ඔහොම හිත හිත ටික වෙලාවක් ඉන්නකොට මාමණ්ඩි පානදුරට ඇවිත් තිබුනා. මමයි එයයි කතාවක් දාගෙන ඉඩමට ආවා.

39 comments:

  1. ඉතාම වටින නිර්මාණයක්. මේ වගේ යන්ත්‍රයක් තියෙනකොට රී ලෝඩ් දාන කොට පාරිභෝගිකයට සහ වෙළෙන්දට සිදුවෙන අපහසුතා ගොඩාක් දුරට අවම වෙනවා. ඉතාම අගයකල යුතුයි මේක දේශීය නිශ්පාදනයක් වුන එක. ඔවුන්ට හොඳ දිරියක් ලබා දීල ඔවුන්ගෙ ඔලු ගෙඩිවලින් හරිහමන් වැඩක් ගන්න තරම් අපේ පාලකයො බුද්ධිමත් නෑ. ඔන්න ඇමතියෙක්ට හොඳ කොමිස් එකක් තියෙන මැෂිමක් පිටරටින් ගෙන්නන්න පුලුවන්නම් මේ දේශීය නිශ්පාදකයට රිදෙන්නම ඇරල ඒක අතුගාලම දාන ජාතියේ පාලකයො තමා අපිට ඉන්නෙ.

    මේවගේ යන්ත්‍රයක් මාත් එකම එක පාරක් දැකල තියෙනවා අපේ නගරෙත් කඩේක තියෙනවා. ඒත් ඒක වැඩිකල් තිබුනෙ නෑ. ඒකනම් අපේ රටේ නිශ්පාදනයක් නෙවෙයි මං හිතන්නෙ.

    ReplyDelete
  2. දැං ගොඩක් තැන් වල ඔය සිස්ටම් එක තියනවා තව ටික දවසකින් හැමතැනටම එයි.. ඉඩං වැඩිෙ ගොඩද???

    ජය වේවා!!!

    ReplyDelete
  3. ඉඩමෙ වැඩේ හරිගියැයි...
    ඔය සී ලෝඩ් එක දාන මැසිම හිංද අපිටනෙ නම්බර් කොටන්න වෙන්නෙ ... එතකොට වැරදියට නම්බරේ කෙටුවොත් සොලි තමා

    ReplyDelete
  4. එහෙනං මාමණ්ඩිත් එක්ක ඉඩම බලලා ඇවිත් ඉතිරි ටික කියපන්කෝ මලේ

    ReplyDelete
  5. ආ කියන්න අමතක වුණා ඉඩම අරං ගෙයක් අටෝලා ඇතිවෙනකං රිලෝඩ් මැෂිමෙන් වැඩ ගනිං. පිට මැෂින් ලෝඩ් නොකර..

    ReplyDelete
  6. කීවත් වගේ...අරයාගේ නොම්මරේ මතකයිනේ.... :D

    ReplyDelete
  7. අපරාදේ බං රීලෝඩ් දාන්න මයියොක්කා ගහකුත් අැන්න යන්න එපැයැ...

    ReplyDelete
  8. ඉඩමෙ වැඩේ ගොඩද මධූ,? ඔය මැෂිමනම් දැක්කෙම අදයි.

    ReplyDelete
  9. ඔය වගේ එකක් මාත් රත්නපුරේදි දැකල තියෙනව. ලංකාවෙ හදන එකක් කියල දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  10. අම්මපා ගෙදරම එකක් හයිකරගන්ඩ පුලුවන්නම් මල් හතයි ඈ

    ReplyDelete
  11. දැන් රීලෝඩ් එක දැම්මද එතකොට ?

    ReplyDelete
  12. ඉඩමට මොකද උනේ.ඒ කතාව ඊළඟට ලියපං.

    ReplyDelete
  13. ඉඩම අරගෙන ගේ හැදුවට පස්සේ ඔයාට රිලෝඩ් වෙනුවට ........... එකකට යන්න පුළුවන්

    ReplyDelete
  14. රජයේ සහය නැතුව වැඩේ පටන් ගත් නිසා එහෙම්ම ගියොත් හොදයි. රජය අත දැම්මොත් එතන අවුලක්.

    ReplyDelete
  15. මේ පැත්තේ නම් හැම කඩේක වගේම ඔය මැශිම තියෙනවා..

    ReplyDelete
  16. අදමයි එහෙම සීන් එකක් තියෙන බව දන්නේ. මට මගේ අංකේ මතක නැති නිසා කාර්ඩ් ගන්නවා ඇරෙන්න රිලොඩ් දාන්නේ නෑ නේ ඉතින් ;)

    ReplyDelete
  17. මං අදමනේ ඔහොම එකක් ඇහුවේ

    ReplyDelete
  18. සිය රට දේ... සිරි සැප දේ....

    ReplyDelete
  19. තියනවා මචං ,ඕක රීලෝඩ් විතරක් නෙමෙයි. සිම් කාඩ් නිකුත් කරන්නෙත් ඕකෙන්..නම්බර් 5ක් එනවා ඒකෙන් කැමති නම්බරේ සිම් එකට රෙජිස්ටර් කරලා දෙනවා. නියම භාන්ඩෙ

    ReplyDelete
  20. අපේ පැත්තේ මුස්ලිම් කඩේක තියනවා කියල අපේ අක්කා කිවා,බිලකුත් එනවලු ,බිල නම් දැක්කා

    ReplyDelete
  21. මැෂින් එක නම් දැකලා තියනවා. එත් ලංකාවෙ හදන එකක් කියල නම් දැනගෙන හිටියෙ නෑ, මධු.

    ReplyDelete
  22. හප්පේ රී ලෝඩ් එක දා ගත්තා ආවා එච්චර යි මම නම්....

    ReplyDelete
  23. ඔය මැෂින් මෙහේ නම් තියෙනවා.. ලංකාවේ කෙනෙක් හදපු එකක් ඔහේ තිනවනම් ඒක ඇත්තටම සතුටක්..

    ReplyDelete
  24. මම නම් දැක්කමයි :) නියමයිනේ.

    ReplyDelete
  25. ලංකාවෙ කෙනෙක් හදපු එකක් ඔය විදියට භාවිතයෙ තියෙන එක කොච්චර ලොකු දෙයක්ද...

    ReplyDelete
  26. මැෂිම දැකලා තිබුනට ඒක හදලා තියෙන්නේ අපේ රටේ කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑ...

    ReplyDelete
  27. ඔන්න මධුටත් හැලප ස්ටයිල් එක බෝ වෙලා.

    ReplyDelete
  28. එහෙමත් ඒවා තියෙනවද ?? රිලෝඩ් මැෂින් :o

    ReplyDelete
  29. කිව්වට විශ්වාස කරන්න මතක විදියට මම ජීවිතේ එකපාරයි රීලෝඩ් එකක් දාල තියෙන්නෙ. ඒ දැනට මාසෙකට විතර ඉස්සර. ඒ දැම්මෙත් ඔය වගේ මැෂිමකින්. ඒකෙ නොම්බරේ විතරක් නෙවි ගානත් සටහන් කරන්න පුලුවන්.

    ReplyDelete
  30. බ්ලොග් අවකාශයේ ලේසියෙන්ම ලිපි ලියන එකා තමයි උඹ...ඇගට පතට නොදැනී එදිනෙදා සිදුවීම් වලින් ලිපි ලියන ලස්සන හැබෑට....

    ReplyDelete
  31. ඇත්ත නේන්නම්. වටිනා නිර්මාණයක්.

    ඉතින් ඉඩමට මොකෝ උනේ?

    ReplyDelete
  32. හප්පේ මධුරංගටත් එන වචන.. රිලෝඩ් මැෂිම... මරු ...

    ReplyDelete
  33. Manosh Sandaruwan :
    නව නිර්මාණකරුවන්ට අතහිත දීලා ඒ අයව උනන්දු කලා නම් මේ වගේ තව තවත් නිර්මාණ අපිට දැකගන්ඩ ලැබේවි.

    සී.ජේ. විදානේ. :
    ගොඩ ගොඩ... ලඟදිම ඒ ගැන ලියන්ඩ ඉන්නේ.

    Mahesh Rathnayaka :
    ඉඩමේ වැඩේ නම් ගොඩ.. අඩේ ඒකත් ප්‍රශ්නයක් නෙහ්.. නම්බරේ මතක තියාගෙන ඉන්න එක වටිනවා කොයිකටත්.

    Naleen Dilruksha :
    නලින් අයියත් මාර කතා තමා කියන්නේ. හිනා වෙලාම හති. හරි හරි.. මම වෙන මැෂින් රී ලෝඩ් නොකර ඉන්නම්කෝ.

    Podi Kumarihami :
    මතකයි මතකයි.. අමතක උනොත් මාර ලෙඩේ..

    ReplyDelete
  34. දේශක යා :
    අපෝ අපෝ.. මයියොක්කා එපෝ. !

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඉඩමක් හොයාගත්තා.. ලෝන් එකක් තමයි හොයන්නේ.

    Praසන්ன :
    කෙලින්ම ලංකාවේ කියලා ගහලත් තියෙනවා.

    Wicharaka Asami Dakimi Soyami :
    ඒක නම් හොද වැඩක් !

    ඉවාන් පවුලූශා :
    දැම්මා... දැම්මා !

    Helapa kade :
    ලියන්නම් ලියන්නම්...

    ReplyDelete
  35. මැලේ රාළ :
    හිස්තැනට එන්ඩ ඕන මොකද්ද කියලා කල්පනා කරනගමන් ඉන්නේ.. :)

    amila chathuranga :
    ඒකත් හරි තමා...

    හරී :
    අපේ පැත්තේ නෑ නේ ඔය මැශිම.. !

    සිහින මදාරා :
    අංකය මතක තියාගන්න එක වටිනවනේ නගා..


    අටම්පහුර :
    ඒකනේ.. :)


    අකීකරු සිතුවිලි....... :
    නැතුව නැතුව !

    පත්තර මල්ලි :
    ඒ මැශින් එක නම් මම දැකලා නෑ... නෙට් එකේ හොයලා බලන්ඩ ඕන.

    Anonymous :
    නට නම් බිලක් දුන්නේ නෑ..

    ReplyDelete
  36. Reeza :
    ඒක ලංකාවේ එකක් ෆා... !

    කුරුටු ගෑ ගී පොත :
    ඒකනේ.. ඕගොල්ලෝ විමසිල්ලෙන් බලන්නේ නෑ නේ. :)

    Dinesh :
    මේක නම් ලංකාවේ කෙනෙක් හදපු එකක්.

    YASITH (dot) NET :
    නියමයි නේන්නම්...

    Miyuru :
    අපිටනේ ආඩම්බරය... :)

    තුශානි :
    දැන් දන්නවනේ... අපිටනේ ආඩම්බරේ. නේද තුශා.. ?

    සරත් ලංකාප්‍රිය :
    හෑ... හැලප ස්ටයිල් එක ?

    මොණරි :
    තියෙනවා මොනරි තියෙනවා.

    ReplyDelete
  37. nishuoc :
    දැන් ඒ කියන්නේ රීලෝඩ් කරන්නේ නැද්ද. ? පැකේජ් එකක් අරගෙනද තියෙන්නෙ ?

    සිරාගෙ කාමරේ :
    වෙන ලියන්ඩ දෙයක් නෑ ඉතින්. මේවා තමා ලියන්ඩ තියෙන්නේ.

    සයුරි :
    ලෝන් එකක් ගන්ඩ ඉන්නේ. ඉඩමක් නම් හම්බ උනා.

    දිනිති දීපිකා :
    ඔහේ ලියනවා ඉතින්.. දැකලා තියේද ඒ මැශිම.. ?

    ReplyDelete
  38. නව නිමැවුමක් තමයි.ඒත් ඕක කඩේකට ගනිද්දි ඕකට වියදම් කරන මුදලට හරියන ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා ගැටළුවක් තියෙනවා.ලංකාවේ යන්තම් කෝල් එකක් ගන්න, එන කෝල් එකට උත්තර දෙන්න විතරක් දන්න මිනිස්සු මේ වගේ යන්ත්‍රයක් තියෙන තැනකට යන්න කැමති වෙන්නේ නෑ.මොකද මෙතනින් පාරිභෝගිකයාට වැඩ අඩු කිරීමක් වෙනුවට වැඩ වැඩි කරලා තියෙන්නේ.

    ReplyDelete
  39. ලංකාවේ අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් ... එක හැම තැනදීම අපි පෙන්නලා තියෙනවා....

    නොමිලේ දැන්වීම් පල කරන්න : http://www.onlinead.lk

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.