27 May 2014

මම පානදුරේට ආවා

අද මම උදේවරුවේ වැඩට ගියේ නෑ.. වරු නිවාඩුවක් දැම්මා. ඒකට හේතුව උනේ මම ගන්ඩ යන ඉඩමට මූලික ගෙවීම සිද්ධ කලේ අද.

කට්ටියටම මතක ඇතිනේ මීට මාසෙකට දෙහෙකට උඩදි ඉඩම් කෑල්ලක් හොයන්ඩ එහේ මෙහේ දිව්වයි කියලා. ඔන්න ඔය දුවපු දිවිල්ලෙන් මට පානදුරේ පැත්තෙන් පොඩි ඉඩං කෑල්ලක් හම්බ උනා. අන්න ඒකට තමා අද මූලික ගෙවිම සිද්ධ කලේ.

මමයි අපේ එක්කෙනයි කලින් කතා කරගත්ත විදිහට නුගේගොඩට ඇවිදින් ඊට පස්සේ ලංකා බැංකුවට ගිහින් සල්ලි ටික අදාල කෙනාගේ ගිනුමට මාරු කලා. මගේ ගිනුම තියෙන්නේ පේරාදෙණිය ශාඛාවේ හන්දා එහේ අනුමැතිය එනකන් මට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්ඩත් සිද්ධ උනා.

මට සල්ලි ටික ගන්ඩ ඕන කරන අනුමැතිය පේරාදෙණිය ශාඛාවෙන්  හම්බ උනාට පස්සේ සල්ලි ටික අදාල ගිනුමට බැර කරලා ඒ රිසිට් එක අරගෙන ලියකියවිලි අත්සන් කරන්ඩ ගියා.

ඒ වගේම තමා ඉතුරු ටික කොටස් වශයෙන් ගෙවන්ඩ කතා කර ගත්තා.

ඔය සේරමත් කරලා එනකොට වෙලාව එකොලහාමාරයි.... !

මතක ඇති කාලෙක  ඉදන් එකතු කරපු සල්ලි සේරම ටික එකපාරම අඩු වෙච්ච එක මතක් වෙනකොට ටිකක් විතර දුක හිතුනත් මේ වියදම් කලේ අනාගත ආයෝජනයකට කියලා මතක් වෙනකොට ඒ දුක තුනී වෙනවා.

මදිපාඩුව ගෙවලා ඉඩම ලියා ගන්න දවසට මට මීට වඩා ලොකු සතුටක් දැනේවි. මං ඒ සතුට විඳින්ඩ ලොකු බලාපොරොත්තුවක් හිතේ පුරවගෙන මේ ටිකේ ජීවත් වෙනවා. :)

2014 මැයි 27 වෙනිදා... !

මගේ ජීවිතයේ ලොකු තීරණයක් ගත්තු දවසක් විදිහට මගේ හිතේ සටහන් වේවි. ඒ තීරණයත්තෙක්ක ජීවිතයේ ඉදිරි ගමන සැලසුම් කරගෙන කාටවත් කරදරයක් නැතුව හිතේ සතුටින් ඉන්ඩයි මගේ එකම පැතුම !

එහෙනං මං ගියාවේ.. ජය වේවා !

27 comments:

  1. අද බර වියදං එහෙනං නේද,සතුටුයි සතුටුයි ජයවේවා!

    ReplyDelete
  2. හොඳ දවසක් .. !!! සමරමු :D

    ReplyDelete
  3. ටිකෙන් ටික පියෙන් පිය ජීවිත පඩි නගින්නෝනි මෙහෙම තමයි. අපරාදයක් කියල හීනෙකින්වත් හිතන්නෙපා. ඔබ ඒ කලේ ලොකු ආයෝජනයක්. දැන් ඉතින් තව පරම්පරා සීයක් ගියත් මේ පෘථිවි තලය මත ඒ බිම් කොටස ඔබේමයි. සුබ පතනවා හදවතින්ම.

    ReplyDelete
  4. ජයවේවා මධුරංග.... මේක දිවියේ යෝධ පිම්මක් ........ ටික ටික නැගිටිමු....

    ReplyDelete
  5. //මතක ඇති කාලෙක ඉදන් එකතු කරපු සල්ලි සේරම ටික එකපාරම අඩු වෙච්ච එක මතක් වෙනකොට ටිකක් විතර දුක හිතුනත්// මමත් මේ ටිකේ ඔය මූඩ් එකේම තමා ඉන්නෙ.

    සුභ පැතුම්..

    ReplyDelete
  6. ජයවේවා. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  7. පානදුරා! අනේ මගේ පරණ ගම :(
    මම තාමත් ආදරෙයි යන්තමින් ලුණු රස මුහුදු හුළඟ එන අපේ පරණ ගෙදරට!

    ReplyDelete
  8. ජීවිතේ තවත් එක පිම්මක් පන්න නේද? හරිම සතුටුයි, අපිටත් කියන්නකෝ ගෙයක් එහම හදල ගෙවදින දවසට. එහෙනම් ඉතින් ඔන්න උණුසුම් සුභ පැතුම්, ජය වේවා. හැබැයි මේවටත් පාටි ඕනා ඈ, අර වාන් පාටි නං නෙවේ හරිය.

    ReplyDelete
  9. මලයා උඹට යහපතක්ම වෙන්න ඕනේ .

    ReplyDelete
  10. සුභ පැතුම්!!! පානදුරේ කියන්න වාසයට ඇත්තටම හොඳ පලාතක්. ඉතුරු කරපු ඔක්කොම දාල ඉඩම ගත්තම කොහොමද බං ගේ හදන්නෙ?

    ReplyDelete
  11. ලංකාවෙ රුපියලට වෙලා තියෙන සංතෑසියෙ හැටියට මල්ලි බැංකුවෙ රුපියල් තියාගෙන ඉන්නවට වඩා ඉතාම බුද්ධිමත් පියවරක් තියල තියෙන්නෙ.. ජය.. හෙමින් ඉතුරු ටිකත් කරගමු...

    ReplyDelete
  12. ජයවේවා...ඉඩම ගත්තා වගේම ලස්සනට ගේ පොඩ්ඩකුත් ඉක්මනට හදාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඊට පස්සේ ලස්සන ම....එක්කෝ ඒවා පස්සෙම කියමු......... :D

    ReplyDelete
  13. මධුට සුභ පැතුම් හැමදේටම.

    මාත් පානදුරට ආසයි. ඉස්සර අර ඉක්මනට මුහුදට යන්න තියෙන උවමනාවයි කකුළුවෝ ගන්නයි පුළුවන් හින්දයි වැඩි හරියක්ම නිවාඩුවට හිටියේ පානදුරේ අපේ අක්කලාගේ ගෙදර.

    ReplyDelete
  14. ඔන්න ඒෙහනම් ෙදන්නට ම සුබ අනාගතයක් පතනවා. ඉඩං ගන්නවට වඩා ෙහාඳ නැද්ද සල්ලි ටික ෙපාලී ෙවන්න අැරලා පස්ෙස ෙගයක් ම ගත්තනම්... ෙගවල් හදන්නත් මාර කට්ටක් ෙන කන්න ෙවන්ෙන. (මට හිෙතන හැටි කිව්ෙව අෑ....)

    ReplyDelete
  15. ඔය බර වියදම් දවසක හිතට සැහැල්ලුවක් ගේනවනේ අයියේ.. සුබම වේවා..

    ReplyDelete
  16. ඉස්සල්ලාම සුබ පැතුම්!!!

    ඔයාගේ ජීවිත කතාවේ අර ලමයි පහක් හයක් ඉන්න තැනට ආවාම මම ඔයාගේ කතාව පබ්ලිෂ් කරනවා...:)

    ReplyDelete
  17. පානදුරේ නියමයි... ඒ මොකද මං ගත්තෙ පානදුරේ කෙල්ලක්නෙ.. දැන්නං එයා ඉතිං කෙල්ලකගෙත් කොල්ලෙකුගෙත් අම්ම. ඒත් අර පරණ එව්ව තාම හිතේ තියෙනවා. පානදුරේ පාලම පහුකරලා හන්දියට එනකොට තියෙන සමාධි පිළිමය මගෙ හදවත ගත් තැනක්..

    ReplyDelete
  18. සන්තෝසයි සන්තෝසයි.. ඕවා ඔාහොම තමා. හැබෑට බං උඹ අරන් තියෙන්නේ මගේ ගෙදරට අල්ලපු ඉඩමද මන්දා. ඊයේ කව්ද ගොං නාම්බෙක් අහුඋනා කියල අපේ අල්ලපු ඉඩමේ අයිතිකාරයා මට හොද පාටියක් දුන්නා..

    ReplyDelete
  19. හදවතින්ම සතුටුයි මධූ. සුබ පැතුම් …!!

    ඉතිරි බලාපොරොත්තු ටිකත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ……!!!

    ReplyDelete
  20. ටිකෙන් ටික නගින
    පියවර ජයවේවා...
    සතුට සම්පත
    සුවසෙත ඉත්රේවා....

    හිහි... ජයවේවා

    ReplyDelete
  21. sha panadura kiyanne elama thama...

    ReplyDelete
  22. කමෙන්ට් එකක් දාලම යමුද ??
    හා
    ජය වේවා
    මමත් අල්ලන් ඉන්නේ පානදුරේ කැල්ලක්ම තමයි

    ReplyDelete
  23. හැමෝටම :
    ඔය හැමෝගෙම ආදරණීය සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  24. පමා වෙලා ආවෙ,සුබ පැතුම් මගෙනුත් සියලුදේ හොඳින් හරියන්න.

    ReplyDelete
  25. ඔයාගේ ප්‍රාර්ථනාව ඒ විදියට ඉෂ්ට සිද්ධ වේවා කියලා පතනවා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.