26 May 2014

ඔය ගෙදර කොප්පේ නේ !

අද කියන්ඩ යන කතාව සිද්ධ උනේ මම සිරිපා කරුණා කරපු දවස් වල. අපි උදේම්ම පරණ පාරේ යන මොණරාගල බස් එකක නැගලා රත්නපුරේට ඇවිදින් එතැනින් පලාබද්දල බස් එකක එල්ලිලා සිරිපා කරුණා කරන්ඩ පලාබද්දල ආවයි කියමු.

පලාබද්දලින් බැහැලා උදේ කෑම කන්න ලෑස්ති උනා.

අපි උදේ කෑමට ගෙදරින් එනකොට හදාගෙන ආපු සීනි සම්බෝලයත්තෙක්ක පාන් කෑවා. කාලා ඉවර වෙලා මම යෝජනා කළා ලඟ තිබ්බ කඩෙන් ප්ලේන්ටි බොමුයි කියල. ඒ යෝජනාව අපේ අප්පොච්චයි මලයයි ස්ථිර කරලා තුන්දෙනත්තෙක්ක ප්ලේන්ටි බොන්ඩ ගියා.

අපි ප්ලේන්ටි බිබී ඉන්නැද්දි තව කට්ටියක් ඒ කඩේට ආවා. ඒ ආවේ ප්ලාස්ටික් කෝප්පයක් ගන්ඩ. වතුර බොන ලොකු කෝප්පයක් ගන්ඩයි ඒ අයට ඕන උනේ. ප්ලාස්ටික් කෝප්ප ගොඩ එහාට්ට මෙහාට්ට කරලා බැලුවත් ඒ කට්ටියට ඕන කරන ප්‍රමාණයේ ලොකු කෝප්පයක් තිබුනේ නෑ.

ඒ කට්ටිය වෙන කඩයකට යන්ඩ හැරෙනකොටම,

"ආං අර කෝප්පේ කීයද ?"  කියලා ඒ අයගෙන් එක්කෙනෙක් ඇහුවා.

"මේ සයිස් එකේ කෝප්පයක් නම් හොදයි... කීයද ගාන ?" තව එක්කෙනෙක් කිව්වා.

"රුපියක් හැටක් දෙන්ඩකෝ.." කඩේ මනුස්සයා කිව්වා.

"කෝප්පේ නම් හොඳයි.. හැබැයි ඉතින් මේ කෝප්පේ තියෙන කහට ටික යවාගන්ඩ නං අමාරු වෙයි.." කෝප්පය දිහා බලාගෙන උන්නු තවත් එක්කෙනෙක් කිව්වා.

"නෑ මහත්තයා ඔය කහට ටික හෝදලා දාපුවහම යයි." කඩේ මනුස්සයා ආයෙම කිව්වා.

ඔය අල්ල පනල්ලේ මාත් ඉස්සිලා බැලුවා කෝප්පේ මොන කහටද තියෙන්නේ කියලා. ඒ කෝප්පේ නං කාලයක් තිස්සේ තේ වත් කරලා තියෙන පාටයි. තේ කහට වගේ තිබුනේ.

කඩේ මනුස්සයයි කෝප්පේ ගන්ඩ ආපු කට්ටියයි කතා වෙලා කෝප්පේ සල්ලි දීලා ගන්න තැනට ආවයි කියමු. ඔන්න මේ වෙලාවෙදි කඩේ මනුස්සයාගේ බිරින්දෑ කොහෙද මන්ද ඉදලා ආවේ නැතෑ..

ඇවිත් එක පාරටම,

"මේ මනුස්සයාට පිස්සුද මන්දා.. ඔය ගෙදර තේ හදන කෝප්පේ නේ. ඕක විකුණන්ඩ හදන්නේ !!!" කියලා කිව්වේ නැතෑ..

කඩේ මනුස්සයාට රෙදි නෑ.. කට්ටියම එක හඩින් හිනා.  මාත් හිනාව තදකරගෙන උන්නා. :)

17 comments:

  1. අපොයි අර ගෑනු මනුස්සයට ව්‍යාපාරික ඥානය කියන එක ගෑවිලාවත් නැද්ද කොහොද. :D

    ReplyDelete
  2. මේකා අර ගෑනු මනුස්සයවත් විකුණයිද දන්නේ නෑ නේ....

    ReplyDelete
  3. පාවිච්චි කරපු කොප්පයක් සල්ලි වලට ඉල්ලුවා .. :D

    ReplyDelete
  4. ගෙදර තේ හදන්න කෝප්පයක් කවද ගන්න බැරිද? බිස්නස් එක සෙට් වුනු වෙලාවේ කර ගන්න එපැයි.

    ReplyDelete
  5. මෝඩ ගෑනු..

    ReplyDelete
  6. හේක් හෙක්, මාරු කතාවක්නේ, ඇත්තටම ඒ මනුස්සය කෝප්පේ විකුණන තීරණය කරපු එක තමා ගැටලුව, එත් නෝනා මැද්දට බැනලා බිසිනොස් එක හාලානේ. අනේ ඇත්තට මෙහෙමත් ගෑනු.

    ReplyDelete
  7. කට කාලත් මදිනෙ හප්පා ඉතිං ඒ ගැණිගෙ. :D

    ReplyDelete
  8. යකෝ මෙහෙමත් මිනිස්සු පුලුවන් නම් තව මොනව මොනව විකුනයිද දන්නෙ නෑ

    ReplyDelete
  9. අනේ උබ සිරිපාදේ යනගමනුත් අනික් මිනිස්සුන්ගේ වහුකුනුනේ බන් බලන් ඉඳලා තියෙන්නේ
    (උබ මට දුරින්වත් නෑදෑයෝ වෙනවද දන්නේ නෑ )

    ReplyDelete
  10. මුදලාලිට දියුණු වෙන්න තමන්ගෙම ගෑණු පරානෙ ඉඩ නොදෙන හැටියක් හැබෑට...

    ReplyDelete
  11. අපරාදේ අතට ආව බිස්නස් එක..

    ReplyDelete
  12. කහට දැක්ක හැටියේ පාවිච්චි කරපු කෝප්පයක් විත්තිය එයාලට තේරුණේ නැද්ද?

    ReplyDelete
  13. හප්පේ.... ගෙදර බඩුත් විකුණනවද අප්පා...
    වැඩේ කරන් දෙන්න කීව නං ඉවරනෙ

    ReplyDelete
  14. මුදලාලිය ඒක විකුණන්න ගිය එක හරියි කියමුකො. ඉතින් දෙයියනේ ගන්න එවුනුත් දැන දැනමනෙ මේ පාවිච්චි කරපු කෝප්පයක් ගන්න ගියේ..!

    ReplyDelete
  15. ඔතන වෙලා ඇත්තේ මුදලාලි දන්නේ නැහැ ගෙදර පාවිච්චි කරන දේවල්. හුඟක් මහත්තුරු එහෙම තමයි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.