20 May 2014

වතුර දඩුවම

අපිත්තෙක්ක කන්තෝරුවේ වැඩ කරන කෙනෙක් කියපු කතාවකින් තමා අද පෝස්ට් එකට ඕන කරන මාතෘකාව හැදුනේ.

උන්දෑ කිව්වේ මේකයි...

එකපාරක් සිරිපාදේ වඳින්ඩ බීලා ගියපු සෙට් එකක් කන්ද උඩදි වතුරෙන් නාවලා එවලා ලූ.සිරිපාදේ තියෙන සීතලත්තෙක්ක සීතලම සීතල වතුරෙන් නාවන එක කොච්චර වදයක් ද ? එකදිගට වතුර හලලා නාවනවා නං ටිකක් හරි ඉවසලා හිටියෑකි.ඒත් කඩින් කඩ නාවනකොට පුදුම අමාරුවක් දැනෙනවා ඇති.

ඔය ගැන එක එක මත ඉදිරිපත් උනහම අපේ කමල් අයියා තමා මතක් කලේ ඔය ජාතියේම චීන දඩුවමක් තියෙනවා ය කියලා.ඉංග්‍රීසියෙන් කියනවා නං "ස්ලෝ වෝටර් ටෝච(ර්)" කියලා හඳුන්වන්න පුලුවන් !

 ඔය දඩුවමේදි වෙන්නේ අදාල වරදකාරයාව හෙලවෙන්න බැරි වෙන්ඩ ගැට ගහලා ඒ මනුස්සයාගේ නළලට වතුර බිංදුව බිංදුව වෑස්සෙන්ඩ සලස්වන එක. එක දිගටම නෙමේ කඩින් කඩ වැටෙන්ඩ සලස්වන්නේ.ඒකත් අහඹු කාලාන්ර වලදි. අපි කියමුකෝ පළවෙනි බිංදුව වැටිලා තත්පර දහයකින් අනිත් බිංදුව වැටුනා කියලා.  ඊට පස්සේ බිංදුව වැටෙන්නේ තත්පර විස්සකින් හරි තත්පර පහකින් හරි.

ඔය වගේ අහඹු කාලාන්තර වලදි තමයි වතුර බිංදු වැටෙන්නේ.

අපි කල්පනා කලේ වතුර බිංදුවක් වැටෙන්ඩ සලස්වන එක කොහොමද දඩුවමක් වෙන්නේ කියලා.
එතනදි වෙන්නේ මේකයි.

නළල කියන්නේ මිනිස්සුන්ගේ සියුම් ස්ථාන වලින් එකක් ලූ. ඒකට වතුර බිංදුවක් වැටෙන එක හොඳටම දැනෙනවාලු. ඔහොම කඩින් කඩ වතුර බිංදුවක් වැටෙනකොට අදාල අපරාදකාරයාට හරිහැටි නිදියගන්ඩත් බෑ ලු. ඇයි ඉතිං නළලට වතුර වැටෙන එක හොඳටම දැනෙන නිසා ඇහැරෙනවාලු.

ඒ වගේම තමා වතුර වැටෙන එක අමතක කරලා වෙන දෙයක් ගැන හිතන්ඩත් අමාරුයි ලූ. මොකද ආවර්ථිකව වතුර වැටෙන නිසා එක දිගට වෙන දෙයක් ගැන හිත යොමු කරන්ඩ බාධා වෙනවා. අනික තමා ගැට ගහලා තියෙන නිසා නැගිටලා වෙන තැනකට යන්ඩත් බෑ..

ටික වෙලාවකට පස්සේ අදාල අපරාධකාරයාගේ ඔලුවට මිටියකින් ගහනවා වගේ අමාරුවක් දැනෙනවාලු. ඒ අමාරුව ඇති වෙන්නේ මොළය උත්සහ කරනවාලු වතුර බිංදු වැටෙන පැටර්න් එක අඳුර ගන්ඩ... ඒකට මොළය වෙහෙසන නිසයි ඔය අමාරුව ඇති වෙන්නේ.

මේ නිසාම අදාල අපරාධකාරයාට ලොකු මානසික වදයක් ඇති වෙනවා. ඒ නිසාලු මේ දඩුවම ඒ කාලේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ චීන දඩුවම් වලට ඇතුලත් වෙලා තියෙන්නේ.

පොඩ්ඩක් හිතමු වැස්ස දවසක බස් එකේ ජනේලයක් ගාව ඉන්නැද්දි කඩින් කඩ වතුර බිංදුව ගානෙ වැටෙනකොට අපිට කොච්චර නං කේන්ති යනවද කියලා. අන්න ඒ වගේ දවස් දෙක තුන ඉන්න ගියහම කොයිතරම් නම් මානසික වදයක් ද ? 

---------------------------------------------------------------------
ප.ලී. - වැඩිදුර විස්තර කියවනවා නම් මෙන්න විකිපීඩියා සබැඳිය.

ප.ලි. - වෙසක් වලින් පස්සේ අද තමා බ්ලොග් පැත්තේ එන්ඩ විවේකයක් ලැබුනේ. කියවන්ඩ බැරි වෙච්ච බ්ලොග් ටික කියවන්ඩත් ඕන.. :)

35 comments:

  1. ඕකට ස්ලෝ වෝටර් ටෝචර් කීවට ලැබෙන දඩුවම මරණය... මම දන්න විදියට.. මිනිහෙක් මරන්න තියෙන බියකුරුම විදිවලින් එකක්... ටිකෙන් ටික වැටෙන වතුර බිදුව අන්තිවට කුළු ගෙඩි පහරක් තරම් දරුණුවට දැනෙනව... ඒ වගේ දඩුවමකින් බේරෙන කෙනෙක් ඉන්නව නං අනිවා පිස්සු හැදෙනව..
    මම දන්න ටික තමා ඒ

    ReplyDelete
  2. දැං කාලේ පොලෝසියත් ඔය ස්ලෝ වෝටර් ට්‍රෙෙට්මනට් එක දෙනවා..

    ReplyDelete
  3. මං හිතං හිටියේ අධි පීඩන ජල ප්‍රහාර විතරයි තියන්නෙ කියලා. මේකත් පනයන වැඩක්නේ...

    ජය වේවා!!!!

    ReplyDelete
  4. සිලිකවරයක් මූණට දාලා උඩ පංචි හිලකින් පැට්‍රෝල් බිංදුවක් ඔලුවට දැම්මාමත් අමා සැපයිලු.

    ReplyDelete
  5. අර වගෙ දඬුවමකින් කිසිම ආපදාවක් නැතිව බේරෙන්න නම් භාවනාව පුහුණු කරන්න ඕනෙ. සිත එකඟ උනාම අවට දේ කිසිත් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  6. ඔය වතුර දඬුවම පාවිච්චි කරනවා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදීත්.

    ReplyDelete
  7. 15 සියවසේ ඕක රැන්ඩම් සෙට් කලේ කොහොමද දන්නෑ නේ?

    ReplyDelete
  8. අම්මටසිරි! කදිම දඬුවමක්නෙ. ඒ ගැන හිතනකොටත් ඔලුව කැක්කුම එනවා.

    ReplyDelete
  9. waterboading කියන එක හුගක් වදකාගාරවල යොදාගන්නව.
    ඒකෙන් dry drowning වෙන්නත් පුලුවන්

    ReplyDelete
  10. Mahesh Rathnayaka :
    ඔවු.. සෑහෙන භයානක දඬුවමක් ඒක... ටිකෙන් ටික මරණය කරා යන දඩුවමක් !

    දේශක යා :
    ස්ලෝ වෝටර් ද හයි ස්පීඩ් වෝටර් ද ?

    සී.ජේ. විදානේ. :
    පණ යනවා නේන්නම්...

    ReplyDelete
  11. Naleen Dilruksha samakayawate :
    අප්පටසිරි.. එහෙමත් දඩුවමක් තියෙනව ද ?

    සරත් ලංකාප්‍රිය :
    අන්න එහෙම එකකින් නම් මේ දඩුවමෙන් ගැලවෙන්න පුලුවන් වෙයි.. දවස් තුනයි නෙහ් !

    ඉවාන් පවුලූශා :
    මාරයි නේන්නම්...

    ReplyDelete
  12. Wicharaka Asami Dakimi Soyami :
    ලංකාවෙදිත් ? අම්මෝ පවුනේ...

    රාජ් :
    ඒකට උපකරණයක් තියෙනවා. විකිපීඩියා සබැඳිය බලන්ඩ.. !

    Manosh Sandaruwan :
    දඩුවමක් කොහොමද කදිම වෙන්නේ ? අම්මෝ... :O

    ReplyDelete
  13. හප්පටසිරි... මමත් තීන දඬුවමක් ගැන අහල තියෙනව.. ඒක මෙතන කියන්න අමාරුයි... :))
    නොදන්න නිසා අහන්නේ...
    //මොකද ආවර්ථිකව වතුර වැටෙන නිසා එක දිගට වෙන දෙයක් ගැන හිත යොමු කරන්ඩ බාධා වෙනවා. //
    ආවර්ථිකව කියන වචනෙ මෙතනට ගැලපෙනවද?

    ReplyDelete
  14. ඒකත් හරියට කෙනෙක්ගේ නහය ගාවට ඇඟිල්ල දික් කරං ඉන්නවා වගේ වැඩක් වෙන්ඩ ඇති.අරූගේ නහයේ අපේ ඇඟිල්ල වැදුනේ නැති උනාට උගේ මොළේ හිතනවා දැං වදියි දැං වදියි කියලා.කෙනෙක්ව මළ පන්නන්ඩ හොඳ ක්‍රමයක්.

    ReplyDelete
  15. අර බස් එකේ උදාහරණෙත් එක්ක දඬුවමේ තරම හිතා ගත්තෑකි.

    ReplyDelete
  16. මේ වීඩියෝ එක බලන්න.

    http://www.youtube.com/watch?v=5vESKdr8uqE

    ReplyDelete
  17. ජනේලයක් ගාව ඉන්නකොට මූණට වතුර බිංදු වැටෙන එක නම් නරක නෑ අනේ...:)

    ReplyDelete
  18. මාත් ඔය දඬුවම දැකල තියනව ඔච්චර දරුණු එකක් කියල හිතුනෙ නෑ.

    ReplyDelete
  19. වතුර බිංදුවකට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද? මොන දේදී උනත් ඔය රිද්මය බිදෙනවා කියන එක සැහෙන අමාරු දෙයක් නේ.

    ReplyDelete
  20. මැදෑ .. උඹ වෙසක් එකට පස්සෙ හිත පහදවගෙන දාපු එක.

    හැබෑට උඹත් වතුරෙන් තෙමිල හෙම්බිරිස්සාව හැදිලද වතුර දඬුවම, ‘වතුර දඩුවම‘ කියල ලිව්වෙ. :)

    ReplyDelete
  21. දැන් ඔය වතුර බිංදුව වෙනස් කාල පරාසයන් වල වැටෙන්න හදන්නේ කොහොමද දන්නේ නැහැනේ?

    ReplyDelete
  22. හැක් හැක් වතුර ගහල මරන්නත් පුළුවන්නේ එහෙනං

    ReplyDelete
  23. වතුර බින්දුවකිනුත් මිනිහෙක් මරන් පුලුවං එහෙනං.

    ReplyDelete
  24. මාත් මේ ගැන කියෝලා තියෙනවා ,උල තියනවට හපන්නේ අප්පා නේ, ස්තුති ලිපියට

    ReplyDelete
  25. හපොයි ... වතුර බින්දුවකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා කවුද හිතන්නේ... ස්තූතියි තොරතුරට...

    ReplyDelete
  26. උඹ අහලා නැද්ද වතුරෙන් යකඩ කපනවා කියලා...

    ReplyDelete
  27. කවුරු හරි එකෙක් අල්ලගත්තනම් මේක අත්හදා බලන්නම තිබ්බා නේද?

    ReplyDelete
  28. යාන්ත්‍රිකයා | ┗[© L ©]┛:
    ඒ වචනේ නම් ගැලපෙන්නේ නෑ.. ඒක මම වෙනස් කරන්නම්.

    දිනුක :
    අන්න හරි.. දොස්තරලට ගානට තේරෙනවා නෙව.

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒකනේ කියන්නේ... :)

    ReplyDelete
  29. Anonymous :
    තෑන්ක්ස් !!

    Podi Kumarihami :
    ලංකාවේ බස් එහෙක ගිහින් බලන්ඩකෝ පොඩ්ඩි...

    Helapa kade :
    දරුණුයි දරුණුයි !

    ReplyDelete
  30. වීරේ :
    ඒක නම් ඇත්ත තමයි.. ඕනම දේක රිද්මය වටිනවා !

    DDT :
    ඉතින් මේකට හිත පැහැදෙන්නේ නැද්ද.. අපරාධ වලට බය ඇති වෙනවා නෙහ්.. ආ නැද්ද හා ?

    Dinesh :
    ඒකට ගැජට් තියෙනවා මලේ !

    ReplyDelete
  31. සොමි යා :
    නැතුව නැතුව..වතුර ගහලත් මරන්න පුලුවන්..

    Praසන්ன :
    අනිවාර්යෙන්ම...

    අපූර්වී :
    හපන් නේන්නම්... දරුණුයි මේ දඩුවම !

    ReplyDelete
  32. තුශානි :
    කියවලා කමෙන්ටුවක් දුන්නට ස්තූතියි නඟා !

    සිරාගෙ කාමරේ :
    අහලා තියෙනවා.. දැකලා නම් නෑ..

    Amila Prabath Samarakkodi :
    ඔවු.. මාත් කොල්ලෙක්ව හොයනවා...

    ReplyDelete
  33. @ මධුරංග
    //සිරාගෙ කාමරේ :
    අහලා තියෙනවා.. දැකලා නම් නෑ..//

    ඇයි බාං අර යූ ටියුබ් එකේ තියෙන්නෙ, බලාපන්කො.

    ReplyDelete
  34. එක පාර මරලා දාන එක මීට වඩා හොඳයි වගේ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.