14 May 2014

පාවෙන පහන් කූඩුව

වෙනදා නිවාඩු දවසක් නම් මම ටිකක් දවල් වෙනකන් නිදියා ගත්තත් අද නිවාඩු දවසේ එච්චර වෙලා නිදියෑවේ නෑ. උදෙම්ම ඇහැරුනා. ඒකට හේතු උනේ ඊයේ දවසේ අලවලා ඉවර කරන්ඩ බැරි වෙච්ච මගේ දහ අට පට්ටම අලවලා ඉවර කරන්ඩ.

මම ඔය දහ අට පට්ටම සතියක වෙලේ ඉදන් හැදුවත් තාම හදලා ඉවර උනේ නෑ.

උදෙම්ම ඒක ඇලෙව්වා. ඊට පස්සේ ආසාවක් ආවා ගුවන් ගත කරන්ඩ පුලුවන් වෙන විදිහේ වෙසක් කූඩුවක් හදන්ඩ. අර චීනේ මිනිස්සු හදන ජාතියේ කූඩුවක්. කූඩුවක් කිව්වට මේක නිකන් බකට් එකක් වගේ එකක් !

හරි එහෙනම් අහගම්මුකෝ ඕන කරන දේවල්. !

තෙල් සවුකොල
නූල්
පාප්ප
කොළ පාට බට කෑල්ලක් (මම නම් ගත්තේ පොල් පිත්තකින් කපා ගත්තු පට්ටයක්)
කම්බි කෑල්ලක් 
රෙදි පාංකඩ කෑල්ලක්
බූමිතෙක් ස්වල්පයක් 
ගිනි පෙට්ටියක්
ඔය ටික තමා මූලිකවම ඕන. මුලින්ම බට කෑල්ල රවුමට නවලා වලල්ලක හැඩයක් හදාගන්ඩ.වලල්ලේ තැන් දෙකක් හරකා කම්බියක් ගැට ගහන්ඩ. පල්ලෙහා රූපේ බලන්ඩකෝ.

ඊට පස්සේ ඒ බට වලල්ලේ පරිධියට හරියන්ඩ සවුකොලේ මැනගන්න. මැනගෙන ඒකට හරියන්ඩ සිලින්ඩරයක හැඩේට සවුකොල අලවගන්ඩ !
ඔය විදිහට හදාගත්තු බකට් එක අපේ බට වලල්ලට අලව ගන්න. ඔන්න එතකොට අපේ වෙසක් කූඩුව සම්පූර්ණයෙන්ම ඉවරයි !

දැන් තියෙන්නේ රෙදි පාංකඩ කෑල්ලට බූමිතෙල් පොඟවලා ඒ රෙදි පාංකඩේට ගිනි අවුලුවන්න.හොඳටම දුම් පිරුනහම හිමිහිට අත අරින්න. වෙසක් කූඩුව ඉබේටම පාවෙලා යාවි !

හැබැයි පරිස්සමට.. ගෙයකට එහෙම පාත් උනොත් ගිනි ගන්ඩ පුලුවන් !

එහෙනම් මම ගියාවේ !
හැමෝටම සිත දහමට යොමුවෙන පින්බර වෙසක් මංගල්ලයක් වේවා !


24 comments:

  1. යකෝ මේව කියල දෙන්ඩ එපා මහ විනාසයක් වන්න හැකි වැඩක් මේක....අනික මේක තහනම් වැඩක්....

    ReplyDelete
  2. ළග ළග ගෙවල් වැඩියි. නැත්නම් කරලා බලන්න තිබුනා.

    ඕක කරලා වෙසක් බලන්න යන්න වෙන්නෙ බන්ධනාගාර බස් රථේ තමයි. :)

    ReplyDelete
  3. මේක කොහෙට හරි වැටිලා ගිනිගත්තොත් ඉවරයි.
    හොදට වෙළුන කැලෙකට, වෙලකට වැටුනොත් ඉවරයි.
    මේක යවන්නේ නැතුව ඉන්න එක තමා හොදම දේ

    ReplyDelete
  4. මොකක්ද මේ ගිනි ගන්න කතාව?

    බැලුම ඇතුලේ තියෙන්නේ රත් වූ වාතය, එහි බර අඩු නිසයි උඩ යන්නේ. බැලුම ඇතුලේ ගින්දර තියෙනවා කියා මේ කතාවේ කොතැනකවත් මං දැක්කේ නෑ.

    ගිනි ගන්නවා නම් මුලින්ම ගිනි ගන්න ඕනෑ බැලුමයි. රත් වුණු වාතය නිසා ගෙයක් ගිනි ගන්නේ කොහොමද? එහෙනං පොල් අතු ගෙවල්වල කුස්සි තියෙන්නේ?

    සමහර විට කතන්දරේ අඩුවක් තියෙනවා විය යුතුයි. අර රත්නායක මහත්තයා ගේ කීප් අ සයිඩ් කුකින් කතන්දරේ වගේ!

    මෙන්න ඔය ක්‍රමයට යවන චීන බැලුම් ගැන පින්තූර තියෙන කතන්දරයක්.
    http://kathandara.blogspot.com/2011/12/blog-post.html

    ඒ එක්කම මේ ගිනි ගන්නා කතාව දැකලා මට මතක් වුනේ ඔබාමා ගේ අන්තිම ලිපියයි.
    http://observer-nireekshaka-observer.blogspot.com/2012/05/blog-post_10.html

    ReplyDelete
  5. මට පොඩ් ප්‍රශ්ණයක් තියනවා.. ඔය බකට් එක හදන්න කැල් එකක් මොකටද?...

    මාත් ට්‍රයි කරල බලන්න ඔ්න මොකද ගමේ මගේ තරහකාරයෝ දෙතුන් දෙනක් ඉන්නවා.....

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    ReplyDelete
  6. අපි ගමේ ගිහින් මේවා හදන්නේ බත් කොළ එකට තියල තලලා ඔය විධියටම, පස්සේ රෑට පත්තු කරලා යවනවා වේලට ගිහින්, මේ කොන්ක්‍රීට් වනාන්තර අස්සේ ඒවා කරන්න පුලුවන්ද, අපූරුයි.

    ReplyDelete
  7. කතන්දර මේ එළිය පෙට්ටිය උඩ යන්නේ ගින්දරත් එක්කයි. කොයි මොහොතේ කොතැනට කඩා වැටේ දැයි කියන්න අමාරුයි. ගින්දර නිමිලා වැටුනොත් හරි නැතුව ගින්දර එක්කම පිච්චිලා බිමට ආවොත් මහ විනාසයක් වෙනවා.

    ReplyDelete
  8. බකට් එකනම් ලස්සනට තියෙනවා. චීනේ ඔය වගෙ බකට් උඩ යනවා නේද?

    සත්‍යය බුදු දහම මොකද්ද?

    ReplyDelete
  9. ඔව්ව කරන්න ගිහින් අසල්වාසීන් ගෙන් මොනවා අහගන්ට වෙයි ද... හි හි

    ReplyDelete
  10. `කොළපාට බටවලට කියන්නෙ ගල් බට කියලා.. මට නම් කූඩුවටත් වඩා ආසා හිතුනේ මධුවගේ ගජයො ටික දැකලා. මහ දැනමුත්තයි ගෝළයො රොත්තයි වගේම උන් ටික මධුවා වටේනෙ.

    …//දැන් තියෙන්නේ රෙදි පාංකඩ කෑල්ලට බූමිතෙල් පොඟවලා ඒ රෙදි පාංකඩේට ගිනි අවුලුවන්න.//මේ ටික නම් පැහැදිලි මදි. රෙදි පාන්කඩේ බකට් එකට දානවද? නැත්නම් රත්වෙච්ච වාතයෙන් බකට් එක පුරවනවද පැහැදිලි නෑ. මට නම් හිතෙන විදිහට බකට් එකේ වහපු පැත්ත උඩට හිටින විදිහට අල්ලගෙන රත්වෙච්ච වාතය ඒකට පිරෙන්න දෙනවා. ඊටපස්සෙ අතහරිනවා..

    …එහෙම නම් මේක අනතුරුදායක වෙන්නෙ අල්ලගෙන දුම් පුරවද්දි. උඩ යනකොට ප්‍රශ්නයක් නෑ.

    …ස්තුතියි පෝස්ටුවට..

    ReplyDelete
  11. මේක උඩ යන්නේ ගින්දරත් එක්ක..

    http://www.wikihow.com/Make-Sky-Lanterns

    ReplyDelete
  12. වැඩේ නම් හොදයි.. හැබැයි පොඩි අවදානමකුත් තියෙනවා මේකේ..

    ReplyDelete
  13. මේ වගේ වෙසක් කූඩුවක් ගැන ඇහුවාමයි.

    ReplyDelete
  14. ගින්දර සම්පූර්ණයෙන් නිමිල යනකං මේක බිමට වැටෙන්නේ නැ

    ReplyDelete
  15. තායිලන්තේ , ජපානේ හෙම මෙව්වා යවනවනේ. ගිනි ගන්න රිසක් එකක් ඇත්නම් එහෙම කරයිද. නැත්නම් කරන්නේ පාලු පති වලද . රපුන්සල් ෆිල්ම් එකේ ඔව්ව යවන්නේ සිය දාස් ගානක් D

    ReplyDelete
  16. @ අටම්පහුර,
    …ගිනි පුපුරුවත් ඉතිරිවෙලා තියෙන්න බැරිද?

    …@මධුරංග,
    …කමෙන්ට් වලට එතනම රිප්ලයි කරන්න පුළුවන් විදිහට හදපන්කො..

    ReplyDelete
  17. අපූරු අදහසක්. පොල් අතු වහලෙකට පාත් උනොත් අසල්වැසියන්ගෙන් බණකුත් අහගන්න වෙයි හොඳවැයීන්. :D

    ReplyDelete
  18. අටම් හරි මේක නිමුනම තමා බිමට බාන්නේ එකත් එක පාර කඩා වැටෙනවා නෙවේ සැහෙන වෙලාවක් අරන් හෙමිහිට බාන්නේ. අපි නම් ඕක හදන්නේ බත් ඔතන කොළ වල යටට හරහට බඳින්නේ පොඩි බකට් කම්බි කෑල්ලක් එකේ තමා තෙල් පාංකඩ කෑල්ල ඔතන්නේ. ඕකෙදි රෙදි කෑල්ලට තෙල් දානකොට ඉස්සරලා පොල්තෙල් වලින් හොඳට පොඟවලා පස්සේ උඩට භුමි තෙල් ටිකක් දැම්මනම් ඇති එතකොට සැහෙන වෙලාවක් පත්තු වෙනවා.

    ReplyDelete
  19. බිමට වැටෙන්නේ නිමුනම තමා එත් උඩදි මුලු බකට් එකම ගිනි ගන්නා අවස්ථා තියනවා එවිට එකවරම කඩා වැටෙනවා ගින්දරත් එක්කම

    ReplyDelete
  20. මේක හින්දා ගෙවල් ගිනි ගන්නවා නං චීනේ, ජපානේ වගේ රටවල අළු විතරක් නෙව ඉතුරු වෙන්ඩ ඕනේ

    ReplyDelete
  21. ඊයෙ රෑ පංසල් ගියා. කට්ටිය දකින්නත් ඇති. මේ පාර හිරු ටීවී වෙසක් මංගල්‍යය තිබුනෙ මහියංගනේනෙ. ඉතින් ඊයෙ චෛත්‍යයේ විදුලි පූජාව වෙලාවෙ මේ බකට් අහසට යැවුවා. මාත් පට්ට ආසාවෙන් බලං හිටියා. මොකද ටීවී එකේ දැකල තිබුනට හැබැහින් දැක්කෙ ඊයෙ. ඉතින් ඊළඟට ආව උණ තමා මේකක් හදන එක. එවෙලෙ හිතුවා බ්ලොග් යාලුවන්ගෙන් ඇහුවනම් හරි කියල. මෙන්න බොලේ දැන් අහන්නත් කලින් දාල. එළම කිරි. හදල උඩ යවල කියන්නම්කො. ඊයෙ මං දැක්ක ඒවත් නිවිල යනකල් එකක්වත් බිමට පාත් උනේ නම් නෑ.

    ReplyDelete
  22. චීනෙ ඒව මෙහෙ ජනප්‍රිය වෙන්න ගොඩක් කාලෙකට ඉස්සර ඕව හැදුව බත් කොළ වලින්. මට මතක හැටියට ඒව යවන්න තහනං කළා.

    ReplyDelete
  23. අපූරුයි..... ලඟපාත ගෙවල් වැඩි නිසා අත්හදා බලන්න විදිහක් නෑ... :(

    ReplyDelete
  24. හෙහ්...මෙයා කැල් එකකුත් පාවිච්චි කරලනේ බකට් එක හදන්න.

    ඒක නෙමේ මැදින් විස්තර අඩුයි නේ. මට හරියට පැහැදිලි උනේ නැහැ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.