24 April 2014

නිට්ටෑහෙළ

මතකනේ මම පෙරේදා (22 වෙනිදා) ගොඩගේ සාප්පුවට ගිහින්  ගිනි අවි සහ ගිනි කෙළි කියන පොතත් අරගෙන නුගේගොඩ කියන නම හැදුන හැටිත් ඉගෙන ගත්තා කියලා. මේ පොතත්තෙක්ක මම තව පොඩි පොතක් ගත්තා.

ඒ පොතේ නම තමයි පෝස්ට් එකේ ටයිටලේ... !

ඒ පොත ලියලා තියෙන්නේ ගුණසේකර ගුණසෝම කියන මහත්තයා. ගුණසෝම මහත්මයාගේ ගොඩක් පොත් ලියවිලා තියෙන්නේ පානම්පත්තුව ආශ්‍රිතව. මීට කලින් පානම් පත්තුවේ හේන් ගොවිතැන් ගැන ලියවෙච්ච රතුගල යායේ පොඩ්ඩා කියන පොතත් මම ඉස්කෝලේ පුස්තකාලෙදි කියවලා තියෙනවා.

මම එදා ගත්තු නිට්ටෑහෙළ කියන පොත ලියවිලා තියෙන්නේ ලංකාවේ ඒ දවස්වල හිටියයි කියලා විස්වාස කරන නිට්ටෑවෝ එහෙම නැත්තං නිත්තෑවෝ කියන මනුස්ස කොඨ්ඨාශයක් ගැන.

මේ මනුස්ස කොට්ඨාශය එච්චර උස නැති කට්ටියක් ලූ. උපරිම අඩි හතරක් විතර උස වානරයෝ වාගේ මිනිස්සු කොඨ්ඨාශයක් ලූ. මම ලූ කියලා කියන්නේ ඒ මිනිස්සුන්ව මම දැකලා නැති නිසා.

ඒ වගේම නිට්ටෑවෝ  හරි දරුණු මිනිස්සු ජාතියක් ලු. හරි ශක්තිවන්තයි ලූ.

ඒ වගේමයි නිට්ටෑවන්ට ගෑනු උදවිය අඩුයි ලූ. ඒ නිසා නිට්ටෑවෝ ගම් වැදිලා ගෑනු දැරිවියෝ උස්සන් යනවලු තමන්ගේ අඹුකමට ගන්ඩ. මේ නිසා ගම් වල ගෑනු දැරිවියන්ට නිට්ටෑවන්ගෙන් හරි කරදර සිද්ධ උනාලු.

නමුත් එකම එක ගෑනු දැරිවියක්  නිට්ටෑවෙක්ගේ බිරිඳ වෙන්ඩ කැමති වෙලා උන්නලු. නිට්ටෑවට අඹුව වෙන්ඩ කැමති ගෑනු දැරිවියයි නිට්ටෑවයි පඳිංචි වෙලා උන්නු හරිය පස්සේ කාලෙක නිට්ටෑ අඹුව වෙලා නිට්ටඹුව උනාලූ.

නිට්ටෑවෝ ගැන වැඩි දුරට කියවනවා නං  පහල සබැඳි වලට දුවලා යන්ඩ.

1. ලක්‌දිව විසූ නිට්‌ටෑවන් හෝ නිත්තෑවන් මානව වංශයක්‌ ද?
2.  නිට්ටෑවෝ ගැන එලකිරි ලිපිය
3. නිට්ටෑවෝ ගැන හිස් අහස ලියන සඳරු ලක්බිමට ලියූ ලිපිය
4. ජැක්සන් ඇන්තනීගේ නිට්ටෑවෝ ගැන ලිපිය


නිට්ටෑවෝ ගැන රසකතා ගොඩක් තියෙන පාටක් පෙනෙන්ඩ තියෙන නිසා මේ ටිකේ ඒ ගැන ටිකක් හොයලා බලන්ඩ ඕන.
නිට්ටෑවෝ කිව්වහමයි මතක් උනේ. මේ දවස්වල වරිග පොජ්ජ කියලා නිට්ටෑවෝ ගැන කියවෙන චිත්‍රපටියකුත් තිරගත වෙනවා. මේ සති අන්තයේදි අපේ උන්දැත් එක්ක ගිහින් බලලා එන්ඩ කැමති කරව ගන්ඩ ඕන.

වරිග පොජ්ජ චිත්‍රපටියේ මේ සිංදුව නං ලස්සනයි (විසුවල් එකේ ඉන්න ගෑනු දැරිවිත් ලස්සනයි.).. අහලා බලන්ඩකෝ... !

එහෙනං පොත් කතා ඉවරයි.. :)
-------------------------------------------------------------------
ප.ලි. - අදත් පෝස්ටුවක් ලියා ගත්තා. :)

22 comments:

  1. මට මතකයි මං නිට්ටැවෙක් කියලා පොතක් කියෙව්වා ...
    අර සිංදුවත් නියමයි ..
    කැකුළිව දැක්ක ගමන් මගේ හදුන් පොත කීං ගැවා ඕං

    ReplyDelete
  2. ඔය ගැව මාරයා කිව්වා මතකයක් තියෙනවා මට... හැබෑට බං උඹට වෙන වැඩ නැද්ද අපේ කාලේ කන්නේ අනවසය විදියට. හැක්..

    ReplyDelete
  3. රුකන් පොජ්ජෙන්
    පිපිමල් පොජ්ජට - රුකුතනි රුකුතනි

    ReplyDelete
  4. පොතේ නම තමයි පෝස්‍ට් එකේ ටයිටලේ, කිවුවම මම හිතුවෙ බ්ලොග් ගැන ලියපු පොතක් කියලා. :)

    පෝඩ්ඩක් කියවලා බලමු නිට්ටෑවො ගැන.

    ReplyDelete
  5. නිට්ටෑ + අඹුව = නිට්ටඹුව
    බැරිද නිකං අම්පාර ට නම හැදුනු හැටි කියන්න..

    ජය වේවා!!!

    ReplyDelete
  6. මෙල්බන් හන්දිය කියලා නම හැදුනු හැටිත් ඔය ගමන්ම ලියලා දාන්ට මෙයා...:)

    මීට පස්සේ ඔය ගම්වල නම් දකිනකොට මතක් වෙන්නේ ඔයාව...

    ReplyDelete
  7. මට මතක් වෙන්නේ අර ෆිල්ම් එක Man to Man http://www.imdb.com/title/tt0397530/ මේක කියවද්දි, ඒ ෆිල්ම් එක බලල ඇති කියලා හිතනවා.

    ReplyDelete
  8. ඔය තාමත් නිට්ට්ටෑවො ඉන්නෙ අර විලමැද ගෙදරට යවලා...

    ReplyDelete
  9. නිට්ටෑවෝ ගැන මේතරම් දැනගෙන හිටියේ නෑ.. ස්තූතියි විස්තර වලට .

    ReplyDelete
  10. ඔය ගෑන සෙන්නා දන්නව මම හිතන්නෙ

    ReplyDelete
  11. ගුණසේකර ගුණසෝම කියන පානම පත්තුවේ ගුරුවරයාගේ අප්‍රතිහ ධෛර්යය නිසා ඒ ප්‍රදේශය ගැන පොත් කීපයක්ම ඔහු ලියලා තියෙනවා. වනගත වීරයෝ කියලා අයියා මලෝ දෙන්නෙක් ගැන කතාවකුත් මම කියවලා තියෙනවා.

    බුද්ධංගල, කුඩුම්බිගල වගේ ස්ථාන සම්බන්ධව මම දැනගත්තෙත් ඒ කතාව නිසා

    ReplyDelete
  12. සහෝ දර :
    මගෙත් කීං ගෑවා. ලස්සන කැකුලියක් නෙහ්...

    දේශක යා :
    කාලෙක් කෑවා ??? මම ? කවද්ද ? :)

    Anonymous :
    රුකුතනි රුකුතනි... !

    ReplyDelete
  13. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    කියවමු කියවමු... !

    සී.ජේ. විදානේ. :
    කියවන්න හම්බ උනොත් අනිවා ලියන්නම්...

    Podi Kumarihami :
    මෙල්බන් හන්දිය නෙමෙයි. මැලිබන් හන්දියට නම හැදුන හැටි නං කියන්නම්..

    ReplyDelete
  14. සොඳුරු මිනිසා :
    ඔය චිත්‍රපටිය නං බලලා නෑ..

    සරත් ලංකාප්‍රිය :
    ඒ නං නිගණ්ඨයෝ... !

    තුශානි :
    කියවලා බලන්ඩකෝ..

    ReplyDelete
  15. Pra Jay :
    සෙන්නගෙන් අහලා බලන්ඩ ඕන...

    Hasitha :
    ගුණසෝම මහත්තයා පොත් වල කතා නම් පට්ට... !

    ReplyDelete

  16. //මේ ටිකේ ඒ ගැන ටිකක් හොයලා බලන්ඩ ඕන.//
    මධුරංග,,ඈත්තටම හොයන්න ඕනෑකමක් තියනවනම් සෙන්නට පුලුවන් වෙයි ඔබට උදව් කරන්න

    ReplyDelete
  17. පුංචිම කාලෙදිද කොහෙද මේ පොත කියෙව්වා කියල මතජයක් තියෙනවා.

    ගුණසෝම මහත්තයාගෙ පොත්නම් ඉතින් කියවතෑකි එක හුස්මට..

    ReplyDelete
  18. නිට්ටෑවන් කියලා කොටසක් ගැන මම මේ ඇහුවමයි..

    ReplyDelete
  19. ඉන්ටරස්ටිං ස්ටෆ් .. තෑන්ක්ස් ෆෝ ශෙයාරිං

    ReplyDelete
  20. බොලේ මෙච්චර ලිපි ලියවිලා තියෙන මේ ජන වර්ගය ගැන මම දන්නෙ නෑනෙ බොලා කියනකං...ඒ උනාට අපි නිට්ටඹුව පැත්තෙ නම් ගිහිල්ලා තියෙනවා...

    ReplyDelete
  21. සෙන්නත් ලියලා තිබුනා දවසක් ඔය නිට්ටාවෝ හොයන්න ගියපු ගමනක් ගැන

    ReplyDelete
  22. https://www.facebook.com/permalink.php?story_fbid=624905498043716&id=100015728146013

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.