23 April 2014

ගිනි අවි සහ ගිනි කෙළි

මතකනේ මම ඊයේ පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගියා කියලා. එතකොට තමයි මට නුගේගොඩ කියන නම හැදුන හැටි කියවන්ඩ ලැබුනේ.

මම පොත් රාක්ක අතර ඇවිදලා පොඩි පොත් දෙකක් ගත්තා.

ඊට පස්සේ නිකමට වගේ නව කතා පොත් ටිකකුත් අතගාලා බලන්ඩ ආසාවක් ආවා. කාලෙකින් පොතක් ගන්ඩත් බැරි උනා නෙව.ඔහොම පොත් ගොඩවල් අතරේ ඉන්නකොට තමා මට ගිනි අවි සහ ගිනි කෙළි පොත දකින්ඩ හම්බ උනේ.

ඔය පොත මම මුලින්ම කියෙව්වේ  ඉස්කෝලේ පුස්තකාලෙන්. ඒ අනූ ගනන් වලදී. පොත ආපුම කාලේ වගේ. ඒ කාලේ නං පොඩි පොතක් විදිහට තිබුනේ.දැන් නං රුපියල්ම තුන්සිය පනහක් වෙන තරමේ ලොකු පොතක්. පොත ලියලා තියෙන්නේ අනුර හොරේෂස් මහත්මයා..

ආසාවටත්තෙක්ක පොත ටිකක් උඩින් පල්ලෙන් කියවලා  රාක්කෙන් තියන්ඩ යනකොට ඊට ටිකක් එහායින් ගිනි අවි සහ ගිනි කෙළි පොතේ පලවෙනි කොටස දකින්ඩ ලැබුනා.ඒක නං රුපියල් හැටක් විතරයි වෙන්නේ. පරණම මුද්‍රණයේ පොතක්.

එතකොට තමයි දන්නේ ගිනි අවි සහ ගිනි කෙලි කියන පොතේ කොටස් තුනක් තිබිලා තියෙනවා කියලා. මම ඒ කාලේ කියවලා තියෙන්නේ පළවෙනි කොටස විතරයි.

දෙවෙනි තුන්වෙනි කොටස් කියවන්ඩ ලැබුනේ නෑ.. ඒ නිසා මම දෙපාරක් නොහිතා ලොකු පොත ගත්තා. මේ දවස්වලත් හිරු ටීවී නාලිකාවේ මේ කතාවේ නාට්ටියත් යනවා නෙව.

ඒක නං මෙගා නාට්ටියක් ! ඒක බලලා ඉවර කරන්ඩ සෑහෙන කාළයක් ගත වෙයි.

මේ පොතේ එන කතාව අනූ අට අවුරුද්දේ චිත්‍රපටියකටත් නැගුනා. ඒ චිත්‍රපටිය බැලුවා නං නාට්ටිය බලන්ඩ යන කාළය ඉතුරු කර ගත්තෑකි. ඒ කාලේ මට දහ අට සම්පූර්ණ වෙලා තිඋනේ නැති නිසා චිත්‍රපටිය බලන්ඩ ගෙදරින් අවසර තිබුනේ නෑ.

දැනට අවුරුදු දෙහෙකට උඩදි අන්තර්ජාලෙන් බලාගත්තා. පස්සේ කාලෙක ටොරානා ආයතනය මූලික වෙලා මේ යූ ටියුබ් සබැඳි සියල්ලම ඉවත් කරලා. ඒ නිසා අන්තර්ජාලයෙන් නං දැන් බලාගන්ඩ වෙන්නේ නෑ..

මේ චිත්‍රපටියේ අමරසිරි පීරිස් කළාකරුවා ගායනා කරපු ලස්සන සිංදුවක් තියෙනවා. ඒ වගේමයි මම ආසම කරන ලේඛකයා වෙච්ච භද්‍රජි මහින්ද මහත්මයාත් චිත්‍රපටියේ  කොටසකට ඉන්නවා. තුම්මුල්ලේ පද්මේ කියන ප්‍රධාන චරිතයට රඟපෑවේ ජැක්සන් ඇන්තනී.

මම අර කියපු ගීය තමයි නොසැලෙයි දිවි මකුළු ඇස කියන එක.. ඒක මෙතනින් අහන්ඩ. මේ පොත කියවලා නැත්නම් කියවලා බලන්ඩ. ලංකාවේ පාතාල ලෝකයේ එක පැතිකඩක් ගැනයි විස්තර වෙන්නේ.


මල් පූජ කරන්ඩත් වෙලාව හරි.. මම එහෙනං ගියාවේ.. ජය වේවා !

20 comments:

  1. //ඒ චිත්‍රපටිය බැලුවා නං නාට්ටිය බලන්ඩ යන කාළය ඉතුරු කර ගත්තෑකි.// හි හි... එක්ටැම් ගේ චිත්‍රපටිය බලල මෙගා ටෙලිය බලද්දි හිනා යනවා!

    ReplyDelete
  2. ස්තුතියි ඔත්තුවට මමත් කියවන්න ආසාවෙන්

    ReplyDelete
  3. මට මතක විදියට ඕක යන්නෙ හිරි එකේ නෙවී දෙරනෙ නේද...
    මාත් ඕකෙ 4 වෙනිඑක කියෙව්ව.... අනික්ව නං කියෝල නෑ...
    ඒකෙ තියෙන්නෙ ලලිත් ඇතුලත් මුදලි ඝාතන සිද්ධිය නොවැ

    ReplyDelete
  4. ගිනි අවි සහ ගිනි කෙලී කරල ගොඩ ගියේ ජැක්සොන් විතරයි බං..

    ReplyDelete
  5. මමත් මේක දැක්කා...ලංකාවේ මේ වගේ දේවල් වෙනවද කියලා හිතාගන්ටත් බෑ...ඒත් ඒ ටෙලි ඩ්‍රාමා එක ලස්සනට කරලා තියෙනවා කියලා හිතුණා...ෆිල්ම් එක දැකලා නෑ. පොත කියවලත් නෑ. ඒ හන්දා වෙන්ටැති මට නම් හිතාගන්ටත් බැරි තරම් හොඳයි.

    ReplyDelete
  6. ඔය පොත් ඇසුරු කරන් මෙගා නාට්ටි පටන් ගත්තට ගොඩක් ඒවා ඉවර වෙන්නෙ අධ්‍යක්ෂකලට නිෂ්පාදකලට ඕන විදිහටනෙ.

    පොතනම්කියවලා බලන්න ඕන.

    ReplyDelete
  7. ගිණි අවි සහ ගිණිකෙලි මගේ ප්‍රියතම පොත් පෙළක්ය.
    ඔව්වා භාවිතා කිරීම පණයන වැඩය..

    ජය වේවා!!!

    ReplyDelete
  8. චිත්තරපටියනං බලල ඇතිය. පොතනං කියවලා නැතිය.

    ReplyDelete
  9. චිත්‍රපටය බලල නෑ පොත් ටික නං කියෝල තියෙනව,මල් පූජා කරනවා කිව්වෙ බුදුහාමුදුරුවන්ටද.

    ReplyDelete
  10. කුරුටු ගෑ ගී පොත :
    මම නං ඒ නාට්ටිය බලලා නෑ..

    sanjeewa mendis :
    කියවන්න කියවන්න.. ගොඩගේ එකෙන්ම ගත්තෑකි. !

    Mahesh Rathnayaka :
    පොඩි මිස්ටේක් එකක් වෙලා වගේ එහෙනං.. මම හදන්නම්.. දෙරණ කියලා

    ReplyDelete
  11. දේශක යා :
    ජැක්සන්ගේ රංගනයත් මරු ඒ චිත්‍රපටියේ..

    Podi Kumarihami :
    නාට්ටියේ වරදක් නෑ පොඩ්ඩි. මම කිව්වේ ඕක බලලා ඉවර කරන්ඩ ගොඩ කාලයක් යාවි කියලා. නාට්ටිය ගොඩක් ලස්සනයි. ඉවසලා ඉන්ඩ බැරි කමයි තියෙන්නේ.

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    හම්බ උනොත් කියවලා බලන්ඩකෝ.. එහෙම නැත්තං නාට්ටිය බලමු.

    ReplyDelete
  12. සී.ජේ. විදානේ. :
    විදානේ සහෝදරයා මගේ බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් වලට කමෙන්ට් කරනවා. ඒත් මට ඔයාගේ බ්ලොග් එක හොයාගන්ඩ බැරි උනා. ලින්ක් එකක් තියේ නම් දෙන්ඩ පුලුවන් ද ?


    Praසන්ன :
    පොත හම්බ උනොත් කියවලා බලන්ඩ.. ඒක ගති !

    Helapa kade :
    බුදුහාමුදුරුවන්ට නෙමේ. ඕවා කඩන මල් !

    ReplyDelete
  13. තුම්මුල්ලේ පද්මේ කියන්නේත් අද කාලේ නානසාර, සාරුවා සුනිල්, අර සුද්දී දූෂණය කරපු ප්‍රාදෙශීය සභාපති අරයා මෙයා වගේ දේසපාලන චරිතයක් . .

    සුදුරෙදි ඇඳගත්තු කලු දේශපාලකයෝ බිහිකරපු චරිතයක් :D

    ReplyDelete
  14. ගිණි කෙලියි ගිණි අවියි තියෙන්නෙ ඉතිං මොකෙක්ට හරි කෙලින්නනේ, අවි ගත්තෝ අවියෙන්ම නැසේලුනේ, කතාවයි පොතයි නාට්ටියි එකක් වත් බලල නමි නෑ, ඒත් අර පාතාලෙ ගැන දියතෙ ලිපි ටික නං අකුරක් නෑර කියෙව්වා.

    ReplyDelete
  15. දුකා :
    ඒක හරි. ගොඩක් මැරයන්ට මෙච්චර රඟන්න පුලුවන් වෙලා තියෙන්නේ දේශපාලන බලපෑම් නිසා. මැරයෙක්ව අල්ලලා හිරේ දැම්මට පස්සේ එක කෝල් එකකින් නිදහස් කරන්ඩ පොලිසියට සිද්ධ වෙනවා.

    කාලෙකින් දුකා අයියෑ කමෙන්ට් එකක් ලැබුනේ.. බොහොම ස්තූතියි කමෙන්ට් එකට...


    සොඳුරු මිනිසා :
    ඔය තුනෙන් එකක් කොහොමහරි බලන්න. පාතාල ලෝකය ගැන දැනගත්තෑකි. ඒත් ඉතින් ඒ ගන දැන් නං ටීවි එකෙනුත් බලාගත්තෑකි නෙහ්.

    ReplyDelete
  16. අද කාලෙකට පස්සේ බ්ල්ග් අස්සේ කරක් ගන්න පොඩි විවේකයක් ලැබුනා බන් :D

    ReplyDelete
  17. මම නම් ෆිල්ම් එක බැලුවා.. ලංකාවෙදි ටීවී එකේ යන වෙලාවක.. මරු ෆිල්ම් එක..

    ReplyDelete
  18. පොතක් කියවද්දි අපි මවාගන්න චිත්ත රූපයි නට්‍ය බලද්දි දකින රූපයි වෙනස් නිසා දැනෙන රස වෙනස් කියලයි මම හිතන්නේ..

    ස්තූතියි ඔත්තුවට නට්‍යත් බලමුකො එහෙනමි

    ReplyDelete
  19. https://www.youtube.com/watch?v=bYVqIsMnxdw

    ReplyDelete
  20. පොතේ pdf එකක ලින්ක් එකක් නැත්ද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.