22 April 2014

නුගේගොඩ

මම අද පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා.

අපේ ගෙදරට ලැබුනු අවුරුදු කෑම පිගානත් එක්ක යවන්ඩ ඕන නිසයි මම පොතක් ගන්ඩ ගියේ. ඔය අවුරුදු කෑම පිඟාන ලැබුනේ අපේ ඉස්සරහා ගෙදර මල්කාන්ති අක්කලෑ දිහෑවෙන්. ඉස්සර නං කෑම පිඟන් වලට සබන් කෑල්ලක් දෙකක් දාලා යවනවා. ඒවා ඉතිං ගාලා ඉවර වෙන නිසා වටින කියන යමක් යවන්ඩ ඕන කියන අදහස නිසාමයි පොතක් ගත්තේ.

පොත් සාප්පුවේ එක එක පොත් අතරේ පීරලා ළමා කතා පොතක් ගත්තා. ඒ පොත මල්කාන්ති අක්කලෑ ලොකු කෙලීට.. !

ඒ පොත අරගෙන තව ටිකක් වෙලා පොත් සාප්පුවේ ඉන්නකොට මට අපූරු පොතක් හම්බ උනා. ඒ පොතේ නම "මේ ගමට නම හැදුනු හැටි" කියලා. ලියලා තියෙන්නේ මහින්ද කුමාර දළුපොත මහත්මයා.. !

ඒ පොත ටිකක් පෙරල පෙරල ඉදලා එහෙන් මෙහෙන් කොළ දෙක තුනක් කියෙව්වා.ටිකක් හිතට අල්ලපු නිසා මම පිටු 20ක් විතර ඉක්මනින් කියව ගත්තා.

එක එක ගම් වලට නම් හැදිච්ච හැටි පොතේ තිබුනා. ඒත්තෙක්කම නුගේගොඩ කියන නම හැදුන හැටිත් ඒ පොතේ තිබුනා...

මේකයි ඒ කතාව කෙටියෙන්.

කවුරුත් දන්නවානෙ නුගේගොඩ තියෙන්නේ කෝට්ටේ කිට්ටුව කියලා.කෝට්ටේ කියන්නේ ජලයෙන් ආරක්ෂා වෙලා තියෙන රාජධානියක්. වඟුරුබිම් වලින් එහෙම වට වෙලා තියෙන නිසා මේ රාජධානියට ස්වභාවික ආරක්ෂාවක් ලැබිලා තියෙනවා.

දැනටත් නුගේගොඩ, දියවන්නාව පැත්තේ එහෙම තියෙන වගුරුබිම් මේ අතීතයේ ජීවමාන සාක්ෂි... !

දැනට නුගේගොඩ කියලා අපි අඳුන ගන්න තැනත් ඒ කාලේ වගුරුබිමක්.. දොළ පාරකුත් ඒ හරියෙන් ගලාගෙන ගිහින් තියෙනවා.මේ දියපාර කිට්ටුව බොහොම සරුවට හැදුන නුග ගහක් තිබිලා තියෙනවා.

මේ හරියෙන් යන මිනිස්සු මේ මහ නුග ගහේ පහලට එල්ලිලා වැටෙන නුග මුල් වල එල්ලිලා ඔය දොළ පාරේ තරණය කරලා තියෙනවා. ටාර්සන් වගේ වැලේ එල්ලිලා දොළපාරේ එහාට්ට පැන්නා කියලා හිතමුකෝ.

නුගෙන් එල්ලිලා එගොඩ වෙච්ච තැන පස්සේ කාලෙක නුගෙන් එගොඩ වෙලා තියෙනවා... නුගෙන් එගොඩ පස්සේ කාලෙක නුගේගොඩ වෙලා කියලා තමයි ඒ පොතේ තිබුනේ..

නුගේගොඩ කියන්නේ මගේ පළවෙනි රස්සාව පටන් ගත්ත ටවුම නිසයි මම මේ කතාව මතක තියාගෙන බ්ලොග් එකේ අතෑරියෙ...

ඒ වගේම තමයි,

මේ ටවුමෙදි තමයි මට මගේ වෙන්ඩ භාරියාවත් හම්බ උනේ...ඉතින් එහෙව් ටවුමක් ගැන නොලියා කොහොමද... හික්ස් :)

බඩගිනියි වාගේ... කාලා එන්නං !

21 comments:

  1. ඔ්ං ඔහොමයි නුගේගොඩට නුගේගොඩ කියල නම හැදුනේ.....

    ජය වේවා!!!

    ReplyDelete
  2. මම අහලා තියෙන්නේ මීට වඩා වෙනස් කතාවක්නේ. ඉස්සර නුගේගොඩ නුග ගස් ගොඩක් තිබුණ ලු. ඒ නිසා නුග ගොඩ කිය කියා ඉඳලා පස්සේ නුගේගොඩ වුණා ලු. කොයි එක ද දැන් හරි?

    ගම්වල නම් හැදුණ හැටි කියද්දී මතක් වුණේ. ටීවී දෙරණේ යනවා පැයෙන් පැයට 'ගමට නමක්' කියලා වැඩසටහනක්. පුළුවන් නං බලන්න.

    ReplyDelete
  3. නමට ගමක් හැදෙනවනම් කොච්චර නම් ෂෝක්ද නේද..?
    කාලාන්තරේකට පස්සේ blog එකකට ගොඩවුනේ....

    ReplyDelete
  4. හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට.. ;)

    ReplyDelete
  5. ඒ විතරක් යැ මේ රටක් වටින මාත් ඉන්නෙ ඒ පැත්තෙනේ! හා නැද්ද?

    ReplyDelete
  6. නුගේගොඩ කොහොම හැදුණත් අවුරුදු දෙකක් තිස්සෙ සෑහෙන්න කරක් ගහපු නගරයක්!

    ReplyDelete
  7. දැන් නම් නුගේගොඩ ගිය හැටියේ මධුව මතක් වෙයි. :)

    ReplyDelete
  8. මධූ නුගේගොඩට නම හැදුන විදිහ හොය හොය ඉදලා වගේ. :)

    ReplyDelete
  9. අපොයි නුගේ... මාගේ මුනේ දැළි ගැවා..

    ReplyDelete
  10. කෑම පිඟාන එක්ක පොතක් යැවීම කොච්චර හොඳ දෙයක්ද!

    ReplyDelete
  11. ඒකත් එහෙමද. ඔයවගේ තමයි ගොඩක් ගම් වලට නං හැදිල තියෙන්නෙ.

    ReplyDelete
  12. නුගේගොඩ විතරක් නැතුව පොතේ තිබ්බ අනිත් නම් ටිකත් ලියල දාන්නකෝ

    ReplyDelete
  13. නුගේගොඩ ටිකක් කෝට්ටෙට ඈතින් නේ තියෙන්නෙ.ඉස්සර නුගේගොඩ හරියත් වතුරට යට වෙන්න ඇති ඔය විදියට බැලුවාම.

    ReplyDelete
  14. ඔච්චර නුගේගොඩ රස්තියාදු ගැහුවා මේක දැන ගත්තේ අදනේ..

    ReplyDelete
  15. සී.ජේ. විදානේ.:
    අන්න හරි.. ඔහොම තමා නම හැදුනේ.. !

    ධාරා :
    අනේ මන්දා නංගි... කෝක හරිද කියලා දන්නේ නෑ..

    Amila Prabath Samarakkodi :
    ඒක තමා.... කොහෙද ගිහින් උන්නේ

    ReplyDelete
  16. හරී :
    ගංගාවක් ලෙස සිහිලස පිදුවයි නුබ මා හට...

    Maneka :
    අනේද කියන්නේ.. රටක් නෙමේ.. ලෝකයක් වටින.. !

    කුරුටු ගෑ ගී පොත :
    මම නං රස්සාවට විතරමයි නුගේගොඩ ගියේ..

    ReplyDelete
  17. Podi Kumarihami :
    ඇයි මාව විතරක්.. සුදු නෝනවත් මතක් වෙයි නෙහ්.. :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    හෙහ්... ;)

    දේශක යා :
    නාට්ටියක් ද ? නාට්ටියක දෙබසක් වගේ.

    ReplyDelete
  18. රාජ් :
    ඒකනේ... :)

    Praසන්ன :
    ඔය වගේ හෙන සෙට් එකක් තිබුනා.

    Pathum Herath :
    මතක් වෙන මතක් වෙන වෙලාවල් වලට ලියන්නම්.

    ReplyDelete
  19. amila chathuranga :
    තෙත් බිම් උද්‍යානයත් වගුරු බිමක් නෙ.

    Dinesh :
    දැන් දන්නවා නෙ. ආයේ නුගේගොඩ මතක හිටීවි.. මදාරා නංගිත් ඔය හරියේ නේද :)

    ReplyDelete
  20. උඹට අර ළමයට දෙන්න තිබුනෙ ඒ පොතනෙ බන්...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.