14 April 2014

මම හදපු උණ වෙඩිල්ල

මම කලින් ලිපියකදී කිව්වා නේ අපේ කන්තෝරුවේ උන්නු කෙනෙක් කියපු නිසා උණ වෙඩිල්ලක් හදන්ඩ ආසාවක් උපන්නා කියලා. ඉතින් ඒ ආසාවටම මමයි අපේ මල්ලිලා කට්ටියත්තෙක්ක උණ ගහක් හොයාගෙන ගියා. එතකොට අපට ගෙදරකින් කපලා දාපු ලොකු උණ ගහක් හම්බ උනා.

අපි ඒකත් කර තියාන ගෙදර ගෙනල්ලා  අඩි හතරක විතර කෑල්ලක් කැපුවා.

මෙහෙමයි උණ වෙඩිල්ල හදන්නේ... ඒක හදන හැටි විචාරක මහත්මයාගේ වචන වලින්ම දැන ගනිමු !

අපේ පැරණි භාණ්ඩයක් මෙසේ නැවත හඳුන්වාදීම ගැන ස්තුතියි. නමුත් මම දැඩි අවධාරණයෙන් කියනවා මෙය වීඩියෝවකින් බලා කළහැකි දෙයක් නොවේ. උණ ගහ තෝරා ගැනීමේදී එය වියලී නොගිය එහෙත් ඉතා හොඳින් මේරූ එකක් විය යුතුයි. අවම විෂ්කම්භය අඟල් 4ක් වත් විය යුතු තර උපරිම විෂ්කම්භය අඟල් 6 නොඉක්මවිය යුතුයි. 

උණ බටයේ මැද පුරුක් හිල් කිරීමේදී හඬ පිටවන පැත්තේ පුරුක විශාලවත් එතැන් සිට අනෙක් පුරුක් ක්‍රමයෙන් කුඩා වන ආකාරයටත් හිල් කල යුතුයි. වෙඩි හිල ඩ්‍රිල් කටුවකින් විදින්න එපා පතුරු ගැලවී උණ ලීයට හානි වෙනවා. ඒ නිසා සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භය ඇති යකඩයක් රක්ත තප්ත මට්ටමට රත්කර විදින්න. එම වෙඩි හිල උණ බටයේ මුල පැත්තේ කෙලවර ඇති ගැටයේ සිට අඟල් 5ක් පමණ ඈතින් විදිය යුතුයි. උණ බටයේ අග සහ වෙඩි හිල දෙපැත්තේ ශක්තිමත් කම්බි වෙළුම් යොදන්න. 

පොටවල් 10 බැගින් පමණ. වෙඩි තැබීමේදී බටය පුපුරා ගියොත් වන හානිය අවම කරගැනීම සඳහා. උණ වෙඩිල්ලේ මුල පැත්ත පොළොවට ආසන්නව කතිර හැඩයේ රැඳවුමකත්, අග පැත්ත පොළොවේ සිට අඩියක් පමණ ඉහලින් සිටිනසේ කහිර හැඩයේ රැඳවුමකත් තබන්න. වෙඩි පත්තු කිරීමට උණ බටයට භූමිතෙල් දමා රත් කිරීමේදී උණුසුම පාලනය ඉතා වැදගත්. නැත්නම් බටය පිච්චෙනවා විතරයි. 

-අසමි දකිමි සොයමි ලියන විචාරක -

ඔය උපදෙස් ටික නම් තිතටම හරි.. ඒ නිසා ඒ උපදෙස් පිලිපදින්න.

අපි උන වෙඩිල්ල හැදුවේ මෙහෙමයි.
ඔය පහලින් තියෙන්නේ අපට ලැබුනු කපලා දාලා තිඋන උණ ගහ.
ඔය උන ගහ ගෙනල්ලා මම අඩි හතරක කෑල්ලක් කැපුවා. ඔය උණ ගහ අල්ලගෙන ඉන්නේ අපේ බන්ටි...
 උණ ගහේ අඩි හතරේ කෑල්ලක් කැපුවට පස්සේ මම ගෙදර අරගෙන ගියා නියනෙන් හිලක් විදින්ඩ.. මම නියන අරගෙන හරබ කරන එක දැක්ක අපේ තාත්තා "ඔහොම ඉදින් උබලා ඔය බටේ පලාගන්ඩ යන්නේ.. මම විදලා දෙන්නං !" කියලා රුපියලක සයිස් එකේ හිලක් විදලා දුන්නා.

ඒ වෙලාවේ අපේ තාත්තා උන්නේ ගෙදර තීන්ත ගාන්ඩ වැලි කඩදාසියෙන් බිත්ති කප කපා.ඒ නිසයි අපේ තාත්තා සුදුවට වාගේ ඉන්නේ. :)
නියනකින් හිලක් විදගත්තට පස්සේ මම අලවංගුව අරගෙන එක පුරුකක් ඉතුරු වෙන්ඩ අනිත් පුරුක් ටික සිදුරු කලා. ඒක කලේ අපේ විචාරක මහත්මයා කියපු විදිහටයි !

ඊට පස්සේ  කතිරයක් ගහලා බටේ රැඳෙව්වා. රඳවලා ඉවර වෙලා තද වෙන්ඩ ගැට ගැහැව්වා. ඔය පහල පින්තූරේ ඉන්නේ බන්ටියි සුදු පුතායි.
ඔය පහලින් තියෙන්නේ හදලා සූදානම් කරගත්තු උණ වෙඩිලි ආධාරකයත්තෙක්ක උණ බටේ..
ඊට පස්සේ අපු හවස් වෙනකන් බෝල ගැහුව්වා. හවස් වෙලා ඇඟපත එහෙම හෝදගෙන කාරිය පොඩි සම්මාදමක් යැවුවා බූමිතෙල් බාගයක් විතර ගෙන්න ගන්ඩ. යාන්තන් පනහක් එකතු කරගත්තට පස්සේ බූමිතෙල් බාගයක් ගෙනාවා.පුනීලයකුත් තියලා බූමිතෙල් ටික හිමිහිට බටේ ඇතුලට වක්කරා !
බූමිතෙල් ටික වක්කරාට පස්සේ හුලු අත්ත අරගෙන ආවා.ආහ්... කියන්ඩත් අමතක උනා. මේ වෙනකොට අපේ ගෙදරයි අපේ නැන්දලා ගෙවල් වල අයයි ඔක්කොම අපේ මිදුලට ආවා මගේ හරඹ බලන්ඩ..

මම හුලු අත්ත පත්තු කරලා  බටේට අල්ලලා බටේ රත් කලා. අර කිව්වත් වගේ සීරුවට කරන්ඩ ඕන. නැත්නම් නිස්කාරනේ බටේ ගිනි ගන්නවා. බටේ රත් කලාට පස්සේ ලීයක් පත්තු කරලා කුහරේ ඇතුලට දාලා ඇල්ලුවා. එච්චර පත්තු උනේ නෑ.

ඒ වෙනකොට අපේ බවලත්තු මට එක එක එව්වා කියලා හිනා උනා.. ගානක් නෑ.. ඒ අය දන්නේ පොඩ්ඩ ඇත්නම් හිනා වෙන්ඩ නෙව. මම සැලුනේ නෑ. දිගින් දිගටම පිඹ හිඹ පත්තු කලා. ඔන්න එතකොට වැඩේ යාන්තන් හරි යාගෙන ගියා.

මට ආසාවේ බෑ.. ඒත්තෙක්කම පිඹලා පනත් නෑ.. අපි පිඹින්ඩ පාවිච්චි කලේ පොඩි බට කෑල්ලක්..
බට කෑල්ලක් පාවිච්චි කලේ. විචාරක මහත්තයා කියපු විදිහට ගින්දර විසි වෙනවයි කියපු නිසා.
ශා.. මාර ජොලි වැඩක්... !
හොඳට පිඹලා දුං එලියට ගියොත් ලොකු සද්දයක් එන වෙඩිල්ලක් පත්තු කරගත්තෑකි.. ඔය විදිහට සෑහෙන වෙඩිලි ගානක් පත්තු කර ගත්තා. අපි අදත් වෙඩි පත්තු කරන්න ඉන්නේ..

 අලුත් අවුරුද්දේ වැඩ අල්ලපු වෙලාවේ බ්ලොගය පාළුවට යන එක වලක්වන්ඩ මේ පෝස්ට් එක පල කරනවා... :)

සියළුමදෙනාට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා !!!

25 comments:

  1. ෂා... කාලෙකින් දැක්කේ..
    ජය වේවාර්‍
    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. අපි නං හනසු කෑල්ලකින් ගිණි තිබ්බෙ.

    ReplyDelete
  3. WE did it in our young days, there were few other Una wadi which belonged to our friends around us, Sometime we fired them like a competition. Those days kerosine oil was not so expensive like today, We used the oil supposed to lit the oil lamps in the home, sometime our mom yell at us when our waste is unbearable to her.

    ReplyDelete
  4. පොහ්.............මල් හතයි ඈ. මට හරිම සතුටුයි.

    ReplyDelete
  5. විචාරක තුමාගෙ උපදෙස් වලින් වැඩ ගත්තා කොල්ලා එහෙනම්.

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ... :D

    ReplyDelete
  7. හොඳයි හොඳයි ... කොහොමහරි වැඩේ කලා නේද ...
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  8. ඕක පත්තු කරන්න දිග හනසු කෑල්ලක් ගන්න. බටේ හිල තියෙන පැත්ත පොඩ්ඩක් අනිත් පැත්තට වඩා පාත් කරන්න. හොඳට පිබින තරමට සද්දෙ වැඩියි. මූන පරිස්සම් කර ගන්න. මොකද ඇතුල ඇවිලිල තිබුනොත් මූනට ගින්දර එනව. ඒ වගේම සමහර ලපටි බට පුපුරනව. ගුඩ් ලක්! සුභ අලුත් අවුරුද්දක්!
    ManojND

    ReplyDelete
  9. වෙඩිලි පත්තු කරලාම අවුරුද්ද පටන් ගත්තු එක හොඳයි. දැන් නම් සුබ අලුත් අවුරුද්දක් කියලා කටත් රිදෙනවා...හී හී...

    ReplyDelete
  10. සුබ නව වසරක් වේවා මධූ……!!

    සෑහෙන්න වටින වැඩක්. :) තරහා කාරයො එහෙම ඉන්නද ඔය පැත්තෙ. :)

    ReplyDelete
  11. Don Don Doon!!!!!!

    ReplyDelete
  12. හැක්... කොහොමහරි වැඩේ අතඇරියෙ නෑ නේද?

    මධු ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  13. මරු මරු.. මම නම් උණ වෙඩිල්ලක් දැකලා තියෙන්නේ මෙහෙම ෆොටෝ එකකින් විතරයි අෆ්ෆා..

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  14. නියමයි. මරු. මධුවාට මගේ ආචාරය

    ReplyDelete
  15. මරු මචං... ඔය ගමන් පොඩි ගල්කටස් එකකටත් ට්‍රය කරලා බලන්න... :D

    ReplyDelete
  16. මරු වැඩක්! අපේ තාත්ත පොඩි කාලේ ඕක හැදු හැටි කියල තියෙනවා. එයා මේක දැක්කනම් ගොඩක් ආස වෙයි. :)

    ReplyDelete
  17. ෂා ... එහෙනම් මධුරංග ‍උණ වෙඩි පත්තු කළා අවුරුද්දට. අපිටත් බලාගන්ට දාපු එකනම් හොඳයි. මම මේව දැකල නෑ අහල තිබුනට.

    (කලින් මම දාපු කමෙන්ට් එකක් උඹ වැරදියට තේරුම් අරන් කියල මට හිතුන, උඹට ඒදණ්ඩක යන්න බැරුව ඇති කියල කිව්වෙ උඹ පණ්ඩිතයෙක් කියන අදහසින් නෙවි, ඕනවට වැඩිය හිතනව කියල කියන්න :) )

    ප්‍රමාද වෙලා හරි මධුරංග ඇතුළු පවුලෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියල පතනව.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. http://i57.tinypic.com/209g5k3.jpg menna mama hadapu eka 95- octane thama gahuve :D pimbema na..rathkareth na..patangaththa vele idan sadde thama..oya podi spry bottle eken thama spry kare :D

    ReplyDelete
  20. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    නියම වැඩක් කරලා තියෙන්නේ අවුරුද්දට...

    ReplyDelete
  21. මමත් ඉස්සර අවුරුදු වලට අනිවාරෙයෙන් එකක් හදනවා ඒ විතරක් නෙවේ වටේ උන් එක්ක තරඟෙට වෙඩි දාන්නේ. හෙන ගහන්නා වගේ සද්දේ හොඳට පදම් උනාම. ඒ දවස් වල භූමිතෙල් බෝතල්යක්ම රු 12යි. ඔය යටින් රත් කරන එක නැතිව ඇතුලේ තියන තෙල් වලින්ම ගානට රත් කරගන්න පුළුවන්. හරියට පාවිචි කරොත් අවුරුදු 2-3ක් පාවිච්චි කරන්න පුළුවන්

    ReplyDelete
  22. මධුරංග මල්ලී ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  23. ගින්දර කොල්ලෙක් බං උඹ ඇත්තටම...බටේ පැලෙනකම්ම වෙඩි පත්තු වේවා ! සුභ අලුත් අවුරුදක් වේවා !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.