12 April 2014

අවුරුද්දට උණ වෙඩිල්ලක්

ඊයේ අපේ කන්තෝරුවේ ගොඩක් කට්ටිය අඩු දවසක්. ඔක්කොම වාගේ අවුරුදු නිවාඩු ගිහින්. ගොඩක් කට්ටිය අඩු නිසා අපිත් එච්චර වැඩක් කලේ නෑ. දවසෙන් වැඩි හරියක්ම කලේ ඔහේ කියව කියව හිටපු එක.

ඒ කියවපු දේවල් වලින් වැඩි හරියක් තිබ්බේ අවුරුදු නිවාඩුවට කරන්න හිතන් ඉන්න වැඩ ගැන..

අවුරුදු නිවාඩුවට කරන්න ඕන වැඩ ගැන එක එක්කෙනා එක එක දේවල් කිව්වා. ඒ අතරින් මගේ හිත නැවතුනේ අපේ පරණම ඩිවෙලොපර් කියපු වැඩක් ගැන..

ඒ තමා අවුරුද්දට උණ වෙඩිල්ලක් හදන එක !

හැමදාම අවුරුද්දට රතිඥ්ඥා ගෙනත් පත්තු කරන එකේ මෙදාපාර අවුරුද්දට උණ වෙඩිල්ලක් හදන්ඩ මටත් ආස හිතුනා.

ඔය ආසාව නිසාම ගෙදර ආපු හැටියෙම අපේ තාත්තට කිව්වා කොහොමහරි අඩි හතරක උණ බම්බුවක් හොයලා තියන්ඩ කියලා. අපේ තාත්තා උණ බම්බුවක් හොයලා ගෙනාවට පස්සේ උණ වෙඩිල්ල හදපු විදිහේ පින්තූරු දාන්නම්.

උන වෙඩිල්ල හදන හැටි කවුරුහරි දන්නේ නැත්තං මෙන්න මේ වීඩියෝ එක බලන්ඩ..... !




රතිඥ්ඥා වලට වඩා උන වෙඩිල්ලක් හදන එක ලාබදායි නිසා මාත් උණ වෙඩිල්ලක් හදනවා.

එහෙනං ඕගොල්ලොත් බට කෑල්ලක් හොයලා උණ වෙඩිල්ලක් හදලා බලන්ඩ... මම එහෙනං ගිහින් එන්නම්. අද නිවාඩු දවසේ කරන්ඩ ඕන වැඩ ගොඩක් තියෙනවා.

ජය වේවා !!!
------------------------------------------------------------------
ප.ලි. - වීඩියෝ එක බලනවා නං මෙගාබයිට් 5ක් විතර යනවා. අපොයි සුපියල් පහ කියලා හිතෙනවා නං බලන්ඩ එපා..

33 comments:

  1. පරිස්සමින් , ඔය වැඩේ කියන තරම් හුරතල් නැ

    ReplyDelete
  2. ඔව් අප්පා....මේ මගුල් ගෙවල් ගන්ටත් තියෙන වෙලාවේ නිකං ඉන්ට මධූ...

    සුබ අලුත් අවුරුද්දක්...ගෑනු ලමයට ලස්සන ලේන්සු පොඩි ටිකක් ගත්තද? :)

    ReplyDelete
  3. ඕක නම් හදල නෑ. දශක කීපයකට කලින් නම් අවුරුද්දෙ අනිවාර්‍ය අංගයක් නෙ උණ වෙඩි. සමහර වෙලාවට භූමිතෙල් ඉහිරිලා ගිනි ගන්නවත් තමයි ලු. කෝකටත් පරිස්සමින්.

    ReplyDelete
  4. අපේ ගෙදර කොහෙදෝ දාල තිබුන මොකක් ද ජිල්මාජ් එකක්. ඒක නම් අයියලා හෙම පත්තු කරනවා මතකයි ගලක ගහලා. ලීයකට හයි කරපු යකඩයක තියන කුහරයට වෙඩි බෙහෙත් (?) දාල, ලී කූඤ්ඤයකින් ඒ සිදුර වහලා, ඒ කූඤ්ඤයේ එලියට තියන කොටස ගලේ වදින්න ගහන්නෙ. (බීරංග ??. මේ කතාව මං තව කොතනක හරි කිව්වද කොහෙද )

    ReplyDelete
  5. ඔයට වඩා ලේසි බිරංග ගහන එක,මේක භුමී තෙල් මිලත් එක්ක වැඩක් නෑ දැන්

    ReplyDelete
  6. මේකෙන් කාටහරි වෙඩි තියන්නත් පුලුවන්ද බන් එහෙනම් මාත් එකක් හදා ගන්නවා

    ReplyDelete
  7. පිඹිනකොට බලාගෙන. මූන නාලු වෙන්න පුලුවං.

    ReplyDelete
  8. මේකටත් ලැයිසොන් ගන්න ඕනද දන්නෑ ;)

    ReplyDelete
  9. කියන තරං ලේසි නැහැ මල්ලි.. හරියට පදං කරගත්තොත් හරි.. නැත්තං ඉතිං චූස් චූස් තමා.. අනික පිඹිනකොට ඇනිත් පැත්තට ගිනි ඇවිලිලා ඇස්වලට බරපතල හානි වෙන්න පුළුවන්.. භූමිතෙල් නාන වැඩක් ඕක.. සමහර වෙලාවට පම්බුව පුපුරන වෙලාවලුත් තියෙනවා.. හැබැයි ඉතිං සංතෝසෙනං මෙතෙකැයි කියන්න බැහැ... කොහොම උනත් සත්තුන්ට.. ඔය වෙඩි සද්ද පුදුම වදයක්.. ඒ හින්දා උන්ට කරදරයක් නොවෙන්න ඕන මගුලක්...

    ReplyDelete
  10. ඕකෙන් පිඹින පැත්තට ගින්දර ඇවිත් අනතුරු වෙන්න පුළුවන් කියල මමත් අහලා තියනවා

    ReplyDelete
  11. පරිස්සමින් කොරන දෙයක්...්‍

    ReplyDelete
  12. අපිත් නං පොඩි කාලෙ ඔය සෙල්ලම කළා තමයි,නමුත් ටිකක් භයානක වැඩක්.අනුමත කරන්න බෑ කියල තමා කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  13. උන බටය ඇතුලත රත්වෙලා වාෂ්ප වෙන භූමිතෙල් වලින් සංතෘප්ත උනාම , ගිනි දැල්ලක් ලංකරාම වෙන ක්ෂණික දහනය නේද මේ වෙඩිල්ලක් වගේ පිපිරිලා යන්නේ. භූමිතෙල් වාෂ්ප ප්‍රමාණය වැඩි කර ගන්න මුණ ඈතින් තියාගෙන බටයක් මාර්ගයෙන් පිම්බොත් හරියන්නේ නැද්ද ?

    අනික බටයට යකඩ විලි ( ටෙලිෆෝන් කණුවලට යන පි වී සි බට කණුවට හයි කරලා තියෙන ඒවා වගේ ) දෙකතුනක් දැම්මොත් පිපිරීමට තියෙන සම්භාවිතාවත් නැති වෙලා යයි නේද ?

    දන්නැති හින්ද ඇහුවේ. මේවගේ එකක් හදලවත් හැබැහින් තාම දැකලවත් නැහැ.

    ReplyDelete
  14. අහල තිබුනට මම නම් ඕවා දැකලවත් නෑ. කෝකටත් හදනවනම් මේකෙත් දාමුකෝ බලන්න පහුවෙල හරි අපිටත් බලාගන්ට.

    පොඩි කාලෙ ටීවී එකේ ගියපු අවුරුදු කතාවකත් ඔය බට කේස් එකක් නිසා තුවාල වෙන සීන් එකක් තිබුනා මතකයි. මෙතන කමෙන්ට් කරපු හුඟක් අයත් කියන නිසා කරන දෙයක් සිහිකල්පනාවෙන් පරිස්සම් කරපං.

    ReplyDelete
  15. කට්ටිය එක එක ජාති කතා කියල ඒත් හැම දාම හදන අපිට නං ඔය කිසිම කතාවක් නෑ... මො පාරත් හදන්න එකක් ගෙනාව...
    පොඩි ට්‍රික් එකක් කියන්නද..

    ටිකක් රත් වුණාම සද්දෙයිනෙ මේ වැඩෙන් සද්දෙ වැඩි වෙනව...
    පැට්‍රල් මූඩියක් විතර දාල ගහන්නකො බලන්න... කාලතුවක්කු කැලේ

    ReplyDelete
  16. පොඩි කාලෙ මමත් හදලා තියෙනවා. ටිකක් භයානක වැඩක්. පරණ මතකයන් අලුත් කරපු පෝස්ට් එකක් :)

    ReplyDelete
  17. කරන දෙයක් පරිස්සමින් ... වැඩේ ටිකක බරපතලයිනේ ..

    ReplyDelete
  18. ඔය මූන පිච්චෙන වැඩේ වෙන්නෙ බූමිතෙල් දාල ඔය වැඩේ කරද්දි..මම ඔයින් එකක් හැදුවා..මේකට පිලීපීන් අය කියන්නෙ ලන්කටා කියල..එයාල මේකට යොදාගන්නෙ කැල්සියම් කාබනෙට්-කාර්බයිට් ..අපි බූමිතෙල් දාන තැනට වතුර දාලා පොඩි කාර්බයිට් කෑල්ලක් දානව.එතකොට එතන ඇසිටිලීන් වායූව හැදෙනව..අත්‍යවශ්‍ය උපාන්ග එලියට එනකල් පිබින්න ඕන නෑ..සද්දෙත් වැඩි.හැබැයි ප්‍රමානෙට කාර්බයිට් දාන්න.වැඩි උනොත් .....බූම්

    මමත් කාර්බයිට් දාලා වැඩේකරේ..නමූත් කාර්බයිට් හොය හොය ඉන්න එක කරදර නිසා මම ස්ප්‍රේ බොට්ල් එකකට පෙට්‍රල් දාලා ඔය සිදුරට ස්ප්‍රේ කරා..වැඩේ සාර්තකයි.හැබැයි පොඩ්ඩක් රත්වෙන්න ඔන.බූමිතෙල් තරම් නෙමෙයි..පිබින්න ඔනම නෑ.පොඩ්ඩක් හුලන් පාරක් ගහන්න ලැබෙන්න..බූමිතල් වලට වඩා ඔය දෙකම ලේසි.හැබැයි අන්තරාදායකයි..කරනවනම් පොඩ්ඩක් යූ ටියුබ් හෙම බලල ඉන්න.

    ReplyDelete
  19. අපේ පැරණි භාණ්ඩයක් මෙසේ නැවත හඳුන්වාදීම ගැන ස්තුතියි. නමුත් මම දැඩි අවධාරණයෙන් කියනවා මෙය වීඩියෝවකින් බලා කළහැකි දෙයක් නොවේ. උණ ගහ තෝරා ගැනීමේදී එය වියලී නොගිය එහෙත් ඉතා හොඳින් මේරූ එකක් විය යුතුයි. අවම විෂ්කම්භය අඟල් 4ක් වත් විය යුතු තර උපරිම විෂ්කම්භය අඟල් 6 නොඉක්මවිය යුතුයි. උණ බටයේ මැද පුරුක් හිල් කිරීමේදී හඬ පිටවන පැත්තේ පුරුක විශාලවත් එතැන් සිට අනෙක් පුරුක් ක්‍රමයෙන් කුඩා වන ආකාරයටත් හිල් කල යුතුයි. වෙඩි හිල ඩ්‍රිල් කටුවකින් විදින්න එපා පතුරු ගැලවී උණ ලීයට හානි වෙනවා. ඒ නිසා සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භය ඇති යකඩයක් රක්ත තප්ත මට්ටමට රත්කර විදින්න. එම වෙඩි හිල උණ බටයේ මුල පැත්තේ කෙලවර ඇති ගැටයේ සිට අඟල් 5ක් පමණ ඈතින් විදිය යුතුයි. උණ බටයේ අග සහ වෙඩි හිල දෙපැත්තේ ශක්තිමත් කම්බි වෙළුම් යොදන්න. පොටවල් 10 බැගින් පමණ. වෙඩි තැබීමේදී බටය පුපුරා ගියොත් වන හානිය අවම කරගැනීම සඳහා. උණ වෙඩිල්ලේ මුල පැත්ත පොළොවට ආසන්නව කතිර හැඩයේ රැඳවුමකත්, අග පැත්ත පොළොවේ සිට අඩියක් පමණ ඉහලින් සිටිනසේ කහිර හැඩයේ රැඳවුමකත් තබන්න. වෙඩි පත්තු කිරීමට උණ බටයට භූමිතෙල් දමා රත් කිරීමේදී උණුසුම පාලනය ඉතා වැදගත්. නැත්නම් බටය පිච්චෙනවා විතරයි.

    අත්දැකීමෙන් කිව්වේ.

    ReplyDelete
  20. තව එකක් අමතක වුණා වෙඩිල්ලට භූමිතෙල් දමා පිඹින්නට කලින් බලන්න ඕනේ ඇතුලේ යන්තම් හෝ ගින්දර තිබෙනවාද කියා. හදිසියේ පත්තු වුනොත් පිඹින කෙනාගේ ඇස්දෙකට ගින්දර වදිනවා.

    ReplyDelete
  21. මට තේරුනේ නෑ කියපු කතන්දරේ...

    ReplyDelete
  22. karbite ho petrol bavithakaranavanam pibinnata avashsha natha..eya kerosene walata pamani..oba kiyanadeya nivaradi..arakshava gana sithiya yuthuy,,eheth mehi sankalpaya therumgaththanam me thula loku deyak na.poddak hithuvoth parana deval venaskaranna puluvan..arakshava gana hithala vitharakma me de karanavanam itha pahasu saha lehesima vidiyak thiyanava..motorbike ekaka ho onama vahanayaka silencer eka galavanna.. me dema thama venna :D :D :D :d.galavanna ona ana dekay :D

    ReplyDelete
  23. අටම්පහුර :
    ඔවු.. සෑහෙන පරිස්සමින් වැඩේ කරන්ඩයි කල්පනා කරන්නේ..

    Podi Kumarihami :
    ලේන්සු පොඩි ගත්තේ නෑ පොඩ්ඩි.. ලේන්සු දෙන්ඩ හොඳ නෑලු නේ.. මම සපත්තු පොඩියක් ගත්තා..

    Chandana :
    ඔය පහලින් කියලා තියෙන්නේ නං බීරංග ගැහිල්ලක් ගනද කොහෙද.. මම නම් බීරංග ගහලා නෑ..

    ReplyDelete
  24. සහෝ දර :
    බීරංග ගහන විදිහ කියලා දුන්නා නං...

    මැලේ රාළ :
    වෙඩි තියන්ඩමයි බලාගෙන ඉන්නේ..හෙහ්.. කාටද වෙඩි තියන්ඩ යන්නේ ?

    Praසන්ன :
    ඒ හින්දම බයටක් පාවිච්චි කලා පිඹින්ඩ.

    ReplyDelete
  25. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඔවු.. හොරාට හොරා පත්තු කරන්ඩ ඉන්නේ...

    මාරයාගේ හෝරාව :
    කිව්වත් වගේ පදම් වෙනකන් චූස් චූස් ගෑවා. පස්සේ තමා ගානට ආවේ.. :)

    Vishwajith Rajapakse :
    අපි පිඹින්න බටයක් පාවිච්චි කලා..

    ReplyDelete
  26. සී.ජේ. විදානේ. :
    අනිවාර්යෙන්ම... !

    Helapa kade :
    අපි පරිස්සමට අත්හදා බැලුවා... !

    මහසොහොන් පිල්ලිය :
    අනේ මන්දා ඔය පීවිසි කෑලි වලින් හරි යයිද කියලා. හැබැයි උණ බම්බුවකින් නම් අපි කලා. වැඩේ ගොඩ !

    ReplyDelete
  27. DDT :
    ඊලඟ පෝස්ට් එක ඒ ගැන.. අපේ වැඩේ සාර්ථක උනා..

    Mahesh Rathnayaka :
    අම්මටසිරි.. අද පත්තු කරද්දි පැට්‍රෝල් ටිකක් දාලා බලන්ඩ ඕන...

    ~ChAnDiKa~ :
    ඔන්න අපිත් හැදුවා.. මරු වැඩේ. එකින් එකට පිඹින එක තමා පන යන්නේ..

    ReplyDelete
  28. තුශානි :
    අපි ඔන්න හැදුවා ඒක.. මරු. මාර ජොලි !

    කුරුටු ගෑ ගී පොත :
    මොකටද මේ වැටක් ගැහුවේ ??

    Kantha Viduranga :
    අපි නම් පිඹින්න පොඩි බට කෑල්ලක් පාවිච්චි කලා. වැඩේ මාර සාර්ථකයි. මුලදි මුලදි නිකන් චූස් චූස් ගෑවා විතරයි. පස්සේ පස්සේ ගොඩ ගියා !

    ReplyDelete
  29. Wicharaka Asami Dakimi Soyami :
    ඔය උපදෙස් ටික නම් පංකාදු පහයි මහත්තයෝ.. ඒ ටික අකුරටම පිලිපැද්දා.. නියමෙටම උණ වෙඩිලි ටික ආවා. අපි පිඹින්ඩ බට කෑල්ලක් පාවිච්චි කලා. නැත්නම් මූනට එනවයි කිව්වා නෙහ්. :)

    සෝරෝ :
    ඊලඟ පෝස්ට් එක බලන්ඩ..

    ReplyDelete
  30. මම සහ මම :
    මේ පලවෙනි වතාව නෙහ්.. ඊලඟ පාර වෙනස්කම් කරලා බලන්න ඕන.. විස්තර ටිකට බොහොම ස්තූතියි !

    ReplyDelete
  31. නිකං සූටියට බීරංගයත් හදා ගන්න කියා දෙන්නං..

    මෝටර් සයිකල් ස්පෝක් එකක් සහ අගලේ කම්බි ඇනයක් ගනින්...

    ස්පෝක් එකේ පොට කැරකෙන පැත්තෙන් අගල් දෙකක් දෙකහමාරක් විතර දුරින් නවහං අංශක 90 ට ටිකක් අඩුවෙන්.. ඒ කිව්වේ අංශක 80ක් විතර උනාම ඇති...
    එයින් පස්සේ අර පොට කැරකෙවන නට් එක වගේ එක පොටට තියලා රවුං දෙකක් විතර කරකවහං.. සම්පූර්න කැරකෙව්වොත් පහල කුහරේ මදි වෙනවා.. දැන් යට පැත්තෙන් තියෙන හිල වගේ එකට තුනී ඊයං කොලයක ඔතාපු ගිනි කූරු ඔළු දෙකක විතර වෙඩි බෙහෙත් ගුලියක් හිර කරහං... අර කලින් කිව්ව අගලේ කම්බි ඇනේ කටර් අඩුවකින් අගල් බාගෙට විතර කපා ගනින් ඒ කරලා ඇනේ ඔළුව පැත්ත පිටට හිටින්න අර වෙඩි බෙහෙත් ගුලිය හිර වෙන්න ගහලා ස්පෝක් එක දිග පැත්තෙන් අල්ලලා ඇනේ ඔළුව බිම වදින්න ගහපං පොලොවේ... ඔච්චරයි..

    ReplyDelete
  32. අන්න විචාරක මහත්තයා බොහොම සීරුවට වැඩේ කරන්න උපදෙස් දීලා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.