11 April 2014

ඇඳුම් ටැග් එක

ඊයේ මං කිරිබත්ගොඩ ටවුම පැත්තේ කරක් ගැහුවා අවුරුද්දට ඇදුම් ගන්ඩ. මම කවදත් ඇඳුම් ගන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් නිසා ඒ බිල්ඩින් එකට ගොඩ උනා. අප්පේ... සෙනග...!

සෙනඟ අස්සේ තෙරපිලා තෙරපිලා කොහොමහරි ටී ෂර්ට් කෑල්ලකුයි කලිසමකුයි ගත්තා...

ඒක ගත්තට පස්සේ බිල දාගන්න යන තෑන මාර පෝලිමක්.. බිල් කවුන්ටර්ම පහලොවක් දාලා තියෙනවා. ඒත් සෙනග.. තිලකවර්ධන මුදලාලිට අවුරුදු ජයයි වාගේ !

ඉතිං ඒ ගැන නෙමෙයි කියන්ඩ ආවේ.

බිල දාගන්න හිටපු තැන කොල්ලා මොකද්ද මන්දා යකඩ ගැජට් එකකට අල්ලලා ඇඳුමේ ටැග් ගැලෙව්වා. මටත් නිකමට වාගේ හිතුනා ඇඳුම් වල ටැග් එකෙන් මොකද්ද කෙරෙන සීන් එක කියලා බලන්ඩ. ඇඳුමේ ටැග් එකක් සම්පූර්ණයෙන්ම ගැලෙව්වහම තියෙන්නේ පල්ලෙහා තියෙන ගැජට් ටික..
ඔය ගැජට් ටික සෙට් වෙලා ආවහම ටැග් එක වැඩ කරන්නේ මෙහෙමයි. ඊට කලින් ටැග් එකේ හරස්කඩක් බලලා ඉමුකෝ.
ඔය පින්තූරේ නිල් පාටින් පේන පින් එක තමයි ඇඳුමට සෙට් වෙන්නේ.ඇඳුමට සෙට් වෙලා රෝස පාට බෝල හරහා ගිහින් පින් එක ටැග් එකට හයි වෙනවා. තේරුනානේ ?

කවුරුහරි පින් එකෙන් ඇදලා පින් එක ගලවන්ඩ හැදුවහම අර රෝස පාට බෝල ටික පහලට ඇවිත් පින් එක තවත් හිරකරවනවා.  ඒකට උදව් වෙන්නේ ස්ප්‍රීන් එක.ස්ප්‍රීන් එකෙන් තමා රෝස පාටට පේන බෝල ටික පහලට කරවලා තද කරලා අල්ලගෙන ඉන්නේ.

පින් එක චුට්ටක් හරි බුරුල් උනහම  ස්ප්‍රීන් එක ටිකක් දිගෑරිලා බෝල ටික පල්ලෙහාට තල්ලු කරනවා. බෝල පල්ලෙහාට තල්ලු කලහම ආයෙම බෝල ටික පින් එකට හිර වෙනවා.

ඔය අයිටම් සේරම තියෙන්නේ රතුපාට බාල්දියක් වගේ එකේ නිසා රෝස පාට බෝල ටිකට ඉහල පහල යනවා ඇරෙන්ඩ වෙන දිහාවල් වලට හෙල්ලෙන්ඩ බෑ..

එතකොට ටැග් ගලවන කෙනා කරන්නේ ඔය ටැග් එකට ඉහලින් කාන්දමක් අල්ලනවා.. කාන්දම අල්ලපුවහම රෝස පාටින් පේන බෝල ටික යකඩ නිසා ඉහලට යනවා.එතකොට පින් එක ලේසියෙන්ම ගලවලා ගත්තෑකි.....

ඔන්න ඕකයි ගැජට් එකෙන් වෙන්නේ...!

මෙන්න මේ වීඩියෝ එක බැලුවා නං වැඩේ මීටර් වෙනවා.

ඊළඟට තමා වැදගත්ම ප්‍රශ්නේ... කොහොමද ටැග් එකත්තෙක්ක ඇඳුමක් හොරෙන් අරගෙන ගියහම මාට්ටු වෙන්නේ ?

මෙහෙමයි.. අපි රෙදි සාප්පුවෙන් එලියට යන දොර දෙපැත්තේ අපිට නොපෙන්නෙන්න.. කණු දෙකක් තියෙනවා.ඒ කණු දෙක හැමතිස්සෙම කිරණ වගයක් නිකුත් කරනවා.මනුස්සයෙක් කණු අතරින් ගිහයම ඒ කිරණ ගමන් කරන්න බාධාවක් වෙන්නේ නෑ.

නමුත් මේ කිරණ වල ගමන් මාර්ගය මැද්දෙන් ටැග් එකක් තිබ්බහම බාධාවක් හට ගන්නවා.එතකොට රෙදි සාප්පුවේ එලාර්ම් එක වදිනවා.

එතකොට තමා රෙදි සාප්පුවේ උන් දුවගෙන ඇවිත් අල්ලගන්නේ !

ක්ලෝත් සිකියුරිටි ටැග් කියලා සර්ච් කලහම නෙට් එක පුරාම තියෙන්නේ හොරෙන් ටැග් ගලවන ක්‍රම. ඕන කෙනෙක් ඉන්නවා නං එහෙම ක්‍රමයක් අත්හදා බලන්ඩ.. හැබැයි මම නම් ඒකේ වගකීම බාරගන්නේ නෑ..

30 comments:

  1. ටැග් එක ගලවගන්න බලමු....

    ReplyDelete
  2. ඔය ටැග් එක ගලවන්න දන්නවා අර සෙම්බුවෝ කියන අය.ඒ වගේම ඔය එලාම් එක බොරුවට වද්දන ගැජට් එහෙමත් තියෙනවා.ෆෝන් වලිනුත් පුලුවන්.

    ReplyDelete
  3. මොකක් ගහලද මධූ සර්ච් කරන්න කිවුවෙ. පොඩ්ඩක් ඉන්න බලන්න ;)

    ReplyDelete
    Replies
    1. ක්ලෝත් රිමූවින්ග් කියලා .. ගහලා බලපං

      Delete
  4. ඔය රෙද්දෙ තියෙන මැග්නට් එකක් හින්දය් ඔය හැම ඉලව්වම.. ඒ මැග්නට් එක නැත්තං ආයෙ එලාම් නෙවී මොන උලව්වක් වත් වදින්නෑ බං

    ReplyDelete
  5. සoසලා අක්කගෙන් ඈහුවනම් ගලවන හෑටි කියලා දෙයි...

    ReplyDelete
  6. මම මේ තාම හොයන්නේ රෝස පාට බෝල දෙක.. මගේ ඇස් පෙනීම අවුල් නිසාද මන්ද මට පෙන්නේ දම් පාට බෝල දෙකක් නේ.. හෙහ් හෙහ් හෙහ්
    තිලකවර්ධනේ සෙනග ගොඩ මට මැවිලා පේනවා.. ටැග් එක වැඩ කරන හැටි දැන ගත්ත එක වටිනවා.. දැන් අපිට තියෙන්නේ ෂොපින් යනකොට හොඳ කාන්දම් කෑල්ලක් අරන් යන්න විතරනේ..

    ReplyDelete
  7. පොඩි කාලෙ මං ගාව තිබුනා ස්පීක‍රේකිං ගලෝපු හෙන සයිස් කාන්දමක්.. චැහ්. ඒ කාලෙ ඇඳුං ටැග් තිබුන් නෑ නොවැ .. නැත්තං පත්තර මල්ලි නත්තල් සීය වගේ !!!! ඕයේස් .. අපි යුතුකං දන්න මිනිස්සු !!

    ReplyDelete
  8. හැක්.. තිලකවර්ධන කාරය මේක දැක්කොත් එහෙම මධුගෙ ගෙදෙට්ට සුදු මොකක්හරි එකක් එවයි. :D

    මාත් ඔය ගැජට් එක දැකල තිබ්බට ඒකෙ ඇතුල වැඩකරන්නෙ කොහොමද කියල දැනගෙන හිටියෙ නෑ. අර දොර ගාව තියෙන කණු දෙකනං ගොඩක් තැන්වල පේන්නම තියෙනව. මොකද ඉතිං දැක්ක කියල ඒකට පිටිං යන්න බෑනෙ.

    ReplyDelete
  9. ඔයින් දෙකක් එකට තියන් ගියාම පොඩී සීන් එකක් තියෙනවා...

    ReplyDelete
  10. මේක ඇත්තටම දැනගෙන හිටියෙ නෑ :) කැන්ඩියෙ ඔනි බෑග් එකක් ඇතුලට අරන් යන්න ඉඩ දෙනවා .. ඒකියන්නෙ එච්චරටම විශ්වාසයි හොරෙන් අර්ං පනින්ඩ බැරි බව :)

    ReplyDelete
  11. උදාරි වර්ණකුලසූරිය ඔ්‍ය ක්‍රමය දැනගෙන ඉන්නෙ නැතුව ඇතිද?

    ReplyDelete
  12. යකඩෝ ... මූ රෙද්දක් ගන්න ගිහින් ගිහිපු දුරක්. ඕන ඔට්ටුවක්, උඹට ඒදණ්ඩක යන්න බෑ. :)

    ReplyDelete
  13. @ සමී,

    //කැන්ඩියෙ ඔනි බෑග් එකක් ඇතුලට අරන් යන්න ඉඩ දෙනවා//

    මෙහෙ නම් සමහර ඇඳුම් කඩවලට කැප් එකක් දාගෙන යන්න දෙන්නෙත් නෑ. ඕක ගලවල යන්න පුළුවන්ද අහනව.

    ReplyDelete
  14. සුදු නෝනාට මුකුත් ගත්තේ නැද්ද

    ReplyDelete
  15. කවුදෑ ටැග් ගැන ඔච්චර හිතන්නෙ ඇඳුම් අරන් එළියට බහිනව මිසක් :-))

    ReplyDelete
  16. මම අහන්න උන්න ප්‍රශ්නේ දෙතුන් දෙනෙක් ම අහලානේ :( මොකෑ කරන්න ද දැන් ඉතින්. ඔච්චර සෙනග අස්සේ දුක් විඳපු එකේ ටැග් එකක් අරගෙන එන්න තිබුණේ මතක් වෙන්නත් එක්ක!

    ReplyDelete
  17. ඕක කොරන්න ගිහින් රෙද්ද නැතිව තමා එන්න වෙන්නේ

    ReplyDelete
  18. මමත් අහන්නෙ අමිල අහන දේම තමයි...?ප්‍රශ්නයක් මචෝ

    ReplyDelete
  19. කවුන්ටරේ එකාටම කියලා ටැග් එක ගලවන් එලියට එන එක වැඩි ආරක්ෂාවයි.. හෙහ්..

    ReplyDelete
  20. පරිස්සමට කොල්ලෝ... දැං ඇඳුම් වල RFID දාලා තියේ...:D
    ටැග් එක පැන්නුවට මදි...

    ReplyDelete
  21. Security Tag එක detect වෙන්නෙ මෙහෙමයි... ටැග් එක ඇතුලෙ coil එකක් තියේ.. අර දොර දෙපැත්තෙ තියෙන ගැජට් එකෙන් නිතුත් වෙන electromagnetic waves නිසා ඒකෙ ධාරාවක් ඇතිවෙලා එක සංඛ්‍යාතයකින් ආයෙත් electromagnetic wave එකක් නිකුත් කරනවා...ඒක තමා detect වෙන්නෙ.. දැං කේස් එක අර ටැග් එක විතරක් නෙමේ.. මේ කොයිල් එක තියෙන Sticker පවා ඔවුන් අලවලා එවනවා... ටැග් ගැලෙව්වත් අ‍රකෙන් අහු වෙනවා :D RFID ගැන හොයලා බලන්න

    ReplyDelete
  22. මේක නම් මාත් හොය හොය හිටියෙ.. මේ ගජට් එක වැඩ කරන හැටි !

    ReplyDelete
  23. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඔන්න ඔන්න වැරදි පාරක යන්න යන්නේ :)

    දේශකය :
    එපා එපා !!!

    amuthusithuwili blog :
    සෙම්බුවෝ... ? ඒ කවුද ඒ ???

    ReplyDelete
  24. Mahesh Rathnayaka :
    ඒක නේන්නම්.. ඒක නැත්නම් පට්ට නෙහ්... :)

    සුසී :
    සංසලා අක්කට ගලව ගන්ඩ බැරි උනානේ..

    Pathum Herath :
    ඔවු හොඳ කාන්දමක් අරගෙන ගියා නම් වැඩේ ගොඩ !!

    ReplyDelete
  25. පත්තර මල්ලි :
    පත්තර මල්ලි වගේ එකෙක් මගේ යාළුවෙක් වෙලා උන්නා නං.... යුතුකම් දන්න කොල්ලෙක් නෙ :)

    Praසන්ன :
    තිලකවර්ධනේත් ඒක පිටින් තියෙන්නේ. අපි හැමෝවම ඒක මැද්දෙන් යවනවා...

    ගෝල්ඩ් ෆිෂ් :
    ඒ මොකද්ද ඒ සීන් එක ???

    ReplyDelete
  26. සමී :
    අඩේ කැන්ඩියට ගියපු කාළයක් මතක නෑ... ඊලඟ මාසේවත් යන්ඩ ඕන.. :)

    amila chathuranga :
    ඒකනේ අහු උනේ... නැත්නං අහු වෙන්නේ නෑ නේ :)

    DDT :
    මං එහෙම ගොඩක් දන්න එකෙක් නෙමේ.. නොදන්න නිසයි අන්තර්ජාලෙන් හොයලා බැලුවේ. ඒම හොයපු ලිපියකින් තමා ඕක පරිවර්තනේ කරලා දැම්මේ... :)

    ReplyDelete
  27. Bindi :
    ගත්තා ගත්තා.. එයාට නොගන්න දෙයක් තියෙනවා යෑ.. :)

    කුරුටු ගෑ ගී පොත :
    ටැග් එක්ක එලියට බහින්ඩ බෑ නෙව.. ඒ නිසා හිතන්ඩ එපෑ... :)

    ධාරා :
    අම්බ.. ගුටි කන්ඩ වෙන්නේ... එහෙම අරගෙන එලියට බහින්ඩ බෑ.. :)

    ReplyDelete
  28. itnishantha :
    ඒකනේ උදාරිටත් උනේ.. :)

    රජ වීදියේ උමේෂ් :
    මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා... :)

    Dinesh :
    අනේද කියන්නේ.. ඒක වැඩි ආරක්ෂාවයි.. !!!

    ReplyDelete
  29. Kanishka | කණියා :
    අළුත් දෙයක් ඉගෙන ගත්තා.. ඒක ගැනත් හොයලා බලන්ඩ ඕන.. අම්බෝ මම නම් කවදාවත් ඔය ටැග් පන්නලා මාට්ටු වෙන්නේ නෑ..

    කුරුළු නිස්කලංක :
    ඔන්න එහෙනං දැන් හරිනේ.. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.