01 April 2014

සබරගමු සුරතලිය සොයා

පහුගිය ලිපියකදි මම කිව්වා මතක ඇති නෙහ් ආදර කන්ද නගින්ඩ යනවා ය කියලා. දවස හරියටම කියනවා නං මාර්තු 29 වෙනිදා... බස්නාහිර/දකුණු පලාත් සභා ඡන්දේ දවසේ.... !

අපි කට්ටිය කලින් දවසේ.. ඒ කියන්නේ සිකුරාදා සමීර අයියලෑ බෝඩිමට සෙට් උනා. බෝඩිමේ රෑ ඉදලා පාන්දර තුනට විතර ඇහැරිලා නුගේගොඩ බස් හෝල්ටෙකට ආවා.ඒ එනකොට පාන්දර හතරයි... !

බස් හෝල්ටෙකට ආව හැටියෙම මාර්ග අංක 99 බදුල්ල- කොළඹ බස් එකක් හම්බ උනා.අපි ඒකේ නැගලා පඹහින්න හන්දියට ටිකට් ගත්තා.ආදර කන්ද නගිනවා නං පඹහින්න හන්දියට එන්ඩෝන. එතන ඉදලා තමා කන්ද නැගීම පටන් ගන්නේ.

අපි ආපු බස් එක සෑහෙන වේගෙන් ආව හන්දා හයාමාර වෙනකොට පඹහින්න හන්දියට ආවා. මේ එනකොටත් අපිත්තෙක්ක කඳු නගින්ඩ එනවයි කිව්ව පරාක්‍රම පැය දෙකක් විතර ප්‍රමාදයි කිව්ව නිසා අපි පඹහින්න හන්දියෙන් බැස්සේ නෑ.

අපි ආයෙම ටිකට් ගත්තා සුරතලී ඇල්ල ගාවට..!

පඹහින්න හන්දියේ ඉදලා සුරතලී ඇල්ල ගාවට කිලෝමීටර් 7ක් තියෙනවා.167 වෙනි කිලෝමිටර් කණුව පහුවෙනවත්තෙක්කම තියෙන පාලම ගාවින් බැස්සම සුරතලී ඇල්ල බලන්ඩ යන තැනට එන්ඩ පුලුවන්.

පඹහින්න > මරන්ගහවිල > හල්පේ > ඌවතැන්න

ඔය ගම් ටිකේ හල්පේ ගමට තමා සුරතලී අයිති වෙන්නේ. ඒත් බස් එකක එනවා නං ඔය ගම් හොයාගන්න බෑ.. පොඩි ගම් නේ. ඒ නිසා කොන්දොස්තරට කියන්ඩ සුරතලී ඇල්ල ගාව නවත්වන්ඩ කියලා. අපිත් එහෙම කියලයි ඇල්ල ගාවින් බැහැගත්තේ.. !

 බස් එකෙන් බැස්ස හැටියේ ඇල්ලට යන තැන මේ වාගේ බෝඩ් තිබුනා.



ඔය බෝඩ් එකට වඩා ලොකු බෝඩ් එහෙකුත් තිබ්බා. පහලින් තියෙන්නේ ඒ බෝඩ් එක.


ඔතන ඉදලා පොඩි අඩිපාරක මීටර් 50ක් ආවහම ඇල්ල ගාවට එතෑකි.

අපි ගිය කාලේ බෙලිහුල්ඔය පැත්තට වැස්ස අඩු නිසා ඇල්ලේ වතුර ඒ තරමටම තිබුනේ නෑ.. නමුත් සුරතලී ඇල්ලේ සුන්දරත්වය නම් අඩුවක් නැතුවම වාගේ තිබුනා. සුරතලී ඇල්ල උසින් මීටර් 60ක් විතර වෙන ඇල්ලක්.

එහෙනං ඇල්ල බලලම ඉමුකෝ...



දිය ඇල්ල වටේ ඇවිදලා අපි දිය ඇල්ලේ වතුර වැටෙන තැනටත් ගියා. ඒ හරිය ගලින් හදපු වේදිකාවක් වගේ.පීල්ලකින් වතුර වැටෙනවා වාගේ ලස්සනයි. ඔය පහල පින්තූරේ ඉන්නේ සමීර අයියයි හර්ෂණ මලයයි..


ඇල්ල වටේ ඇවිදලා ඇල්ල ගාවටත් ගිහින් අපි උදෙම්ම නාගත්තා.අම්බෝ වතුර ටික අයිස් කැටේ වාගේ.. නාලා ටික වෙලාවක් ගල් තලාවේ වාඩිවෙලා ඉන්නැද්දි අපේ පරාක්‍රමයාගෙන් කෝල් එකක් ආවා. ඒ නිසා අපි ඇල්ලට සමුදීලා පඹහින්නට එන්ඩ බස් එහෙකට නැග්ගා.

නිවාඩුවක් ගත කරන්ඩ බදුලු යනවා නං සුරතලී ඇල්ල ගාව ටික වෙලාවක් නතර වෙලා ගිමන් හැරලා යන්ඩ අමතක කරන්ඩෙපා. ඒ වගේම තමා ඇල්ල බලන්ඩ ආවට කමන් නෑ පරිසරයේ සුන්දරත්වයට හානි වෙන දේවල් පරිසරයට මුදා හරින්න එපා. ගොඩක් අය ප්ලාස්ටික්, පොලිතින්, බියර් කෑන් එහෙමත් දාලා ගිහින් තිබුනා.

මේ පරිසර පද්ධතිය රැකගෙන ඉදිරි පරම්පරාවටත් සුරතලීගේ සුන්දරත්වය විඳින්ඩ ඉඩ ලබා දෙන්ඩ...
 


 අපි එහෙනං පඹහින්න හන්දියේ දි හම්බවෙමු ඈ... ! ජය වේවා !

22 comments:

  1. ඔය ඇල්ලට ආවේණික ගං කබරයින්ගෙ පින්තූර වෙන්න ඇති අර දෙවනි පින්තූරෙ යටින් තියෙන්නෙ....

    ReplyDelete
  2. ඒ උදේ 4ට ආපු බස් එක 6.30ට පඹහින්නට ආවා කියන්නේ බස් එක උඩින්ද ආවේ?
    ආ..ඔය හරියෙම තව තැනක් තියෙනවා, පඹහින්නට මෙහා.නන් පෙරියල් වත්ත කියලා.එතනින් බැහැලා වත්ත පැත්තට උඩට ගියාම බෙලිහුල් ඔයේ නාන්න පුළුවන්.ආමි කෑම්ප් එකක් තියේ.නන්පෙරියල් උඩට ගියාම ලෝකාන්තේ පල්ලේ,ඒ වුනාට පයින් යන්න බෑ.අනික කහවත්ත වතු සමාගමෙන් අවසර ගන්න ඕන ලෝකාන්තේ පල්ලට යන්න නම්.(යනවා නම් 4 wheel වාහනේක හොඳ රියදුරෙක් එක්ක යන්න)

    ReplyDelete
  3. බඩු හිදිල නේ බොලං..

    ReplyDelete
  4. එක එක කමෙන්ටුවලට වෙනම පිළිතුරු දීමට හැකි ටෙම්ප්ලේට් එකක් යොදා නොගන්නේ ඇයි?

    ReplyDelete
  5. සුරතලි ඇල්ල හරි සුරතල් පාටයි. :)

    ReplyDelete
  6. වැස්ස කාලේ ගියා නම් නියමයි. අපි පායන කාලෙක ගිහින් ඇල්ල උඩටම නැග්ගා. පොඩ්ඩ වැරදුනොත් බෙල්ල කැඩෙන වැඩක්.

    ReplyDelete
  7. ලබන මාසෙ අපිත් බදුල්ලෙ යනවා. කෝච්චියෙ යන්නෙ. ඔය ඉසව්වට යන විදිහ කියන්ටෝ!!!

    ReplyDelete
  8. මධුරංග අයියා මේ දවස් වල සෑහෙන්න සංචාරයේ වගේනේ..

    ReplyDelete
  9. අපේ කොල්ලෙක් ඔය මරංගහවෙල පයිනස් කෑල්ලෙ වැඩකරනව. උං රෑ අටට නමයට ගිහිල්ල ඔය ඇල්ලෙ නානවලු.

    ReplyDelete
  10. ඔහොමම තව ටිකක් බදුල්ල පැත්තට ගිහින් බඹර කන්ද බලාගෙන ඊට පස්සේ දුන්හින්ද බලන්න යන්න , මගදී ප්‍රධාන පාරෙන් හැරිලා ගිහින් එන්න වෙලාව තියෙනවනම් දියලුමයි, රාවනා ඇල්ලයි බලන්න යන්න පුළුවන්

    ReplyDelete
  11. නියම සවාරියක්..

    ReplyDelete
  12. සුරතලි ඇල්ල හරි සුරතල් පාටයි. :) 2

    ReplyDelete
  13. සුරතලී ඇල්ළ අපි දිනපතාම පහු කරන් යන ඉසව්වක්.සුරතලී ඇල්ළ ගැන කියැවුණ පෝසුටුව දැකලයි මේ පැත්තට ආවේ.//මරන්ගහවිල නෙවෙයි මරන්ගහවෙල//.....මේ පැත්තට ආවම සුරතලී ඇල්ළ බඹරකන්ද ඇල්ළ දියළුම වගේම රාවණා ඇල්ළත් බලන්න යන්න පහසුයි.

    ReplyDelete
  14. Anonymous :
    අන්න හරි ගං කබරයෝ දෙන්නෙක් තමා.... !

    amuthusithuwili blog :
    පෑ දෙනෙක් නෙමේ.. පෑ තුනෙන් ආවේ.. සෑහෙන ඉක්මනින්ම ආවා.

    දේශක යා :
    ඔවු.. පායන කාලේ නෙහ්..

    ReplyDelete
  15. කතන්දර කාරයා :
    එසේ කිරීමට අවශ්‍යතාවයක් තවම දැනී නොමැත...

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඔවු... සුරතල් පාටයි !

    Anonymous :
    ශා.. අපරාදේ.. දන්නවා නං අපිත් නගිනවා ඒ පැත්තෙන්ම.. !

    ReplyDelete
  16. කුරුටු ගෑ ගී පොත :
    කෝච්චියේ ගිහින් බෑ.. බස් එහෙක යන්ඩ ඕන.. කොළඹ-බදුල්ල බස් එකේ එන්ඩ... !

    Dinesh :
    නැතුව නැතුව !

    Anonymous :
    අපිත් එන ගමන මරන්ගහවෙල පයිනස් කෑල්ලට පයින් ආවා. !

    ඉවාන් පවුලූශා :
    එහෙම ගියා නං කන්ද නගින්ඩ බැරි වෙනවා... ඒ නිසයි ආපහු ආවේ !

    ReplyDelete
  17. රජ වීදියේ උමේෂ් :
    ඔවු.. නියමයි !

    Podi Kumarihami :
    සුරතල් පාටයි !


    කුරුටු ගෑ ගී පවුර :
    ඒ ඒ දිය ඇලි බලන්න බහින්න ඕන තැන් ටික කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් !

    ReplyDelete
  18. තුශානි :
    ඔවු ශෝක් ගමනක්... !

    ReplyDelete
  19. හප්පා ...ලංකාවෙ නැති මට මොන සුරතලි ඇල්ලක්ද මධුරංග...

    කවදහරි බලන්න යන්න ඕනි..

    ReplyDelete
  20. ඔය පැත්තෙ වතුර නම් පට්ට සීතලයි. කඩ වල තියන වතුරත් ෆ්‍රිජ් එකේ තිව්ව වගෙ. නියම ගමනක්. වතුර වැඩි කාලෙක ගියා නම් තවත් ලස්සනට තියෙයි.

    ReplyDelete
  21. මමත් ⁣සුරතලී ඇල්ල බලන්න ගියා. "සුරතලී"නම් සිංහල චිත්‍රපටය ජවනිකාවකට මේ ඇල්ල ප්‍රදේශය ගත් නිසාලු සුරතලී නම වැටුනෙ. චිත්‍රපටය අමතක වුනාට එහි ඇති මේ ගීතය මතක ඇති... " සුරතලී.....සංගීතේ රසේ වෙලී තනිවූදා මා
    ..ඔබේ රුවේ බලේෑවාද ප්රේමේ සදා.
    .පායාලා පෙමේ තාරකා.. ආ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.