05 March 2014

මේ කොරොස්ම කාළයයි

අද බදාදා දවසක් !

මේ බදාදා දවස අනිත් බදාදා දවස් වගේ නෙමෙයි. ලෝවැසි කතෝලික බැතිමතුන්ට විශේෂිත වෙච්ච බදාදා දවසක් ! මේ බදාද දවස හඳුන්වන්නේ "අළු බදාදා" කියලා. මේ දවසට ඒ නම ලැබුන හේතුව මම බ්ලොග් වලට ආපුම කාලේ පෝස්ට් එකකින් ලිව්වා. ඒ නිසා ආයෙම ලියන්න යන්නේ නෑ.

අද දවසින් පස්සේ කතෝලික අයගේ "කොරොස්ම කාළය" පටන් ගන්නවා. කොරොස්ම කියන්නේ ඉංග්‍රීසි වචනයක් නෙමේ. ඒක ඉතාලි භාෂාවේ එන කොරේසිමා කියන වචනයෙන් බිදිලා ආපු එකක්. කොරොස්ම කාළය කියන්නේ දුක්ප්‍රාප්ති කාලය කියන එකට.

මේ කොරොස්ම කාලය කතෝලික අයට  ශෝකය මුසු වෙච්ච කාලයක්. ඒකට මූලිකවම හේතු වෙන්නේ මෙතැන ඉදන් දවස් හතලිහක් ඇතුලත කිතු දහමේ ශාස්තෲන් වහන්සේ වෙච්ච ජේසු තුමාගේ දුක් විඳීම, උකුත්වීම, මරණයෙන් නැගිටීම කියන කාරණා සිහිපත් කරන නිසා.

කොරොස්ම කාළයේදි කතෝලික අය තම තමන්ගේ වෙවල් වල සාද පවත්වන්නේ නෑ.. විනෝද ගමන් යන්නෙත් නෑ.. ආගමට මුල් තැන දීලා නොයෙන් දාන මාන කටයුතු වලට හිත යොමු කරන කාළයක් තමයි මේක.

ඒ වගේම  සිකුරාදා දවස්වල එක්වරු ශීලය රකින්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. එක්වරු ශීලය රකිනවා කියන්නේ වරුවක් නොකා නොබී ඉන්න එක. නොකා නොබී ඉන්න එක විතරක්ම කරන එක නිවැරදි නෑ..

තමන් වරුවක් නොකා නොබී ඉදලා ඒ වරුවට අදාල කෑමවේල දුගීමගී යාචකයෙක්ට පරිත්‍යාග කරන්ඩ ඕන.. නැත්නම් එක්වරු ශීලය රැකීමෙන් ඒ තරම්ම වැඩක් වෙන්නේ නෑ..

ඔන්න ඔය ටික තමා අද දවස ගැන කියන්ඩ තියෙන්නේ. කතෝලික අයට වැදගත් වෙන දවස් ගැන මම පරණ ලිපිවලින් කියලා ඇති. පහල තියෙන්නේ ඒ ලිපි වලට සබැඳියන්... !

1. අළු බදාදා
2. ගොක් (ගොබ්) ඉරිදා
3. මහා බ්‍රහස්පතින්දා
4. මහ සිකුරාදා
5. පාස්කු ඉරිදා

කැමති කෙනෙක් ඉන්නවා නම් ඉහත සබැඳි වලට ගිහින් ඒ ඒ ලිපි කියවන්න.

31 comments:

  1. තැන්කුයි මධු... මහ සිකුරාදා තමා වැදගත්ම දිනය නේද?

    ReplyDelete
  2. අදයි මෙහෙම දිනයක් ගැන දැන ගත්තේ

    ReplyDelete
  3. ගොබ් ඉරිදා හා මහා බ්‍රහස්පතින්දා ගැන නම් අහලා තිබ්බේ නෑ. එක්, එක ආගමේ මේ වගේ දවස්වල වැදගත්කම කියලා දෙන එක නම් හොඳයි මධූ...

    මේ දවස්වල හරී එහෙම නොකා, නොබී ඇතිනේ...:D

    ReplyDelete
  4. මම අනික් දවස් ගැන අහල තිබ්බට වඩාත්ම දැනන් හිටියෙ මහා සිකුරාදා ගැන විතරයි.

    ReplyDelete
  5. අළු බදාද කියන එක අහල තිබුණට ඒකට හේතුව දැනගත්තෙ අද තමයි ඕං.

    ReplyDelete
  6. මමත් මේකේ තේරුම දන ගත්තේ අදැයි .ස්තුතියි මධුරංග

    ReplyDelete
  7. ගොඩක් විස්තර දැන ගත්තා,

    ReplyDelete
  8. එක් වරු ශීලය නම් ගොඩක් වැදගත් වෙගේ නේද මධූ. විශේෂෙන් දුගී අයෙක්ගෙ බඩ පුරවන එක.

    ReplyDelete
  9. හ්ම්ම්ම් අදයි දන්නෙ මේ විස්තරේ

    ReplyDelete
  10. මේක බලල දාල තිබ්බ අනිත් ලින්ක් වලිනුත් ගිහින් ඒ ලිපි ටිකත් ඔක්කොම කියෙව්වා.. ඔක්කොම විස්තරේ අද තමයි හරියටම දැන ගත්තේ.. මේ විස්තර ඔක්කොම එක තැනක තියෙන එක හෙන වටිනවා.. ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් අන්න අතන ඇති බලා ගන්න කියල..

    ReplyDelete
  11. පරණ පෝස්ට් එකට දාපු කොමෙන්ට් එකත් බලල උත්තරයක් දාන්න..:)

    ReplyDelete
  12. ඈත්තටම සින්හල වචනෙ ආවෙ පෘතුගීසි වලින් නේද?
    ඉතාලි වචනෙට සමාන ඈති පෘතුගීසි, ස්පෑනිශ් සහ ඉතාලි වචන (විශේශයින් ආගම සම්බන්ද වචන )වල root එක ලතින් නිසා. ඒවුනාට අපිට එන්න ඕන පෘතුගීසි වලින් නේ. ඉතාලි ආක්‍රමණය බොහොම ලගදි වෙන්නප්පුවනෙ :-)

    ReplyDelete
  13. දේශක යා :
    ඔවු.. ඒක තමා වැදගත්ම දවස.. !

    Pathum Herath :
    මාත් මේ ලඟදියි මෙහෙම කාලයක් ගැන දැනගත්තේ.

    Podi Kumarihami :
    ඔවු.. හරි මේ ටිකේ නොකා ඇති. :)

    ReplyDelete
  14. Helapa kade :
    මම නම් ඒ ටික කලින්ම හොයලා ලියලා තිබ්බා.

    Praසන්ன :
    මටත් කාලයකට උඩදි තමා ඔය කතා සෙට් එක අහන්න ලැබුනේ.

    ඉවාන් පවුලූශා :
    නොදන්න දෙයක් දැනගන්න ලැබුනා නම් ඒක මට සතුටක් !!

    ReplyDelete
  15. හරී - පිණිපළස :
    සතුටුයි !

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අනිවාර්යෙන්ම.. ඒක තමා සිදුවිය යුතුම දේ... !

    සහෝ දර :
    මාත් මේ ලඟදි දන්නේ විස්තරේ.. සහෝදරගේ බ්ලොග් එකේ ලින්ක් එක දේ ?

    ReplyDelete
  16. Pathum Herath :
    උත්ථාන සංකල්පය ගැන විස්තර හම්බ උනේ නෑ.. හොයලා බලන්නම්...

    මරිය මද්ගලේනා කියලා කියන්නේ නම් පවුකාර ස්ත්‍රියයක්.. ගණිකාවක්. එයාව ගල් ගහල මරන්න හදනකොට "නුබලා අතරින් පවක් නොකල කෙනෙක් ඉන්නවා නම් පලවෙනි ගල ගහන්න" කියලා ජේසු තුමා කිව්වා.

    එදා ජේසු තුමාගේ ගල් ලෙන බලන්න ආවෙත් මේ මරිය මද්ගලේනාම තමයි. ජේසු තුමාගේ අම්මත් මරියා. ඒ මරියායි මේ මරියායි දෙන්නෙක්...

    Pra Jay :
    විස්තර වලට ස්තූතියි !

    ReplyDelete
  17. ආ දැන් එක් වරු රකින අය ඇත උස්සන්න ..... කෑ ම වෙලා දුප්පත් අයට දෙන වෙලාවට අපිත් ඒ පැත්තට යන්න

    ReplyDelete
  18. ස්තූතියි මල්ලී අපව දැනුවත් කලාට!! ඒත් මේ රටවල මිණිස්සු ඕවා පිළිපදිනවා තියා දන්නවද කියලත් මටනම් සැකයි.. ජය!!

    ReplyDelete
  19. පැහැදිලි විස්තරයක් දැනගත්තෙ දැන්.ටැන්කිවු

    ReplyDelete
  20. ස්තූතියි... කතෝලික කියල නෑ ඔළුවට දෙයක් දාගන්න තියේනං එච්චරයි... රොම්බ නන්රි

    ReplyDelete
  21. මාතෘකාව දැක්කම හිතුණා පායන පෑවිල්ල හින්ද ලියපු පෝස්ට් එකක් ද කියලා...)))

    ReplyDelete
  22. //එක්වරු ශීලය රකිනවා කියන්නේ වරුවක් නොකා නොබී ඉන්න එක. // එක්වරු ශීලය කියන්නෙ එකවරුවක් නොකා ඉන්න එක නෙමෙයි. දවසකට එක වරුවක් විතරක් කන එක..

    තව දෙයක් ලියන්න අමතක වෙලා අද ගොඩමස් වලකින්න ඕන. දවල්ට කෑවෙ කුකුලා බව මතක් උනෙත් දැන්..

    @ පොඩ්ඩි,
    ඔව්. අද එක්වරු ශීලය රැක්කා. ;)
    උදේට කෑවෙ නෑ. (නැගිටින්ඩ පරක්කු වෙච්ච නිසා කියලා කවුරුත් දන්නෙ නෑනෙ)
    දවල්ට කෑවා.
    රෑට කෑවෙ නෑ (රෑ ගෙදර ඇවිත් දවල් උයපු බත් කන එක රෑ කෑම වෙන්නෙ නෑනෙ.)

    ReplyDelete
  23. අළු බදාදාට නම් මෙහේ විශේෂය නෑ හැබැයි ගොක් ඉරිදට නලලට අළු නොගෑවට ගොක් කොළ වෙනුවට ඔලිව් අතු කෑලි එක්ක පොඩි අශිර්වාද කරපු පැන් බෝතල් බෙදනවා

    ReplyDelete
  24. පාස්කුව නම් ලබන මාසේ එන බව දන්නවා.. අනිත් දේවල් ගැනනම් ඉතින් ඒ තරම්ම දැනුමක් නෑ අයියේ, බොරු කියන්නේ මොකටද ඉතින්..

    ReplyDelete
  25. පරණ ලිපි ටිකත් එක්කම කියෙව්වා . අපේ පැත්තේ පල්ලි කීපයක් ළඟ තිබුනත් මෙච්චර විස්තරයක් දැනගෙන හිටියේ නැහැ . පාර දෙපැත්තේ ගොක්කොල සැරසිලි කරනවා සමහර දාට . කොයි දවසේද කියන්න මතක නැහැ . අළු බදාදා ගැන මලය ලියපු එක ෆේස් බුක් එකේ තිබුණ. දැක්කද .

    ReplyDelete
  26. ඔන්න එහෙනම් අපිත් අද තමයි මෙහෙම දවසක් තියෙනව කියල දැන ගත්තෙ.

    ReplyDelete
  27. මැලේ රාළ :
    අන්න වැඩේ... මාත් එන්නං !

    Chandana Gunasekera :
    ඒක නම් මටත් ප්‍රශ්නයක්... තේකෙක්ගේ බඩගින්න නිවන එක කොච්චර පිනක් ද !

    Damith Gunawaredane :
    ඒක සතුටක් මට !

    ReplyDelete
  28. Mahesh Rathnayaka :
    ඒකනේ.. ඕනම දෙයක් තමන්ගේ දැනුමට නෙහ්.. :)

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    පෑවිල්ලට කොරොස්මේ කියන්නේ නෑ නේ සුදා.. ගගිරීස්මේ කියලා නෙ කියන්නේ. :)

    හරී :
    මෙන්න ඉන්නවා කොල්ලා !
    හැමදාම වාගේ මේ පෝස්ට් වල අඩුපාඩු පෙන්නලා දෙනවට උබට පින් මචං !

    ReplyDelete
  29. ශානු :
    මෙහේ කිව්වේ නාපෝලි නගරය ද ?
    අපට පුලුවන් නං ඔයාලා පාස්කු සමරන හැටි ලියන්ඩ.. දැනගන්ඩ ආසයි !

    Dinesh :
    ඒකනේ.. නොදන්න දෙයක් දැනගත්තා නං සතුටක් මට !

    Bindi :
    හරී වෙන්න ඇති ශෙයාර් කරන්න ඇත්තේ.. හැම අවුරුද්දෙම මේ පෝස්ට් එක හරී ශෙයාර් කරනවා.. :)

    ReplyDelete
  30. රජ වීදියේ උමේෂ් :
    එහෙම දෙයක් ගැන මගේ පෝස්ටෙකෙන් හරි දැනගත්ත එකට සතුටුයි ! :)

    ReplyDelete
  31. කලින් දැනගෙන හිටියේ නෑ.. ස්තූතියි තොරතුරු වලට ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.