31 March 2014

බෞද්ධ පාසලට හිජාබයක් ?

අද උදේ අපේ කන්තෝරුවේ අය වැඩට එනකොට නාවල ජනාධිපති බාලිකාව ලඟ ලොකු උද්ඝෝෂණයක් තිබුනලු... ඒ නිසාම පාරේ ට්‍රැෆික් එකකුත් ඇතිවෙලයි කිව්වා.

උද්ඝෝෂණය කරපු තවත් කට්ටිය බස් වලට යන අයට කොළ වගයක් බෙදුවලු. අපේ යාළුවාටත් එයින් එකක් ලැබුන නිසා මං ඒක කියවලා බැලුවා. එතකොට තමා උද්ඝෝෂණයට හේතු බූත වෙච්ච කාරණාව දැනගත්තේ.

මේ උද්ඝෝෂණයට හේතු වෙලා තියෙන්නේ  නාවල ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය, මුස්ලිම් ශිෂ්‍යාවකට පාසල තුලදී හිජාබය ඇඳීම තහනම් කිරීම. මේ තහනම් කිරීම නිසා ඒ සිසුවියගේ පියා විසින් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බව සඳහන් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා.

මේ සිද්ධියට විරුද්ධවයි අද නාවල ජනාධිපති බාලිකාව ලඟ උද්ඝෝෂණය කරන්නේ. 

මගේ පුද්ගලික අදහස මේ පාසල ඇතුලේ කිසිම ශිෂ්‍යාවකට හිජාබය ඇදීමට නොදිය යුතුයි කියලා. මොකද මේ ඉස්කෝලට අනන්‍ය වෙච්ච නිළ ඇඳුමක් තියෙන නිසා ඕනම සිසුවියක් ඒ නීතී රීති වලට යටත් වෙලා ඒ නිළ ඇඳුම අඳින්ඩ ඕන. 

ඒ ඇරෙන්ඩ මේ වගේ ගොන් තර්ක ඉදිරිපත් කරලා තම තමන්ට ඕන විදිහට නීති රීති වෙනස් කරන එක යුතු නෑ..  මෙතන තියෙන්නේ මූලික අයිතිවාසිකම් කඩවීමට වඩා පාසලේ විනය නීති රීති වලට විරුද්ධව තම තමන්ගේ අභිමතයන් මුදුනත් කරගැනීමක් !

අනිත්තෙක කවදාවත් පිරිමි මුස්ලිම් පාසලක තොප්පිය නොදා පාසල ඇතුලට එන්ඩ අවසර දෙන්නේ නෑ නේ... ඒ ඉස්කෝල වල ඒ නීති අකුරට පිලිපදිනවා නං මේ ඉස්කෝලෙත් මේ නීතිය පිළිපදින්ඩ ඉඩ දෙන්ඩෝන.

මුස්ලිම් අයට හිජාබ් අදින්ඩ දෙනවා නං දෙමල ළමයින්ට එයාලගේ ඇඳුම ඇදලා මොට්ටු තියන්ඩත් දෙන්ඩ ඕන. මොකද ඒක ඒ අයගේ මූලික අයිතිවාසිකමක් නෙහ්.... !

අවසානෙට කියන්ඩ ඕන එකම දේ තමා පාසලක් හෝ වේවා ආයතනයක් හෝ වේවා ඒ ඒ තැනට අදාල නීති රීති තියෙනවා නං අපි ඉන්නේ ඒ ආයතන පරිපාලනයට යටතේ නං ඒ නීති ඒ ආකාරයෙන්ම පිලිපදින්ඩ අපි බැඳිලා ඉන්නවා.   එහෙම ඒ නීති වලට යටත් වෙන්ඩ බැරි නං කරන්ඩ තියෙන හොඳම දේ ඒ තැනින් පිටවෙලා යන එක !

මං කිව්වේ මගේ අදහස....මොකද මේ ගැන ඔය කට්ටිය කියන්නේ .... අදහසක් දාමුද පහලින් ?

36 comments:

  1. අනික් අය මොනාද කියන්නේ කියලා පොඩ්ඩක් බලලාම ඉමු කියලා හිතුවා හී හී...නිකං බොරුවට ගුටි කන්නේ මොකටද?

    ReplyDelete
  2. මාත් අනික් අය කියන දේ බලන් ඉන්නං.. හැක්..

    ReplyDelete
  3. දැන් ඔය සල්ලි ගෙවලා කන්න යන සමහර උස්සම පොට් වලටත් ස්මාර්ට්වට අදින්නේ නැතුව වද්දගන්නේ නෑ නේ...ඒ ඒ ආයතන වල ඒ ඒ නිති...ඒක හින්දා ඒ ඒ ආයතන වලට ඒ ඒ නිති රීතී දා ගත්තට අවුලක් නෑ....

    හැබැයි ඔතන ඊලග ප්‍රශ්නේ වෙන්නේ පෞද්ගලික ආයතන තමන්ට ඔනා විදිහට නිතී රීති දා ගත්තත්, රජයේ ආයතන වලට ඒ වගේ නීතී රීතී දාගන්න එකේ ප්‍රායෝගික බවයයි...මොකද රජයේ ප්‍රතිපත්ති සෑම පුරවැසියන්ටම සමාන විය යුතුයි.....

    ඒත් ආරක්ශාව නැමැති කාරනයේදී එක එක ආඅයතන වල ආරක්ශක මට්ටම වෙනස නිසා ආරක්ශාව නැමැති කාරනය මත නම් ඇතැම් තීරනන් ගන්න පුලුවන්

    ReplyDelete
  4. මොකක්ද බෞද්ධ පාසලක් කියන්නේ? ඉරිදාට පවත්වන දහම් පාසලක් ද? නැතිනම් පිරිවෙනක් ද?

    ReplyDelete
  5. ඔතන අරමුණ අනුව තමයි හරි වැරැද්ද තීරණය වෙන්නෙ. කෙනෙකුට තමන්ගෙ ඇඳුමක් අඳින්න නිදහස තිබියයුතුයි. උදාහරණයක් විදියට ජාතික ඇඳුම ඇඳල ඉස්කෝලෙ ගියා මීට ටික කලකට පෙර. දැනුත් ඒ නිදහස තියනව (අඳිනව නං). ඒ අර්ථයෙන් බලල මුස්ලිම් ඇඳුම තහනම් නොකල යුතුයි. නමුත් කාටත් එකවගේ නීතියක් ගේනව නං අවුලකුත් නෑ. අරමුණ තමයි වැදගත්.

    ReplyDelete
  6. ගුටි කන්ඩ වෙයිද දන්නෑ කියල හිත හිතා ඉදල ගිව්වෙ. කමක් නෑ ඕන එකක් කියල. මගෙ අදහසනම් කතුවරයාට එකගයි. පාසල් පිරිවෙනක් හෝ කුමක් හෝ ආයතනයක් වේවා ඒ ඒ ආයතනයට අනුයුකත්ව එහි ඇති නීති රීති වලට අනුකූලව එහි හැම සාමාජිකයෙක්ම කටයුතු කල යුතුයි.දැන් දැන් හැම තැනම ඔවැනි ප්‍රශ්න බොහෝ දුරට මතු වීමේ ප්‍රවණතාවය වැඩියි.ඒ නිසා කල යුත්තේ ඉදිරිය ගැන සිතා නියම නිති රීති පද්දතියක් නිර්මාණය කර තිබීමයි.එහෙම නැතුව එහෙම කරන්නෙ කොහොමද මේ වෙනතුරු ඒ වගේ දෙයක් මේ පාසලේ වෙලා නෑ. ඒ හිංදා ඒවගේ දේවල් කරන්ඩ ඉඩ දෙන්ඩ බෑ..වගේ දේවල් කියල වැඩක් නෑ....ඒ හිංදා කල යුත්තේ සිදුවිය හැකි දේවල් වලට ඉදිරියට ඒමට නොහැකි වන සේ ලිඛිත නීති රීති පද්දතියක් බිහි කිරීමයි.මේ වගේ දේවල් පාසලින් පාසලට වෙනස් විය හැකියි. නමුත් පාසල් සංවර්ධන සමිති, ගුරු දෙගුරු සමිති වගේ මේ සැවොම නියෝජනය වන පරිදි, සමිජයේ උගත් වියත් උතුමන්ලාගේද අදහස් සැළකිල්ලට ගනිමින් සැමගේම එකගත්වයෙන් යුතු පොදු නීති පද්දතියක් සකස් කල යුතුයි.
    දැන් රටේ උගත් යැයි සම්මත ගොන්වාහෙලා කුමක් හෝ දෙයක් ඈදාගෙන, ගුරුවරයා කෙසේ හෝ පෝරකයට ගෙනියන්ට හදන්නේ කුමන අරමුණකින්ද යන්න නොවැටහේ

    ReplyDelete
  7. තමන්ට අවශ්‍ය විදියට වැඩ කරන්න ඕන නම් ඒ සඳහා ඉඩකඩ තියෙන තැනකට යන්න ඕන. එහෙම නැතිව තමන්ගේ අයිතිය කියලා අවුරුදු ගාණක් පවත්වාගෙන ආ නීති රීති වෙනස් කරන්න උත්සාහ කරලා වැඩක් නෑ. ඒ පාසැලේ විනය නීති වලට අදාලව හැසිරෙන්න බැරිනම් තමන්ට රිසි විදියට යන්න පුලුවන් පාසැලක් තෝරා ගැනීම සුදුසුයි. ආගමික ප්‍රශ්න මතුවෙද්දි රුසියාවෙ, ඕස්ට්‍රේලියාවෙ නායකයින් කීවෙ කිසි කෙනෙක් බලෙන් තියා ගන්නෙ නෑ. තමන්ගෙ රටේ විදියට ඉන්න බැරිනම් යන්න කියලායි. මූණ වසාගෙන එන එකට මම පුද්ගලිකවම අකැමතියි. මොකද එයින් පුද්ගල අනන්‍යතාව හංගන්න පුලුවන් නිසා.

    ReplyDelete
  8. මම ගියෙ කතොලික පාසලකට.එකට හැම ආගමක ලමයි ආව.එ දවස්වල අපි ඉස්කොලෙ ඇරිල යනකොට දකිනව තිරික්කලවලින් මුස්ලිම් ලමයි යනව.හැබැයි ඔය හිජාබ් මගුලක් ඒ කාලෙ තිබුනෙ නැ.එ කාලෙ ඔව අපි දැකලවත් තිබුනෙ නැ.ලගක ඉදන් මොකද මේ ඇදුමක් හදිසි වුනෙ.

    ReplyDelete
  9. ආන් අර කතන්දර හරකට කියලා දීපන් මචන් බෞද්ධ පාසලක් කියන්නේ මොකක්ද කියලා.

    ReplyDelete
  10. මාත් මැදිහත් සිතින් අන් අයගේ අදහස් දෙස බලන් ඉන්නම්.

    ReplyDelete
  11. මුකුත් කියන්නත් බයයි තමයි. මම නම් ඔය ගැහැණු ළමයි ඉහින් කනින් වහල පාර්සල් කරනවට කවදත් අකමැතියි. ආගමේ හරි ජාතියේ හරි මුවාවෙන්.

    ReplyDelete
  12. Fully agree with the editor.this kind of thing should not allowed in school.i worked in 10 years in middle east,i saw how they treated us.we did not allowed celebrate Wesak. there are absolutely no religious harmony in Muslim world.
    do not allow hi jab in Sri Lanka.let them go to Saudi Arabia.

    ReplyDelete
  13. //මොකක්ද බෞද්ධ පාසලක් කියන්නේ?//
    කතන්දරකාරයා ගිය ඉස්කොලෙ

    ReplyDelete
  14. මහත්වරුනි,
    සිංහල සමහර මිනිස්සුන්ට තියෙන උතුරලා පිටාර යන තරමේ මානුශීය හැඟීම් නිසා තමයි ඔය 'බෞද්ධ පාසල' කියන එකටත් අර්ථ දැක්වීමක් අහන්නේ. බෞද්ධ ළමුන් බහුතර පිරිසක් ඉන්න, බෞද්ධ ආගමික කටයුතු වලට මුල් තැනක් දෙන සහ අන්‍යාගමික වැඩසටහන් පවා පවත්වන පාසල් තමා බෞද්ධ පාසල් කියන්නෙ. අනෙක් කොන්වන්ට් හෝ මුස්ලිම් පාසල් රැඩිකල් සංස්කෘතියක් පෙන්නීමට ශෝ එකට එක එක විකාර කලාට ඔවුන් කිසි කලක තම ප්‍රධාන ආගම හැරුනු කොට වෙන ආගමික කටයුතු වලට අවංක අනුග්‍රහයක් දෙන්නේ නෑ. ( දැන් බුද්ධිමතුන් මේ අවංක අනුග්‍රහය ගැන අර්ථ දැක්වීමක් ඉල්ලවි. තමන්ගෙන් අහලා බලාගන්න. ) කිසිඳු මුස්ලිම් පාසලක වෙනත් ආගමික ළමයෙක් ඇතුලත් කිරීම පවා කරනවාද? එහෙම කලත් ඔවුන්ට එම පාසලේ ඇඳුම හැර වෙන ඇඳුමක් අදින්න පුලුවන්ද? (කාන්තා පාසලක හිජාබය නැතුව වෙන අඳුමක් අඳින්න බ හිජාබ් හෝ ශෝල් එක ). නිදාගෙන ඉන්න මිනිස්සු නගිට්ටවන්න පුලුවන් මහත්තයෝ, ඒත් නිදාගෙන වගේ ඉන්න උන් නැගිට්ටවන්න බෑ. දැන්වත් පැත්තක් ගනිල්ලා, උබලා පාවා දෙන්න හදන්නෙ උබලාගේම අනාගතයයි. අනුන්ගේ මතය අහලා දිනන පැත්තට හෝය්යා කියන උන් තම්යි අද වැඩිපුරම ඉන්නේ. කියන්න කණගාටුයි ඒ උබලාට කොන්දක් නැති කම තමයි.
    සමන්ත සීවලී.

    ReplyDelete
  15. රසික සූරියාආරච්චි හෙවත් බංකොලොත් කතන්දරයො...උඹ ගිය ආනන්දය බෞද්ධ පාසලක් නේද ? උඹට කොල්ලො කලිසමේ හුජ්ජ යන්න ටොකු ඇනපු කාලෙ මතකද ගණේමුල්ල ස්ටේෂන් එකේ ?

    ReplyDelete
  16. කකා, සහිරා එක මුස්ලිම් පාසැලක් නම්, සෙන්ට් ජෝසප් එක කතෝලික පාසැලක් නම් ආනන්ද විද්යාලය බෞද්ධ පාසලක් නොවන්නේ මන්ද?

    ReplyDelete
  17. කන්‍යාරාමයට අනුබද්දව සිස්ටර්ලා පාලනය කරපු අපේ ස්කොලේ උන්නේ මුස්ලිම් අක්ක කෙනෙකුත් එයාල කොච්චර තද මුස්ලිම් අය වුනත් ස්කෝලෙට එද්දී ඇදන් ආවේ සාමාන්‍ය ගවුමක් වුනු අපේ පාසල් නිල ඇදුම.. එයාල නම් කවදාවත් ඔහම නඩු කිව්වේ නෑ.. දැන් ඉන්න මිනිස්සුන්ට පොඩි සිද්දියක් ඇති ගහ මරා ගන්න, නඩු කියන්න..

    ReplyDelete
  18. මං ගිය බෞද්ධ පාසලක (මිනුවන්ගොඩ) නම් මුස්ලිම් ගැහැණු ළමයි සුදු ගවුමට සුදු දිග කලිසමක් වගේම ඔලුවට සුදු පාට සෝල් එකක් වගේ එකකුත් දැම්මා, මගේ හොදම යාළුවො දෙන්නෙක් හිටියා , ඉස්කෝලෙන් එයාලට එපා කිවේ නැහැ, මගේ අදහස නම් එයාලගේ ජාතියේ විදියට එයාලා ඇන්දට කමක් නැහැ

    ReplyDelete
  19. // මොකද මේ ඉස්කෝලට අනන්‍ය වෙච්ච නිළ ඇඳුමක් තියෙන නිසා ඕනම සිසුවියක් ඒ නීතී රීති වලට යටත් වෙලා ඒ නිළ ඇඳුම අඳින්ඩ ඕන. //

    නීති ගැන කතා කරනවානම් විදුහල්පතිනිය රටේ නීතිය පිළිපදින්න ඕනේ. රටේ නීතියට අනුවනම් හිජාබය පාසලට අඳින්න පුළුවන්. වසර ගණනක් පුරා ඒක අඳින්න අවශ්‍යවුන දැරිවියන් ඒක ඇඳල පාසල් ගියා. දැන් හදිසියේ ජාතිවාදී උමතුවක් බෝ වුනා කියලා විදුහල්පතිනියට රටේ නීතියට උඩින් යන්න බැහැ.

    ReplyDelete
  20. සෑර් මේකයි පුරස්නේ.

    ලංකාවේ ඉස්කෝල එක ආගමකට ලියල දීල නැහැනෙ. අනිත් එක ලංකාව අනාගාමික (Secular) රටක් නෙවෙයි නේ. ඒ නිසා ආණ්ඩුව බැඳිලා ඉන්නවා ආගමික අයිතීන් මූලික අයිතියක් විදියට ආරස්සා කොරන්න.

    සූස්ති ගුනේ

    ReplyDelete
  21. අර ප්‍රංශයේ සම්මත කරගත්තා වගේ, කිසිම ආගමික ලාංඡන, සලකුණු, නැති පොදු නිල ඇඳුමකට තමයි මම වඩා කැමති.

    හැබැ‍යි නිකාබ්, බුර්කා වගේ නෙමෙයි හිජාබ් කියන්නේ අපි දන්න කාලෙ ඉඳලම මුස්ලිම් ගැහැණු ළමයි ඇන්ද එකක්.. හදිසියේ ඒක තහනම් කරන්න හේතුව මොකද්ද දන්නේ නෑ.

    ReplyDelete
  22. මොන සෙද්දක්ද... එක එකාට ඕන විදියට නීති වෙනස් කරන්නෙ කහනවටද... මොකද අපි කිව්වම උං අදින ඒව නවත්තනවයැ...
    ඕන කුදයක් ගහගන්න කියමු...

    ReplyDelete
  23. Machan Puluvnm Ma Wigets aka oyge blog akata dagana .apita help akk danna. oyaga blog aka ape syndi ak tiynva http://blog.lankablogs.com/2014/03/lanka-blogs_30.html

    ඔයාගේ බ්ලොග් එක Blogger නම් පහත Link එක ඔබලා පහසුවෙන් Lanka Blogs ගැජට් එක බ්ලොග් එකට දාගන්න පුලුවන්.

    http://www.blogger.com/add-widget?widget.title=&widget.content=%3Cdiv%3E%3Clink%20href=%22http://lankablogs.com/lbgadget2/style.css%22%20rel=%22stylesheet%22%20/%3E%3Cdiv%20id=%22blogreader%22%3E%3Ciframe%20src=%22http://lankablogs.com/lbgadget2/lbgadget2.html%22%20height=%2227%22%20width=%22400%22%20frameborder=%220%22%20scrolling=%22no%22%3E%3C/iframe%3E%3C/div%3E%3C/div%3E

    ReplyDelete
  24. "මේ පාසල ඇතුලේ කිසිම ශිෂ්‍යාවකට හිජාබය ඇදීමට නොදිය යුතුයි කියලා. මොකද මේ ඉස්කෝලට අනන්‍ය වෙච්ච නිළ ඇඳුමක් තියෙන නිසා ඕනම සිසුවියක් ඒ නීතී රීති වලට යටත් වෙලා ඒ නිළ ඇඳුම අඳින්ඩ ඕන.ඒ ඇරෙන්ඩ මේ වගේ ගොන් තර්ක ඉදිරිපත් කරලා තම තමන්ට ඕන විදිහට නීති රීති වෙනස් කරන එක යුතු නෑ.. මෙතන තියෙන්නේ මූලික අයිතිවාසිකම් කඩවීමට වඩා පාසලේ විනය නීති රීති වලට විරුද්ධව තම තමන්ගේ අභිමතයන් මුදුනත් කරගැනීමක් !"මෙන්න ප්‍රශ්නය; දැන් මේ 'නිල ඇඳුම' තීරණය කර ගත්තේ කව්ද? අනිත් එක මුලික අයිතිවාසිකම් ඇතුළත් ව්‍යවස්ථාව, ඉස්කෝලෙක විනය නිති පද්ධතියට වඩා ගොඩාක් ඉහළයි. ඉතින් ව්‍යවස්ථාව කඩලා, ඒකට යටින් ඇති පාසල් විනය නිතියක්(ඇත්තටම ඒක නිති විරෝධි නිතියක් වෙන්න ඕන) රැකීම ගැන කථා කිරිම ම පට්ට විහිළුවක් නොවේයි ද?

    ReplyDelete
  25. මගේ කළින් දාපු කොමෙන්ට්ස් දෙකක් ම ආගිය අතක් නෑ. මට ඕන වුණා මතු වුණ ප්‍රශ්න කිපයක් ම අහන්න. රටේ මූලික නීතියවත් නොදන්න විදුහල්පතිනියක් රාජ්‍ය සේවයේ තබා ගැනීම සුදුසුද; 'හිජාබ්' කියන්නේ මුස්ලිම් අනන්‍යතාවයේ ලකුණක්නම්, අනන්‍යතාවය සැඟවිමක් වෙන්නේ, ඒක තහන්ම කිරීමෙන් නොවෙයිද; මේ විදියට අනන්‍යතා යට කිරිම බෞද්ධ කම වෙන්නේ කොහොමද ?????

    ReplyDelete
  26. සමන්ත සීවලී සමග සම්පුර්නයෙන් එකගයි

    ReplyDelete
  27. අනේ මංදා ,අන්තගාමි වෙන එකත් හොද නෑ ,එත් මුලික නිතියට කවුරුත් යටත් වෙන්න ඕන ,

    ReplyDelete
  28. බහුතරය සිංහල ඉන්න ඉස්කෝලවලට එන මුස්ලිම් ළමයි ගවුමට යටින් දිග කලිසමක් ඇඳලා තව ඔළුවටත් සුදු රෙද්දෙන්ම සකස් කරපු කොටසක් සහිත ඇඳුමක් අඳිනව මං දකිනවා.

    පාසලක් වගෙ තැනක තියන නිල ඇඳුම හැමෝටම පොදු එකක් වෙනව නම් වඩා හොඳයි. ඒත් ඉතින්, මුස්ලිම් දැරියන්ට ඒක අඳින්නම ඕන නම් ඇන්දට කමක් නෑ කියන එකයි මගෙ අදහස.

    ReplyDelete
  29. මා කලින් මෙවැනිම සිදුවීමක් ගැන ලියු කතන්දරයට සම්බන්ධව ඇති වූ වාද විවාද මෙතනින් කියවන්න.

    http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html

    ReplyDelete
  30. මා දන්නා පරිදි දැන් රටේ වැඩි හරියක් ඇත්තේ රජයේ පාසැල් Government school . එහෙයින් මේවා ආගමීක පාසැල් වශයෙන් හැඳින්වීම වැරදිය.
    ගවුමටත් හිජාබයටත් වඩා පාසැල් දැරියන්ට දිග කලිසම නිල ඇඳුම වශයෙන් තීරනය කරන්නේ නම් මෙම ගැටළුවට හොඳ පිළියමක් වෙයි.
    ජයම්පති

    ReplyDelete
  31. මේ ලිපියට ලැබී ඇති ප්‍රතිචාර අනුව මට පෙනී යන්නේ මෙයයි.

    1. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිජාබය ඇඳීමේ තහනමක් නැත. එය මිනිස් අයිතියකි.

    2. වෙනත් පාසල්වල සිසුවියෝ ද එය කාලාන්තරයක් තිස්සේ අඳිති.

    3. මේ පාසලේ හිජාබය තහනම් කරමින් පනවා ඇති නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා නීති විරෝධී වේ.

    4. බහුතරයක් අඳින පළදින විදියට සැමටම අඳින්නට පළදින්නට කියා අණ කිරීම මහ ජාතියේ ආධිපත්‍යය සුළු ජාතීන් පිට පැටවීමකි. එය ජාතිවාදී වේ.

    ReplyDelete
  32. @කතන්දර..
    ඔබ කියනා ආකාරයට පාසලකට සරම බැනියම ඇඳන් ගියත් එයට කිසිවක් කිව නොහැකිය.. මන්ද එය මිනිස් අයිතිවාසිකමක් වන බැවිනි..
    ලංකාවේ සුළු ජාතින්ට ඕනෑවටත් වඩා අයිතිවාසිකම් ලැබී ඇත.. මෙතන පොර ටෝක් දෙන කිසිවෙක් මුස්ලිම් රටවල ‍‍බෞද්ධාගමික සුළු ජාතීන්ගේ අයිතීන් ගැන කතා කරන්නේද නැත.
    අරාබි ර‍ටවල වෙනත් ආගම් තහනම් කර අැති අතර අපේ එහෙම නැත.
    මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ඇති ප්‍රදේශයක රටේ මහ ජාතිය වූ සිංහලයන්ට ඇති ගැටලු කතා කිරීමටද කිසිවෙකු නැත..
    හිජාබ් බැරිනම් බිකිනි උනත් උන්ගේ පල්ලි ගෙවල් අස්සේ ඇන්දාට අපිට කිසි ගැටලුවක් නැත

    නමුත් හිජාබයත් සමග දමන මුට්ටිය ගැන අපි සැලකිලිමත් විය යුතුය.. මන්ද මුට්ටියට පොලුපාර නොවැදුනොත් ඊලඟට රිංගන්නේ හොරා බැවිනි.

    ReplyDelete
  33. තම්බියාApril 1, 2014 at 7:54 PM

    කතන්දර කයිවාරුකාරයා වෙත,
    උබ ඉස්සෙල්ලා කියපන්කො මුස්ලිම් පාසලක් කියන්නේ මොකද්ද කියලා? අපේ විශවවිද්‍යාලයේ ඉන්නවා පකිස්තානින් ආපු කොල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නා මුස්ලිම් උන් කියලා හිතන්නවත් බෑ. උන් දෙන්නා පුළුවන් තරම් අපිත් එක්ක එකතු වෙන්න බලන්නේ. අදින පළදින විදිහෙන් උනත්. ඒ උනාට ලංකාවේ ඉන්න තම්බි උන් වෙනම ජාතියක් කියලා පෙන්නන්න හදන්නේ. ඒක තේරුම් ගන්න බැරි උබ වගේ අපතයෝ පොර ටෝක් දීලා කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න හදනවා. ගොජබි ඩයල් පොර ටෝකින්ග්!!!

    ReplyDelete
  34. අරාබියෙන් ආරූඩ කරගත් සංස්කෘතියක් කරා අද ලංකාවේ මුස්ලිම් සමාජය යොමු වෙමින් පවතිනවා.. ඉස්සර අපේ රටට වෙලෙන්දන් විදිහට ඔවුන් ආවේ මේ සමාජයට අනුගත වන්නට මිසක් ඊට එපිටින් යාමට නොවේ.. ඇයි ඔවුන්ට සිංහල සංස්කෘතියට අනුගත වෙන්න බැරි?

    ReplyDelete
  35. එක්කෝ හැමෝටම එකක්. නැත්තන් කාටවත් එකක්වත් ඕන නැ.

    ReplyDelete
  36. මෙහි අදහස් පළ කොට ඇති බහුතරය මෙම ගැටළුවේ ඇති සංවේදීතාවය පිළිබඳ අබමල් රේණුවකවත් වැටහීමක් ඇති අය බව නොපෙනේ. මෙය සරල බූලියානු පිළිතුරක් එනම් කළු හෝ සුදු පිළිතුරක් සහිත ගැටළුවක් නොවන අතර එම සංකීර්ණත්වය අවබෝධකරගනිමින් මූලයන් පිළිබඳව විචක්ෂණ විචාරයකින් තොරව පළ කොට ඇති විසඳුම් හා අදහස් කණා මුට්ටි ගැසීමකි.

    පළමුව මෙම සිදුවීම ශ්‍රී ලාංකීය නීති පද්ධතිය පදනම් කරගනිමින් කියවමු. එවිට ඔබ සියළුදෙනා බලාපොරොත්තුවන ආකාරයේ කළු, සුදු පිළිතුරක් ලැබේ. නමුත් එහි සමාජ දේශපාලනික භාවිතය එතරම් සරල නැත. ආයතනයක් හෝ සංවිධානයක් තුල ඇති ක්ෂුද්‍ර නීති සෑම විටම ප්‍රාදේශීය, පළාත් හා රාජ්‍ය නීති පද්ධතියට අනුකූලව ඒ මත ඉදි කරන්නකි. රාජ්‍ය නීතිය අනුව ඔබට තවෙකෙකුගේ හිසේ පැහැරිය නොහැකිනම් ඔබගේ ආයතනයේ නීති පද්ධතිය තුල එසේ කල හැකි ආකාරයට නීති සකස් කල හැකි නොවේ. කෙසේ නමුත් පළාත්, ප්‍රාදේශීය හෝ රාජ්‍ය නීතිවලට පටහැණි නොවන ආකාරයේ නීති සකස් කළ හැක. උදාහරණයක් ලෙස යම් ආයතනයක් තුල ජංගම දුරකථන භාවිතාව තහනම් කිරීම ගත හැක.
    'ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට ඕනෑම අවස්ථාවක ජංගම දුරකථනයක් භාවිතා කීරීමට අවසර තිබේ' වැනි රාජ්‍ය නීතියක් ව්‍යුත්පන්න කොට තිබුණි නම් එසේ කල නොහැකි වනු ඇත. ඉතින් මෙම කෝණයෙන් බලන කල විදුහල්පතිනිය ශ්‍රී ලාංකීය නීතිය කඩ කොට ඇත

    අනෙක් අතට සිංහලයා තුල අනෙක් ජාතීන් කෙරෙහි ඇති බිය සහේතුකදැයි විපරම් කල යුතුය. මනෝ විද්‍යාත්මක කෝණයකින් බලන කල මෙය සහේතුක බව පෙනේ. ලෙව තනි වුණු ජාතියක් ලෙස තමා මව් බිමෙන් අතුගෑවීයනු ඇතැයි යන බිය සෑමදාම සිංහලයාට තීබී ඇත. මෙවන් සංදර්භයක් තුල සුළු ජාතිය කෙරෙහි සැකයෙන් බැලීම යම් අයුරකින් සාධාරණීකරනය කල හැක.
    කෙසේ නමුත් පටු අවර ගණයේ සුළුතර සිංහල පිරිසකගේ පෙර කෙරුම් වල ප්‍රතිඵලයක් ලෙස වසර තිහක යුධමය වාතාවරණයකට රට මුහුණ පෑ බව අමතක නොකල යුතුය. අන්තවාදී මුස්ලිම් රාජ්‍ය වල සිදුවන තිරිසන් ක්‍රියා හෙලා දකිමින් කිඹුල් කඬුළු හෙලන සිංහලයාට අමතකව ගිය දෙය නම් තමා , තම රටේම දකුණේ සිටි දහස් ගණන් අහිංසක දෙමළ ජනතාව කොල්ලකා, නිරුවත් කොට, දූෂණය කොට පණපිටින් පුළුස්සා මරාදැමූ බවයි. එසේ තිරිසන් ලෙස සැලකුම් ලැබීමට ඔවුන් කළ වරද කුමක්ද? මෙම ප්‍රකාශය කෙරෙහි අම්බරුවන් කුපිත විය හැක අපට ඔවුන්ට කීමට ඇත්තේ එක දෙයකි .කරුණාකර ඉතිහාසය නිවැරදි ලෙස හදාරන්න, තමා අයත් ජාතිය අතිනුත් වැරදි වී ඇති බව පිළිගැනීමට තරම් නිහතමානී වන්න. ඔබගේ පවුලේ සියළු සාමාජිකයින් නිරුවත් කොට ගැහණුන්ව දූෂණය කොට ඔබේ දෑස් ඉදිරිපිටම ගිණිතබා මරා දැමූ විට ඔබට කෙසේ හැඟේද? අත්තානං උපමංකත්වා. එය කලේ උතුම් යැයි සැලකෙන සිංහල ජාතියයි.
    එලෙසම රටක් එහි බහුතර ජන කොඨ්ඨාශයට අයිතිවන බව කෙතරම් මිත්‍යාවක්ද. හෙට චීනුන් මිලියන 40 ලංකාවේ පදිංචි වූවොත් ( සෛද්ධාන්තිකවා ලංකාව අයිති එම ජනතාවටද? රටක් අයිතිවන්නේ එහි සිටිය සියළු ජතනාවටයි. රටක් ලේබල් කිරීම සියළු ජනවාර්ගික ගැටළුවලට මුල් වන බව පෙනේ. ලංකාවට 'සිංහල බෞද්ධ ' යන ලේබලය ගැසීම කුප්පකමකි. ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට ආවඩන්නේ ඇයිද? යන්න සොයා බැලිය යුතුය. ඔවුන්ට භූමියට වඩා ආගමික සංක්කෘතික සංදර්භය ප්‍රබලව දැනෙන්නේ ඇයි? එහි වැරැද්ද කා අතද? මෙම රට අයිති අපටය තොපි වෙළඬාමට හෝ සක්කිලිකමට හෝ තේ වතුවල වැඩ කිරීමට පැමිණ මෙහි එල්ලී සිටින්නන් පමණි යන පණිවිඩය කුඩා කල සිටම ඔවුන්ගේ ඔළු වලට දමන මහ ජාතියක් ඇති රටක වැඩෙන සුළු ජාතීන් තම අනන්‍යතාවය ආගමික පසුබිමක් තුල සෙවීම සහේතුකය. එක් අතෙකින් සිංහළුන් සුළු ජාතීන් ශ්‍රී ලංකාවෙන් වියුක්ත කරන අතරම අනෙක් අතින් එම සුළුතරයට ලාංකීය සංදර්භය හා සංගත වීමට බල කරයි. මෙය මුග්ධකමකි. මෙම රට දැනටමත් ගරා වැටී ඇත. එය ගොඩ නැංවීමට සියළු ගඩොල් අවශ්‍යය. උද්ගතවෙමින් පවතින වාතාවරණය සිංහල හා මුස්ලිම් ජන කොට්ඨාශ බුද්ධිමත් ආකාරයකින් පාලනය නොකිරීම තවත් ව්‍යසනයකට අත වනන්නකි. සිංහල, දෙමල හෝ මුස්ලිම් නොවී අප ලාංකිකයන් වන්නේ කවදාද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.