23 March 2014

අක්කපාන මල්

අක්කපාන කියන්නේ තෙතමනයට කැමති ගස් වර්ගයක්.. ඒ නිසා වතුර රැඳෙන තැන් වල ලේසියෙන්ම පැලකරන්ඩ පුලුවන්...

අපේ ගෙදර වතුර කරාමේ ගාවත්  අක්කපාන පැල ගොඩක් හිටෝලා තියෙනවා. හැබැයි ඉතිං අපේ තාත්තා අක්කපාන හිටෙව්වට අක්කපාන කොළ මැල්ලුමට නං මං එච්චර මනාප නෑ.. මනාප නැති උනත් අපේ තාත්තා ආස හන්දා අකමැත්තෙන් උනත් කන්ඩ වෙනවා.

අක්කපාන කොළ සම්බෝලය මුත්‍රා අමාරු වලට ගුණයි කියනවාලු නෙහ්..

අද මං උදේ කරාමේ ගාව දත් මැද මැද ඉන්නැද්දි තමා අපේ අක්කපාන ගස් වල මල් පිපිලා තියෙනවා දැක්කේ.. ඉතිං මට හිතුනා කට්ටියට බලන්ඩත්තෙක්ක අක්කපාන මල් වල පින්තූරු ටිකක් දාන්ඩ.

පහලින් තියෙන්නේ ඒ මල් වල පින්තූර... !

ඔය තියෙන්නේ අක්ක පාන පැළය... !
ඔය මල් වල පින්තූර තව ටිකක් ලං වෙලාම බලමු...
 මේ මල් දැක්කහම මට මතක් උනේ බාඳුරා ගොටු... ඒ වගේ හැඩයක් තියෙන්නේ...

ඔන්න ඕවා තමා අක්කපාන  මල්.. මම කලින් දවසක දුටු සතුටු මල් වල පින්තූරයකුත් දැම්මා මතක ඇතිනේ.. දැකපු නැති අය ඒකත් බලාගන්ඩලා..

මම එහෙනං ගියාවේ... ජය වේවා !!

32 comments:

  1. හෑ....... මම දැකලා තියන අක්කපාන මල් නම් රතු පාටයි

    http://sdbuthpitiya.blogspot.com/2010/02/blog-post.html

    ReplyDelete
  2. ඉස්සර අපි මේ කොල පොත් අස්සේ දානවා..

    ReplyDelete
  3. අක්කපාන ගැන තියෙන එකම මතකය තමයි අක්කපාන ගහක් දැක්කොත් කොළ කඩලා පොත් වල දාන එක. ඔය විදිහට මම ගෙනාපු අක්කපාන කොළයකින් පැළවෙච්ච අක්කපාන යායක්ම කාලයක අපේ ගෙදර තිබ්බා. දැන් නම් හොයාගන්ඩවත් නෑ.

    …අක්කපාන මල් දැක්කෙත් අදයි.

    …//මනාප නැති උනත් අපේ තාත්තා ආස හන්දා අකමැත්තෙන් උනත් කන්ඩ වෙනවා.//තාත්තා ආසයි කියලා උඹ කන්ඩ ඕනයැ..

    …//අක්කපාන කොළ සම්බෝලය මුත්‍රා අමාරු වලට ගුණයි කියනවාලු නෙහ්..// මුත්‍රාශයේ ගල් හැදෙන අයට නියම බේතලු...

    ReplyDelete
  4. හරී කියන්නා වගේ ඔයා අකැමති දේවල් කන්නේ මොනාටද?

    අක්කපාන කොළත් කනවා වගේ මලුත් කනවද? අර කතුරුමුරුංගා මල් කනවා වගේ.

    මධූට උදේට දත් මදින කොටත් අපි කට්ටියවම මතක්වෙනවානේ...:D

    ReplyDelete
  5. අක්කපාන මල් දැක්කෙ නම් අදමයි. බාඳුරා හැඩය වගේම බඳුරා ගුණාංගත් තියෙනවද දන්නෑ නේද ඔය මලේ. කෘමි සතුන් ගොදුරු කර ගැනීම වගේ.

    ReplyDelete
  6. ඕවයේ කොළ පොත් වල පැලවෙනවා. මුත්‍ර ගල් තියේනං තම්බල බීහං..

    ReplyDelete
  7. අපි ඉස්සර කොළ කඩල පොත් අස්සෙ දාගන්නව,එතකොට කොළේ පැලවෙනවා.

    ReplyDelete
  8. අදමයි දැක්කෙත්.... සිරාවට (Y)

    ReplyDelete
  9. අපිත් ඉස්සර අක්කපාන කොළ පොත් ඇතුලේ දානවා.. අක්කපාන කොළ සම්බෝල නම් කාලා නෑ..

    ReplyDelete
  10. අක්කපාන මල් දුටුවෙ පළමු වතාවට...

    ReplyDelete
  11. Vishwajith Rajapakse :
    ඒක වෙන අක්කපාන වර්ගයක්ද දන්නේ නෑ...

    සෝරෝ :
    අපිත් ඕක කරනවා... මුල් ඇද්දට පස්සේ ඒවා බිම හිටවනවා !


    හරී :
    තාත්තා කමති නිසා ගෙදර ඕවා හදනවා. ඉහින් හදපු දාට ඕකෙන් චුට්ටක් හරි කන්ඩ වෙනවා !

    ReplyDelete
  12. Podi Kumarihami :
    දත් මදිනකොට විතරක් නෙමේ.. මූන හෝදනකොට ටොයිලැට් යනකොට එහෙමත් මතක් වෙනවා. ඒවා ඉතිං මේකේ ලියන්ඩ බෑ නේ !!

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒක නං හොයලා බලන්ඩ ඕන... !

    දේශක යා :
    තම්බලා බොනවද එහෙම නැත්තං මැල්ලුං හදලා කනවද ? :)

    ReplyDelete
  13. Helapa kade :
    අපිත් ඒ වැඩේම කලා... !

    කෝරලේ මහත්තයා :
    එහෙනං මේ පෝස්ට් එක වටිනවා... !

    තුශානි :
    කන්න කන්න තුශානි... කාල බලන්ඩකෝ !

    ReplyDelete
  14. තරුරසී :
    හෙහ්.. එහෙනම් ශෝක්.. ඔන්න දැකපු නැති අයට බලාගන්ඩත් එක්ක මම දැම්මේ..

    ReplyDelete
  15. මේව අර කොලේ කඩන් පොත් අස්සෙ දාන එව්ව නේද.මතකද ඉස්කෝලෙ යනකාලෙ එහෙම දෙයක් කොරා

    ReplyDelete
  16. යකේ අදමයි ඇහැව්වෙ අක්ක පාන ගෙවල් වල හදනව කියල...
    හුටස්... මෙහෙ කැලෑවල ගෝනි ගනං තියේතතතත දන්නව නං කොලඹට ඉම්පෝට් කරල විකුණත්ත තිබ්බ සැක්...
    දුක කියන්නෙ අක්කපාන දැකපු නැති උන්දලා ලංකාවෙ ඉන්න එකනෙ

    ReplyDelete
  17. ඔය පොහොට්ටු
    තාම පිපිලා නැහැ.පිපෙන්න තව මාසයක් විතර යයි.
    පොහොට්ටු වල හැටියට.

    සාමාන්‍යෙයන් මල් පිපෙන්නේ නැහැ.මේ සෑරේ පෑවිල්ල දිගට අල්ලපු නිසා තමා මල් පිපෙන්න ඇත්තේ.

    මල පිපුනමත් පින්තුර දාන්නකෝ.

    ReplyDelete
  18. ඉස්සර අපේ වත්තේ තිබ්බා ඕව හෙනට.... පොත් අස්සේ දාන එක තමයි අපිට නම් තිබ්බ ලොකුම වටිනා කම.. මතක ඇති කාලෙකින් දැක්කේ නෑ.. පොටෝ බලා සතුටු වෙමු ඉතින්.. වෙන මොනවා කරන්නද..

    ReplyDelete
  19. ගොඩක් අයට වගේ මටත් අක්කපාන ගැන තියෙන ලොකුම මතකෙ මුල් අදින්න පොත් අස්සෙ දාපු එක තමයි. ඒත් වැඩියෙන්ම ගණිතය අච්චු පොත් අස්සෙ

    ReplyDelete
  20. අක්කපාන වලට ඒ තරම් වතුර ඕන නෑ මදුරංග. ඒවා වතුර හොදට ඉතුරු කරන් පාවිච්චි කරන්න අනුවර්තනය වෙච්ච පැල ජාතියක්. ඒ කාලේ මගේ ලග තිබ්බ කැක්ටස් පැල එකතුවත් එක්ක අක්කපාන වර්ගත් ගොඩක් තිබ්බ. එත් ඔන්න දැන් තමයි මලක් දැක්කේ

    ReplyDelete
  21. මං අක්කපාන ගස්වල මේ වගේ හැදුනු මලක් දැක්කමයි... මට මතක සුදු පාට චූටි මලක් කියලයි... ඉස්සර අපිත් අක්කපාන කොළ කඩලා පොත් අස්සෙ දාගෙන ඉන්නවා මුල් ඇදෙනකම්... කොළ මැල්ලුම් ගැන අහලා තිබ්බට කාලා නම් නෑ... හදන්න හිතිලත් නෑ... මධුරංග කියන විදියට නම් එච්චර රහ නෑ වගේ...

    ReplyDelete
  22. අක්කපාන මල් දැක්කේ අදමයි :) අක්කපාන කොළ කනවද :o

    ReplyDelete
  23. මම හිතන්නෙ අක්කපාන වර්ග ගොඩක් තියෙනව. මම දැකල තියෙන එකෙත් රතුපාට පල් පිපෙන්නෙ.
    ඉස්සර අපේ වත්තෙත් ගොඩක් තිබුණට දැන්නං වඳ වෙලා ගිහිල්ල.

    ReplyDelete
  24. අක්කපාන් පලකලා නේද පොත් අස්සේ දාගෙන. අපිනම් කලේ කෙල්ලොන්ගේ පොත් අස්සේ තිබ්බා ඕවා උස්සන එක තමයි විනොදෙට

    ReplyDelete
  25. කොළේ ගැන මතකයි. මුල් අදින කොළ කියලා පොත් අස්සෙ දාගෙන හිටියට මුල් ඇද්දම වේලලා විසි කරලා දැම්මා...

    ReplyDelete
  26. අක්කපාන පැළයක් හදාගන්න කොළයක් අරගෙන පොතක් ඇතුලේ දාලා තියෙන එකද අයියා ක්‍රමේ ? එහෙමත් නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද ?

    ReplyDelete
  27. අදමයි දැක්කේ...මුත්‍ර ගල් තියනවා අපේ අයියා කෙනෙකුට. එයා ඕවා හොයා හොයා තම්බලා බොනවා

    ReplyDelete
  28. වැව් ඉස්මත්ත :
    අන්න හරි ඒ ජාතිය තමා මේවා.. :)

    Mahesh Rathnayaka :
    ඔය පැති වල නං සෑහෙන්න ඇති. ඒත් මෙහේ නං ඕවා වගා කරන්ඩ එපෑ..තාත්තා ආස නිසා හිටෝලා තියෙනවා.

    malmi hi :
    ඒක තමා.. සෑහෙන කාලෙකින් මම මල් දැක්කේ... මල් පිපුනහමත් පින්තූර දාන්නම්.

    ReplyDelete
  29. Pathum Herath :
    ඒකනේ... පින්තූර බලලා හරි සතුටු වෙමු.

    සිඳු :
    මාත් දැම්මේ ගණන් අච්චු පොතේ. ඒක නෙව අපට තිබ්බ බරම පොත..

    වීරේ :
    අර කියපු අනිත් ජාතිය මම දැකලම නෑ... ඒකේ පින්තූරයක් දෙකක් දාන්න පුලුවන් නම් හොඳා...

    ReplyDelete
  30. Miyuru :
    ඔවු.. ටිකක් කන්න අමාරුයි.. ඒ උනාට මුත්‍රා අමාරු තියෙන ඈයෝ ආසාවෙන් කනවා. ඒ විතරක් යෑ තම්බලාත් බොනවලු නෙහ්.

    මොණරි :
    අපේ අප්පෝ... කනවා නේන්නම්... අගුණකොළ සම්බෝල හදලා කන්නේ.. අන්න ඒ වාගේ කනවා.

    Praසන්ன :
    අර උඩම කමෙන්ට් කරපු එක්කෙනා දීපු ලින්ක් එකේ තියෙන්නෙත් රතුපාට මල් ජාතියක්... මේ වෙන ජාතියක් වෙන්ටෑ..

    ReplyDelete
  31. ඉවාන් පවුලූශා :
    ඉස්සුවාට පස්සේ මොකෝ කරන්නේ..? පැළ කරනවද :)

    Roshan Herath :
    වේලෙන්ඩ කලින් පැල කළා නං හරි.. :)

    Hasitha :
    ඒකත් එක විදිහක්.. ඒ ක්‍රමේට මුල් ඇද්දට පස්සේ හිටෙව්වා නං හරි. ඒ නැතත් කඩුපුල් වල වාගේ කොළයක් කඩාගෙන හිටෙව්වා නං (පසට යට කළා නං) පැළවෙනවා...

    ReplyDelete
  32. සයුරි :
    ඔවු.. මුත්‍රා ගල් තියෙන අයට ගුණ බීමක්... !!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.