18 March 2014

අමතක වෙනවාද ???

පෝය දවසේ බණ කතාවක් ලිව්වට පස්සේ මොනවමහරි ලියන්ඩ ඕන කියලා හිත හිතා ඉන්නකොට තමයි අපේ තේ වෙලාවේ සාකච්ඡාව පටන් ගත්තේ. අපේ මාතෘකාව උනේ ඉස්කෝලේ දවස්වල එක එක පාඩම් මතක තියාගන්ඩ පාවිච්චි කරපු කෙටි ක්‍රම ගැන !

පාඩම් කරනවා කිව්වහම සමහර එවුවා කොච්චර පාඩම් කලත් මතක හිටින්නේ නෑ..එහෙම උනහම ඒ ටික මතක තියාගන්ඩ කවියක්, වාක්‍යයක් වගේ කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා ඇති

උදාහරණයක් විදිහට...

ලංකාවේ රාජධානි අනුපිළිවෙල මතක තියාගන්ඩ පාවිච්චි කලේ

අපෝ දයා කුග කෝම

කියන වාක්‍යය.. ඕකේ එක අකුරට එක රාජධානිය ගණනේ තියෙනවා. :)

ඒ වගේම තමා ඒ දවස්වල දේදුන්නේ පාට හත මතක තියාගන්ඩ අපි පාවිච්චි කලේ එකම එක වාක්‍යයක් !

කුණු න්දියාවේ නීකොබෙයියෝ න්නේ තැලිච්ච ඹුටන්ලු

ඔය උඩ තියෙන වාක්‍යයේ හැම වචනයකම මුල් අකුරින් දේදුන්නේ පාට කියවෙන නිසා ඒ දවස්වල දෙදුන්නේ පාට මතක තියාගන්ඩ ඒ හැටි ගේමක් නෑ.. !

පස්සේ කාලෙක දහය පන්තියට එහෙම ආවහම  ආවර්තිතා වගුවේ පළවෙනි මූලද්‍රව්‍ය විස්සම කට පාඩමිං දැනගෙන ඉන්ඩ උනා. ඒ ටික පාඩං කරගන්ඩ ඕන කියලා මතක් වෙනකොට සූස් ගෑවෙන හන්දා ඒකත් එක වාක්‍යකින් මතක තියාගන්ඩ උත්සහ කරලා ඇති..

යි හීයි ලිට්ල් බෙනී බොනකොට නකොට නානකොට යාගේ පොටෝස් නියමයි. නංගි ගේ ල්ල සි ප නසන කෙල්ල කොල්ලට කැමතිලූ 

මේකෙත් එක වචනයක එක අකුරකින් මූලද්‍රව්‍යයක නමක් කියවෙනවා. සි යන්නෙනුයි ප යන්නෙනුයි සිලිකන් පොස්පරස් කියන මූලද්‍රව්‍ය දෙක නිරූපණය කරනවා.

ඔය වාගෙම තමා උසස් පෙළට එනකොට මූලද්‍රව්‍ය ටිකට අමතරව සක්‍රියතා ශ්‍රේණියක් තිබුනා පාඩං කරගන්ඩ.. ඒකටත් ඔය වාගේ වාක්‍යයක් තිබ්බා.

පොට්ට සෝමෙගේ ලු මැගී …..  

ඒකේ නම් ඔච්චරමයි මතක.. සක්‍රියතා ශ්‍රේණිය මතකත් නෑ ඔය වාක්‍ය මතකත් නෑ..ඔය ජාතියේ එක එක දේවල් මතක තියාගන්ඩ පාවිච්චි කරපු ක්‍රම මතක නං පහලින් කමෙන්ට් කරන්ඩලා... !

----------------------------------------------------------------------
ප.ලි. - අදත් කෝමහරි පෝස්ට් කටුවක් ලියා ගත්තා ඈ.. :)

40 comments:

  1. අපොදයාකුගරකෝ කියලයි අපි රාජධානි ටික මතක තියා ගත්තේ ..ර කියන්නේ රයිගම .
    ආවර්ථිතා වගුවටත් ඔය අපිත් පාඩම් කළා .දැන් මතක නැහැනේ .
    VIBGYOR කියලයි දේදුන්න මතක තියා ගත්තේ...

    ReplyDelete
  2. ඉන්දියාවේ බුද්ධ කාලේ ප්‍රාන්ත තාම මතකයි මට.. වෙන කෙංගෙඩියක් නෑ කෙලින්ම මතකයි..

    අංග මගධ කාසි කෝසල වජ්ජි මල්ල චේති වත්ස කුරු පංචාල මඡ්ජ සූරසේන අස්සක අවන්ති ගාන්ධාර කාම්බෝජ

    රික්තයකදි ක්‍රිප්ටන් 86 සමස්තානිකයේ දෙක පී 10 පහ ඩී පහ ශක්ති මට්ටම් අතර හුවමාරු වන පරමාණුවකින් මුක්ත වන රන්වන් තැඹිලි පැහැ ආලෝකයේ තරංග ආයාමය මෙන් 1653763.73 වාරයක් මීටරයක් වේ..

    ඔය මීටරේ. දැන්නං එස් අයි ඒකකය වෙනස් වෙලා ටිකක්. අපි කෙලින්ම මතක තියාගත්තා.. ඔව් ඉදගෙන

    ReplyDelete
  3. අම්මෝ දෙන්නම් ගමකට. ඒත් අවුල තියෙන්නේ සමහරක් ඒවාට හදා ගත්තු ඒවා එච්චරම සභ්‍ය නෑනේ.
    හයියෙන් හිනාවී ලිඳ බෙර බලන කොට, නංගි ඔලුව පැලුවයි නියනකින් සොඳ, මැගිලින් ඇලිස් සිසිලගේ පණ සොයන කල, ආරිගේ පොට කැඩුනා.
    මේ ආවර්තිතා වගුව.

    එතකොට කාණ්ඩ මතක තියාගන්න,
    ලිනක්කගේ පොට්ට RB සිසි එක්ක ප්‍රන්සේ - I
    කන්න හිතෙන ජෙනීගේ සිනි බෝලෙට ලෙඩක් - IV
    නයනාගේ පස්ස අස්සේ සුභාෂ්ගේ බිජ්ජ - V

    එතකොට ලිට්මස් වලට රනිල් බාස් . ලියනවා නම් ගමකට තියනවා. එකින් එක මතක් වෙන්නේ. මේවා ගොඩක්ම කියලා දුන්නේ රසායන විද්‍යාව සර් තමයි අපේ

    ReplyDelete
    Replies
    1. උඹ පින්නපොල සර්ගෙ නේද පංති ගියෙ?

      Delete
    2. උඹ පින්නපොල සර්ගෙ නේද පංති ගියෙ?

      Delete
  4. දැන් ගෑනු ලමයි ගොඩකගේ නම් මතක තියාගන්නේ කොහොමද? :)

    ReplyDelete
  5. දිශා මතක තියා ගන්න පුංචි සන්දියේ අපි කිවේ.... උපාලි ඊලග නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්.....

    ReplyDelete
  6. අපි දේදුන්නෙ පාට මතක තියා ගත්තෙ රන් තැඹිලි කඩන කොල්ලෝ නිල් ඉබ්බෙකු දකිති කියලා.

    ReplyDelete
  7. මතක නෑනෙ... කොච්චර ට්‍රයි කරත් එකක්වත් මතක් වෙන්ෑ... සැක් ඉතරක්

    ReplyDelete
  8. මල්ලිට මතකද ආවර්තිතා වගුව මතක තියාගන්න යොදා ගත්තු " පොත්ත බේරැණු කැහැටු සෝමා මැගී ඇලිසා මැංචි තුන්දෙන පොට්ට යකඩෙන්‍ තලාලා"
    ගණිතයේ හරය සහ ලවය - හරකා පිටේ ළමයා
    පරණ මතකය අළුත් කලාට මල්ලිට ස්තුතියි!!

    ReplyDelete
  9. පංච මහ වැව්ද මොකක්ද කියන එක මතක තියා ගන්න හැටි කියල දුන්නෙ අපේ ස.අ. සර්මයි, මේ තියෙන්නෙ වැව් වල නම්, කෙටි පදය උඹලම හදා ගනිල්ල කියල තමයි කිව්වෙ, එහෙනම් මෙන්න වැව්, පදේ හදා ගනිල්ල. (එක මයන්නෙන් එන වැවක් හරියටම මතක නෑ )

    මහකනදරා, මහවිලච්චිය , හුරුළු, කවුඩුලු, මින්නෙරිය

    -ප.ගෝ.

    ReplyDelete
  10. අපිත් ඒ කාලේ රාජධානි ටිකයි දිශා ටිකයි මතක තියා ගන්න ඔහොම කලා නම් තමයි.. ආවර්ථිතා වගු නම් ඉතින් ඕනම නෑ..

    ReplyDelete
  11. රතු තැඹිලි කඩන කොල්ලා නිවන් ඉන් දකී කියලත් දේදුන්නෙ පාට මතක තියා ගත්ත.
    පස්සෙ ඉතිං සක්‍රීයතා ශ්‍රේණියට පොත්ත බේරුණු කැහැටු සෝමට..... තමයි.

    ReplyDelete
  12. අපි ඔවුවා මතක තියාගත්තෙම නෑ නේ o.O

    ReplyDelete
  13. ඔය අමතක වෙන ලෙඩේ මටත් තියෙනවා අප්පා

    ReplyDelete
  14. හි.. හි.. අපිත් ඔහොමයි ආවර්තිතා වගුව පාඩම් කලේ..

    බුද්ධගමට නිකායවල් මතක තියගත්තෙ " දීලා මල්ල සමග අමතක කුඩේ "
    ( දීඝ, මජ්ජම, සංයුක්ත, අංගුත්තර )

    ReplyDelete
  15. ඒ දවස්වල ඇමෙරිකානු ඉතිහාසයට නව එංගලන්ත ජනපද 13 පාඩම් කරන්නත් අපි කවියක් හැදුවා මෙන්න මෙහෙම!

    ඩෙල්වෙයාර් මේරිගේ පෙන්සිල් එක හැම් වගේ
    උතුරින් දකුණින් කැරොලින් මැද කහමදයක් වගේ
    ජෝජියාවේ මැස්සෝ ඇවිත් වර්ජිනායාවෙන් ටිකට් අරන්
    රෝඩ් දූපතේ නිවාඩුවකට ජර්සි ඇඳන් යනවෝ

    මේකේ ඩෙල්වෙයාර් කිව්වේ ඩෙල්වෙයාර් ම තමයි! මේරි - මේරිලන්ඩ්, පෙන්සිල් - පෙන්සිල්වේනියා, හැම් - නිව් හැම්ප්ෂයර්, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, කහමදය - නිව් යෝක් (බිත්තර කහමදේට ඉංගිරිසියෙන් කියන්නේ යෝක් නිසා), ජෝජියා, මැස්සෝ - මැසටුසෙට්ස්, වර්ජිනියා, ටිකට් - කනෙක්ටිකට්, රෝඩ් දූපත, ජර්සි - නිව් ජර්සි :)

    ඔහෙම තමයි ප්‍රාන්ත 13 පාඩම් කර ගත්තේ. 13 ක් තියෙනවා නේද?

    ReplyDelete
  16. හපොයි හපොයි එල කිරි මම දන්න ඔක්කොම කියලා නොවැ තව එකක් තිබුනා ජාතික වන උද්‍යාන මතක තියාගන්න දැන් මතක නෑ නොවැ

    ReplyDelete
  17. අමාරුවෙන් පෝස්ට් එකක් කොටාගත්තා කිව්වේ දැන් ඕඩර්ස් එනවද ටැෆ්‍රික් පොලිස් මාමලට වගේ මේ සතියට මෙච්චර ටාගට් එකක් කවර් කරන්න ඕනේ කියලා :P

    ReplyDelete
  18. ඕවාට හදාගත්තු වෙනම වචන සෙට් එකක් තිබ්බා,ඒවානම් ප්‍රසිද්ධ වේදිකාවක කියන්ට තියා හිතන්ටවත් බෑ.. හැබැයි එලට පාඩම වුනා . පාඩම් වීම කොච්චරද කියනවනම් අන්තිමට ඒ අකුරු වලින් එනම් හැබෑ මූලද්‍රව්‍යය අමතක් වෙලා අර කුනුහරුපේ විතරයි මතක තිබ්බේ

    ReplyDelete
  19. හැබෑට මේකා කැලේ පැනලද? බොල මධූවෛා් (ඔටුටෝ) මේ ටෙම්පලේට් විකාරේ මාරු කරල අපිට එම්බෙඩඩ් කොමෙන්ට් බොක්ස් එක දියං යකු මෙතන ඩෙගා නටන්න..

    ReplyDelete
  20. මේ විදියට මතක තියා ගත්තත් ගොඩක් වෙලාවට මතක තිබුනෙ හදාගත්තු වර්ෂන් එක මිසක් ඒ හදාගත්තු කවි පද වලින් අර්ථදක්වපු දේ නොවෙයිනෙ. දැන් නම් ඒ ටිකත් මතක නැති වෙලා වගෙයි මට නම්.

    ReplyDelete
  21. ඒකාලේ ඔය මුල අකුරුවලින් මතක තබාගැනීමේ ශක්තිය ඉහලින්ම තිබුණෘ දැන්නැතුවට. හැබැයි ඒකාලේ ඔයවගේම මහ වල් කතා එහෙමත් නිර්මාණය වෙලා තිබුණ බවනම් මතකයි

    ReplyDelete
  22. ආවර්තිතා වගුවට අපිත් ඔහොම කළා. හැබැයි වෙන විදියකට. දේදුන්නට කිව්වේ රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී කියලා.

    ReplyDelete
  23. Bindi :
    මටත් රාජධානි පාඩම් කරපු එක පොඩ්ඩක් මිස් වෙලා..

    දේශක යා :
    කොහොමද අප්පේ ඔය ක්‍රිප්ටන් කතාව කට පාඩං කරගත්තේ.. :O

    යක්ෂයා :
    ඔය තියෙන්නේ කටපාඩං කර ගත්තු ජාති ගමකට....

    ReplyDelete
  24. Podi Kumarihami :
    ඒවා නං බයි ඩිෆෝල්ට් මතක හිටිනවා.

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ආස නැද්ද ඉස්කෝලේ යන්ඩ... ? :)

    ශානු :
    අපිත් ඒක තමා පාවිච්චි කලේ...

    ReplyDelete
  25. කුරුටු ගෑ ගී පොත :
    හෑ... ඒක නම් මං දැනන් උන්නේ නෑ...

    Mahesh Rathnayaka :
    මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක විමයි.. :)

    Chandana Gunasekera :
    ඔය කියන්නේ ආවර්තිතා වගුව නෙමෙයි සක්‍රියතා ශේණිය !

    ReplyDelete
  26. Anonymous :
    කොහොමද අප්පේ ඕක උගන්වන්නේ.. ඇනෝගේ කමෙන්ට් එක නං පට්ට පට පට !

    Dinesh :
    දැන් ඉතින් ඔය කිසිම එකක් ඕන වෙන්නේ නෑ නේ...

    Praසන්ன :
    ගොඩක් කට්ටියට සක්‍රියතා ශේණිය අමතක වෙලා වගෙයි නෙහ්...

    ReplyDelete
  27. සිහින මදාරා :
    ඒ තරම් දක්ෂයෙක්ද !

    කෝරලේ මහත්තයා :
    මටත් දරුණුවටම තියෙනවා... හොද වෙන්නේ නෑ නේ..

    තුශානි :
    ඒකත් මරු ක්‍රමයක් තමා. නිකාය ටික මලාට අමතක වෙන එකක් නෑ..

    ReplyDelete
  28. ධාරා :
    ඔවු ඔවු ප්‍රාන්ත 13ක් තියෙනවා... කොඩියේ තීරු 13 නෙහ් !

    නාට්‍යකාරයා :
    ඒකත් මතක තිබ්බා නං කියලා වැඩක් නෑ.. !

    ඉවාන් පවුලූශා :
    ඒක නම් එහෙම තමා. අන්තිමේදි ඔක්කොම අමතක වෙලා කුණුහරුපේ විතරක් මතක හිටිනවා.

    ReplyDelete
  29. දේශක යා :
    මම පොඩි ගමනක් ගියෝ.. ඒකයි දකින්න නැත්තේ. රිප්ලයි කමෙන්ට් සිස්ටම් එක මේ ටෙම්ප්ලේට් එකට අදාල නෑ.. :(

    Roshan Herath :
    ගොඩක් වෙලාවට ඒක නං සිද්ධ වෙනවා...

    දයානන්ද රත්නායක :
    කාළයත් එක්ක වයසට යනකොට අමතක වෙනවා නෙව... :)

    ReplyDelete
  30. සයුරි :
    දැන් බලාගෙන ගියහම ඒකට වර්ශන් 3ක් තියෙනවා නෙහ්... :)

    ReplyDelete
  31. දේදුන්නේ පාට අපි මතක තියා ගත්තේ මෙහෙම
    රන් තැඹිලි කඩන කොල්ලන් නිල් ඉබ්බන් දකී..

    අවරතිතා වගුව - හරිම හිතල ලිසියගේ බෙල්ල බල්ලෝ කාලා නොදකින් ඕකිගේ ෆැෂන් වගේ එකක් දැන් මතක නෑ..

    හරය ලවය - හරක පිට ළමය

    ReplyDelete
  32. සක්‍රීයතා ශ්‍රේණිය.......

    ReplyDelete
  33. T I T A N I C
    _|_|_|_| .
    ___,-"::::::::"=._,/t___
    \_"__"_"__"__"__"___/
    Me oba dakinne titanic nawai.eya gili gos adata wasara 100k wei.ehidi miya giya adara wanthayan sihi kirima sandaha obage phone eka ada dina rathri 9.00 sita 01.00 dakwa wathure gilwa thabanna!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.