14 March 2014

සමනළ වැව පුරවන්නට... බෙලිහුල් ඔය ගලා ඇවිත්...

මේ දවස් ටික මම ගෙවන්නේ සෑහෙන කම්මැලිකමකින්. කිසිම ගෝ එකක් නැති කම්මැලි දවස් ටිකක්..

මේ කම්මැලිකම යන්න කියලා මොනාහරි කරන්න ඕන...

පොත් කියවන එකත් දැන් අතෑරලා ගොඩක් කල්... කෝල් කරන්ඩයි පොත් කියවන්ඩයි දෙකම එකපාර කරන්න බැරි නිසා පොත් කියවිල්ලට නැවතීමේ තිත තිබ්බා.

ඔය අතරෙදි තමයි අපේ කන්තෝරුවේ අපිත්තෙක්ක වැඩ කරන පරා කිව්වේ ආදර කන්දක් ගැන.. ඔන්න එවේලේ ඉදන් මගේ ඔලුවේ කරකැවි තියෙන මාතෘකාව තමයි ආදර කඳු තරණය කරන එක. ඒකට මූලික අඩිතාලම හදාගෙන යන්න තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ.

ආදර කන්ද කියන්නේ පේරාදෙණියෙ අපට තියෙන හන්තාන වාගේ සබරගමුව සරසවියේ අය නගින කන්ද. පේරාදෙණියේ අපි කට්ටිය බැච් පිටින් හන්තාන නගිනවා වාගේ සබරගමුවේ අයත් බැච් පිටින් ආදර කන්ද තරණය කරනවා... !

මේ කන්දට ආදර කන්ද කියලා කියන්නේ කන්දේ සමහර පැති තරණය කරන්ඩ අත්වැල් අල්ලගෙන යන්ඩ ඕන හන්දාලු...  ඒක හරියටම ෂුවර් නෑ.. ගිහින් ඇවිත්ම කියන්නම්.

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..


දිවුල්ගනේ මහත්තයාගේ සමනළ වැව සිංදුව අහනකොට ආදර කන්ද යන එකේ ආසාව දෙගුණ තෙගුණ වෙනවා.  හැබැයි ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ නං සබරගමුවෙදි හම්බ වෙලා වෙන් වෙලා යන ආදරවන්තයින් දෙන්නෙක් ගැන.. !

ඒක නෙමේ මොකෝ කියන්නේ අපිත්තෙක්ක ආදර කන්ද නගිමුද ? ආදර කන්ද ගැන පින්තූර ටිකක් ටීම් ට්‍රැවලර්ස් අඩවියේත් තියෙනවා. මෙතැන ක්ලික් කලා නම් බලාගත්තෑකි.

අපි යන්න කියලා හිතාගෙන ඉන්නේ මේ මාසේ 29-30 වගේ දවස්වල. :)

---------------------------------------------------------------------
ප.ලි. - දිවුල්ගනේ මහත්තයාගේ සමනළ වැව සිංදුව අහන්ඩ මෙතැන ක්ලික් කරන්ඩ.

23 comments:

  1. ඔය ගීතයේ රූප රචනයට අහුවෙන එක්තරා කෙනෙක්,තමන්ගේ පුද්ගලික ජීවිතේදී ඇත්තටම ඒ විරහව වින්දා.ඒත් ඔය සරසවියේදි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. මාත් ඔය සින්දුව අහලා තියෙනවා .. කන්ද නැගල අපිටත් විස්තර කියන්නකෝ...

    ReplyDelete
  3. පට්ට සිංදුව නේ... මාත් කැමතිම 1ක්..
    කන්ද නැගල ඇවිත් විස්තර කියන්නකො එහෙනම්...

    ReplyDelete
  4. නැගල ඇවිල්ලම විස්තර කියමු.

    ReplyDelete
  5. ඔය ගීතයේ රූපරචනය ඉතාමත් හොඳයි,මෑතක් වෙනකල්ම සරසවිය ගැන ගීතයකට හැමවිටම වාගේ පසුබිම් වුනේ පේරාදෙණිය සරසවිය, බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාලයත් සුන්දර පරිසරයක් තියෙන සරසවියක් ඒ නිසා ඉදිරියෙදේ මේ සරසවිය ගීත බොහොමයකට පසුබිම් වේවි

    ReplyDelete
  6. හොඳයි හොඳයි එහෙනං නගින්නකො බලන්න.

    ReplyDelete
  7. //පොත් කියවන එකත් දැන් අතෑරලා ගොඩක් කල්... කෝල් කරන්ඩයි පොත් කියවන්ඩයි දෙකම එකපාර කරන්න බැරි නිසා පොත් කියවිල්ලට නැවතීමේ තිත තිබ්බා.// මම නං තෝරා ගත්තේ පොත් කියවිල්ල :) කලින් පුස්තකාලේ ගිහින් පොත් හතරක් අරගෙන ආපු මම ගිය සතියේ පොත් හයක් අරගෙන ආවෝ.

    ඒක නෙමෙයි, කොළඹ කැම්පස් යන අය තරණය කරන්න ඕනේ මොන ආදර කන්ද ද? බ්ලූමැන්ඩල් එහෙම නෙමයි නේද?

    ReplyDelete
  8. සුභ ගමන්! ගිහිං ඇවිත්ම විස්තර කියමුකෝ. අපිටත් යන්න තිබුනිනම් හොඳයි කියලා හිතෙනවා. ජය!!

    ReplyDelete
  9. ඇත්තටම ඔහොම ගමනක් යන්න ආසයි මධූ..…

    ReplyDelete
  10. හා හා... ගිහින් ඇවිත් තව විස්තර කියන්ටකෝ!!!

    ReplyDelete
  11. මගෙ යාලුවෙකුත් ඉන්නව ඔය සින්දුවෙ

    ReplyDelete
  12. කෝ කන්දට ගිහින් ආවාදෝ ??

    ReplyDelete
  13. හා හා පරෙස්සමෙන් ගිහින් ඇවිත් අපිටත් විස්තර කියහල්ලකො

    ReplyDelete
  14. ආදර කන්ද නැග්ගා වගේ නෙමේ පල්ලම් බහින්ට සිද්ධ වෙච්ච වෙලාවට...:D

    ReplyDelete
  15. යනදාට ඉස්සරයිනා රෑට මට කෝල් එකක් දෙන්න මමත් එනවා යන්න කන්ද නගින්න

    ReplyDelete
  16. මමත් හරි ආස සිංදුවක් ඕක. ගිහින් ඇවිත් අප්ටත් කියන්නකො බලන්න

    ReplyDelete
  17. මේ ගමන එක දවසෙන් ගිහින් එන්න පුළුවන් එකක්ද ?

    ReplyDelete
  18. Anonymous :
    ඒ කවුද ඒ... ? ඔබතුමා ද ?

    තුශානි :
    අනිවාර්යෙන්ම විස්තර කරන්නම්...

    Mahesh Rathnayaka :
    පට්ට සිංදුවක්... අනිවාර්යෙන්ම විස්තර ටික ලිපියකින් කියන්නම් !

    ReplyDelete
  19. Helapa kade :
    හරියෝ... !!!

    ඉවාන් පවුලූශා :
    ඒ විශ්ව විද්‍යාලයත් පසුබිම් කරගෙන පහු කාලීනව ගීත සාහිත්‍යයක් බිහි වේවි..

    Praසන්ன :
    යමුද අපිත්තෙක්ක ?

    ReplyDelete
  20. ධාරා :
    කොළඹ කට්ටියට කඳු නැති නිසා එයාලත් හන්තාන නගින්ඩ එනවා...

    Chandana Gunasekera :
    වෙලාවක අපිත්තෙක්ක ගිහින් එමු..


    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඊලඟ ගමනෙදි අපිත්තෙක්ක එකතු වෙමු !

    ReplyDelete
  21. කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    අනිවා අනිවා.. විස්තර කියන්නම්...

    නදී :
    මම දන්නවා ඒ කවුද කියලා...


    YASITH (dot) NET :
    30 වෙනිදට යන්න ඉන්නේ යනවා නම් අපිත් එක්ක සෙට් වෙමු !

    ReplyDelete
  22. Damith Gunawaredane :
    අනිවාර්යෙන්ම විස්තර ටික කියන්නම්.

    Podi Kumarihami :
    මම නම් පල්ලම් බහින්නේ නෑ.. කන්දේ පීක් එකට වෙලා ඉන්නවා.


    මැලේ රාළ:
    අනිවාර්යෙන්ම.. නම්බර් එක එවන්නකෝ.. මම කෝල් එකක් දෙන්නං

    ReplyDelete
  23. වීරේ :
    එල.... මම විස්තර ටික කියන්නම්..


    Asanka Udara :
    පුලුවන්.. උදෙම්ම යන්න. අඩුම ගානේ 8 වෙද්දිවත් කන්ද පාමුල ඉන්ඩ ඕන. 10 උනත් කමන් නෑ.. කන්ද නැගලා බහිනකොට ටිකක් රෑ වෙනවා. පෑ තුන හතරක් යනවා කන්ද නගින්ඩ !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.