03 March 2014

බස් කවි

අද මම වැඩට ගියේ නෑ.. පොඩි නිවාඩුවක් දාලා ගෙදර නැවතුනා. අළුත් මාසයක් පටන් ගත්තු හන්දා අළුත් ලිපියක් දාන්න ඕන කියලා හිතලා මේ පැත්තට ගොඩ වැදුනා. පහුගිය මාස කීපයක් උඩදි මම බස් එකේ වැඩට යනකොට බස් එකේදි දකින්න කියවන්න හම්බවෙන හම්බවෙන හැම බස් කවියක්ම ලියා ගත්තා.

බස් කවි කියලා කිව්වහම බස් කවි වලටම සෑහෙන ප්‍රසිද්ධියක් දරන්නේ විල්බට් අඹතලාව කියන කවියා.... !

එයා ලියපු කවි ටිකක් තමා අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.

පලවෙනි කවිය ගැබිණි මාතාවන්ට/ දරුවන් වඩාගෙන ඉන්න අම්මලාට සීට් එකක් දීම සම්බන්ධව.

දරු සම්පතක් කුස තුල හෝ අතෙහි ඇති
මවුවරු දකින විට සමහරු නිදිය ගති
දරු දුක නොදත් දත් කතුනුත් එලෙස වෙති
මවු කුස ඉපිද ඇති අය සිය අසුන දෙති

දෙවෙනි කවිය බස් රැකියාව කරන හේතුව සම්බන්ධව.. පද දෙකේ කවියක්.

දොස් මිස හොඳක් නැතිමුත් බස් රැකියාවෙන්
නොකරම බැරිය ඔබ බැලුවම සිරියාවෙන්

තුන්වෙනි කවිය මගීන්ගේ ඇනුම් බැනුම් සම්බන්ධව...

ජීවිත රකියි රියදුරු ගිනි ගොඩක ඉඳ
මුදලුත්,මගියනුත් සමගින් සටනේ වැද
දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
සුළු වරදටත් දොස් පැවරුම වටිනවද

ඊලඟ කවිය.. හෝල්ට් එක වෙනකන් සීට් එකේ වාඩිවෙලා ඉදලා බහින්න පරක්කු වෙන මගියන්ට කියපු කවියක්.

මගියනි බසින තැනටම එනතුරු නොසිට
සීනුව නාද කර දන්වා රියදුරුට
පෙර දොරටුවෙන් බැසගත්තොත් කඩිනමට
අනතුරු පාඩු නැත කිසිවෙකුට

පස්වෙනි කවිය... බස් වලට නගින ජැක්කරයොයි පොකට්කාරයොයි ගැන... බස් වලදි මේ ගැන පරිස්සමින්.

යටිතල පහසුකම් ගන්නට තුරුලු වෙන
ෆෝනය පොකැට්ටුව ඩැහැගෙන බැහැලා යන
සලෙලුන් සොරුන් සොර අඟනුන් සිටිති යන
විමසිලි වන්න අපහට දොස් නොදෙනු මැන

හයවෙනි කවිය...බස් එකේ ෆුට් බෝඩ් එල්ලිලා යන වවුල් ජනකායට කියපු කවියක්.

එපා එපා දොරේ යන්න
අපිට වෙනවා හිරේ යන්න
අකමැතිනම් ඇතුලු වෙන්න
කරුණාකර බැහැලා යන්න

හත්වෙනි කවිය... මේ කවිය ඉතුරු රුපියල නොදීම සම්බන්ධව මගීන් කොන්දොස්තරට නගන දෝශාරෝපණ සම්බන්ධව.. මේකත් පද දෙකේ කවියක්.

දුන්නොත් මාරු සල්ලිම කොන්දොස්තරට
සිත් පෑරෙයිද ? රුපියල රුපියල් දෙකට

මෙන්න අන්තිම කවිය.. මේ කවියෙන් කියැවෙන්නේ බස් වල සල්ලි නොදී හොරෙන් යන උදවිය ගැන.

නෑකම, මිතුරු කමකට
නිලයට නැතොත් බලයට
නොමිලෙත් හොරෙන් ගියවිට
කවුද ? වියදම දෙන්නේ අපහට

ඔන්න ඔය ටික තමා පහුගිය මාස කීහිපය ඇතුලත මට කියවන්න ලැබුනේ. රතුපාට පසුබිමේ සුදුපාට අකුරින් ලියවිලා තියෙන කවි ඔයගොල්ලොත් කියවලා ඇති.

එහෙනම් මම ගිහින් එන්නම්.
සුබ දවසක් !

28 comments:

  1. ඉස්සර මේව හෙන සැට් එකක් මට පාඩම් බං. බස් එකේ හිර වෙලා හිටගෙන එද්දි වටේ තියෙන ඒව කියව කියව එනවා. නැත්තං නිතරම පේන්නෙ ඒ කවි..

    කටපාඩමින් ඉස්කෝලෙ ඕව තමා කියන්නෙ :))

    ReplyDelete
  2. ඒකත් වෙනමම සාහිත්‍යයක් වගෙයි.
    ඒත් බස්වල යන කීදෙනෙක් ඕව බලවද කියලනං සැකයි.

    ReplyDelete
  3. ඒකත් හරියට අර කැම්පස් කවි වගේ... සමහර ඒවා දැකලා තිබ්බට අනිත්වා කියෙව්වෙ මෙතැනින්...

    ReplyDelete
  4. මේ මාතර කතරගම හම්බන්තොට වගේ බස් වල තියෙනවා මරු මරු එව්වා

    ReplyDelete
  5. මේ වගේ ලිපි අන්තර්ජාලයේ තිබීම බොහොම වැදගත් වෙනවා. පසු කාලයක යම් කතා බහක් ඇති වුණාම විස්තර හොයාගන්න මේ ලිපි ලොකු පහසුවක් වෙනවා...

    ReplyDelete
  6. හරිම නිර්මාණශීලී කවි අපට දකින්නට ලැබෙනව නේද,ටක් ගාල මතක් නොවෙන නිසා මෙහෙම එකතු කරලා තැබීම බොහොම වටින වැඩක්.

    ReplyDelete
  7. කවියක් නොවුනත් එක බස් එකක තිබ්බ ගැබිණි මාතාවන්ට වෙන් කළ සීට් වලට උඩින් පන්තියක ස්ටිකර් එකක්.
    ඉතින් කියවෙන්නේ ගැබිණි මාතාවන්ට පිසික්ස් අමාරුද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  8. ත්‍රීව්ල් කවිත් මීට දෙවනි නෑ නේද ? හරිම ශෝක්..

    ReplyDelete
  9. //රතුපාට පසුබිමේ සුදුපාට අකුරින් ලියවිලා තියෙන කවි ඔයගොල්ලොත් කියවලා ඇති.//

    කොහෙද? මම දැක්කේ නෑ...

    ReplyDelete
  10. හරිම නිර්මාණශීලි කවි! ලොකු බර වචන නෑ. හැමෝටම තේරෙනවා. මලයට පිං අපිත් එක්ක බෙදා හදා ගත්තට! ජය!!

    ReplyDelete
  11. අපිට ඉතින් මේවා බලන්න උබලම දාන්න වෙනවා

    ReplyDelete
  12. ඔය කව් නිතරම දැක්කට අද තමා හරියට කියබලා බැලුවෙ. :)

    ReplyDelete
  13. හෙමින් ගියොත් බැනුම් පුතේ
    හයියෙන් ගොස් දඩත් කතේ

    ReplyDelete
  14. මමත් ඉස්සර ආසාවෙන් ඔය කවි කියවනවා.. මහප්‍රාණ නෑ.. සරලයි.... කතාව හැමෝටම තේරෙනවා..

    ReplyDelete
  15. මං හිතන්නෙ විල්බට් අඹතලාව කවියගෙ කවි තමා ලංකාව පුරා හැම බස් 1කම තියෙන්නෙ...
    වෙන අයගෙ ඒව ඇත්තටම දැකල නෑ

    ReplyDelete
  16. ඉස්සර ඉස්කෝලේ යන කාලේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යද්දී ඔය කවියක් දැක්කම ශේප් එකේ උඩට නගිනවා.. බැරිවෙලාවත් ඕක දැක්කේ නැද්ද එහෙම ඇහුවොත් එහෙම නෝන්ඩියනේ..

    ReplyDelete
  17. හ්ම්ම්ම් එල එල සරලයි සුන්දරයි

    ReplyDelete
  18. බස් කවිත් කොහේ හෝ ලියවිලා තියෙන එක නම් වටිනවා..තිසර කිවා වගේ කවද හරි දවසක ඕන වෙයි

    ReplyDelete
  19. sAm (සෑම්) :
    දැං ඉතින් සෑමා බස් වල යන්නේ නෑ නෑ.

    Praසන්ன :
    මං නං ඕන දෙමල පත්තරයක් කියෝනවා.

    Miyuru :
    ඒකනේ.. ඔක්කෝටම කියවන්ඩ කියල මෙතන පල කලා. :)

    ReplyDelete
  20. කෝරලේ මහත්තයා :
    ඔය වගේ ඈත පලාත් වල බස් මතක් කලහම ඊලඟට මතක් වෙන්නේ බස් අජිත්ව. :)

    තිසර :
    පස්සේ කාලෙක කවුරුහරි කියවන්නේ නැතෑ. :)

    Helapa kade :
    පස්සේ කාලෙක ඕන කෙනෙක් කියවන්නේ නැතෑ. :)

    ReplyDelete
  21. Anonymous :
    අමාරු ඇති.. සරල අනුවර්තී චලිතය නිසානේ මේ හැමදේම..

    තුශානි :
    ත්‍රීවීල් කවි නම් කියවලා නෑ තුශානි. ත්‍රීවිල් වල තියෙන පාඨ නම් කියවලා තියෙනෝ.

    Podi Kumarihami :
    ඒවා ඉතිං ලංකාවේ බස් වලනේ තියෙන්නේ. ඔයා කෝමද ඒවා කියවන්නේ.

    ReplyDelete
  22. Chandana Gunasekera :
    ඒක ඇත්ත... සරල වචන සැට් එකක් තියෙන්නේ.

    මැලේ රාළ :
    ඒකනේ.. මැලේසියාවේ මේවා නෑ නේ.

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒක සතුටක් මට ! :)

    ReplyDelete
  23. ඉවාන් පවුලූශා :
    ඔය තියෙන්නේ තවත් එකක් ! ස්තූතියි ඉවාන් !

    Pathum Herath :
    හ්ම්ම්... සරල වචන සැට් එකක් තියෙන්නේ.

    Mahesh Rathnayaka :
    අඹතලාව ඇරෙන්න වෙන කවියෙක්ගේ කවි ටිකක් නම් මම දැකලා නෑ..

    ReplyDelete
  24. Dinesh :
    ඔයිට වඩා හොඳ එකක් මම දැක්කා. බූරුවෙක්,වවුලෙක්,වඳුරෙක්,හරකෙක්ගේ පින්තූරයක් එක්ක වාක්‍යයක් තිබ්බා "වැටිලා මැරෙයි ඇතුල් වෙයවු !" කියලා... මම ශේප් එකේ ෆුට් බෝඩ් එකෙන් ඇතුලට ආවා.

    සහෝ දර :
    ඒකනේ... :)

    Bindi :
    හ්ම්.. එතකොට ඕන කෙනෙක් ප්‍රයෝජනයට ගනීනේ :)

    ReplyDelete
  25. ඇත්තටම ඕව පිළිපදිනවද අෆ්ෆා...

    ReplyDelete
  26. ඒ මම තාම බස් කවියක් දැකලා නෑ නේ.... -_-

    ReplyDelete
  27. මමත් හරි ආසයි ඕව කියව කියව යන්න. ඔහොම කිව්වම හිතට දැනෙනවනෙ, පළවෙනි එක වගේ.

    ReplyDelete
  28. මෙම ලිපිය ලියූ මහත්මයාගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි.ඉතා අත්‍යාවශ්‍ය දෙයකට විල්බට් අඹතලාව මහතාව හමුවීමට අවශ්‍යය.ඔබට හැකිනම් මට එම මහතාව සම්භන්ද කරගැනීමට අදවු කරන මෙන් ඉල්ලමි 0752917481

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.