11 February 2014

මේ සීත දවස්

මේ දවස්වල සෑහෙන්න පායනවා.දවාලට ඉන්ඩ හිටින්ඩ අමාරුයි.. ඒ තරමට රස්නෙයි.කොළඹ නම් ඉර අවුවයි පාරෙන් එන රස්නෙයි දෙකම එකතු වෙලා සෑහෙන රස්නයක් දැනෙන්නේ..

ඔය දවාලට නෙහ්...

උදේට ඒකේ අනෙක් පැත්ත...පලාතම මීදුමෙන් වැහෙන්නම පින්න...ඒ මදිවට කට කට කට ගාලා වෙව්ලන තරමට සීතලයි. වැඩට යන්ඩ උදේ ඇහැරෙන එකත් මරන්නා වාගේ.. අපට මේ තරමට සීතල නං කන්ද උඩරට පැති වලට කොච්චර සීතල ඇද්ද කියලා වෙලාවකට හිතෙනවා.

සීතල කිව්වහම මට මතක් වෙන්නේ පේරාදෙණියේ තිබ්බ සීත දේශගුණය... උදේට හන්තාන කඳුවැටියම වැහෙන්න තිර රෙද්දක් ඇද්දා වගේ මීදුමක් තියෙන්නේ.

 ගොඩක් වෙලාවට අපේ විභාග තියෙන්නේ මේ සීත කාළයේදි. ඒ නිසා සීතලයි සීතලයි කියලා බෑ.. කොහොමහරි පාඩම් කරන්ඩ ඕන. ඒ නිසා අකමැත්තෙන් හරි පාඩම් කරන්ඩ හිත හදාගන්නවා. හිත හදාගෙන මේසේ ගාවින් වාඩි වෙලා ටික වෙලාවක් පාඩම් කරගෙන යනකොට ඉබේටම වාගේ නිදි කිරා වැටෙනවා.

ආයෙම ටික වෙලාවකින් පාඩම් කරගෙන එනවා... ටික වෙලාවකින් නින්ද යනවා.

ඔන්න ඔහොම තමා පාඩම් කලේ.

ඔය නින්ද යන ලෙඩේට අපේ එකේ නියම වැඩක් කලා.

ඊට කලින් කියන්ඩ ඕන අපේ හොස්ටල් එක වටේට ලස්සන බැල්කනියක් තියෙනවා. ඒ බැල්කනියේ යකඩ බම්බු වලින් හදපු අත්වැටක් තියෙනවා. මම කියපු යාළුවා ටික වෙලාවක් පාඩම් කරගෙන යනවා.නින්ද යාගෙන එනකොට මේ අත් වැට ගාවට එනවා.

ඇවිත් කවුරුවක්කත් ලඟපාතක ඉන්නවද කියලා සැක හැර දැන ගන්නවා. කවුරුවක්කත් ලඟ පාතක නැත්තං සරම උස්සලා පස්ස පැත්ත එකපාරම යකඩ අත්වැටේ ගාවනවා. උදේ පින්නට අහු වෙච්ච නිසා යකඩ අත්වැට සෑහෙන සීතලයි.

අරූගේ නින්ද කොහෙන් ගියාද නෑලු..ඊට පස්සේ මු පාඩම් කරන්ඩ යනවා.ආයෙම නින්ද යාගෙන වගේ එනකොට මූ අර වැඩේ කරන්ඩ යකඩ අත්වැට ගාවට එනවා.

ඔන්න අත්හදා බලනවා නං නියම වැඩක් ! හික්ස්
ඔය සිද්ධිය මතක් වෙන මතක් වෙන වෙලාවට අපි අතරත් මේ වගේ එවුන් උන්නා නේද කියලා හිතෙනවා. :)

27 comments:

  1. මේකනං අත්දැකීමක් වගේ...

    ReplyDelete
  2. කමක් නෑ අර යාලුවා බිල්ලට දෙමුකෝ.

    ReplyDelete
  3. පොහ්...............හමුදා කඳවුරුවල ගාඩ් එකේ ඉන්න එවුන්ටත් හොඳයි නින්ද යාම වලක්වන්න මේ විදිහට යුද්ද ටැංකියකටවත් හේත්තු කරගන්න තිබුන නම්.

    ReplyDelete
  4. මල්ලී ඔය හිල්ඩා එක ගැන වෙන්ඩෑ කිව්වේ. අපිත් මාස කීපයක් ඒකේ හිටියා. රැග කකා. අපූරැ අතීතයක්.
    දැන් හැම රටේම දේශගුණය පිස්සු කෙලිනවා. මෙහෙට කවදාවත් නැති තරමට වහිනවා. තේම්ස් ගඟ අයිනේ වැඩි ගානවල් දීලා ගෙවල් ගත්තු මිණිසුන්ට කවදාවත් නැතිව ගංවතුර තර්ජන. අනේ කාලේ වනේ වාසේ කිව්වලු....

    ReplyDelete
  5. නිශ්මි එකේ වෙන්ට ඕනා ඔය පස්ස ඇතිල්ලුව යකඩ බට තිබ්බෙ. ඔය සීතල උපරිමේට දැනෙනෙ රන්ජිතම් / අයිවර් ජෙනින්ග්ස් එකට. අප්පේ සීතල. ත‍ර්ඩ් ඉය‍ර් එකේ කවදාවත් උදේ ලෙක්චර් එකට ගියෙ නෑ ඔය සීතල නිසා

    ReplyDelete
  6. කලින් එකට උත්තර දීලා නැති හන්දා මේකට කමෙන්ට් කරන්නේ නෑලු. :)

    ReplyDelete
  7. ඒ කියන්නේ ඒ වැඩේ උඹලත් කරාද ..?

    ReplyDelete
  8. මං හිතන්නෙ උදේට ඒම පස්ස යකඩ බම්බුවක ගෑවුණාම කරන්ට් වැදුන වගේ ඇති නේද... හප්පා මතක් වෙන කොටත් ඇග කිලිපොලා යනව

    ReplyDelete
  9. අපොයි අහල පහළ ගෙවල්වල ගෑනු කට්ටිය එහෙම හිටියනං නූල් බඳින්න වෙනව.

    ReplyDelete
  10. ස්ස්ස්සීතල.. ගැස්සිල යනවා බං..

    ReplyDelete
  11. නෑ...චතුරංගලු....:D:D

    ReplyDelete
  12. යකඩ බම්බුවේ ඇරෙන්න නිදිමත යන්න කියලා වෙන බම්බුවල එහෙම ගාවන්න ගියේ නැතුව ඇති නේද ????

    ReplyDelete
  13. Dayananda Rathnayake :
    නැත.. නැත.. !

    යක්ෂයා :
    මේ වාගේ දේවල් ලියන්ඩ බැරිත් ඕකයි :)

    Wicharaka Asami Dakimi Soyami :
    අන්න කරනවා නම් වැඩේ.. තුවක්කු බටේ උනත් අවුලක් නෑ. :)

    ReplyDelete
  14. Chandana Gunasekera :
    හෑ... අයියා එංගලන්තේ ද ඉන්නේ ? රැජිනගේ රටේ.. මරුනේ.. අපිත් වැඩ කරන්නේ රැජිනගේ රටට !
    මේ හිල්ඩා එකේ වෙච්ච දෙයක් නෙමේ.. නිශ්මි ශාලාවේ වෙච්ච දෙයක්. හිල්ඩා එක නම් මරු.. මාත් කාලයක් එහේ උන්නා. ඒක දැන් ගෑල්ලමයින්ගේ නේවාසිකාගාරයක් කරලා. !

    chaminda wickramasinghe :
    අන්න හරි.. නිශ්මි එකේ තමා.. ජෙනින්ග්ස් උන්නා නම් මම මෙලහට්ට සෙම වැඩිවෙලා මැරිලා !

    Podi Kumarihami :
    හරියෝ.. පොඩ්ඩක් පමා උනා උත්තර දෙන්ඩ.. දැං හරි.. කමෙන්ට් කරන්ඩ :)

    ReplyDelete
  15. ඉවාන් පවුලූශා :
    හෑ.. තවත් කට්ටියකුත් ඒ වැඩේම කරලා.. ! :)

    Mahesh Rathnayaka :
    නැතුව නැතුව.. එක පාරටම ෂොක් එකක් වගේ එනවා ඇති.. !

    Praසන්ன :
    හොඳ වෙලාවට කැම්පස් එක අවට ගෙවල් එහෙම නෑ..

    ReplyDelete
  16. දේශක යා :
    ඇයි බටයකට පස්ස ඇතිල්ලුවාද ? හෙහ්.. ආහ් නෑ.. හැක් :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    නෑ.. වෙන කවුද.. :)

    Podi Kumarihami :
    හෙහ්.. මේ මොකෝ මේ :)

    මැලේ රාළ :
    කොහොමද රත් වෙච්ච අයන් එකක එහෙම ගෑව්වා නම්... ආයේ උඩුබැලි අතට නිදියනවා බොරු.. !

    ReplyDelete
  17. කියනකොටත් සීතලායි ...

    ReplyDelete
  18. කරපු එකා කවුද කියල මම මේ කල්පනා කලේ

    ReplyDelete
  19. මේවා බ්ලොග් පෝස්ට් ද ඕයි....තව ටික දවසකින් රෙන්න ගිය එකත් ලියයි මේකෙ...කියවන එකෙක්ට ආතල් එකක් තියෙන එකක් ලියනවකො..දවස ගානෙ ගොං පෝස්ට් දාන්නෙ....

    ReplyDelete
  20. මේක මධුරංගගෙ අත්දැකීමක් වගේ.

    ReplyDelete
  21. හරි අපි එහෙනම් මේක වෙන කෙනෙක් කලා කියලා හිතමුකෝ නේ..

    ReplyDelete
  22. ඊයා මෙයාල කරන වැඩ ඇයි යකෝ අපි ඔයිටත් වඩා සීතල පැත්තකනෙ හිටියේ අපි පාඩම් කරද්දි නම් ඔහොම කරේ නෑ නිදිමත නම් අල්ප දයන්න ගහල නිදා ගන්නව මිසක්

    ReplyDelete
  23. අපේ එකෙක් හිටියා...මිනිහා නැගිටිනකොට හීතලේ මල්ලි ඇහැරිලා ඊට කලින්...මිනිහා ඉතින් ඊට පස්සෙ අතපත්තු...පාඩමට හැමදාම තිත...

    ReplyDelete
  24. පස්ස ඇතිල්ලුව එකා දැන් හොඳ තැනක ඇති නේද :P

    ReplyDelete
  25. රජ වීදියේ උමේෂ් :
    සීතලයි නේන්නම්..

    Helapa kade :
    අපේ කැම්පස් එකේ කොල්ලෙක් ඕක කලේ.. :)

    Anonymous :
    හැමදාම එක වගේ ඒවා නෑනේ ලියන්ඩ.. ලියන්ඩ ආසයි ඒත් ලියන්ඩ ඒවා නෑ. ඒ නිසා මොනාහරි ලිය්නවා. තව ටික කාලෙකින් චූ කරන හැටි, රෙන හැටි, පොල් කුඩු අරින හැටි එහෙමත් ලියවෙයිද කියලා තමා බය...

    දිනිති දීපිකා :
    අපෝ නෑ දිනිති...

    ReplyDelete
  26. Dinesh :
    අන්න හරි.. ඒක සියයට 100ක් නිවැරදියි !

    නදී :
    අඩේ දවසක ආයේ ඒ පැත්තට යමුකෝ.. යන්නත් ආසයි ඒ පැත්තේ !!


    සිරාගෙ කාමරේ :
    හෙහ්... පුදුම එකෙක් !!!

    Hasitha :
    ඔවු දැං සිවිල් ඉංජිනේරුවෙක් !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.