17 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු

සෑහෙන කාළෙක ඉදලා හිතේ තිබ්බ අදහසක් තමයි සිරිපාදේ කරුණා කරන්ඩ ඕන කියන එක. අවුරුදු දෙකක් තිස්සෙම මේ අදහස හිතේ තිබ්බා. තනියම යන්ඩ අමාරු ගමනක් කියලා කට්ටිය කියන නිසා යන්ඩ උනේම නෑ..

මේ අවුරුද්දේ නම් කොහොමහරි සිරිපා වඳිනවාමයි කියලා හිත හදාගෙන උන්නා.. ඒකට කට්ටියකුත් එකතු කරන්ඩ ලෑස්ති කර ගත්තා. නමුත් එක එකා හැලිලා හැලිලා ගිහින් අන්තිමේදි ඉතුරු උනේ අපේ මලයයි මායි විතරයි. කවදත් මගේ තනි නොතනියට ඉන්න මලයවත්තෙක්ක සිරිපාදේ කරුණා කරන්ඩ ලෑස්ති උනා.

අන්තිම මොහොතේ අපේ තාත්තත් මේ ගමනට එකතු උනා...

මමයි මලයයි කතා කරගත්තු විදිහට අපි සිරිපාදේ වඳින්ඩ තෝරගත්තේ රත්නපුර-පලාබද්දල පාර ! ඒක තමා සිරිපාදේ වඳින්ඩ යන්ඩ තියෙන දිගම පාර ! ඒ වගේම ලස්සනම පාර !

සිරිපාදේ වඳිනවා නම් පාරවල් හතරක් තියෙනවා... ප්‍රසිද්ධම පාර තමා හැටන්- නල්ලතන්නිය පාර.. ඊළඟට රත්නපුර-පලාබද්දල පාර... අනෙත් එක තමා කුරුවිට-එරත්න පාර.. කුරුවිට එරත්න පාර ගල්වංගෙඩිය හන්දියේදි රත්නපුරාව පාරට එකතු වෙනවා. අන්තිම පාර තමයි දැරණියගල උඩමාලිබොඩ පාර. ඒ පාර කුරුවිට එරත්න පාරට මගදි සම්බන්ධ වෙනවා. ටිකක් විතර අප්‍රසිද්ධ පාරක් !

ගොඩක් අය සිරිපාදේ වඳින්ඩ තෝර ගන්නේ හවස් වෙලාව උනත් පරිසරයේ ලස්සන විඳින්ඩ ඕන නිසා අපි තීරණය කළා එළිය තියෙන වෙලාවෙම කරුණා කරන්ඩ. ඒ නිසා අපි තුන්දෙනා බ්‍රහස්පතින්දා (13 වෙනිදා) උදෙම්ම පිටකොටුවට ආවා. පිටකොටුවට එනකොට වෙලාව පාන්දර හතරයි.

උදෙම්ම ආපු නිසා අපිට හතරාමාරේ බස් එක අල්ලගන්ඩ ලැබුනා. ඒක පරණ පාරෙන් මොනරාගල යන මාර්ග අංක 98 බස් එකක්. අපිට පෑ තුනක් යනකොට රත්නපුරෙන් බැහැගන්ඩ පුලුවන් උනා. ඊට පස්සේ අපි හෙව්වේ පලාබද්දල බස් එක නවත්තන තැන කොහේද කියලා.

රත්නපුර බස් නැවතුමේ එක තැනක සෑහෙන දිග පෝලිමක් තිබ්බා. ටිකක් විතර විපරම් කරලා බලනකොට එතන තමා පලාබද්දල බස් නවත්තන නැවතුම්පොල !

පලාබද්දල... නිකන්ම නිකන් පලාබද්දල නෙමේ... ශ්‍රී පලාබද්දල.... !

කියන්ඩත් අමතක උනා.. අපි මේ සිරිපා කරුණා කරන්නේ රජ මාවතෙන්.. එහෙම නැත්තං සුරංගනාවියෝ සිරිපා කරුණා කරපු පාරෙන් !

රත්නපුරේ ඉදලා පලාබද්දලට කිලෝමීටර් 23ක් විතර එන්ඩ ඕන..

රත්නපුරය > කුඩුගල්වත්ත > මීහිටිය > මල්වල > ඉලුක්වත්ත > ගිලීමලේ > ඉඳුරුව > ගුරුළුවාන > ශ්‍රි පලාබද්දලට

ඔන්න ඔය ගම් ටික තමා රත්නපුරේ ඉදලා පලාබද්දල වෙනකන් පහු වෙන්නේ.. රත්නපුර-පලාබද්දල පාර ගැන කිව්වොත් කළු ගං මිටියාවත එක්කම වාගේ තියෙන පාරක් ඒ වගේම සෑහෙන වංගු සහිත දුර්ග මාර්ගයක්. අපට විටින් විට කළු ගඟත් මුන ගැහුනා.

ඔය පාරේ ටික දුරක්  යනකොට අපි මල්වල හන්දියට ආවා. මල්වල හන්දියෙන් පාර දෙකට බෙදෙනවා. අපි ශ්‍රී පාදේ පාර පැත්තට හැරුනා. මල්වල කියලා කියන්නේ නිශ්ශංකමල්ල රජතුමාගේ මල් වත්ත තිබුනු ඉසව්ව. ඔය මල් වත්තෙන් තමයි සුරංගනාවියෝ මල් අරගෙන ගියේ...

මල් වත්තේ මල් අඩුවෙන එක හොයන්ඩ දවසක් රාජ සේනාව හැංගිලා ඉන්නවා... හැංගිලා උන්නු රාජ සේනාව දැක්කා සුරංගනාවියෝ මල්වල මල්වත්තෙන් මල් අරගෙන යනවා කියලා. සුරංගනාවියෝ අල්ලන්ඩ මේ කට්ටිය එනකොට ඒ සුරංගනාවියෝ සමනල්ලු වෙලා ඉගිල්ලිලා ගියාලු. ඔන්න ඔහොමලු සිරීපාදේට සමනල්ලු යන කතාව ආවේ.

එදා සුරංගනාවියන්ව අල්ල ගන්න බැරි උන නිසා රට පුරාම අඬබෙරයක් යැවුවලු මල් අරගෙන යන සුරංගනාවියෝ අල්ලලා දෙන කෙනෙක්ට ඇතෙක් බරට වස්තුව දෙනවයි කියලා. ඒ අඬබෙරය නැවැත්තුවාලු කොට මනුස්සයෙක්. නවත්තලා "මම සුරංගනාවියෝ අල්ලලා දෙන්නම්" කියලා මේ කොට මනුස්සයා කිව්වා.

මේ කොට මනුස්සයා සුරංගනාවියන්ට ඇහෙන්න ලස්සනට සිංදු කියනවලු.. ඒ සිංදු අහල පහල කඳුවැටි වලටත් දෝංකාර දිදී ඇහෙනවලු. මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්ඩ සුරංගනාවියෝ ආවාලු.

ඒ ඇවිදින්,

"අපි ආවේ මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා බලන්න !" කියලා එක සුරංගනාවියක් කිව්වා. මේ මනුස්සයාට සද්දේ විතරයිලු ඇහෙන්නේ සුරංගනාවියෝ පේන්නේ නෑලූ

"ඔයාලා කවුද ? මට ඔයාලව පේන්නේ නෑනේ !" කොට මනුස්සයා කිව්වා.

"අපි දිව්‍යලෝකේ ඉදලා ආපු සුරංගනාවියෝ. ඒකයි ඔයාට අපිව පේන්නේ නැත්තේ !" කියලා තවත් සුරංගනාවියක් කිව්වා.

"මට ඔයාලව බලන්ඩ ඕනා !" ඒ මනුස්සයා පෙරැත්ත කලා.


 ඉතින් මේ මනුස්සයා පෙරැත්ත කරපු නිසාම අර සුරංගනාවියෝ, තමන් ඇඳන් හිටපු උතුරු සළුව ගලවලා බිමට දැම්මා ලූ. උතුරු සළු ගලවලා දාපු නිසා මේ මනුස්සයාට සුරංගනාවියෝ පේන්ඩ ගත්තාලු.

ඒ මනුස්සයා ඉක්මනින්ම සුරංගනාවියන්ගේ උතුරු සළු ටික එකතු කර ගත්තාලු. උතුරු සළු නැති නිසා සුරංගනාවියන්ට නොපෙනී යන්න බෑලු. තමන්ගේ උතුරු සළු ආයෙම ලබා දෙන්න කියලා සුරංගනාවියෝ පෙරැත්ත කලා ලූ.

මල් අරගෙන යන්නේ කොහේද කියලා කියනවා නං විතරක් උතුරු සළු ටික දෙනවයි කියලා ඒ කොට මනුස්සයා කිව්වා.. එතකොට සුරංගනාවියෝ කිව්වලු අපි යන්නේ සිරිපාදෙටයි කියලා.

 ඔහොම කියපුවාම ඒ මනුස්සයාටත් ආසාවක් ඇතිවෙනවා සිරිපාදේ වඳින්ඩ.. ඒ මනුස්සයා කියනවා මටත් සිරිපාදෙට යන පාර පෙන්වන්ඩ කියලා. එතකොට සුරංගනාවියෝ කරන්නේ තමන් කඩාගෙන ආපු මල් ටික සිරිපාදෙට යන පාර දිගේ හලාගෙන යනවා.

මල් හලාගෙන යනකොට සමහර තැන්වල මල් පොලොව ඇතුලට ගිලා බැස්සාලු. එහෙම මල් පොලොවට ගිලා බැස්ස තැන පස්සේ කාලෙක ගිලීමලේ උනා කියලා තමා සඳහන් වෙන්නේ !

සුරංගනාවියක් එක්ක මනුස්සයෙක් රමණය කලොත් එයාලට නොපෙනී ඉන්න පුළුවන් හැකියාව නැතුව යනවලු. සිරිපාදේ කරුණා කරන්ඩ යන ගමනෙදි මේ වගේ දේවල් කියන්ඩ හොඳ නැති හන්දා ඒ කතාව පස්සේ දවසක කියන්නම්.

අපි ඉඳුරුව හන්දියත් පහු කරගෙන තවත් ඉස්සරහට ගියා.. ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපි තුන්මං හන්දියකට ආවා. එතකොටම වාගේ කඩ වගයකුයි කට්ටියකුයි දැක්ක නිසා මං හිතුවා අපේ බස් ගමන හමාර වෙන්ඩයි යන්නේ කියලා.

බස් එක පලාබද්දල නැවතුම් පොලේ නැවැත්තුවා..

                                                                                     පලාබද්දල බස්නැවතුම්පොල

ලස්සන පරිසරයක්. ඈතින් කඳු පේනවා. ඒ වගේම ඉස්කෝලයක් ලඟ නිසා ළමයින්ගේ කෑ ගැහිලිත් ඇහෙනවා. අපි ඒ ළඟම වාගේ ඉදන් උදේ කෑම ගත්තා.


උදේ කෑමෙන් පස්සේ අපි සිරිපාදේ කරුණා කරන්ඩ පටන් ගත්තා. උඩහට්ට තිබුනු පාර දිගේ ටික දුරක් ගියාට පස්සේ අපි පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයට ලඟට ආවා.

එතන ඉදලා සිරිපාදේ වන්දනා කරපු හැටි ඊලඟ ලිපියෙන්ම ලියන්නම්...
සුබ රාත්‍රියක් ! 

----------------------------------------------------------------------
ප.ලි. - අවුරුදු දෙකක් සැලසුම් කරලා යන්ඩ හම්බ උන ගමනක් නිසා පෝස්ට් දෙක තුනකින් ගමන විස්තර කරනවට උරණ වෙන්ඩ එපාලා. :) 

37 comments:

  1. මම දැක්කා ස්ටේටස් පාරක් එහෙම :)

    කරුණාවයි එහෙනම්.. !!

    ReplyDelete
  2. හොදයී නේ

    ReplyDelete
  3. මම තාම සිරිපා කරුණා කරලා නෑ මධු අයියේ....ආසාවෙන් කියෙව්වා අනේ අනිත් ලිපියත් විගහින් ලියන්ට.....පරණ පොස්ට් කියෙව්වා වැඩ නිසා කොමන්ටුවක් දාන්න බැරි උනා......තරහා වෙන්ට බෑ ඕං.........

    ReplyDelete
  4. එහෙනම් ඒක තමයි පහුගිය ටිකේ ඉදියේ නැත්තේ..

    ReplyDelete
  5. මමත් සිරීපාදේ කරුණා කරලා නෑ තාම.:(

    කොළඹ ඉඳන් යන්නේ කොහොමද කියලා අහන්ට හැදුවා විතරයි. ඔය අපූරුවට ගමන් මාර්ගය විස්තර කියලා තියෙන්නේ ඉතිහාසෙත්, එක්කම. මෙයා නම් ගමන් එක්කගෙන යන්ට හොඳ කෙනෙක්.:)

    අර සුරංගනාවියන්ගේ කතාව හන්දා කතාව තවත් රසවත් වෙලා...

    ReplyDelete
  6. මම් ගිහින් නෑ නේ කියන්නෙ වත් නැතුව ගියා නේද

    ReplyDelete
  7. කරුණාවයි.. කරුණාවයි.. මාත් එක පාරක් ගියා ඔය පාරේ..

    ReplyDelete
  8. ඔය පාර තරම් ලස්සන පාරක් නෑ... මාරම ලස්සනයි.. මමත් කරුනා කරල තියෙනව ඔය පාරෙන්...

    ReplyDelete
  9. පෝස්ට් දෙක තුනක් වැටුනට කමක් නැහැ.. කොහොමත් උඹ ලියන ගමන් විස්තර බොහෝම පැහැදිලි හින්දා ඒවා ඒ විදියට විස්තර ඇතිව ලිවිල්ල හොදයි... නගිනකොට මාර්ග සලකුණු යෙදෙන තැන්වලට ඒ ඒ තැන්වල ඉදන් තියෙන දුරත් දළ වශයෙන් හරි දාන්න පුළුවන්නං හොදයි... උදාහරණයක් හැටියට පලා බද්දල පන්සල ගාව ඉදන් කුරුවිට මාර්ගය හම්බවෙන තැනට ඇති දුර මෙච්චරක් විතර ඇති කියලවත්...

    ReplyDelete
  10. කොටස් වශයෙන් හරි මෙහෙම විස්තරාත්මකව දාන එක හොදයි.

    ReplyDelete
  11. හොඳම පාර තමයි තෝරගෙන තියෙන්නෙ. හැබැයි ඉස්සර තරම් දැං පාර දුෂ්කර නෑ පඩිපෙල් බැඳල තියෙන හින්ද.
    මටත් ළඟදිනං යන්න බැරි උනා.
    ඉතුරු ටිකත් ලියමු බලන්න.

    ReplyDelete
  12. එල ඒල..ඉතුරු ටිකත් දාමු බොස්

    ReplyDelete
  13. sAm (සෑම්) :
    දැන් ඉතින් දෙන්නත්තෙක්කම ගිහින් ආවෑකි නෙහ්... මේ අවුරුද්දේ දෙන්නත්තෙක්ක ගිහින් ඊලඟ අවුරුද්දේ කිරිකෝඩුත් එක්ක වඳින්ඩ :)

    Anonymous :
    අම්මෝ ඇති යාන්තන් ඇනෝවෙක් හොඳක් කීවා :)

    ශානු :
    ලංකාවට ආපි කාලෙක ගෙදර කට්ටියත්තෙක්ක ගිහින් එන්ඩලා. ජීවිතේට එක වතාවක් හරි සිරිපා කරුණා කරන්ඩ ඕන...

    අවුලක් නෑ නංගි.. කැමති වෙලාවක කියවලා කැමති වෙලාවක කමෙන්ට් කරන්ඩ. තරහක් නෑ :)

    ReplyDelete
  14. හොඳ ගමනක්. ස්තුතියි.

    ReplyDelete
  15. Dinesh :
    අන්න හරි.. ඒ නිසා තමා දකින්න උන්නේ නැත්තේ..

    Podi Kumarihami :
    පාරවල් ඉගෙන ගන්න එක මගේ විනෝදාංශය නෙහ්...

    කොළඹ ඉදන් යනවා නං රත්නපුර, බලංගොඩ,මොනරාගල, බදුල්ල, ඇඹිලිපිටිය වගේ ගොඩක් බස් වලින් රත්නපුරේට එන්ඩ පුලුවන්...

    නදී :
    කියන්ඩ අමතක උනා රත්තරනේ... සොරි !

    ReplyDelete
  16. දේශක යා :
    එහෙනම් මරු... මගේ කිරිකෝඩු ගමන මේ.

    ගාලු කොල්ලා :
    හ්ම්ම්.. මේ පාර තමා ලස්සනම... :)

    මාරයාගේ හෝරාව :
    හරි.. ඉතුරු ටිකත් ඒ විදිහටම හොයලා ලියන්නම්..

    ReplyDelete
  17. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අම්මෝ ඇති යාන්තන්.. නැත්තං කට්ටියගෙන් හොඳට අහගන්ඩ තිබුනා :)

    Praසන්ன :
    ඒ කාලේ යන්ඩ තිබ්බා නං කොච්චර ශෝක් ද අප්පා...

    Rajitha Anuradha :
    අනිවා.... දාන්නම්.. :)

    ReplyDelete
  18. මං පහුගිය දොහක සිරිපාදෙ ගියා හතරවෙනි පාරට... ඒත් තාම රත්නපුර පාරෙන් යන්න බැරි වුණා... ඊළග පාර යන්න හිතං ඉන්නෙ ඒ පාරෙන්...
    සිරිපාදෙට යන්න පාරවල් ගොඩක් තියෙනව... ඒ අතරිං හුගක් එිව සෑහෙන්න අප්‍රසිද්ධයි... එක පාරක් තියෙනව ඒ පාරෙන් යන්න දවස් එක හමාරක් වත් යනව... මට පාර මතක නෑ ඒත් මං හොයල කියන්නං.. කැලේ මැද්දෙං සම්පූර්ණයෙන් යන්න තියෙන්නෙ.. රත්නපුරේ පහු කරං යන්න ඕන ඒ පාරට යන්න... කවුරුත් යන්නෑ... මොනද බයයි...

    ReplyDelete
  19. හැටන් නල්ලතන්නිය පාරෙන් කීප සැරයක්ම ගිහිං තිබුනත් පලාබද්දල පාරෙ කවදාවත් ගිහිං නෑ,විස්තරේ කියවනකොට හරිම ආසයි.

    ReplyDelete
  20. SDC :
    කියවලා කමෙන්ට් එකක් එකතු කලාටත් ස්තූතියි :)

    Mahesh Rathnayaka :
    ඔය කියන්නේ උඩමාලිබොඩ පාර ද ? ඒ විස්තර ටිකත් හොයලා දුන්නොත් ලොකු පිනක්..

    Helapa kade :
    මේ පාරෙනුත් දවසක යන්ඩ තියෙන්නේ... :)

    ReplyDelete
  21. හරිම වටිනා තොරතුරැ දැනගත්‍තා මධු මලේ. විශ්වාස කොරහං මට තාම කරැණා කරන්න බැරිවුනානේ. අවුරැදු 28ක් ලංකාවේ හිටියා... පිනේ තරම තමයි....

    ReplyDelete
  22. දැරණියගල පාරෙන් ඇරෙන්න අනිත් පාරවල් තුනෙන්ම මමත් සිරීපාදේ ගිහින් තියෙනවා. මතක විදිහට හය වරක් හෝ හත් වරක් දැනට ගිහින් ඇති. හැබැයි මම අහල තිබ්බේ කුරුවිට එරත්න පාර තමා දිගම පාර කියල.
    මම වරක් අවාරේ සිරීපාදේ කරුණා කළා. හැබැයි ඒ වර නම් හැටන් වලින් ගිහින් හැටන් වලින්ම බැස්ස. අවාරේ හැටන් පාරත් බොහොම ලස්සනයි.

    ReplyDelete
  23. ඈ බං අයියේ බොලං කුරුවිට පැත්තෙන් යනවනං කියන්ඩ ඈ.. අපේ ගේ ගාවින් ඒ පාර පටන් ගන්නේ

    ReplyDelete
  24. කතාවක් තියේ අඩමාන අය එහෙම නැතිනම් බෑ/බලමු කියන අය එක්ක සිරිපා කරුණා කරන් න නරකයි කියලා.

    ReplyDelete
  25. ලස්සනට ලියලා තියෙනවා, ඊලග කොටසත් ඉක්මනින් එවි නේද? ඊලග පාර යනකොට සඳගලතැන්න පාරෙන් යන්න, කැලේ මැදින් යන්න තියෙන්නේ හරිම ලස්සන පාරක්, පටන් ගන්නේ නල්ලතන්නියට කලින් fishing hut යන පාරෙන්

    ReplyDelete
  26. ඔය ගමන තාම මම ගිහිල්ලා නෑ බං....කියන්නත් ලැජ්ජයි...

    ReplyDelete
  27. ඉතුරු ටිකත් ඉක්මනටම වගේ වැටෙනවා නම් හොදයි අය්යා... කරුනා වෙවා

    ReplyDelete
  28. ලියන ශෛලිය අපුරුයි. තව තවත් ඉදිරියට මේ වගේ ලස්සන අත්දැකීම් ලියන්න . ඔයා ඔය ලියන භාෂා ශෛලිය ඔයාටම අවේනික එකක් වගෙයි. එක වෙනස් කරන්නෙපා.

    ReplyDelete
  29. ඔය පාරෙන් යන්න ආසයි.. එක පාරක් ගියා හැටන් පාරෙන්.. ලංකාවට ගිය කාලෙක යන්න ඕනේ.. කට්ටිය එහෙ මෙහෙ ගිය ඒවා දකිනකොට නිකන් නලියනවා වගේ..

    ReplyDelete
  30. පොත් ගුල්ලා :
    හැටන් පාරෙන් ගිහින් බලන්ඩත් ආසයි.. ආයෙම දවසක යන්ඩ ඕන.. :)
    කොහෙද බොලේ මෙච්චර කල් ගිහින් උන්නේ ??

    Chandana Gunasekera :
    අපරාදේ.. ලංකාවට ආපු කාලෙක කට්ටියත්තෙක්ක ගිහින් එමු

    තරුවා :
    යනවා නං දවසක කෝල් එකක් දීලා එන්නම්... :)

    ReplyDelete
  31. Roshan Herath :
    ඔවු ඔවු ඔවු.. කට වරද්දගන්න හොඳ නෑ.. :)

    රඡරට කොලුවා :
    ඒ පාරෙන් ගිහින් එන්නත් ආසයි.. දවසක යන්න ඕන.. ඔන්න දෙවෙනි කොටසත් ඉක්මනින්ම ලිව්වා.

    සිරාගෙ කාමරේ :
    ලංකාවට ආපු කාලෙක අවාරේ හරි යම්මු :)

    ReplyDelete
  32. දේවා ගේ අඩවිය :
    දෙවෙනි කොටසත් දැම්මා. මල්ලිලා කොයි පාරෙන්ද යන්ඩ ඉන්නේ.. ? :)

    Anonymous :
    අදහසක් එකතු කලාට ගොඩක් ස්තූතියි. දිගටම මේ පැත්තේ එන්ඩ...

    Pathum Herath :
    පිටරට තැන් තැන් වල ගිහින් දාන පෝස්ට් දැක්කහම අපිත් නලියනවා බොලේ.. :)

    ReplyDelete
  33. වදින්ට යන මේ නඩේට

    ReplyDelete
  34. chaminda wickramasinghe :
    කෝපි නම් එපා.... :)

    ReplyDelete
  35. ayyo salli tama...mama danna widihata nam palabaddala paarata wada erathna para tama dura..ape set ekath me wathame mul wathawata rathnapuren nagga... hoda ganan...bcz api anith awurudu wala yanne hatton pare nisa me gamana wehesa wadie wage danuna.....

    ReplyDelete
  36. එරත්න පාරෙන් සිරිපා මළුවට
    http://sirilakasarisara.blogspot.com/2014/05/pilgrimage-to-mt-samanala-via-erathna.html

    ReplyDelete
  37. සමනල කතාව,,
    ඇත්තටම මේක සමනල කන්ද නෙමෙයි,
    සමනොල කන්ද...
    "සමනොල ගිරි-වලලු බිමේ- මුනි සිරිපා පිපෙන හිමේ"
    ~මහගමසේකර මහත්තය මේක හරියටම ලියලා තියනවා

    සමන-ඔල
    ඔල මොල ගති කියන්නෙ හිස් මුදුන් වෙච්ච උඩගු ගතියට,
    එන්න ඒ වගේම ඔල කියන්නෙ මුදුන කියන අර්තයට,

    සමන් දෙවියන්ගේ ඔල , සමන් දෙවියන්ගේ කඳු මුදුන කියන අර්තයෙන් සමනොල වුනා. කුරු-රට එරත්නේ රජකම් කල සමන රජු පිලිබඳ සාදක බොහෝමයි. ඉතින් මේ සමන් දෙවියන්ගේ අඩවිය නොකියා ඉන්න හේතු නෑ.

    කොහොම හරි අරුත් සුන් වූ, කාල වලදී ඕක සමනල උනා වගේම, බොහෝ සමනල කතාත් ගොඩ නැගුනා.. ඉතින් අද ඉඳන් හරියටම අපි සමනොල කියල උච්චාරනය කරමු

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.