01 February 2014

බිම්බරක් සෙනග

කතාව පටං ගන්නේ අපේ මකරා සර් මූනු පොතේ සාමාන්‍ය දැනීම කණ්ඩායමක දාපු ප්‍රශ්නයකින්. සර්ගේ වචන වලින්ම කියනවා නං,

අපි අහල තියෙනවා දසබිම්බරක් මාර සේනාව ගැන. මෙතන බිම්බරක් කියන්නේ යම් කිසි බර ප්‍රමාණයක් . "බිම්බරක්" යනු කොපමණ බර ප්‍රමාණයක්ද ?

ඇත්තටම බිම්බරක් කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයකට ද ?

බිම් + බරක්... ඒ කියන්නේ බිම බර වෙන ප්‍රමාණයක් !
 මේ ප්‍රශ්නයට මම දීපු උත්තරය උනේ ලෝකයේම ඉන්න මිනිස්සු පොළොවේ එක පැත්තකට ගියහම පොලොව අනිත් පැත්තෙන් ඉස්සෙනවා.  ඒක තමා බිම්බරක් කියන්නේ කියලා

නමුත් ඒක නෙමේලූ හරි උත්තරේ !

මකරා සර් කියන විදිහට,

බිම්බරක් කියන්නේ ලෝක ජනගහනයෙන් 1/4 ක ප්‍රමාණයේ බරට. ඔය වචනෙ හැදිච්ච කාලෙ විශ්වාසයක් තිබිල තියෙනවා ලෝක ජනගහනයෙන් 1/4 ක් ලෝක බෝලෙ එක අර්ධයකට ගියොත් (එ කියන්නෙ එක පැත්තක 1/4 යි අනිත් පැත්තෙ 3/4 වෙලා බැලන්ස් එක නැති වෙනවා) ඔහොම වෙනවා කියලා. නිවැරදි පිළිතුර : බිම්බර = ලෝක ජනගහනයෙන් 1/4

ඔය බිම්බරක් කතාවෙන් පස්සේ මට මතක් උනේ ලස්සන සිංදු දෙකක්.. එකක් ගුණදාස කපුගේ මහත්තයාගේ බිම්බරක් සෙනග ගීය !

බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..

අනෙත් සිංදුව සෝමතිලක ජයමහා මහත්මයාගේ දස බිම්බර මාර සෙනග ගීය... !

දස බිම්බර මාර සෙනග - තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා 

මේ සිංදු දෙකටම මම ගොඩක් ආසයි ලස්සන සිංදු දෙකක් !

සකරා මර් පුදුම දේවල් තමා ඉදලා ඉදලා අහන්නේ ! :)

----------------------------------------------------------------------
ප.ලි. - මකරා සර්ගේ මේ ප්‍රශ්නය හොඳයි. වටියි. කියලා හිතුන නිසා මූනුපොතෙන් බ්ලොග් එකට ගෙනවා.

18 comments:

  1. චයිනා උගන්වන සර් කෙනෙක්ද බං ? මකරා ඉන්නෙ එහෙ නේද?

    ReplyDelete
  2. මකරා මක්කැයි බං උගන්නන්නේ

    ReplyDelete
  3. මාත් මේකෙ තේරුම දැනන් හිටියෙ නෑ!

    ReplyDelete
  4. මාත් ආසම සිංදුවක් තමා ගුණදාස කපුගේගෙ ගීතය. බිම්බරක් කියන එකේ බර හොයන එකත් ඔළුවට මාර බරක්නෙ.

    ReplyDelete
  5. අඩේ අදනේ තේරුම දනගත්තෙ මකරා සිර් තත් කලපනා වෙන දේවල් නෙ

    ReplyDelete
  6. එතකොට දස බිම්බරක් කියන්නේ අර ලෝක කාලේ ඒවා දහයක්ද ???

    ReplyDelete
  7. මකරා සර් අපේ දේශය්කයා වගේ කෙනෙක්ද?....:D

    ReplyDelete
  8. අපිට ඕලෙවල් පන්තියෙදි (ටියුෂන් පන්තියෙ) සිංහල සර් උම්මග්ග ජාතකේ උගන්නද්දි චතුරංගනී සේනාව ගැන වගේම ඕකෙත් තේරුම කියල දුන්න කියල නම් මතකයි, ඒත් කියපු මෙලොව දෙයක් දැන් මතක නෑ බං. :)

    කපුගෙ මහත්තයගෙ ඔය සිංදුව කාලයක් රජයෙ මාධ්‍යවලින් (ඒ කාලෙ තිබුනෙ ඒව විතරයිනේ) විකාශය නවත්තල තිබුනලු නේද. ආණ්ඩු විරෝධී අර්ථයක්ද කොහෙද තියෙනවය කියල.

    ReplyDelete
  9. අද තමයි ඕං තේරැම දැනගත්තේ....

    ReplyDelete
  10. මකරා සර් තනියමත්, ලෝකෙන් 1/4 බරයි. :D

    ReplyDelete
  11. sAm (සෑම්) :
    ආහ්.. ඔවු නේන්නං.. මකරු ඉන්නේ චීනේ නෙ !

    දේශක යා :
    මකරා ඉගෙන්නුවේ පරිඝණක ජාලකරණය.. බොලා උගන්වන්නේ මොනවද ?

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    මාත් දැනන් උන්නේ නෑ...

    Chathuranga Priyashad :
    හ්ම්.. මාර බරක් තමා.. බිම්බරක් !

    ReplyDelete
  12. නදී :
    ඒකනේ බලන්ඩකෝ... :)

    මැලේ රාළ :
    ඕ... ඒ ජාතියේ ලොකු සේනාවකට වෙන්ඩෝන...

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) "
    අන්න හරි.. පරිඝණක ජාලකරණය උගන්නපු කෙනෙක් !

    DDT :
    රාජ්‍ය විරෝධී ??? ඒක නං ඇහුවෙත් අදයි. බලාගෙන ගියහම මිනිස්සුන්ගේ නිදහස හැම පැත්තෙන්ම නැති වෙලා නෙහ්. :)

    ReplyDelete
  13. Chandana Gunasekera :
    පහුගිය ටිකේම දැක්කේ නැත්තේ වැඩ වෙන්ඩෑ.. නෙහ් :)

    Podi Kumarihami :
    අම්මෝ ඒ තරම් ??? :O

    ReplyDelete
  14. "දස මාර බිම්බර" සුනිල් එදිරිස්ංහගෙ සින්දුවක්.

    ඔය මකරගෙ කතාව මාත් දැක්ක. ඕකෙ පොඩි විවාදාත්මක පැත්තක් තීනව. සුමංගල ශබ්ධකෝෂයෙ විදියට මධුරංග හරි. මකරගෙ උත්තරය ගත්තෙ කොහෙන්ද කියල මකරම කියන්න වෙනව. අනෙක ඔය දස බිම්බරයට තව අර්ථ කීපයක් තීනව. එකක තමා මාරයට අයිති දස මහා බලයන් දස බිම්බර කියනව කියල. තව එකක් තමයි හෙවනැල්ලක් නොහොත් බිම්බයන් දහසක් වැටෙන සේනාවක් කියන එක. ඔය දස බිම්බර කියන යෙදුම මාර පරාජයෙදි හැර සාහිත්‍යෙ දකින්න තීන තැන් හොයාගත්තොත් තමා ඕකට නියම උත්තරේ හොයා ගන්න හැකි වෙන්නෙ.

    ReplyDelete
  15. මාත් තේරුම දැනගෙන හිටියේ නෑ...

    මකරා සර් තව අමුතු ප්‍රශ්ණ ඇහුවොත් අපිටත් දැන ගන්න බ්ලොග් එකේ දාන්න හොඳද ...

    ReplyDelete
  16. @ඉන්දික උපශාන්ත

    ඔව් මේක ලෝකය පැතලියි කියල හිතාගෙන කියන කතාවක්. ලෝකය එක පැත්තක් උඩට ඉස්සෙන්න ලෝක ජනගහනයෙන් 1/4 ක් තමන් ඉන්න අර්ධයෙන් අනිත් පැත්තට යන්න ඕනෙලු. එතකොට එක පැත්තක 3/4 යි අනිත් පැත්තෙ 1/4 යි වෙලා බැලන්ස් එක නැති වෙලා ලෝකෙ එක පැත්තක් උඩට ඉස්සෙනවලු. හැබැයි ඉතින් මේක ලෝකය පැතලියි කියල හිතාගෙන කියපු දෙයක්. මේක අති විශාල සංඛ්‍යාවක් කියන්න යොදා ගන්න සංකේතාත්මක යෙදුමක්.

    පොලොව ඉස්සෙනව නෙවෙයි මිනිස්සුන්ගේ බරට පොලොව ගිලා බහින තරම් බරක් කියන එක තව අර්ථ දැක්වීමක්

    ඉන්දික කියපු විදිහට දස බිම්බරක් මාර සේනාව කියන එක ගැන තව අර්ථ දැක්වීම් ගොඩක් තියෙනවා. එයින් එකක් තමයි ඔය කියන්නේ ආකාර දහයක් වූ ක්ලේෂයන් කියන එක. බාහිර දේවල් එක්ක සටන් කිරීමට වඩා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේෂ එක්ක සටන් කිරීම අමාරුයි.

    කොහොම වුණත් මම දන්න හැටියට මාර සේනාවක් ගැන නම්ත්‍රිපිටකයේ නම් සඳහනක් නෑ. සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවකයන්ට කළ නොයෙක් කරදර ගැන දක්වලා තියෙනවා. හැබැයි තනි මාරයෙක් ගැන මිසක් සේනාවක් එක්ක ආවා කියල ඒ සූත්‍රවල සඳහනක් නෑ.

    ReplyDelete
  17. බෝසතාණෝ බුද්වෙන්න යන්න පරද්දන්න ආවේ මාර …සේනාව නේද ? මහාවග්ග පාලියේ හරි චුල්ලවග්ග පාලියේ හරි ඒ ගැන තියෙනවා.

    ReplyDelete
  18. @Hasitha

    චුල්ල වග්ග පාලි, මහා වග්ග පාලි දෙක විනය පිටකයේ කොටස් නේද ?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.