19 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 3වන කොටස

කටුකිතුල වංගුවේ දන්සැලෙන් බත් කාලා අපි ආයෙම ගමන පටන් ගත්තා. කඳු අතරින් සෑහෙන පඩි ගොඩක් නැග්ගහම ගැටනෙතුල හරියට එන්න පුලුවන් උනා. මෙතැනට ඒ නම කියන්නේ ඇයි කියලා නං කිසිම කතාවක් හම්බ උනේ නෑ....

ගැටනෙතුලත් පහු කරගෙන එනකොට අපිට හම්බ උනේ කොඩිය කියලා තැනක්.කොඩියත් පහු කරගෙන තව දුරටත් එනකොට කළු ගඟ පටන් ගන්න තැන හම්බ උනා. මේ හරියෙදි කළු ගඟේ පළල අඩියයි... :)

                                                                                                         කොඩිය
                                                                                         කළු ගඟේ ආරම්භය...
තවත් පඩි ගොඩක් නැගගෙන ආවට පස්සේ  අපි ආවේ දියබෙත්ම එහෙමත් නැත්නම් ගජමන්සැල කියන හරියට. මෙතනට ගජමන්සැල කියලා කියන්නේ වන්දනාකරුවන්ට නැවතිලා ගිමන් හැරලා ගමන් කරන්න පහසු වෙන්න ගජමන් නෝනා අම්බලමක් හදලා තියෙනවා.

                                                                                      දියබෙත්ම (ගජමන්සැල)

මේ හරිය  තැනිතලා ප්‍රදේශයක් නිසා ශ්‍රී පාද රක්ෂිතයේ සත්තු එහෙම වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක්.ඒ නිසා රෑට මේ අම්බලමේ නිදා ගන්න සමහරුන්ට සත්තුන්ගෙන් කරදර ඇති වෙලා තියෙනවා. මේ අම්බලමේ රෑක් නිදා ගන්න නඩයකින් එක්කෙනෙක් දෙන්නෙක් උදේ වෙද්දි මැරිලා ඉදලා තියෙනවා.

මේ නිසා මිනිස්සු ගජමන්සැලේ ගිමන් හරින්න බය වෙලා තියෙනවා. ඒ හින්දම ගජමන්සැල පාලුවට ගිහින්. දැන් නං ගරාවැටිලා.... ! අපි ප්‍රධාන පාරෙන් හැරිලා අඩි පාර දිගේ ටික දුරක් ගියා ගජමන්සැල බලන්ඩ.. අපරාදේ කියන්ඩ බෑ... ආත්ම ගානකට හරියන්ඩ පින් ලබාගන්ඩ පුලුවන් අම්බලමක් ඒක. .. ඩබල් බැම්මෙන් හදපු සෑහෙන ප්‍රදේශයක් පුරා විහිදී දිය අම්බලමක නටබුන් දැක ගත්තා.
                                                                                          ගජමන්සැලේ නටබුන්...

ගජමන්සැල ගැන කියනකොට  මම කලින් කියවපු කතාවකුත් මේකට අමුණන්නම්.. දැරණියගල පැත්තේ නඩයක් පලාබද්දලින් සිරිපා කරුණා කරලා තියෙනවා. ඒ අය එක්ක උන්නු ගෑනු දැරිවියක් මේ ගමනෙදි වැඩිවියට පත් වෙලා තියෙනවා. ගෑනු ළමයව තවත් බවලත්තු කීපදෙනෙක් එක්ක මේ අම්බලමේ නවත්තලා අනෙත් අය කරුණා කරලා තියෙනවා.

කැලෙන් මතු වෙච්ච කොටියෙක්  අර බවලත්තු බලාගෙන ඉන්නැද්දිම මේ ගෑල්ලමයව ඩැහැගෙන ගිහින් තියෙනවා. මේ සිද්ධිය නිසාම රත්නපුරේ පැත්තේ අය වැඩිවියට පත්වෙන වයසේ ඉන්න ගෑල්ලමයින්ව සිරිපා වන්දනාවේ එක්ක යන්නේ නෑලූ.

ගජමන්සැලත් බලාගෙන  තවත් ගල්පඩි සෑහෙන ගානක් නැග්ගට  පස්සේ අපි ආවේ ගෙත්තම් පානට එහෙම නැත්තං ඉදිකටුපාන කියන හරියට. කැලේ මැද්දෙන් වැඩිය බුදුහාමුදුරුවන්ගේ සිවුර කටු අත්තකට පටලැවිලා ඉරී ගිහින් තියෙනවා. බුදුහාමුදුරුවෝ තමන්ගේ සිවුර මහගත්තු හරිය තමා ගෙත්තම් + පහණ (ගල) කියන්නේ.
                                                                                              ගෙත්තම්පාන

ගොඩක් වන්දනා නඩ ගෙත්තම් කරන ගමන්  මැරෙනකන් ම ඉදිකටුවට නූල අමුණන්ඩ පුලුවන් පුලුවන් වෙන විදිහට දෑස් පෙනිම ලැබෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.

අපේ කට්ටියගෙන් කිරිකෝඩු මම නිසා පලාබද්දලින් ගත්තු  ඉදිකටුවට නූල අමුණලා ගෙත්තම් පානෙන් ගෙත්තම් කලා. ගෙත්තම් කරන ගමන් මාත් අනිත් අය වගේම ඒ ප්‍රාර්ථනාවම කලා. :)

ඊට පස්සේ අපි ආවේ  ධර්මරාජගලට... ඉන්දියාවෙන් ආපු ධර්මරාජ කියන බ්‍රාහ්මණයා මේ හරියෙදි භාවනායෝගීව ඉදලා තියෙනවා. ඒ නිසයි මේ ගලට ධර්මරාජ ගල කියන්නේ. ධර්මරාජ බ්‍රාහ්මණයා භාවනායෝගීව උන්නු ලෙන ධර්මරාජ ලෙන විදිහටයි හඳුන්වන්නේ.

පස්සේ කාලෙක මේ බ්‍රාහ්මණයා වන්දනාකරුවන්ට පහසු වෙන්ඩ ධර්මරාජ ගලේ පඩිපෙලක් කොටලා තියෙනවා.
                                                                                                ධර්මරාජගල

කතාවක් තියෙනවා ධර්මරාජ ගලේ පඩි ගනින්ඩ බෑ කියලා. මායි අපේ මලයයි පඩි ගැන්නා. දෙන්නට ආවේ අගයන් දෙකක්.. එක මාමා කෙනෙක් නං ගනලා පඩි ගාන 120යි කියලා කියාගෙන ගියා !

ධර්මරාජගලේ සමහර පඩි, පඩියක් කියලා හිතන්ඩ බැරි තරමටම ගෙවිලා..ඒ නිසාම වෙන්න ඕන පඩි ගාන ගනින්න බැරි. මොනවා උනත් ගමන් මහන්සිය අමතක වෙන්නත්තෙක්ක මේ වගේ සම්ප්‍රදායයන් තියෙන එකත් හොඳයි... !

ධර්මරාජගලේ ඉන්නකොට අපට ඈතින් තවත් කන්දක් පෙනුනා.. ඒක කුණුදිය කන්ද ලූ. ඔය පහල පින්තූරයේ ඈතින් පේන්නේ ඒ කුණුදිය කන්ද.... බුදු හාමුදුරුවෝ සිරිපාද කන්දේ සිරිපතුල තිබ්බට පස්සේ දෙව්දත් තෙරුන් මේ කන්දේ තමන්ගේ පා සටහන තියන්න උත්සහ කරලා තියෙනවා. ඒ වෙලාවෙදි කුණු දිය උල්පත් මතු උන නිසාලු මේ කන්දට ඒ නම ලැබිලා තියෙන්නේ.

අනිත් මතය තමා  ගැරඩි මල කුණකින් ඕජස් ගලපු නිසා මේ කන්දට කුණුදිය කන්ද කියලා කියනවාලු.
                                                                       සීගිරිය වාගේ ඈතින් පේන්නේ කුණුදිය කන්ද

ධර්මරාජගල නැගලා තව දුරට ගියාට පස්සේ අපට වතුර වැටෙන සද්දයක් ලඟ ලඟම වාගේ ඇහෙන්න ගත්තා.ඒ සීත ගඟුල වෙන්ඩ ඕන..අපි පය ඉක්මන් කලා. මායි අපේ මලයයි ඇඳුම් මාරු කරගෙන සීත ගඟුලෙන් නාගන්න ලෑස්ති උනා. අපේ තාත්තා නම් නාන්න ආවේ නෑ...
                                                                                                  සීත ගඟුල

වතුරට පැන්නා විතරයි කෑ ගැස්සෙන තරමේ හීතලක් තියෙන්නේ.. වතුර නිකං අයිස් කැටේ වාගේ... මම පස් හය පාරක් වතුරේ එබිලා ගොඩට ආවා. මහන්සිය කොහෙන් ගියාද නෑ.. අපි ආයෙම ලෑස්ති වෙලා සිරිපා කරුණා කලා.

සීත ගඟුල පහු කරලා ටික දුරක් යනකොට ඈතින් සිරිපාදේ මහගිරිදඹේ පේනවා...

                                                                                         සිරිපාදේ මහගිරිදඹ

අපි ඊලඟට ආවේ හැරමිටිපානට.... හැරමිටි+පහණ හරියෙදි බුදු හාමුදුරුවන්ට අහස් ගව්ව තරණය කරන්ඩ පහසු වෙන්ඩ මනුස්සයෙක් හැරමිටියක් පූජ කරලා තියෙන නිසාලු හැරමිටිපාන කියන්නේ. ඒ වගේම තමා සිරිපා කරුණා කරන අය මැරෙනකන්ම හැරමිටියකට වාරු වෙන්නේ නැතුව ඇවිදින්න පුලුවන් වෙන්න කියලාත් ප්‍රාර්තනා කරන්නෙත් හැරමිටිපාන හරියෙදි.
      හැරමිටිපාන ආපන ශාලාව

හැරමිටිපානට එනකොට වෙලාව තුනත් පහුවෙලා. ටිකක් වෙලා ගිමන් හැරියා ඊට පස්සේ අපි හැරමිටිපානෙදි බිස්කට් කාලා තේ වතුර බිව්වා.

මෙතනින් එහාට ගමන  මහ මළුව වෙනකන් ගමන ඊලඟ ලිපියෙන් දෙන්නම්... හිතුවට වඩා ලිපිය දිගින් වැඩිඋනා... ඊලඟ කොටස විතරමයි තියෙන්නේ.... සත්තයි... ! :)

සුබ රාත්‍රියක් !

29 comments:

  1. මම තාම සිරිපාදේ ගිහින් නෑ :(

    ReplyDelete
  2. අපි නම් හැටන් පැත්තෙන් නැගල ආපහු බැස්සෙ ඔය පැත්තෙ. සිරිපා කන්ද පාමුල තියෙන සිරිපාගම කියන ගමේ තියෙන අපේ බැචියකගෙ ගෙද‍රට තමයි දවල් කෑමට බැස්සෙ. අප්පේ සීත ගගුලෙ වතුර මතක් වෙනකොට ඇග හිරිවැටිල යනවා.

    ReplyDelete
  3. මම සමනල පළාතේ වෙලත් ශ්‍රීපාද ගිහින් නෑ.
    කොහෙද පොඩිම කාලේ අම්මලා කීවා පයින් යන්න බෑ මම පොඩි හින්දා කියලා ඊට පස්සේ මොකක්ද එක්කන් යන්න හොඳ නැති කතාවක්(වයස දහයෙදි දොළහෙදි) අන්තිමට රටින් පිටුවහල් කරාට පස්සේ මට කොයි තරම් ආස උනත් හැමෝම කියන්න ගත්තා මම නීවාඩු එන කාලේට යන්න හොඳ නෑ අවාරේ කියලා. මාත් එක්ක ජීවිතය බෙදාගත්ත මනුස්සය ඕනේ ගහක් ගලක් ගානේ මාත් එක්ක ලෝකේ පුරා රවුම් ගැහුවත් ශ්‍රී පාදේ යන්න නිකමටවත් කතා කලේ නෑ (එයා ගිහින් තිබුනාත් එක්ක) පස්සේ කාලෙක හැම එකාම අපෝ ඔයාට අමාරුයි යන්න දුශ්කරයි කීවම මාත් හිතුව කමක් නෑ කියලා. දැන් කාලෙක ඉඳලා හැම එකාම ශ්‍රී පාදේ ගිහින් ලස්සන ලස්සන ෆොටෝ දානකොට ගමේ වෙලත් නොගිය එක ගැන පට්ට ලැජ්ජයි විතරක් නෙමෙයි ඉස්සරහට කවදාවත් යනන් වෙන්නේ නෑ කියලා දන්න හින්දත් දැනෙන්නේ ලොකු දුකක්.


    ReplyDelete
  4. 4 වෙනි කොටසත් බලමු... පොස්ට් එක බලන්න මෙච්චර දුර යන්න ඕනේ නම් ගමනේ දුර ගැන හිතා ගන්න පුළුවන්... :)

    ReplyDelete
  5. කලබලයක් නෑ, ඕක නගින්නෙත් හෙමීටනෙ... මේ ඇවිදින්න, බස් වල යන්න තියන දුරවල් එහෙමත් කිව්වොත් ලොකු දෙයක්. මම දෙපාරක් ගිහින් තියනවා නල්ලතන්නියෙන්. ආයෙ යනවා නම් යන්නේ වෙන පැත්තකින්. දැන් නම් කඳබඩ මහත් වෙලා පඩි නගින්න නම් මාර අමාරුයි. ඒත් යන්න අදහසක් තියනවා.

    ReplyDelete
  6. මම හිතුවෙ 3නි කොටසෙන් ඉවරයි කියලා. දැන් 4වෙනි කොටසකුත් තියෙනවා. කමක් නෑ. විස්තර අඩු නොකර දෙන නිසා.

    ReplyDelete
  7. එළ මැක්සා... ඊළග පාර නං ඕ පැත්තෙන්ම නගින්නඕන

    ReplyDelete
  8. කළු ගගේ ආරම්භය දැක්කම "බින්දු බින්දු එකතු වෙලා ගගක් හැදෙනවා" කියන කවිය මතක් උනා.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  9. තව දුර කරුණාකරන්න තියෙනවනෙ. ඔහොම යං.

    ReplyDelete
  10. 'ජන කතා' කියන ඒවා කොච්චර වටිනවද කියලා හිතෙනවා මධූගේ මේ විස්තර කියවනකොට. අනේ අර ඉඳිකටුවලින් මහන කතාව එහෙම හිතේ ඇති කලේ චූටි දුකක් වගේ හැඟීමක්.

    ReplyDelete
  11. සිරිපා කරුණා කරලා නෑ.. විස්තර කියෙව්වහම යන්න ආස හිතුනා ..

    ReplyDelete
  12. කලින් ලිපියයි මේකයි දෙකම එකට කියෙවුවා.. මමත් ගිහින් තියෙන්නේ එක පාරයි නේ.. ඒකත් සෑහෙන කාලෙකට කලියෙන්..

    ReplyDelete
  13. මම සිරිපා කරුණාකරල නෑ තවම.ගොඩක් ස්තුතියි කරුණුවලට

    ReplyDelete
  14. සීතල ගගුලෙන් හොදට නා ගන්න ඇති නේද? ඇත්තටම වතුර සීතලද?දැන් නම් යන්න හෙනාඅසාවක් ඇති වෙනවා ඕං.......ඊ ලග කොටසත් ලියන්ටකෝ ..

    ReplyDelete
  15. ඇත්තටම අතිතයේ ඉඳන්ම මිනිස්සු සිරිපා කරුනාකරල තියෙන්නේ රත්නපුරා පාර පැත්තෙන් ගමන දුර වුනත් ඒක තමයි අතිත යේ පටන්ම නිවරදි ස්ථාන ඉදිකටුපාන. සිත ගගුල වගේ තැන් හරියටම හරි..

    මොනව වුනත් මධුරංග මලය ලංකාව පුරා ඇවිදින්න පටන් අරං වාගේ.

    ReplyDelete
  16. කමක් නෑ ආසාවෙන් කියවන්න පුලුවන්නෙ,ලියාගෙන යමු.

    ReplyDelete
  17. thanks අපි වෙනුවෙන් ලීවට ,මං ගිහින් තියෙන්නේ මෙහා පැත්තෙන් ,,ආසයි රත්නපුර පැත්තෙන් යන්නත් ..

    ReplyDelete
  18. සුදු මහත්තයා :
    කට්ටියක් සෙට් කරගෙන ගිහින් ආවා නම් හරි...

    chaminda wickramasinghe :
    අන්න ඔහොම තමා ට්‍රිප් යන්ඩ ඕන... දවස් ගණන් සති ගණන් ප්ලෑන් කලොත් යන්ඩ වෙන්නේ නෑ... :)

    Il mondo di una povera pazza :
    එහෙම අවුලක් නෑ... අවාරේ උනත් කමන් නෑ කට්ටියක් එකතු කරගෙන ගිහින් එන්ඩ තියෙන්නේ... කට්ටියක් එකතු උනහම මොන බයක් ද ?

    ReplyDelete
  19. Pathum Herath :
    හෙහ්... මට ලියන්ඩ කම්මැලිකමකුත් තියෙනවා නෙහ්.. ඒ නිසා පෝස්ට් දිග වෙන එක ගැන ගණන් ගන්ඩ එපා... :)

    තිසර :
    මහත් උනාට අවුලක් නෑ. හිමිහිට කරුණා කල හැකි. ආයේ ඉතින් හදිස්සියේ ගිහින් එන ගමනක් යෑ..

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අපොයි නෑ.. කොටස් තුනකින් ඉවර කරන්ඩ හිටියේ... මේකත් මේ පින්තූර වැඩි නිසා ලෝඩ් වෙන්ඩ අමාරු වෙයි කියලයි දෙකට කැඩුවේ...

    ReplyDelete
  20. Mahesh Rathnayaka :
    මේ පැත්තෙන් විතරක් නෙමේ.. හැම පැත්තකින්ම නැගලා බලන්ඩ... හැමදේම ජීවිතේට අත්දැකීම් නේ.

    Vishwajith Rajapakse :
    මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා. මාත් ඒ පැත්තතේ එන්නම්.. :)

    Praසන්ன :
    දැන් නම් ලඟට ඇවිත් තියෙන්නේ... තව ටිකයි :)

    ReplyDelete
  21. Podi Kumarihami :
    සිරිපාදේ ගමනෙදි තමා මට ගොඩක් ජනකතා හම්බ උනේ.. දුක හිතන්ඩ එපා.. ඕන කෙනෙක් වයසට යනවා නෙව.

    තුශානි :
    ගෙදර කට්ටියත් ලෑස්ති කරගෙන ගිහින් එන්ඩ තියෙන්නේ...

    Dinesh :
    ලංකාවට ආපු කාලෙක දෙන්න දෙමහල්ලෝත් එක්ක කරුණා කරමුකෝ..

    ReplyDelete
  22. වැව් ඉස්මත්ත :
    නිවාඩු වෙලාවක කට්ටියත්තෙක්ක කරුණා කරන්න. ජීවිතේට එක පාරක් හරි ගිහින් තියෙන්න එපාය.. :)

    ශානු :
    අපෝ මොන නෑමක්ද... අයිස්ම අයිස් වතුර... එක පාරක් බැස්සහම කට කට කට ගාලා වෙව්ලනවා..

    දයානන්ද රත්නායක :
    ආසයි ඉතිං ලංකාව පුරාම කරක් ගහලා එන්න.. හම්බවෙන හම්බවෙන වෙලාවල් වල එක එක තැන් වල ගිහින් එන්න ඉන්නේ..

    ReplyDelete
  23. Helapa kade :
    ඊලඟ කොටසින් නම් ඉවරයි.. එක දිගට සීරිස් එකක් ලියාගෙන යන්න බෑ.. හිතටත් බරක් ඒක..

    අපූර්වී :
    ඔයා මෙදා පාර ලංකාවට ආවහම ඒ පැත්තෙනුත් කරුණා කරමූ.

    ReplyDelete
  24. සිරීපාදේ යන ගමනේ සුන්දරත්වය ගොඩක් විඳින්න කුරුවිට පාරෙන් යන්න :)

    ReplyDelete
  25. එකයි දෙකයි කියවලාම එන්නං

    ReplyDelete
  26. ඉතාම ස්තුතියි මධුරංග...මම කවදාවත් ගිහිල්ලා නැති මේ ගමන මගේ දෙමාපියන්වත් කැටුව ඉක්මනටම යන්න දොළක් මගේ හිතේ උපන්නා. මේ ලිපි පෙළ එයට දායක වූ බව කියන්නම ඕනෙ....අපේ රටේ සංස්කෘතිය / හුරුපුරුදු / මිනිස්සු කොච්චර සුන්දරද කියලත් ආයෙමත් වතාවක් දැනුන පෝස්ටුවක්....ගල් පඩි නැගගෙන ඉහළට අමුද්‍රව්‍ය ගෙනල්ලා නොමිලේම මිනිස්සුන්ට කන්න දෙන එක කොච්චර අගය කල යුතු දෙයක්ද....

    මගේ සිරිලංකාව කොච්චර ලස්සනද හැබෑටම...පාලකයොත් ධාර්මික වෙලා හැම පැත්තක්ම සුඛිත මුදිත උනොත් දිව්‍ය ලෝකයට වඩා ලස්සනට තියේවි...නමුත් මේක කවදාවත් දකින්නට නොලැබෙන එක ගැනයි මට දුක.

    ReplyDelete
  27. තරුවා :
    අනිවාර්යෙන්ම.. ඒ පාරෙනුත් එනවා මම... :)

    ඉවාන් පවුලූශා :
    එල එල එල... කියවලා එන්න...

    සිරාගෙ කාමරේ :
    අනිවාර්යෙන්ම.. කෙනෙක්ගේ බඩගින්න නිවන එක කොච්චර නම් පුණ්‍ය කර්මයක්ද... දෙමව්පියනුත් එක්ක ඉක්මනින්ම සිරිපා කරුණා කරන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම !

    ReplyDelete
  28. mata mathaka hatiyata padi 4800k withara eka digata naggata passe tama thani thalawak hamba wenne..... a wenakota nam man mathath nisa hoda ganan...adila hitiye... a athare siripade karuna karala apahu emin hitapu ekkenek gen ahuwa tawa padi keeyak tiyenawada kiyala.....padi 12000 k withara tiyenawa kiwwama tawa paninna tharu ithuru une ne.... :)

    ReplyDelete
  29. එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මළුවට

    http://sirilakasarisara.blogspot.com/2014/05/pilgrimage-to-mt-samanala-via-erathna.html

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.