08 January 2014

ඉති කුමාරි කතා වස්තුව - අවසානය

කලින් ලිපියේ දී දීපංකර බුදු හාමුදුරුවෝ වදාලපු විදිහට, ඉති කුමාරිය අබ නැලියක් අරගෙන දෙමව්පියගේ ආශිර්වාදයයි ඒ දෙන්නගේ දුක් සුසුම් මැද්දේ ගෙදරින් පිට වෙලා එනවා කියලා මං කිව්වානෙ. ඒ ලිපිය කියවන්න බැරි උනා නං මෙතනට දුවලා ගිහිං කියවලා එන්ඩ !

මුළු කතාවම අහගන්ඩ බැරි උනා නං මෙන්න පාර !

පළවෙනි කොටස | දෙවෙනි කොටස

අද කතාව එතැන් සිට.......

 ගෙදරින් පිට වෙච්ච කුමාරිය දිවා රෑ වෙහෙස මහන්සිය අමතක කරලා ගවුවට එක ගානේ අබ ඇටය ඇටය හල හල ඇවිදිනවා. කොච්චර ඇවිද්දත් අබ නැලිය එහෙම් පිටින්ම ඉතුරුයි. ඒත් මේ කුමාරිය නෙමේ සැලුනේ... ! තව තවත් ධෛර්යවන්ත වෙලා ඇවිදිගෙන ඉදිරියටම යනවා.

 මේ විදිහට දින ගණන් ගෙවෙනෙවා. සති ගණන් ගෙවෙනවා... මාස ගණනුත් ගෙවෙනවා.

 ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි එක අබ ඇටයක් ඇරෙන්ඩ අබ නැලියේ සේරම අබ ඉවර උනා !

කුමාරිය ඉතුරු ගවුවක දුරත් ගිහින් ඒ අබ ඇටය විසි කලා. ඒත්තෙක්ක්ම මේ කුමාරියට සෑහෙන මහන්සියි. ඒ වගේම තෙහෙට්ටුයි. කුමාරිය ළඟම තියෙන පැල්පතට ඇතුල් වෙනවා. ඒ පැල්පත අයිති වෙලා තිබ්බේ ගම්බිර සිටුවරයගේ හරක් බලාගන්න ගොපල්ලට !

ඉති කුමාරිය පැල ඇතුලට ගිහින් බලනකොට කවුරුත් මේ පැල්පතේ උන්නේ නෑ. ඒ වෙනකොට මේ ගොපල්ලා ගම්බිර සිටුවරයගේ හරක් බලාගන්න ගිහින්. කුස්සියට ඇතුළු වෙනකොටම ඉති කුමාරිය දකිනවා මුට්ටියක වී ටිකක් තියෙනවා. මේ කුමාරිය වී කොටලා හාල් අරගෙන බතක් ලිප තියනවා. ඊට පස්සේ මාළුවකුත් ලිප තියලා පස්සේ ලොකු හැලියකට වතුර එහෙකුත් ලිප තියනවා.

මේ සේරමත් කරලා ගෙවල් දොරවලුත් අස් පස් කරලා කුමාරිය එළියට වෙලා බලාගෙන ඉන්නවා තමන්ගේ ස්වාමිපුරුෂයා එනකන්. දන්නවනේ මේ වෙනකන් ඉති කුමාරිය මේ ගොපල්ලව දැකලා නෑයි කියලා.

ඕං ටික වෙලාවකින් වැස්සට තෙමීගෙන ගොපල්ලා ගෙට ගොඩ උනා. එතකොටම දකින්නේ ලස්සන කුමාරිකාවක් ! ගොපල්ලට ඇස් අදහා ගන්ඩත් බැරුව යනවා !

ගෙට ගොඩ වෙච්ච ගොපල්ලව එක්කගෙන ගිහින් රත් වෙන්ඩ දාපු වතුරෙන් නාවනවා.නාවලා ඉවරවෙලා තමන් උයාපු බත කන්ඩ දීලා,

"ඔබ තමයි මගේ ආදරණීය ස්වාමිපුරුෂයා.. මම ඔබව ආදරෙන් බලා ගනිමි. ! දෙවියෙකුට වාගේ සලකමි !" කියලා කියනවා.

ආදරණීය බිරින්දෑ කෙනෙකු ලැබුනු මේ ගොපල්ලා පහුවදාම ගම්බිර සිටුවරයගේ සිටු මැදුරට යනවා. සිටුවරයා ඉදිරියට ගිහින් කියනවා මට අද ඉදන් සිටු මැදුරෙන් කෑම එපා ය. මට බිරින්දෑ කෙනෙකු ලැබුනා ය. ඒ නිසා මට මගේ වැටුප දෙන්ඩෙයි කියලා. මේ කතාව අහපු සිටුවරයට හොඳටෝම කෙන්ති යනවා.

කේන්ති ගියපු සිටුවරයා, මේ ගොපල්ලව සේවයෙන් නෙරපලා සිටු මැදුරෙනුත් එලියට දානවා. රස්සාව නැති වෙච්ච දුකෙන් ගෙදර එන මේ ගොපල්ලා ඉති කුමාරිය දකිනවා. ගොපල්ලා තමන්ට වෙච්ච හැමදේම ඉති කුමාරියත්තෙක්ක කියනවා.

ඊට පස්සේ ඉති කුමාරිය මේ ගොපල්ලගේ හිත සනසලා පුරන් වෙච්ච කුඹුරු ලියැද්දක් හොයාගන්න කියලා ගොපල්ලට කියනවා. ගමේ මිනිස්සුන්ගේ සේරම හරක් ඒ ලියැද්දේ බඳින්ඩ කියලා ගමේ මිනිස්සුන්ට කියන්ඩ කියලා ඉල්ලීමකුත් කරනවා. අර පුරන් වෙච්ච කුඹුරේ හරක් බැන්දට පස්සේ හරකුන්ට පෑගිලා ඒ ලියැදි කෑල්ල කුඹුරක් වාගේම මඩ වෙනවා.

පස්සේ මේ ගොපල්ලා කුඹුර හානවා.හාලා ඉවර වෙලා ඉහින්ඩ බිත්තර වී තිබුනේ නෑ. කුමාරියගේ ඉල්ලීම හන්දම බොල් වී ගෙනල්ලා කුඹුරේ ඉහිනවා.ඒ බොල් වී අතරේ තියෙන හොඳ වී ඇට ටික පැලවෙලා සරු සාර කරල් ඇති වෙනවා. ගොයම් පාගන කාලේ ආවහම කමතේ ගොයම් කොළයක් ගහන්ඩ කියලා ඉති කුමාරිය මේ ගොපල්ලට කියනවා.

ගොපල්ලා ගොයම් කොළය ගැහුවට පස්සේ  ඉති කුමාරිය තමන්ගේ දෙපා තියලා ගොයම් ටික පාගනවා. ඉති කුමාරියගේ තිබ්බ පින් මහිමය නිසාම ඒ ගොයම් කොළය පාගන සැරයක් සැරයක් ගානේ කමතෙන් මුතු මතු වෙන්න ගන්නවා. කුමාරියගේ පින හන්දා මුතු වෙච්ච මුතු දීලා සිටුවරුන්ගේ කුඹුරු වල වී ගන්නවා.

කොච්චරවත් වී වලට මුතු හුවමාරු කර ගත්තත් ඉති කුමාරියගේ මුතු ගොඩ ඉවර වෙන්නේ නෑ..අන්තිමේදි සිටුවරුන්ගේ සේරම වී ටික ඉවර වෙනවා.

වී මිලදී ගත්තු සිටු කුමාරිය ඊට පස්සේ ලස්සන මාලිගාවකුත් තනා ගන්නවා. ඊට පස්සේ ටික කාළයකින් ඒ රටේ රජතුමා මියෑදෙනවා. රජතුමා මියෑදුනායින් පස්සේ ඒ රටේ රජකම මේ ගොපල්ලට හිමි වෙනවා. !!

ඔන්න ඊට පස්සේ තමා ගොපල්ලගේ පව පල දෙන්ඩ ගන්නේ.

ගොපල්ලා තව බිරින්දෑ කෙනෙක්ව තමන්ගේ අඹුකමට ගන්නවා.ඉන්පස්සේ ඉති කුමාරියට බැන වදිනවා. දොස් නගනවා.... !

තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙලා හිටපු ගොපල්ලා බනිනකොට මේ ඉති කුමාරියට දුක හිතෙනවා. ඒවගේම බනින වාරයක් වාරයක් පාසා කුමාරියගේ හිත නොසෑහෙන්ඩ රිදෙනවා.
 ඒ විතරක් නෙමේ කුමාරියගේ පින් මහිමය නිසා මතු වෙච්ච ධන නිධාන වස්තු මාන්‍යාදිය සේරම ටික නැතිවේගෙන නැතිවේගෙන යනවා. 

සේරම වස්තු මාන්‍යාදිය නැති උනාට පස්සේ ගොපල්ලට තේරුනා වැඩේ වැරදුනාය කියලා. ගොපල්ලා තමන්ගේ ආදරණීය බිරිඳ, ඒ කියන්නේ ඉති කුමාරිය ගාවට ඇවිදින්,

"මම දුක් විඳපු කාළෙදි ඔබ ඔබේ යුතුකම් මං වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළා. නමුත් මම ඔබට නොසෑහෙන්ඩ දුක් දුන්නා. ඔබ මට මේ යුතුකම් ඉටු කරපු පිනෙන් මතු භවයෙදි පිරිමියෙක් වෙලා උපදින්ඩ ඕනේ. !!! " කියලා ප්‍රාර්ථනාවක් පතනවා. 

මේ ප්‍රාර්තනාව ඇහුනට පස්සේ ඉති කුමරියගේ හිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී යනවා. මේ සතුටත් එක්කම ගොපල්ලාට නැති වෙච්ච සැප සම්පත් වස්තුමාන්‍යාදිය ආයෙමත් පහල වෙනවා. පස්සේ කාලෙක ඉති කුමාරිය මියෑදෙනවා.

මියෑදුනායින් පස්සේ පිරිමි ආත්මයක් ලබලා උපදිනවා.

ඔහොම කල්ප කාලාන්තරයක් ගියාට පස්සේ අපේ ගෞතම බුදු හාමුදුරුවෝ වෙලා බුදු බව අත් කරගන්නවා !!!!

ඔන්න ඕක තමා ඉති කුමාරි කතා වස්තුව. !

-ඉවරයි-

--------------------------------------------------------------------
ප.ලි. - මේ කතාව ලියන්ඩ ගිහිං මම අහගත්තු තරමක්.. අම්මෝ මම ආයේ නං කතාව කෑලි වලට කඩන්නේ නෑ නෑ නෑමයි !

35 comments:

  1. හොද වෙලාවට මේ කොටස් දෙකම මට එක පාර කියවන්න සෙට් වුනේ.. නැත්නම් මාත් කලින් එක බලලා බනින්න කියලා සෙට් වුනේ..

    මොනා වුනත් මේක මම අහලා නොතිබුන කතාවක්..

    ReplyDelete
  2. Ethakota deepankara budu samayedi niyatha wiwarana gaththe kawda??

    ReplyDelete
  3. මධු මලේ මම නම් කොටස් තුනම අද තමයි එකටම කියෙව්වේ. හොඳින් රස වින්ඳා. කථාව මම දැනගෙන හිටියේ නෑ. තව තව බන කථා ඔබගෙන් අසන්න අපට වාසනාව ලැබේවා!!

    ReplyDelete
  4. අවසාන හරියට එද්දී තමයි දන්නේ මේක අහලා තියනවා කියලා. ඒත් ඒ කතාවේ මුල මේ විදියයි කියලා දැනන් හිටියේ නෑ

    ReplyDelete
  5. //"මම දුක් විඳපු කාළෙදි ඔබ ඔබේ යුතුකම් මං වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළා. නමුත් මම ඔබට නොසෑහෙන්ඩ දුක් දුන්නා. ඔබ මට මේ යුතුකම් ඉටු කරපු පිනෙන් මතු භවයෙදි පිරිමියෙක් වෙලා උපදින්ඩ ඕනේ. !!! " //

    හහ් කියලා තමයි කියන්ට වෙන්නේ...:D
    කතාව ලස්සණයි. ඒ කියන්නේ පසු කාලයක සිදුහත් නමින් බුදුවෙලා තියෙන්නේ කලින් ආත්මයක දුක් වින්ද ගෑනු කෙනෙක්...:)

    ReplyDelete
  6. යන්තම් ඇති කතාව ඔක්කොම දාල... :)

    ඇත්තටම බලන් ගියාම පිරිමි වෙලා උපදින්න පිං කරන්න කියන්නේ, ගෑණු වෙලා ඉපදුනාම පිරිමින්ගෙන් වෙන කරදර නිසා වෙන්ඩ ඇති නේද? :D

    (නෑ මං කිව්වේ බලන්න මේ කුමාරිටත් එයාගේ හබී ගෙන් කොච්චර කරදර උනාද? :P)

    තව ප්‍රශ්නයක්...දැන් එතකොට වයිෆ් කෙනෙක් එයාගේ හබී ට කිව්වොත් "ඔයා මට මෙච්චර ආදරෙන් සළකන පිනට ලබන ආත්මේ ඔයා ගෑණු ආත්මයක් ලබන්න ඕනේ" කියල, එහෙම වෙනවද?

    ReplyDelete
  7. දැන් කාලෙ 'ඇතම්' හාමුදුරුවරුවත් හරියට බණක් දේශනා නොකරන කාලෙ, මේවා කාලීන අවශ්‍යතා. දිගටම බන කතාත් ලියහන් මධූ. (හැබැයි කෑලි වලට කඩනවා නෙමේ ඕන්.)

    ReplyDelete
  8. අද තමා යන්තං හරි සාධු සාධූ කියන්න හැකි උනේ.. ජය වේවා. උඹේ මහන්සිය වටිනවා මොකද හුගක් දෙනෙක් මේ කතාව අහලම නැති නිසා..

    ReplyDelete
  9. සාදු සාදු සාදු !!

    //ඔහොම කල්ප කාලාන්තරයක් ගියාට පස්සේ අපේ ගෞතම බුදු හාමුදුරුවෝ වෙලා බුදු බව අත් කරගන්නවා !!!!//

    දීපංකර බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ගෞතම බුදු හාමුදුරුවො සුමේධ තාපසතුමා වෙලා නේද හිටියෙ ? දීපංකර බුදුහාමුදුරුවන්ගෙන්නෙ පළවෙනි නියත විවරණ ගත්තෙ. මම හිතන්නෙ මේ කියන්නෙ පුරාණ දීපංකර බුදුහාමුදුරුවො ගැන වෙන්න ඇති.

    මේ සටහන බලන්නකො. කියවන්න අමාරුනම් ඩවුන්ලෝඩ් කරල සූම් කරල බලන්න.

    http://www.aathaapi.net/Charts/Paramitha-_Ver_4.jpg

    ReplyDelete
  10. සාදු සාදු සාදු !!

    //ඔහොම කල්ප කාලාන්තරයක් ගියාට පස්සේ අපේ ගෞතම බුදු හාමුදුරුවෝ වෙලා බුදු බව අත් කරගන්නවා !!!!//

    දීපංකර බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ගෞතම බුදු හාමුදුරුවො සුමේධ තාපසතුමා වෙලා නේද හිටියෙ ? දීපංකර බුදුහාමුදුරුවන්ගෙන්නෙ පළවෙනි නියත විවරණ ගත්තෙ. මම හිතන්නෙ මේ කියන්නෙ පුරාණ දීපංකර බුදුහාමුදුරුවො ගැන වෙන්න ඇති.

    මේ සටහන බලන්නකො. කියවන්න අමාරුනම් ඩවුන්ලෝඩ් කරල සූම් කරල බලන්න.

    http://www.aathaapi.net/Charts/Paramitha-_Ver_4.jpg

    ReplyDelete
  11. අපූරු කතාවක්, ලස්සණ ප්‍රාර්ථනාවක්. මම හිතුවෙ නෑ නෙ මේක ජාතක කතාවක් කියල කලින්.

    ReplyDelete
  12. හ්ම්.. කොටස් 3 කින් පස්සේ යාන්තම් සම්පූර්ණ කතාව කියවගත්තා...

    මීට කලින් මේ කතාව අහලා තිබුනෙ නෑ.. කොටස් 3 කින් වුනත් කියවන්න ආස හිතෙන විදිහට ලස්සනට ලියලා ...

    ReplyDelete
  13. නොදැන හිටි කතාවක්. පින් සිදුවේවා . කලින් බැනපු ඒවා ඉල්ලා අස්කර ගනිමි.

    ReplyDelete
  14. Dinesh :
    ඇති යාන්තං... නැත්නං මට තවත් බැනුමක් අහන්ඩ වෙනවා.. හික්ස් :)

    Anonymous :
    නෑ නෑ නෑ..
    මේ ඒ දීපංකර බුදු හාමුදුරුවෝ නෙමේ.. මේ සාර අසංඛෙයිය කල්ප ලක්ෂයට කලින් උන්න බුදුහාමුදුරුවෝ.

    Chandana Gunasekera :
    හොඳ වෙලාවට අයියා පමා වෙලා ආවේ.. නැත්නං ඉතුරු කොටස් ලියනකන් ද්වේශ සහගත සිතුවිල්ලෙන් ඉන්ඩ වෙන්නේ...:)

    යක්ෂයා :
    යකා එහෙනං කතාව අහලා තියෙනවා.. හොඳ යකෙක් !

    ReplyDelete
  15. Podi Kumarihami :
    "හහ්" කියන එකේ තේරුම මොකද්දෑ.. හික්ස් :)

    //පසු කාලයක සිදුහත් නමින් බුදුවෙලා තියෙන්නේ කලින් ආත්මයක දුක් වින්ද //ගෑනු කෙනෙක්...:)

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !


    niroshini :
    ඔයා අපහ්පු ප්‍රශ්නෙට උත්තරේ නං දන්නේ නෑ නිරෝ.. හොයලා බලන්ඩ ඕන :)
    මේ ඒක නෙමේ, ඔයා පොඩ්ඩිගේ නංගි ද ? මට නිකමට එහෙම හිතෙනවා.. හිකි හිකි හිකි :)


    Chathuranga Priyashad :
    දිගටම බණ කතා ලියන්ඩ නම් අමාරුයි. එතකොට කියවන අයටත් එපා වේවි. පුලු පුලුවන් හැටියකට ලියන්නම්.



    දේශක යා :
    දුක් විඳගෙන හරි කියවපු එකට ස්තූතියි ! :)

    ReplyDelete
  16. Chanaka Munasinghe :
    බොහොම ස්තූතියි.. දීර්ඝ කමෙන්ටුවට !
    සර් කියපු ඉතුරු ටිකත් මම පෝස්ට් එකකට දාලා ලියන්න ඉන්නේ.. :)

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ජාතක කතාවක් නෙමේ නංගි ! :)

    තුශානි :
    මම ලියාපු විදිහෙන් කියවන්ඩ ආස හිතුනා නං ඒක මට සතුටක්.. එහෙම අහන්ඩ ලැබෙනෙකත් හිතට පවන් සලන්නා වාගේ !!!

    හරී - පිණිපළස :
    ඒකනේ මම් කිව්වේ මෙත් පතන්න කියලා.. හික්ස් :)
    ඔන්න එහෙනං සම්පූර්ණ කතාවම දුන්නා

    ReplyDelete
  17. මම නම් මේ කතාව දන්නවා. මේ වගේ තවත් බණ කතා ගොඩක් දන්නව..

    ReplyDelete
  18. මරු කතාව. අනේ බං මෙච්චර පොඩි කතාවක් කෑලි තුනකට කැඩුවෙ මොන හිතකින්ද?

    ReplyDelete
  19. කොටස් තුනක් දැම්ම නේද මේක..හොඳ කතාව..ස්තුතියි

    ReplyDelete
  20. මන් කවදාවත් අහලා තිබුනේ නැති කතාවක් මේ වගේ කතා ඉදිරියට අපිට කියවන්න සලස්වනවා හොදා

    ReplyDelete
  21. නියමයි මධු...මේ වගේ තව කතා කීපයක් ලියන්නකෝ අප්පා.....

    ReplyDelete
  22. Anonymous :
    එහෙනං මට කතා දෙක තුනක් ලියා එවන්ඩකෝ.. මෙන්න ඊ මේල් ලිපිනය
    sithakasankalpana@gmail.com

    රාජ් :
    දිග වැඩි නිසානේ කොටස් තුනකට කැඩුවේ. එක ලිපියක වචන 420කුත් පන්නලා තිබ්බා. මේ ලිපියේ 623ක් වචන !!!!

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    කියවා ගත්තා නෙහ්.. කලින් ලිපියේදි නං මට මෙත් පතලා එහෙමත් තිබුනේ.. :)

    ReplyDelete
  23. ශානු :
    එහෙම එහෙමයි කුමාරිහාමි !
    මම දිගටෝම මේ කතාම ලියන්නම්.

    SilentSahan :
    උත්සහ කරලා බලමු මාසෙකට එක ගානෙවත් ලියන්ඩ. :)

    ReplyDelete
  24. කලින් අහලා තිබුනත් ඒකේ අමතන තැන් ආපහු මතන් උනා.

    ReplyDelete
  25. "ඒ රටේ රජතුමා මියෑදෙනවා. රජතුමා මියෑදුනායින් පස්සේ ඒ රටේ රජකම මේ ගොපල්ලට හිමි වෙනවා. !!"

    මෙහෙම නිකන්ම රජකම හම්බවෙනවද බන්

    ReplyDelete
  26. කොටස් ඔක්කොම එකපාර කියවපු නිසා අවුලක් නෑ. නැත්තං මාත් විරෝධතා එල්ල කරනවා. බොහෝම පින් මධූ මේ වගේ බණ කතාවක් අපිටත් දැනගන්න ලිව්වට..

    ReplyDelete
  27. ලස්සන කතාවක්..ලිපි ඔක්කොම එක පාරම කියෙව්ව..

    ReplyDelete
  28. Amila Prabath Samarakkodi :
    මතකය ආයෙත් අළුත් උනා නං සතුටුයි.. :)

    S. L. මැලේ රාළ :
    ඒ කාලේ සල්ලි බලේට රජකම දුන්නා ද දන්නේ නෑ නෙහ්. මෙහෙත් එහෙමනේ සල්ලි තියෙනවා නං රජකම උනත් ගත්තෑකි නෙ.

    සිඟිති :
    හොඳ වෙලාවට පහුවෙලා ආවේ.. හික්ස් :)
    සිඟිති බැන්නොත් නං බලාගමු ඈ.. !!!

    රජ වීදියේ උමේෂ් :
    හ්ම්ම්ම්.... ඒක හොඳයි. :)

    ReplyDelete
  29. කොටස් තුනම කියෙව්වා එක පාරට :)

    කවදාවත් අහපු නැති කතාවක්.. බෝම පින්..

    ReplyDelete
  30. සමී :
    හොඳ වෙලාවට පහුවෙලා කියෙව්වේ.. :)

    ReplyDelete
  31. මේ පුරාණ දීපංකර බුදු හාමුදුරුවෝ තමයි සහෝ! ජය වේවා!

    ReplyDelete
  32. මදුරංග , මෙම කතාව ලබා ගත් ස්ථානය සඳහන් කරනවාද ? මෙහෙම කතාවක් කොහේදිවත් අහල නැහැ. ගෙතූ කතාවක් බවයි මගේ නම් අදහස. එහෙම ගෙතුවා නම් ප්‍රබන්ධයක් බව සඳහන් කිරීම තමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙමයි.

      Delete
  33. මම කාලෙකට ඉස්සර මේ ඉති කුමාරි කතාව කවි බණකින් අහලා තිබ්බා මතකයි. තව තැනකත් මේ ගැන තිබ්බා.

    http://sridharmadeshana.blogspot.com/2015/09/blog-post_29.html

    බොහොම පින් මදුරංග ඔබට මෙහෙම වැදගත් කාරණා අන් අයගේ දැනුමට බෙදා ගන්නවට.

    ReplyDelete
  34. මූලාශ්‍රය මොකද්ද මේක ලියන්න ගත්ත.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.