16 January 2014

ගුරුතුමාගේ තෑග්ග

එදා ඉස්කෝලේ ගුරු දිනය සමරපු දවසක්.ගුරු උපහාර වැඩසටහන ඉවරවෙලා ළමයි ඔක්කොම පංති වලට ගියා. මේ කතාවේ කතා නායකයා වෙච්ච ගුරුවරයත් එයාට භාරව තිබ්බ පංති කාමරයට ගියා. අපි ඒ ගුරුවරයට ජනක කියලා කියමු. ජනක කියලා කියන්නේ සංචාර වලට ගොඩක්ම කැමති ගුරුවරයෙක්. මට ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්න වටින තැන් ගැන කියලා දුන්නෙත් මේ ගුරුවරයාම තමයි.

සර් පංතියට ආවට පස්සේ,

"සර්!!!! අපි ගුරු දිනය හන්දා සර්ට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා. මේ තියෙන්නේ ඒ තෑග්ග !!!" පංතියේ නායකයා ඉස්සරහට ඇවිත් කිව්වා.

"මම් තෑගි නම් බලාපොරොත්තු උනේ නෑ.කමක් නෑ. ආසාවෙන් දෙන දේ නේ !!!!" සර්රුත් තෑග්ග දිහා කෑදර බැල්මක් දාලා තෑග්ග පිලිගත්තා. කට්ටියම තෑග්ග දීලා සර්ට වැඳලා තම තමන්ගේ තැන් වලින් වාඩි උනා. පීරියඩ් එකත් එහෙම්මම ඉවර උනා.

අර තෑග්ගත් අරගෙන සර් ගුරු විවේකාගාරය පැත්තට ගියා.

"හා....නේ !!!!! ජනකට තෑග්ගකුත් ලැබිලා තියෙන්නේ" සර්ව දැකපු ගණිතය මිස් එහෙම කිව්වා.

"එහෙම තමයි මම උගන්වන ළමයි !!!! අපට සලකනවනේ" සර්රුත් කට කනේ තියාගෙන කිව්වා.කොහොමහරි මේ තෑග්ග ගුරු විවේකාගාරයේ මේසය උඩින් එහෙම තියලා. කට්ටියට පේන්නත් එක්කම තෑග්ග ලිහන්නයි කල්පනාව. විවේක කාලය හන්දා ගුරු විවේකාගාරය, ගුරුවරුන්ගෙන් පිරිලා තිබ්බා.

ජනක සර් තෑග්ග විවෘත කළා.

"චී....යා ජනක !!!!! මේක ලන්කට් එකක් නේ. ඒ මදිවට මේකේ හිල් ගොඩකුත් තියෙනවා !!!!!"

ටීචර් කෙනෙක් එහෙම කියාගෙන ගුරු විවේකාගාරයෙන් එලියට ආවා. ඉතුරු කට්ටිය තෑග්ග තිබ්බ පෙට්ටියට එබුනා. ජනක සර්ට කෙන්ති ගිහින් මූනත්තෙක්ක රතු උනා.
(තෑග්ගේ තිබ්බේ ඔය කියපු හිල් හිල් ජොකෙකුයි බාගෙට ඉවර වෙච්ච සෙන්ට් කුප්පියකුයි.)

ජනක සර්රුත් ගුරු විවේකාගාරයෙන් එලියට ඇවිත් අර පංතියේ හිටපු ඔක්කොම අව්වේ දන ගස්සවලා තිබ්බා. ඊට පස්සේ මේ සිද්ධිය ප්‍රින්සිපල් සර්ට ආරංචි වෙලා කොනක ඉදන් මේ වැඩේ කරපු එවුන්ව හෙව්වා.

අන්තිමේදි ඒ වැඩේට අහු වෙච්ච කට්ටියට මාසයක් විතර පංති තහනම් කලා. සිද්ධියෙන් පස්සේ ජනක සර්රුත් සතියක ලෙඩ නිවාඩුවක් අනුමත කරගෙන තිබුනා.

උගන්වන ගුරුවරුන්ට මෙහෙම දේවල් කරන එක නං අනුමත කරන්න බෑ. ඒ කාලේ සර් කරපු කියපු දේවල් හන්දා සර්ට අකමැති වෙලා හිටපු පිරිස කරපු වැඩක් කියලයි පස්සේ ආරංචි උනේ.

මේ සිද්දිය වෙනකොට මම හිටියේ නමයේ පංතියේ. මම නං මේ සිද්ධියට ඉඳිකටු තුඩකින්වත් සම්බන්ධ නෑ.

------------------------------------------------------
ප.ලි. - ගොඩ කාලෙකට කලින් බාගයක් ලියලා තිබ්බ පෝස්ට් එකක් අද තමයි සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කලේ.

25 comments:

  1. ප්‍රින්සිපල්ලගෙ බඩවල් කපන උන් ඉද්දී මේ වගේ වැඩ චුටිටි දේවල් වගේ. ඒත් ඉතින් එච්චර නෙමේ ගොඩක්ම හොද මදී

    ReplyDelete
  2. හෙ හෙ... අනුමත කරන්න බෑ නේන්නං

    ReplyDelete
  3. එක එකා තම කෙන්තිය අකමැත්ත පෙන්වන ක්‍රම වෙනස්නෙ මධූ. මේකත් ඒවගේ වෙනස්ම විදියට සර්ට ගේමක් දුන්න එකක්

    මොක උනත් වැඩේ නම් පොඩ්ඩක්වත් අනුමත නොකරමි.

    ReplyDelete
  4. දැන්නම් හෙලා දකිමි....ඉස්සර මමත් ඔය ගොඩේ හිටිය නම් අනුමත කරමි....(ඒ ළමා කමට) ඇත්ත තත්වේ ඒකයි.....මගේ මතය ඕං ඈ කස්ටිය මට නෙලන්ට එන්න එපා :O

    ReplyDelete
  5. එතකොට අර දුටුගැමුණු තමන්ගේ තාත්තට දුන්නේ ගෑණු යට ඇඳුම් නේද? ගැමුණු කොල්ලාවත් කිං කාවන්තිස්ස දණ ගස්සලා තිබ්බාද මන්දා!

    ReplyDelete
  6. උපරිම වැරදි වැඩක්

    ReplyDelete
  7. වැඩේ නං හොද නෑ. ඒත් ඉතිං ඔය වැඩේ කරද්දි මං හිටියනං ඔය සෙට් එකේ මාත් සපෝට් එකක් නොදෙන්නෙමත් නැති වෙන්න තිබුනා. :)

    ReplyDelete
  8. මේ සිද්දිය වෙනකොට මම හිටියේ නමයේ පංතියේ. මම නං මේ සිද්ධියට ඉඳිකටු තුඩකින්වත් සම්බන්ධ නෑ.

    :D

    ReplyDelete
  9. වැඩේ නම් අප්සට්.. අපිත් ඉතින් ඔය නම් හැදුවට හොරෙන් කෑ ගැහුවට මෙහෙම වැඩක් කරනවයි කීයටවත්..

    //මේ සිද්දිය වෙනකොට මම හිටියේ නමයේ පංතියේ. මම නං මේ සිද්ධියට ඉඳිකටු තුඩකින්වත් සම්බන්ධ නෑ. //

    හා හොදේ.. අපි පිළිගත්තා..

    ReplyDelete
  10. ගුරුකම නොදන්නා ගුරුවරයෙක් නෙව. පින්සිපල් පවා මැටිටෙක්..

    ReplyDelete
  11. වැව් ඉස්මත්ත :
    ජොලියට කරපු වැඩක්ලු නෙ.. :)

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    කොහෙද හලෝ ගිහිං උන්නේ ? මොකෝ දැන් ලියන්නේ නැත්තේ ?

    Chathuranga Priyashad :
    වෙනස්ම විදිහේ ගේමක් නේන්නම්..

    ශානු :
    මමත් අපේ ශානුගේ පැත්තේ. මං හිටියත් ඕකමයි කරන්නේ.හික්ස් :)

    කතන්දර කාරයා :
    අන්න පොයින්ට් එක කකා.. එහෙම බලාගෙන ගියහම ගුරුවරයා මේ කරපු වැඩේ වැරදියි.

    ReplyDelete
  12. යකෝ කැමති නැත්නම් අපෙ සෙට් එකක් කෙරුවා වගේ බයිසිකලේට සීනි දාපල්ලා. ඒත් මෙහෙම දේවල් පව්. ආයේ ආත්මයක් නෑනේ

    ReplyDelete
  13. Damith Gunawaredane :
    හ්ම්.. ඔවු. වැරදි වැඩක් !

    සිඟිති :
    කොන්වන්ට් එකේ ඉන්නැද්දි සිඟිතිලාත් එක එක දඟ වැඩ කරන්න ඇතිනේ. අපි නොදන්න කොන්වන්ට් ගෑල්ලමයි ! :)

    හරී :
    කෝ අද මුකුත් කීයන්නේ නැද්ද ? මෙතන පෝස්ට් එකෙන් කෑල්ලක් උපුටාගෙන හිනා වෙලා ඉන්නවා.

    Dinesh :
    ඒකනේ.. මල්ලි දන්නවනේ මම ඔහොම නෑ කියලා.
    ඒ කාලේ මෙහෙම දේවල් කලේ නැත්තං කිසි ගතියකුත් නෑ.

    දේශක යා :
    හ්ම්ම්.. ඇත්ත දේශකයෝ.. !

    ReplyDelete
  14. යක්ෂයා :
    ආත්මයක් නෑ නේන්නං ! :)

    ReplyDelete
  15. හහහා... ආතල් ඕයි... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. අද කාලේ වෙන වැඩවල හැටියට මේ පොඩි දෙයක්නේ වෙලා තියෙන්නේ

    ReplyDelete
  17. හැක හැක උඹනම් මේකට කිසිම සම්බන්ධයක් නැතුව ඇති...ආයේ මක්කයි

    ReplyDelete
  18. පව් අප්පා කියන්ටත් බෑ ඉතින්. සමහරු මේවගේ වැඩ කරනවා දැකලා තියෙන නිසා... :)

    ReplyDelete
  19. කොහොම වුනත් වැඩේ වැරදියි...

    ReplyDelete
  20. වැඩේ වැරදි උනත් කරපු උන් නම් පට්ට ආතල් එකක් ගන්නැති...

    ReplyDelete
  21. අඩවි රජ :
    ආතල් නේන්නං.
    රාජ සම්පත් නං එපා.. :)

    Naleen Dilruksha :
    ඔය පොඩි දේ ලොකු කරගෙන නේන්නං ගුටි කෑවේ.

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    අන්න හරි.. :)

    ReplyDelete
  22. Podi Kumarihami :
    එහෙනං ඔයත් දැකලා තියෙනවා... :)

    තුශානි :
    වැඩේ වැරදියි නේන්නම්.

    Amila Prabath Samarakkodi :
    ඒක නං එහෙම තමා. පට්ටම පට්ට ආතල්.

    ReplyDelete
  23. නිර්දේශ නොකරමි / අනුමත නොකරමි

    ReplyDelete
  24. මේවානම් හරිම සවුත්තු වැඩය. අපේ කාලයේ මෙවැනි වැඩ ගැන පාසල් වලින් අසන්නවත් නොතිබුනි. ලෝකය දියුණුවනවිට පුද්ගලයින්ගේ පිරිහීමට මෙයද කඳිම උදාහරණයකි.
    දැන් ඉන්න බොහෝ දරැවන් ගුරැවරැන්ට තියා තම දෙමාපියනට හා වැඩිහිටියනට සලකන්නේද බොහෝ වැරදි ආකාරයෙනි.
    උඹට ජය!!

    ReplyDelete
  25. මේවානම් හරිම සවුත්තු වැඩය. අපේ කාලයේ මෙවැනි වැඩ ගැන පාසල් වලින් අසන්නවත් නොතිබුනි. ලෝකය දියුණුවනවිට පුද්ගලයින්ගේ පිරිහීමට මෙයද කඳිම උදාහරණයකි.
    දැන් ඉන්න බොහෝ දරැවන් ගුරැවරැන්ට තියා තම දෙමාපියනට හා වැඩිහිටියනට සලකන්නේද බොහෝ වැරදි ආකාරයෙනි.
    උඹට ජය!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.