04 January 2014

වැඩකට නැති පෙට්ටිය

අපි ජීවිත කාළය තුලදී බොහෝ පෙට්ටි දකින්නෙමු. සමහර පෙට්ටි ප්‍රමාණයෙන් විශාල ය. සමහර ඒවා කුඩා ය. පෙට්ටි වලින් ඇති ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ඕනෑම දෙයක් ක්‍රමානුකූලව අසුරා තැබීමය. 

පෙට්ටියෙන් ගන්නා කාර්ය අනුව විවිධ වර්ග වලට වෙන් වේ. රටකින් රටකට බඩු ප්‍රවාහනයේදි ප්‍රමාණයෙන් විශාල පෙට්ටි භාවිතා කරයි. අපි ඒවාට කන්ටේනර් පෙට්ටි යැයි කියන්නෙමු.  මීට අමතරව අපි අසුරන දේ අනුව පෙට්ටි නම් කිරීමක් ද සිදු වේ.

බිස්කට් වැනි දෑ අසුරන්නට භාවිතා කරන්නේ බිස්කට් පෙට්ටි වන අතර පාසල් ළමුන් තම තමන්ගේ පෑන් පැන්සල් අසුරා තබා ගැනීමට පැන්සල් පෙට්ටි භාවිතා කරයි.මීට අමතරව තැපැල් පෙට්ටි, කෝච්චි පෙට්ටි වගේම පන්සල් වල පින් පෙට්ටි ආදී වශයෙන් නානාප්‍රකාර පෙට්ටි අපි අතර වේ.

මා ඉහතින් සඳහන් කලේ වැඩකට ඇති පෙට්ටි ගැන ය.ගොඩක් පෙට්ටි වැඩකට ඇති ඒවා ය.එහෙත් කිසිම වැඩකට නැති පෙට්ටිත් ඇත. මෙයත් එවැනිම පෙට්ටියකි.

මා පහතින් දක්වා ඇත්තේ එවැනි වැඩකට නැති පෙට්ටියක පින්තූරයක් ය. මෙම පෙට්ටියට ඉංග්‍රීසියෙන් කියන්නේ "යූස්ලස් බොක්ස්" කියා ය.
                                                                                                වැඩකට නැති පෙට්ටිය

මෙම පෙට්ටියෙන් කෙරෙන එකම කාර්යය වන්නේ අප විසින් ක්‍රියාත්මක කරන ස්විචය තමන් විසින්ම නිවා දමා ගැනීම ය. තවත් සරලව කියනවා නම් අපි "ඔන්" කරන ස්විචය තමන් විසින්ම "ඕෆ්" කර ගැනීම පමණෙකි.

මෙම වැඩකට නැති පෙට්ටි සංකල්පය මුල් වරට සොයා ගත්තේ මැසචුසෙට් තාක්ශණ ආයතනයේ මහාචාර්යවරයෙකු වන  මර්වින් මින්ස්කි මහත්මයා ය.

---------------------------------------------------------------------
ප.ලි - යූස්ලස් බොක්ස් (Useless Box) ගැන වැඩිදුර කියවන්න මෙන්න විකිපීඩියා සබැඳිය. එක දිගට ලිපි 4ක් දාපු නිසා මං කෙටි විවේකයක් ගන්නවා. :)

සියළුමදෙනාට විනෝදයෙන් පිරුණු සති අන්තයක් !

27 comments:

  1. හොඳ යි හොඳ යි විවේකයක් ගන්ටකෝ... ඉතින් මෙව්වා මොකටද තියෙන්නේ?

    ReplyDelete
  2. බලාගෙන ගියාම වැඩකට නැති පෙට්ටියෙත් පොඩි ආතල් එකක් තියෙනවා
    ජය වේවා!!

    ReplyDelete
  3. ඒක නං වැඩකට නෑම තමයි. අපරාදෙ හදන්න ගත්ත මහන්සියයි කාලෙයි... :)

    ReplyDelete
  4. එහෙනම් පෙට්ටි කඩේකින් වඩයක් කාලා,ප්ලේන්ටියක් බීලා විවේකයක් අරන් එන්නකෝ.....

    ReplyDelete
  5. වැඩකට නැති පෙට්ටිය හොයාගත්තු කෙනාට වෙන වැඩක් තියෙන්ට නැතුව ඇති.
    ඒක හොඳයි ගිහින් ටිකක් විවේක ගන්ට. අපිටත් විවේකයක් එපැයි...හී හී...

    ReplyDelete
  6. සල්ලි වියදම් කරලා ඔය මඟුල හදනවටත් ණයයිනෙ.

    ReplyDelete
  7. ගොඩක් තියෙන්නෙ වැඩකට නැති පෙට්ටි තමා බන් !!

    ReplyDelete
  8. බලාගෙන යද්දි ඒකෙ වැඩක් නැත්තෙමත් නෑ නේද?

    ReplyDelete
  9. මේ පෙට්ටිය කඩන්න බැරිද

    ReplyDelete
  10. වැඩකට නැති උනත් පෙට්ටියක්නේ බන් .... අයිතිකාරයට වටිනවා ඇති

    ReplyDelete
  11. කවුද කියන්නෙ ඒක වැඩකට නැති දෙයක් කියලා o.O

    ReplyDelete
  12. රෑට නිදාගන්න යද්දී නම් හොඳයි ඔය වගේ පෙට්ටියක්... ඉබේම ඔෆ්ෆ් වෙනවා නෙව..

    ReplyDelete
  13. මේ පෙට්ටිය ආතල් එකට ඔබ ඔබා ඉන්න හොදයි නේ ඉතිං

    ReplyDelete
  14. හැම පෙට්ටියම මෙහෙම ආතල් එකට ඔබන ඒව තමා නේද?

    ReplyDelete
  15. මේක මරු පෙට්ටිය. මම මේ ගැන යූ ටියුබ් එකේ බැලුවා මේ ලිපිය කියෙව්ව ගමන්. ඒකේ තිබුණා arduino processor එකකින් design කරපු මේ වගේ පෙට්ටියක්..ඒක මරු.....

    ReplyDelete
  16. ඉතින් මෙ පෙට්ටියෙන් වැඩක්ගන්න බැනේ යකඩ වලට විකුනන එක \ඇර.

    ReplyDelete
  17. අනේ මන්ද මේ කාලේ බොට මොකද වැඩකට නැති පෙට්ටි ලඩියක් මතක් උනේ..

    මරු පෙට්ටිය..

    ReplyDelete
  18. පෙට්ටිය කඩා ගන්නෙ නැතුව පරිස්සං කර ගත්තොත් හොදයි..පෙට්ටි තියෙන ඇත්තො...

    ReplyDelete
  19. කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ජොලියටනේ හලෝ... පේන්නැද්ද මේකේං මෙලෝ වැඩක් නෑ කියලා.

    සී.ජේ. විදානේ. :
    හ්ම්ම් පොඩි ආතල් එකක් නැතුවමත් නෙමේ. සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට !

    සිඟිති :
    හ්ම්.. අනික මේ සංකල්පය හොයා ගන්ඩ කොච්චර කාලයක් නාස්ති කරන්ඩ ඇද්ද.

    ශානු :
    හා එහෙනං මං විවේකයක් අරං එන්නම්. :)

    පොඩ්ඩි :
    ඒකනේ පොඩ්ඩි.. මටත් වැඩක් නෑනේ මෙව්වා හොය හොයා දාන්ඩම... :)

    ReplyDelete

  20. Chathuranga Priyashad :
    අනේද කියන්නේ...

    පත්තර මල්ලි :
    ඔවු.. කැඩුවට පස්සේ වැඩක් නෑ..හික්ස් :)

    සිඳු :
    පොඩි ජොලියක් තියෙන්නේ.. !

    Anonymous :
    ඇයි බැරි... ඕනම පෙට්ටියක් කැඩුවෑකි :)

    S. L. මැලේ රාළ :
    ඒකනේ ඌ හොයාගත්තු එකනේ.

    මගේ දිනපොත.......... :
    හොයාගත්තු කෙනාම තමා ඒක එහෙම නම් කරලා තියෙන්නේ.

    ReplyDelete
  21. SilentSahan :
    හික්ස් :)
    ඇතුලට දාපු ගමන් ඉබේටම ඕෆ් වෙනවා නෙහ්.. :)

    යක්ෂයා :
    ඒක තමා තියෙන එකම ආතල් එක.. ඒ ඇරෙන්න කිසි දෙයක් නෑ.

    sAm (සෑම්) :
    හික්ස්... නෝ කමෙන්ට් ! :)

    රන්දු :
    හප්පා... මාත් බලන්ඩ ඕනා. !

    නදී :
    හ්ම්ම්... ඒක තමා. වෙන වැඩක් ඇත්තෙම නෑ..

    දේශක යා :
    නිකමට වාගේ මතක් උනේ.

    සිරාගෙ කාමරේ :
    ඒක කිව්වේ වැඩකට නැති පෙට්ටිය ගැනමයි නේද.. :)

    ReplyDelete
  22. පෙට්ටියට ගිය කලක්..

    ReplyDelete
  23. පෙට්ටි වැඩකට නැති වෙන්නනම් සෑහෙන කාලයක් යන්නම ඕන..

    ReplyDelete
  24. ඔන්න 33000ඩොට්එල්කේ එකෙත් ඔය පෙට්ටියම දාලා මධුවෝ..

    ReplyDelete
  25. වැඩකට නැති පෙට්ටියක් වුනත් අපූරු සොයා ගැනීමක්..

    ReplyDelete
  26. ඕම කරල ඉතින් කැඩුනු දවසට තමයි දුක හිතෙන්නෙ.. :(

    ReplyDelete
  27. මොන කෙහෙල්මලක්ද යකෝ මේ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.