27 January 2014

දඹදෙණියට ගිය ගමන

එදා සෙනසුරාදා දවසක්... හරියටම දිනය කිව්වොත් මේ මාසේ දාහතර වෙනිදා. ගෙදර ඉන්ඩත් කම්මැලියි. ඔන්නොහේ කොහේහරි රවුමක් දාලා එන්ඩ ඕන කියලා හිතුනා. ඊට පස්සේ කල්පනා කෙරුවා කොහේද යන්ඩ හොඳ කියලා.

එතකොටම තමා මතක් උනේ මම  දඹදෙණි යන්ඩ හිතාගෙන උන්නා නේද කියලා. අම්මවත් දැනුවත් කරලා ලෑස්ති උනා දඹදෙණි යන්ඩ. මුලදි නම් හිතාගෙන හිටියේ ගෙදර කට්ටිය එක්ක යන්ඩ. ඒත් අම්මට කඳු නගින්ඩ බැරි නිසා ආවේ නෑ. මලයට විභාග නිසා හෙල්ලෙන්ඩවත් වෙලාවක් නෑ.ඒ නිසා තනියෙන්ම ගමන ආවා.

 උදේට කාලා වතුර බෝතලකුයි කැමරාවයි බැටරි කෑලි හතරකුයි දාගෙන ගෙදරින් පිට උනා දඹදෙණි යන්ඩ. මගදි කඩයක් අල්ලගෙන බිස්කට් පැකට් දෙකකුත් ගත්තා. ඇයි ඉතිං කොයි වෙලේ බඩගින්නක් ඒවිද දන්නවා යෑ.

ඔය සේරම කරගෙන හැඳල හන්දියට ආවා මීගමු පාරේ යන කොළඹ-කුරුණෑගල බස් එකක් අල්ලගන්ඩ. විනාඩි විස්සක් විතර බස් හෝල්ට් එකේ ලැග්ගට පස්සේ කුරුණෑගල බස් එකක් ආවා. ඒකේ නැගලා දඹදෙණියට ටිකට් ගත්තා. පෑ දෙකක් යනකොට බස් එක දඹදෙණියට ආවා.

බස් එකෙන් බහිනකොට වෙලාව දහයාමාරට එකොලහට විතර ඇති...

ඊට පස්සේ පාර පැනලා දකුණු අත පැත්තේ තිබ්බ පාර දිගේ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයත් පහුකරගෙන ඇවිදගෙන ආවා. එතකොටම ඈතින් පෙනුනේ දඹදෙණිය විජය සුන්දරාරාමය !
                                                                              විජයසුන්දරාරාමයට ඇතුල් වෙන දොරටුව

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් රාජධානි නිරිත දිගට මාරු උනාට පස්සේ නිරිත දිගින් පටන් ගැනිනු මුල්ම රාජධානිය තමයි දඹදෙණිය කියන්නේ. එතකොට දඹදෙණිය විජයසුන්දරාරාමය ප්‍රසිද්ධ වෙන්නේ මේ රාජධානි සමයේදි දළදා වහන්සේ තැන්පත් කරලා තිබ්බ පුරාණ දළදා මලිගය මේ විහාරයේම තිබීමයි.

ඒ ගැන අපේ සයුරි අක්කා විස්තර කියයි.

ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් උනහම විජය සුන්දරාරාමයේ ධර්මශාලාවත්තෙක්ක පැරණි බුදුගෙට යන්ඩ තියෙන පඩිපෙල තියෙනවා. පල්ලෙහා රූපේ සුදු පාටින් පේන්නේ ධර්මශාලාව.
                                                                                විහාරයට ඇතුල් වෙන පඩිපෙල්

ඒ පඩිපෙලින් නැගලා වැලිමලුවට ආවහම තියෙන ගොඩනැගිලි තමා පහල රූපෙන් පේන්නේ. වම් පැත්තෙන්ම තියෙන්නේ පැරණි බුදුගේ. මැදින් තියෙන්නේ අළුත් බුදුගේ. කෙලවරේම තියෙන්නේ චෛත්‍යයත්තෙක්ක වටදාගෙය.
                                                                       ඝාණ්ඨාර කුළුණ, පැරණි අළුත් බුදුගෙවල්

ඊළඟට මම පැරණි බුදුගෙට ඇතුල් උනා. බුදුගෙට ඇතුල් වෙන තැනම නා රජු ඇතුලත් මුරගල් දෙකක් තියෙනවා. ඒත්තෙක්කම බල්ලෙකුත් සැපට නිදි...
                                                      පරණ බුදුගෙට ඇතුල් වෙන දොරටුව. (නා රජුන්ගේ දෙපලක් සහිතව)

බුදුගෙයි දොරෙන් ඇතුළු උනහම පේන්න තියෙන්නේ මකර තොරණකින් අලංකාර වෙච්ච සමාධි බුදු පිළිම වහන්සේ.

                                               මකර තොරණ සහිත සමාධි පිළිම වහන්සේ

පැරණි බුදුගෙයි වැඳපුදා ගත්තට පස්සේ මම ඊලඟට ඇතුල් උනේ මැදින් තිබ්බ අළුත් බුදුගේ බලන්ඩ. ඒ බුදුගෙයි අළුත් චිත්‍රත් විශාල සැතපෙන පිළිම වහන්සේ කෙනෙකුත් වැඩ උන්නා. පහලින් තියෙන්නේ අළුත් බුදුගෙයි තිබ්බ චිත්‍ර වලින් කොටසක්.
                                                    අළුත් බුදුගෙයි සැතපෙන පිළිම වහන්සේ හා චිත්‍ර

අළුත් බුදුගෙයින් එලියට ඇවිත්  පරණ බුදුගෙයි පැති පෙනුම පින්තූර ගත්තා.සියල්ල අනිත්‍යයි කියන ධර්මතාවය කියාපාන්න වගේ ටිකක් විතර ගරාවැටීගෙන එනවා.

                                                         පරණ බුදුගෙයි පැති පෙනුම

මම ඊලඟට ඇතුල් උනේ චෛත්‍යය තිබ්බ වටදාගෙට . පහලින් තියෙන්නේ ඒ වටදාගෙයි පින්තූරයක් !
                                                                 වටදාගේ සමඟ චෛත්‍යය

පහල පින්තූරෙ තියෙන්නේ වටදාගෙයි කැණිමඩල. දන්නවනේ ලංකාවේ දර්ශනීයම කැණිමඩල තියෙන්නේ ඇම්බැක්කේ දේවාලෙයි කියලා. :)
                                                                                       වටදාගෙයි කැණිමඩල

ඊට පස්සේ මම ගියේ බෝධීන් වහන්සේ වැදපුදාගන්ඩ. පහල පින්තූරේ තියෙන්නේ පන්සලේ බෝධීන් වහන්සේ !
                                                                                         බෝධීන් වහන්සේ

බෝධීන් වහන්සේ වැදපුදා ගත්තායින් පස්සේ ඒ ළඟින්ම තිබ්බ පඩිපෙලෙන් බැහැලා  පන්සලෙන් පිට උනා. ඒ.. මාලිගාගල නගින්ඩ. ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ මම බැහැගෙන ආපු පඩිපෙල. වම් පැත්තට වෙන්ඩ තියෙන ගොඩනැගිල්ල කෞතුකාගාරයක්. මම ගිය දවසේ කවුරුවත් හිටියේ නැති නිසා කෞතුකාගාරය වහල දාලා තිබ්බේ.

ඒක මගේ වෙලාව... :(
                                                                                             කෞතුකාගාරය

ඊට පස්සේ තියෙන්නේ මලිගාගල නගින්ඩ යන්ඩ.. ඒකට ටික දුරක් ගම මැද්දෙන් යන්ඩ සිද්ධ වෙනවා.

ඊලඟ පෝස්ට් එකෙන් හම්බ වෙමු එහෙනං !


22 comments:

  1. Nice, been there during school days

    ReplyDelete
  2. ඔය රස්තියාදු ගගහ හිටියා මදැයි දැන් පිළිවෙලක් වෙන්ට බැලුවොත් නරකද කියලා ගෙදරින් කියන්නේ නැද්ද?

    ReplyDelete
  3. මාලිගාගල නැගපු විස්තර ඊලග පෝස්ට් එකෙන් දානවා නේද මධූ?

    ReplyDelete
  4. පින්තුර තව කිට්ටු කරල ගන්න එපායැ බං..

    ReplyDelete
  5. Anonymous :
    මාත් මුලින්ම ගියේ ඉස්කෝලෙන්... ඊට පස්සේ තමා තනියම ගියේ.

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    අනේ මන්දා.. කියලා තේරුමක් නෑ ඉතිං :)


    Chathuranga Priyashad :
    අනිවාර්යෙන්ම... ඒ ටික හෙට ලියනවා !

    ReplyDelete
  6. sAm (සෑම්) :
    ඕ...ඕ..ඕ... :(

    දේශක යා :
    අනිත් වතාවේ එහෙම ගන්නං ඉතිං !

    ReplyDelete
  7. තනියම සංචාරේ යන එක එපා වෙන්නේ නැද්ද? මොකද තනියම කවදාවත් ගිහින් නෑ සංචාරයක්. සෙට් එකක් එක්කම තමා යන්නේ

    ReplyDelete
  8. උඹ පන්සල් හොය හොය යනවා.මෙච්චර මෙහේ පන්සල් තියෙනවා යන්ඩ හිතෙන්නෑ බං.පව්කාරකම වෙන්ඩැති....

    ReplyDelete
  9. අපේ ඉසව්වටනේ ඇවිත් තියෙන්නේ.. රජා ඉන්නේ ඔය අහළ පහළමයි...

    ReplyDelete
  10. කැණිමඩල??? අහලා නෑ. මේ මොකක්ද?

    ReplyDelete
  11. යක්ෂයා :
    කට්ටියක් සෙට් උනෙත් නැත්තං, යන්ඩ ආසාවකුත් තියෙනවා නං, නිවාඩුවකුත් තියෙනවා නං.. එදාට මම තනියෙන් හරි යනවා.
    කවදාහරි අපිට තනියම යන්නත් ගමනක් තියෙනව නෙහ්... :)

    දිනුක :
    මාලිගාගල නගින්ඩත්තෙක්කම තමයි මම ගියේ. ඊළඟ පෝස්ට් එක එනකංම ඉමුකෝ.

    Naleen Dilruksha :
    හෑ.. නලින් අයියලෑ ගෙවලුත් එහේ ද ? මරුනේ. දන්නවා නං ගොඩවැදිලා යනවා.

    Podi Kumarihami :
    වහලේ රීප්ප තියෙන රටාවට තමා කැණිමඩල කියන්නේ. කැණිමඩල උඩ තමා උළු හෙවිල්ලලා තියෙන්නේ.

    කැණිමඩල අහලා නෑ.. ? එහෙනං මේ සිංදුව අහලා තියේද ?

    අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ..
    ගිණි ඇවිලුනා කැණිමඩලට අපේ නිවසේ
    එක පත අනා එකට ම කෑ පෙර දවසේ
    මං අමතක ද නුඹ රජ වූ අද දවසේ

    ReplyDelete
  12. Kumarihami,

    visit this link to see what is it.


    http://1.bp.blogspot.com/-gg900-DMJ7o/UM4ioC4LMfI/AAAAAAAAAUs/vs-x8Cp1lo0/s1600/DSC01606.jpg

    ReplyDelete
  13. තනියම මෙහෙම ඇවිදින්න යන්න පිස්සු ද මන්දා! ....))))

    ReplyDelete
  14. මාලිගාගල කොහෙද තියෙන්නේ.?

    ReplyDelete
  15. ඉන්දික උපශාන්ත :
    ස්තූතියි පින්තූරෙට !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ඈ බොල පිස්සු හැදෙන්ඩම ඕනද ඇවිදින්ඩ :)

    Amila Prabath Samarakkodi :
    මෙන්න මේ පෝස්ට් එකට දුවලා එන්ඩ.. ඒකේ මම කියලා තියෙනෝ.

    ReplyDelete
  16. දැන් රස්තියාදුවේ මයි නේ..

    ReplyDelete
  17. Dinesh :
    ඒකත් ඉතිං එක්තරා සතුටක් නෙහ් :)

    ReplyDelete
  18. ගාලු කොල්ලා :
    තෑන්ක්ස් !

    ReplyDelete
  19. නියමයි! මම ආස කරන ටයිප් එකේ ආටිකල් එකක්!

    ReplyDelete
  20. කැණිමඩල කියන්නේ වහලේ පරාල ඇවිත් එකට එකතු වෙන තැනට. ජොයින්ට් වෙන තැනට කියමුකෝ ලේසියට

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.