25 January 2014

සර් කන්ඩ ගිහිං

ඔන්න එකමත් එක සර් කෙනෙක් උගන්න උගන්න ඉන්නවලූ.

"ළමා...යි පොඩ්ඩක් ඔය ගාන හැදිල්ල නවත්තලා මේ පැත්තට හැරෙන්ඩ !"

"දැං මට කියන්ඩ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළට පාඩං කරන්ඩ පටං අරගෙනද තියෙන්නේ කියලා ??? "

සියල්ලෝම " නෑ..ඈ... සර් !"

"මුලිංම කරන්ඩ තියෙන්නේ පාඩං කරනෙක නෙමේ. පැයක් එකදිගට පොතක් දිහා බලාගෙන ඉන්ඩ හිත හදාගන්නෙක. දැම්මතියා ඒකට හුරු වෙන්ඩ ඕන. ඒ නිසා අද හෙටම තමන්ගෙම කාටසටහනක් අනුව වැඩ පටන් ගන්ඩ. පස්සේ පස්සේ පාඩං කරන කාලේ වැඩි කරන්ඩ පුලුවං ! "

"හරි එහෙනං ගණන් ටික හදන්ඩ පටං ගන්ඩ !"

"නිකන්ම ඉලක්කං ටික වැඩි කරලා උත්තරේ දාලා නිකා ඉන්ඩෙපා."

"කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය, සමානයි කියලා දාලා පටං අරන් ගාන හදාගෙන යන්ඩ. අන්තිම උත්තරේට ඉරි දෙක ගහන්ඩ."

"අනිත් කොටසත් ඒ වගේම තමා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය, සමානයි කියලා දාලා ගාන හදාගෙන ගිහින් අන්තිම උත්තරේට ඉරි දෙක ගහන්ඩ !"

"ඔය ඉතිං.... කියලා කට ගන්ඩ හම්බුනා යෑ.... උත්තරේට ඒකක දාලා නෑ.... හොඳට මතක තියා ගන්ඩ ඒකක දාලා නැත්තං විභාගෙදි ළකුණු කපනවා. ඒ නිසා උත්තරේ ඒකකත් එක්ක තියන්ඩ පුරුදු වෙන්ඩ."

"හරි ළමයි... මං එහෙනං කාලා එනකං ඔය ගොල්ලෝ ඔය ගණන් ටික හදන්ඩ. "

එහෙම කියපු සර් උදේට කන්ඩ ගියා ලූ.

කවුරු වෙන්ඩ පුලුවන් ද ඒ සර් ??? :)

එහෙනං මං ගියාවේ. හැමෝටම සතුටින් පිරුණු සති අන්තයක් !

---------------------------------------------------------------------
ප.ලි. - හොඳම යාළුවා ගැන ලියන දෙවෙනි ලිපිය තාම ලියන්ඩ බැරි උනා.  ඒක ඉක්මනටම ලියන්ඩ ඉන්නේ.

29 comments:

  1. හි හි... මේක ලියපු සර්!

    ReplyDelete
  2. ඇත්තටම කවුද ඒ ආදර්ශමත් ගුරු උතුමා?

    ReplyDelete
  3. වෙන කවුද ඉතින් අපේ මධුරංග ගුරුතුමා මිසක්කා.
    නේද සර්?

    ReplyDelete
  4. ඔහොම අපිටත් කට්ටිය කිව්වා.කෝ අපි ඇහුවද?

    ReplyDelete
  5. හිකිස්... වාසනාවන් මෙහෙම ගුරු බවතුන්ලා.. සුවර් එකට මධුරංග අය්යා වෙන්ඩැති!!

    ReplyDelete
  6. ඔබතුමා සර්ම නොවැ......

    ReplyDelete
  7. උදේට් කන්ඩ ගියාද මලක් කඩන්න එලියට ගියාද ඒ සර් !!
    උඹ වෙන්න බෑ බං උඹ මල් කඩන් නෑනේ :D !!

    ReplyDelete
  8. // "මුලිංම කරන්ඩ තියෙන්නේ පාඩං කරනෙක නෙමේ. පැයක් එකදිගට පොතක් දිහා බලාගෙන ඉන්ඩ හිත හදාගන්නෙක.// මධුරංග සර්ගේ උපදෙස් ...

    ReplyDelete
  9. If you wanted the sky I would write across the sky in letters,
    That would soar a thousand feet high,
    To Sir, with Love :D
    සර් කියනකොට ඔලුවට ආවේ ඕක...:)

    ReplyDelete
  10. ඔය සර්ලා හිතන් ඉන්නේ අපිට එයාලව හොයා ගන්න බෑ කියලා ...... පුහ් .............

    ReplyDelete
  11. ටිකක් මිටි/මහත වගේ පේන සෑර් කෙනෙක් නේද...

    ReplyDelete
  12. You have agood ability to write, However you write rubbish only , that too twace a week. (obviously you are paid to write blogs )Last time you wanted us to try to keeo an egg on its side ! Please write something useful or at least something that will mak readers happy for amoment !!!

    ReplyDelete
  13. ගුරු දෙයියෙක් නොවැ මේ හාදයා...අනිත් දවසෙ පන්තියට කාලම ආව නම් නරකද ?

    ReplyDelete
  14. අනේ අපිනම් දන්නෙ නැ

    ReplyDelete
  15. දැන් එතකොට අයියත් ගුරෙක්ද? හොඳයිනේ!

    ReplyDelete
  16. මධුරංග අයියත් සෑර් කෙනෙක්ද එතකොට...?

    ReplyDelete
  17. මධුරංග සර් ගණිතය උගන්නන්න හරිම දක්ෂ පාටයි! :P

    ReplyDelete
  18. වෙන කවුද ඉතින් මධුරංග සර් මිසක..

    ReplyDelete
  19. සෑහෙන ප්‍රතිශතයක් විභාගෙ පාස් වෙයි..

    ReplyDelete
  20. අපිටත් ඔහොම සර්ල හිටිය..හි හි

    ReplyDelete
  21. කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    හික්ස්... :)

    යක්ෂයා :
    කවුදෑ දන්නේ... :)

    Chathuranga Priyashad :
    අපෝ අපෝ... :)

    දිනුක :
    ඇහුවේ නැති උනාට වැරදිලා නෑනේ.. :)

    වර්ෂා ( Rain_Girl ) :
    ඕ... ඒ මමම තමා !

    ReplyDelete
  22. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    හ්ම්... වෙන කවුද..

    Chandana Gunasekera :
    හික්ස් :)

    පත්තර මල්ලි :
    අන්න හරි.. මල් කඩන්ඩ කෑල්ලක් ඉන්ඩ එපාය. :)

    sAm (සෑම්) :
    කෝ කවුද

    තුශානි :
    ඒකනේ.. ඔක්කෝටම කලිං හිත හදාගෙන ඉන්ඩ එපෑ.

    ReplyDelete
  23. Podi Kumarihami :
    දඩිං !
    ඒ උනාට ඒ අදහස ලස්සනයි පොඩ්ඩි.. ඔයත් ලස්සනයි.. අදහසත් ලස්සනයි !

    වැව් ඉස්මත්ත :
    හික් හික් හි :)

    මැලේ රාළ :
    ඒක නේන්නං

    ගෝල්ඩ් ෆිෂ් :
    කවුදෑ දන්නේ.. :)

    Anonymous :
    මමත් ආසයි මොනවහරි වටිනා දේවල් ලියන්ඩ. ඒත් ඒවා හැමවෙලේම හම්බ වෙන්නේ නෑ නේ.. ලියන්ඩ ගොඩක් ආසයි . ඒ නිසා මොන මොනවාහරි ලියනවා. මාත් උත්සහ කරලා පුලු පුලුවන් වෙලාවට ඒ වගේ දේවල් ලියන්නම්.
    දිගටම කියවන්න එන්න.
    මම ලියන දේවල් කියවන්න අය ඉන්න එකත් සතුටක් මට !

    සිරාගෙ කාමරේ :
    උදේට ඇහැරෙන්න අමාරුයිනේ.. ඒ නිසා ඉන්ට්‍රවල් එකේදි කන්නේ.

    Damith Gunawaredane :
    ඒක හොඳා.. :)

    ReplyDelete
  24. මඩිස්සලේ නිශාන් :
    ගුරෙක් නේන්නම් :)

    Amila Prabath Samarakkodi :
    හ්ම්ම්... මාත් ගුරුවරයෙක් !

    Reeza :
    මම ආසම විෂයය ඒක :)

    ReplyDelete
  25. Dinesh :
    ඒකනේ නේද :)

    සරත් ලංකාප්‍රිය :
    අම්මෝ මේ ඉන්න ටික පාස් කරගත්තොත් හිතටත් සැනසීමක් !

    රජ වීදියේ උමේෂ් :
    අපිටත් හිටියා ! :)

    ReplyDelete
  26. උඹ තමයි කියලා මට හිතුනේ කමෙන්ට් කියවන්න කලින්. සන්තෝසයි අඳුනාගන්න ලැබුනට. මමත් ගුරුවරයෙක් තමයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.