21 January 2014

කොම්පීතරේ ලෙඩ වෙලා

අද නම් මහ එපාම කරපු දවසක්. කිසිම වැඩක් කරගන්න බැරි උන දවසක්. ඒකට මූලිකම හේතුව උනේ මම වැඩ කරන කොම්පීතරේ ලෙඩ වීම. මුලදි මුලදි ටික ටික ලෙඩේ තිබ්බට ඒ හැටි ගනන් ගත්තේ නෑ. දිගටම වැඩ කරගෙන ගියා.

ඔන්න අද හොඳටෝම ලෙඩ වෙලා. !

මේක ලෙඩක් කිව්වට ලෙඩ දෙකක් තියෙනවා. පලවෙනිම ලෙඩේ තමා වැඩ කරගෙන යනකොට එක වතාවෙම නිල් පාට තිරයක් ඇවිත් කොම්පීතරේ හිරවෙනවා. නිල් පාට තිරයේ තියෙන පණිවිඩයෙන් කියවෙන්නේ කොම්පීතරේ රැම් එකේ ප්‍රශ්නයක් කියලා.

අනිත් ප්‍රශ්නේ තමා  නෙට්වර්ක් එක හිටිහැටියේ අතුරුදහන් වෙලා යනවා. එතකොට ඉන්ටර්නෙට් නැතිව යනවා විතරක් නෙමේ මෙච්චර වෙලා වැඩ කරගෙන හිටපු සර්වර් ටිකත් එක්ක තිබ්බ සම්බන්ධතාවය නැතුව යනවා. මුලදි හිතුවේ මෙහේ නෙට්වර්ක් අවුලක් කියලා. පස්සේ හොයලා බලනකොට ඒක මගේ කොම්පීතරේ විතරක් තියෙන ලෙඩක්.

ඔය දෝශ දෙකෙන් කෝක ඇති උනත් තාවකාලික පිළියම විදිහට කරගෙන උන්නේ  කොම්පීතරේ පවර් බටන් එකෙන් ඕෆ් කරලා ඔන් කරන එක !

ඒත් ඒ වැඩේ වැඩි කාලයක් අල්ලලා හිටියේ නෑ. මුලදි ඔය මම කියපු දෝශ දෙක ඇති උනේ සතියට දෙතුන් පාරයි. ඔන්න දැන් දවසට හය හත් පාරක් ඇති වෙනවා. බල බල ඉන්න එක ඇඟට ගුණ නැති හන්දා මම අපේ ලොක්කාත්තෙක්ක මේ ගැන කතා කලා. උන්දෑ ගත් කටටම ඒ වැඩේ තව කෙනෙක්ට පංගනාතු කරලා බේරුනා.

ඊට පස්සේ ඒ මනුස්සයා හිටපු තැනට ගියහම උන්දෑ කිව්වේ ලොක්කට කියන්ඩ කියලා.

ලොක්කා ගාවට ගියහම කිව්වේ මම එහෙනම් බලලා පිළියමක් කරන්නම් කියලා. ඔය කිව්වට ඕක අද හෙටම සිද්ධ වෙන පිළියමක් නෙමේ. මුලදි මුලදි නං කිව්වේ ටික දවසකින් ලැප්ටොප් එකක් දෙන්නං එතකං ඕකෙං වැඩ කරන්ඩ කියලා. එහෙම කියලා දැං අවුරුදු දෙකකටත් වැඩියි.

කීපවතාවක් මතක් කලත් වැඩක් උනේ නෑ.. !

මතක් කරන වෙලාවට විතරක් "හරි ලඟදිම ලැප්ටොප් දෙනවා " කිව්වට දෙන දවසක් නං නෑ. මැටි පූසා උනත් කමන් නෑ මීයෝ අල්ලනවා නං කියලා කතාවක් තියෙනවා නෙහ්. අන්න ඒ වාගේ ලෙඩ කොම්පීතරෙන් හරි කමන් නෑ දීලා තියෙන වැඩේ වෙලාවට කරලා දෙන නිසා කිසි අගයක් නෑ. ඒ නිසාමද මන්දා මේ ගැන සලකල බලන්නේ නැත්තේ !

ඔවුවා හිත හිත ඉන්නවට වඩා හොඳයි බේකරියට ගිහිං පැටිසක් කාලා ප්ලේන්ටියක් ගහනවා !
එහෙනං මං ගියාවේ.... 

20 comments:

  1. මදර් බෝඩ් එක දාපං බං. ඒක තමා විසදුම. තව ටික දවසක් යනකොට නිකම්ම රිස්ටාට් වෙන්නත් ගනීවි..

    ReplyDelete
  2. නිල් ඒව බලලා වැඩියි. ඒකයි ඔය ලෙඩේ හැදිලා තියෙන්නෙ- මං දැක්කනෙ මොණරෙකුටවත් නිදහසේ ඉන්න දීලා තිබ්බයැ පහුගිය ටිකේ

    ReplyDelete
  3. CPU එකේ තියෙන හිඩැසකින් තේ හෝ කොපි ටිකක් කොම්පිතරයට පෙව්වනම් ඔයාට ඉක්මනට ලැප්ටොප් එකකට යන්න පුළුවන්

    ReplyDelete
  4. oyage kompuutareth chanda wada da danen na nila pata wenne hehe

    ReplyDelete
  5. hora wada karanne na nee ofz eke tebonna yanawa

    ReplyDelete
  6. මැසිම ගලෝලා හොඳ ක්ලීනප් එකක් දාන්න. දූවිලි බැඳිලා ප්‍රොසෙසර් ෆෑන් එහෙම රත්වෙනවා ඇති අම්බානෙට.

    ReplyDelete
  7. තාක්ශණික දැනුමක් නැතත් මගේ ටිකිරි මොලේට වැටහෙන පරිදි කොම්පීතරේ පොලවෙ ගසා කෝම්පිට්ටු සෑදීමට පොඩි එකෙක්ට දුන්නා නම් ලෙඩේ නිට්ටාවටම සුව වෙයි. (මාත් තාම අත්හදා නොමැති බැවින් ප්‍රථිපල පිලිබද සහතික විය නොහැක.) හි … :-D

    ReplyDelete
  8. මං වැඩකරන පරිඝනක යන්ත්‍රයත් බොහොම පරණ එකක්..2003 වසරෙදි නිපදවපු පෙන්ටියම් එකක්..අමාරුවෙන් එක්ස් පී දුවනවා.
    කිීප වතාවකදිම ඉල්ලුවා. ලැබෙන පාටක් නැහැ. මේක දීල මීට පස්සෙ ආපු සෙකන්ඩ් හැන් එකක් ගන්න පුලුවන්. අලු්ත එකක් නම් ලැබෙන එකක් නැහැ.
    මේක පිලිස්සිලා ගියොත් මම එදාට අපේ පුස්තකාලෙන් පොත් අරං ඇවිත් කියෝනව මිස අලුත් එකක් ගන්න දසමයක් වත් උස්සාහ කරන් නැහැ.
    කොම්පැනියට අපිට ඕන බඩු ටික අපි මතක් කලාමත් හරියට අරං දෙන්න බැයිනං පුද්ගලික බඩු ගන්නවාවගේ වාත වෙලා වෙලා වලා කන්තෝරුවෙ පාවිච්චි කරන පරිඝනකය ඉල්ල ගන්න මම ආස නැහැ.

    ReplyDelete
  9. දේශකයා කිව්ව පිළියමම තමයි මටත් හිතෙන්නේ... ඉක්මනින් හොඳ කොම්පීතරයක් ලැබේවායි පතමි.
    ජය!!

    ReplyDelete
  10. ඉක්මනටම ලැප්ටොප් එකක් ලැබේවා...!

    ReplyDelete
  11. දේශක යා :
    හ්ම්.. මේ යන විදිහට එහෙම වෙයි කියලත් හිතෙනවා.

    හරී - පිණිපළස :
    අපොයි නෑ.. මම අහිංසක කොල්ලා... ඕවට නෑ නේ.. නොදන්න දෙයක් ඉගෙන ගන්ඩ පුලුවං උන නිසයි මොනරාව දැම්මේ. :)
    මුන්දැත් මාර මාර දේවල්නේ උදාහරණෙට ගන්නේ.. හික්ස් :)


    මැලේ රාළ :
    එහෙමවත් කරන්ඩ වෙනවා... කෝපි නෙමේ ග්‍රීන් ටී !


    න :
    ආහ්... ඔවු.. :)
    ඇයි මම තේ බොනවා බේකරි දුවනවා.. ඒ විතරක් යෑ.. ගෑල්ලමයි එක්කත් චැට් කරනවා.

    ReplyDelete
  12. ගෝල්ඩ් ෆිෂ් :
    අන්න ඒක නං කරලා බලන්ඩ වටිනවා. බලමුකෝ හෙට දිහාට්ට එහෙමවත් කරලා.

    amila chathuranga :
    මාත් බැරිම උනොත් එහෙමවත් කරනවා. මුන්ට ඔය තරම්ම වඳින්ඩ බෑ.. මොකද වැඩ කරන්න පහසුකම් අපි ගෙවල් වලින් සපයා ගන්ඩ කියලා යෑ. :)

    Chandana Gunasekera :
    ප්‍රාර්ථනාවට ස්තූතියි !
    ඉක්මනටම ලැබුනොත් හොඳා :)

    රජ වීදියේ උමේෂ් :
    ටැංකූ ටැංකූ !

    ReplyDelete
  13. ඉක්මනට ලැප්ටොප් එකක් ලැබේවා !!! ^_^ හිකිස්

    ReplyDelete
  14. ඇයි බං ඔය ඔෆීස් ලැපා ද?? ආයෙ අහවල් දෙයක් කරන්නද බං වැඩ නොකර හිටු..

    ReplyDelete
  15. ඔව්ව ගැන දැනීමක් නැති නිසා මොකුත් කියන්නෙ නෑ ඔන්න.

    ReplyDelete
  16. ඔන්න අපිත් අලුත් ලැප්ටොප් එකක් ලැබෙන්න කියලා සුබ පතනවා..

    ReplyDelete
  17. sithuwam :
    ඔවු... අපේ ඔපිස් එකේ සිස්ටම් ඉංජිනේරුවන්ට ලැප් දෙනවා. ඒ නිසයි ඉල්ලුවේ

    සිහින මදාරා :
    ප්‍රාර්තනාවට බොහොම ස්තූතියි චූටි නෝනේ !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ගනන් ගන්ඩ එපා දිලිනි ඔවුවා.. හික්ස් :)

    තුශානි :
    ප්‍රාර්තනාවට බොහොම ස්තූතියි !

    ReplyDelete
  18. කොම්පීතරේ වැඩ නෑ කියලා යවන ලියුම් එහෙම පරක්කු කරන්න.එතකොට අනිවා දෙන්න වෙනවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  19. වැඩ ප්‍රමාද කරලා අයිස් ගහලා කොම්පීතරේ අල්ලන්න.. අළුත් එක ඉක්මනට ලැබෙයි..

    ReplyDelete
  20. Anonymous :
    ඒ වාගේ වැඩක්වත් කරලා බලන්ඩ ඕන.. නැතුව මේක හරි යන්නේ නෑ.

    Dinesh :
    හික්ස් :)
    ඒකත් මරු ක්‍රමේ !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.