20 January 2014

මොනරෙක් වෙලා ඉපදෙයි ඈ

අද උදේ වරුවම වාගේ කරන්ඩ වෙලා තිබ්බේ අපේ ලොක්කත්තෙක්ක එකඟතා ගිවිසුමක් ගහන එක. ලොක්කාගේ ඉල්ලීම් වලින් ඉටු කරන්ඩ පුලුවන් මොනවද බැරි මොනවද කොච්චර කාලයක් යයිද වගේ දේවල් කතා කරන්ඩ සිද්ධ උනා.

ඔය දේවල් ටික කතා කරලා ඉවර වෙනකොට දවල් දොලහාමාරත් පහු වෙලා. බඩේ පණුවෝ කෑ ගහන වෙලාව. ඊට පස්සේ කෑම එකත් අරගෙන අපේ කන්තෝරුවේ උඩම තට්ටුවේ තිබ්බ කෑම කාමරයට ගියා.

අපේ කෑම කාමරයට ලස්සනට නුගේගොඩ නාගරික තෙත්බිම් උද්‍යානය පේනවා.

 තෙත්බිම් උද්‍යානය කියන්නේ නුගේගොඩ නගරාසන්නයේ තිබ්බ වෙල් යායක පැත්තක් ගොඩ කරලා හදපු  ව්‍යායාම් මං තීරුවක් එක්ක තියෙන ලස්සන උද්‍යානයකට. උදේට උදේට ඇවිදීමේ ව්‍යායාම්වල යෙදෙන්නත් මේ තෙත්බිම් උද්‍යානය බොහොම ප්‍රයෝජනවත්. ඒ උදේටනේ. දවල් වෙනකොට මේ තෙත්බිම් උද්‍යානය ආදරවන්තයන්ගේ තොටුපොලක් බවට පත් වෙනවා.

අපි කට්ටිය කෑම කාලා ඉවර වෙලා ඈතින් පේන ආදරවන්තයින් දිහා බලාගෙන විහිලු කර කර උන්නා. ඔහොම විහිලු කර කර ඉන්නකොට අපේ කන්තෝරුවේ උන්නු කටකාර ගෑල්ලමේක්,

"විහිලු කරන්ඩෙපා... ඊලඟ ආත්මේ මොනරු වෙලා ඉපදෙයි ඈ.." කියලා හිනා වෙලා යන්ඩ ගියා. මේ ගෑල්ලමයා කටකාර උනාට හරි හිත හොඳයි. ඕන කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරනවා. හරිම සුහදශීලියි.

අපිත් හිතුවා මේ ගෑල්ලමයා අරම කිව්වේ විහිලුවට කියලා. ඒත් අපේ මූනු වල ප්‍රශ්නාර්තයක් තිබුනු නිසා උන්දෑම කිව්ව,

"හේතුව මොකද්ද කියලා අහන්ඩෙපා.. ඒක මට ප්‍රසිද්ධියේ කියන්ඩ බෑ..." කියලා.

අපිත් හේතුව අහන්ඩ ගියේ නෑ. අපේ එකෙක් යාන්තමට වාගේ කිව්වා උන් මහකාරිය කරන්නේ වෙනස් විදිහටයි. ඒ නිසාලු අර ගෑල්ලමයා එහෙම කිව්වේ කියලා. ඉතිං අපි කලේ සාමූහික ප්‍රයත්නයක් විදිහට මොනරා අහවල් වැඩේ කරන හැටි ගූගල් දෙයියාගෙන් අහපු එක. ගූගල් දෙයියා අපිට හේතු දුන්නා.

පලවෙනි හේතුව ආගමික හේතුවක්.

මොනරු  ප්‍රජනන කාර්යය කරන්නේ අමුතු විදිහකටලු. මොනරායි මොනරියි (සෙබඩ) එකතු වෙන්න ඕන උනහම ප්‍රේම ආලිංගනයක යෙදෙනවා. ඒ කියන්නේ මොනරා පිල් විදහා නටනවා. ඊට පස්සේ මොනරා ඇස් වලින් ධාතු පිට කරනවාලු කඳුළු විදිහට. ඒවා මොනරී බීවහම ලූ බිත්තර හට ගන්නේ. ඒ කියන්නේ උන් දෙන්නා අතර ශාරීරික එකතු වීමක් නෑ... (පවු නේද)

ඒකලූ මොනරා දෙවියන්ගේ වාහනය විදිහට සලකන්නේ. ඕක හින්දු ආගමත් එක්ක එන අදහසක්. හින්දු ආගමට අනුව ධාතු ගැන කතාවක් නෑ. මොනරාගේ කඳුළු, මොනරී බීවහමලූ බිත්තර හට ගන්නේ.


දෙවෙනි හේතුව මේකයි.

අනිත් ගොඩක්  කුරුල්ලන්ට වාගේම මොනරාටත් පිරිමි ගැජට් එකක් පිහිටන්නේ නෑ ලූ. ඒ වෙනුවට තියෙන්නේ ගුද විවරයක්ලූ.

Cloaca (ක්ලෝ-ඒ-කා) කියලා තමා ඉංග්‍රීසියෙන් කියන්නේ. සිංහල නමක් හම්බ උනේ නෑ.මුං මේ විවරය බිත්තර දාන්ඩ, මලපහ කරන්ඩ, ලිංගික එකතු වීමට පාවිච්චි කරනවාලු.

ඉතිං මොනරුත් ලිංගිකව එකතු වෙන අවස්ථාවලදි කරන්නේ දෙන්නගේම මේ විවර දෙක ලං කරලා ගාවන එකලූ. ඒකට කියන්නේ ක්ලෝඒකල් කිස් (Cloacal Kiss) එකක් කියලා. ලං කරලා ගෑව්වට පස්සේ මොනරා තමන්ගේ ධාතු ටික මොනරිගේ විවරයට නිකුත් කරනවාලු.

ඔහොමලූ මොනරියි මොනරයි එකතු වෙන්නේ.

ඒත්....ප්‍රශ්නේ තාමත් ඉතුරුයි.
ඒ කෙලී මොන අදහස හිතේ තියාගෙන ඒක කිව්වද කියල දන්නේ නෑ. මොක උනත් කමන්නෑ අපිට අදාලත්වයක් නෑ නෙහ්.

එහෙනම් ඉතිං මං ගියාවේ.. සුබ සැන්දෑවක් හැමෝටම !

27 comments:

  1. //මොක උනත් කමන්නෑ අපිට අදාලත්වයක් නෑ නෙහ්.// ඒ උණාට මාර ගවේෂණයක් කරලනෙ ...)))

    ReplyDelete
  2. හනෙ හප්පේ උපදිනා ජාති ජාතිත් මොණරෙක් නම් නොවේවා.!!

    ReplyDelete
  3. හික්ස්... මොනරා....

    ReplyDelete
  4. මොනර සංසර්ගය පිලිබඳ විවිධ මතිමතාන්තර තිබෙනවා. ඔබ ලියා තිබෙන අදහසත් හරි. මේ පහල තිබෙන වීඩියෝ සහ ලිනක්ස් වලින් තොරතුරු ගොඩක් ලැබෙනවා.

    http://www.youtube.com/watch?v=Gw2SztN0sSI

    http://in.answers.yahoo.com/question/index?
    qid=20100513045244AAkGaQu

    http://www.ask.com/answers/293907001/is-peacock-reproduce-by-drinking-tears-of-male

    http://en.allexperts.com/q/Birding-1435/Peacock-reproduction.htm

    http://wiki.answers.com/Q/Do_peacock_intercourse?#slide=1

    http://wiki.answers.com/Q/Do_peacock_intercourse?#slide=1

    ReplyDelete
  5. යකෝ මේකා හොයන ජාති!!! :පී

    ReplyDelete
  6. හෆොයි මොණරා...

    ReplyDelete
  7. යකඩෝ...මොණරු අතපත ගාන අපි...මොණරාගෙ මේ කිරියාකාරකොම ගැන දැනගත්තෙ අදමනෙ බොලං....

    ReplyDelete
  8. හුඟ දෙනක් නොදන්න තොරතුරක් ...

    ReplyDelete
  9. අදාල නෑ කිවුවට ඔය හොයපු ටිකම මදැයි ඉතින්...

    ReplyDelete
  10. ඒව බැලුවම ලබන ආත්මෙ මොනරු වෙලා ආතල් නැතුව යයි කියල ඒ ඇත්ති කියන්න ඇත්තෙ..

    ReplyDelete
  11. යන්තං හරියට බලල.. හැක්..

    ReplyDelete
  12. හුටා දෙවැනි කතන්දරේ අහලා තිබුනේ නෑනේ ...? බැරිද අර ළමයාගෙන ප්‍රයිවට් එකේ ඕක අහගන්න

    ReplyDelete
  13. කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    කම්මැලිකමට කරන වැඩ නේ ඔය.

    Chathuranga Priyashad :
    හික්ස්... ඒක නම් මරු ප්‍රාර්ථනාව !

    ගෝල්ඩ් ෆිෂ් :
    නරියා ! හික්ස් :)


    Wicharaka Asami Dakimi Soyami :
    බොහොම ස්තූතියි වටින කමෙන්ටුවක් පෝස්ට් එකට එකතු කලාට.

    ReplyDelete
  14. Maneka :
    කම්මැලිකමට කරන වැඩනේ මනේ... :)

    Amila Prabath Samarakkodi :
    පවු නේද... :)

    සිරාගෙ කාමරේ :
    මාත් ඊයේ තමා දැනගත්තේ මේ ගැන.. :)

    තුශානි :
    හ්ම්ම්... ගොඩක් අය දන්නේ නෑ තමා.

    ReplyDelete
  15. Dinesh :
    ඒකනේ නේද... හික්ස් :)

    sAm (සෑම්) :
    ඒක වෙන්ඩ ඇති සෑමෝ..

    දේශක යා :
    මොකද්ද බලලා තියෙන්නේ ??


    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    මාත් ප්‍රයිවට් එකේ අහන්ඩ හිතන් ඉන්නේ.. නොදන්න දෙයක්නේ අහලා දැනගත්තත් මොකෑ.

    ReplyDelete
  16. ඕකට පොඩි විහිළු කතාවක් තියෙනවා බොලව්. ඔය කෙලී කියන්නෙ ඇත්තේ ඒ කතාව ....

    ReplyDelete
  17. Anush Upulwan :
    මොකද්ද ඒ කතාව ? දැනගන්ඩත් එක්ක කිව්වා නං...

    ReplyDelete
  18. එතකොට උබ ඔය කියන ක්‍රම දෙකම මොණරු කරනවද ? නැත්නම් කදුළු බොන කථාව නිකන් කතාවක් විතරයිද ?, අනිත් එකද ක්‍රමේ ..

    ReplyDelete
  19. චමී4යූ~chami4u :
    දෙවෙනි එක තමා හරිම ක්‍රමය. පලවෙනි එක එන්නේ දේව විශ්වාසත් එක්ක.

    ReplyDelete
  20. මට මොණරෙක් මතක් වෙනවා. අයියු සල්ලි.

    ReplyDelete
  21. මමත් අහල තියෙනව ඔය කතාව.දෙවියන් දිපු දඩුවමක් කියල ජන කතවකත් කියවෙනව.

    ReplyDelete
  22. මම අදමයි මේ කාරනේ දැන ගත්තේ... ස්තූතියි මලයෝ අපිත් එක්ක බෙදා හදා ගත්තට!! ජය!!

    ReplyDelete
  23. සත්ව ලෝකෙත් හැටි නේද. මොකෑ දැන් මොනරෙක් වෙයි කියලද බයේ දගලන්නෙ හොහ්

    ReplyDelete
  24. ඇයි මොනරු විතරක්. ඔක්කොම කුරුල්ලන්ට තියෙන්නේ cloaca එකක් නේ.

    ReplyDelete
  25. ඔය කෙල්ල කියන්න ඇත්තේ වෙන දෙයක්.මොණරා ලස්සනයි.ඒ වුනාට සෙබඩ කැතයි.ඒ වුනාට මොණරට සෙබඩව බඳින්න වෙනවා.අනික මොණරා කොච්චර ලස්සන වුනත් නටද්දි අනික් පැත්ත හැරුණු ගමන් චාටර්.ඒකත් හේතුවක් වෙන්න පුළුවන්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  26. සිහින මදාරා :
    කෝ මොනරා ???

    Damith Gunawaredane :
    ඒ ජන කතාවත් චුට්ටක් කිව්වා නම්... දැනගන්ඩත් ආසයි මම...

    Chandana Gunasekera :
    මේකත් මේ අපි නිස්කාරනේ ඉන්නකොට හොයපු මෙව්වා එකක්. :)

    න :
    යනවා යන්ඩ... :)
    ඔයත් ලිව්වා නේද මී මැසි කතාවක් ? :)

    chaminda wickramasinghe :
    ඒක නං දන්නේ නෑ සහෝදරයා...

    Anonymous :
    හොඳ අදහසක්... ඒකත් එක හේතුවක් වෙන්ඩ ඇති :)

    ReplyDelete
  27. කතාවට කියන්නේ අර රණ මොනරයි රණ මොනරියි වගේ කියලා...මේකේ සම්බන්දෙකුත් තියනවද දන්නේ නෑ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.