02 January 2014

එක එක පාටවල් වල එක එක තේරුම්

අද තමා අපේ කන්තෝරුව මේ අවුරුද්දට ඉස්ස ඉස්සෙල්ලහම වැඩ පටන් ගන්නේ !

ඒ නිසා මං අද ටිකක් උදෙං ආවා.
කන්තෝරුවට ගොඩ වෙනකොටම වාගේ,

"ආහ්.. උබ අද මනස්ථාපනයේ පාට ඇඳගෙන ඇවිත් තියෙන්නේ...." කියලා එකෙක් කියපි. කතෝලික අය මනස්ථාපනයේ පාට විදිහට සලකන්නේ දම් පාට ලූ,. මං අද දම් පාට ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තියෙන නිසයි ඒකා එහෙම කිව්වේ.

ඔය වගේ එක එක පාටවල් වලට එක එක තේරුම් තියෙනවා...

මුලින්ම දම් පාටින් පටං ගම්මු.

දම් පාටිං සංකේතවත් කරන්නේ බලය, අභිමානවත් බව, තේජාන්විත බව හා අභිලාශයන් ලූ. ඒ වගේම නිර්මාණශිලිත්වයත් නිදහස්බවත් පිළිඹිබු වෙනවලු.කොහොමද දන්නේ නැතුව හරි නියම පාටක් ඇඳගෙන ඇවිත් තියෙන්නේ.. හික්ස් :)

නිල් පාට තියෙන්නේ අහසෙයි මම මුහුදෙයි නිසා නොසැලෙනබවත් ගැබුරුභාවයත් නිරූපණය වෙනවලු.ඒ වගේම විශ්වාසය, පක්ෂපාතීත්වය, රහස්‍යභාවය, සත්‍යයවාදී බව වගේ දේවල් නිරූපණය කෙරෙනවාලූ.
 
ලේ ත් රතු පාට නිසා රතු පාටිං නිරූපණය වෙන්නේ ශක්තිය, අධිශ්ඨානය, ආදරය, රාගය, අපේක්ෂාව වගේ දේවල් ලූ. ඒ වගේම තමා රතු පාට කියන්නේ ගොඩක්ම භාවාත්මක පාටක් ලූ. ඒ නිසාමද මන්දා වලන්ටයින් පාර්ටි වලදි රතු පාටට වැඩි තැනක් වෙන් වෙලා තියෙන්නේ... :)

කොළ පාට කියන්නේ සොබා දහමේ පාට ! ඒ පාටිං නිරූපණය කෙරෙන්නේ වර්ධනය, එකමුතුබව, නැවුම්බව හා සරුබව ලූ.

එතකොට සුදු පාටින් කියවෙන්නේ අහිංසකබව, නිර්මලත්වය හා යහපත්බව ලූ. ඒක වෙන්ටෑ මඟුල් දවසේ සුදු පාට ඇඳුම් අඳින්නේ. :)

කළු පාටින් සංකේතවත් වෙන්නේ බලය, මරණය, අත්භූතබව වගේ දේවල් ලූ. ඒ වගේම යක්ෂයාගේ පාට විදිහටත් හඳුන්වන්නේ මේ පාටමයිලූ.

ඒ වගේම කහ පාටින් නිරූපණය වෙන්නේ සතුට හා කල්පනා කිරීමේ ශක්තිය ලූ. ඒ වගේම තැබිලි පාටත් කහ පාටට කිට්ටුවෙන්ම වගේ යන පාටක් නිසා ඒ පාටෙන් තියෙන්නෙත් මේ වගේම අදහසක් ලූ.

අරූ දම් පාට මනස්ථාපනයේ පාට කිව්ව නිසා පාටවල් වල තේරුම් හොයන්න හිතුනා. ඔය ඉහලින් තියෙන ටික හම්බ උනේ අන්තර්ජාලයෙන්... දීර්ග විස්තර තිබ්බත් පරිවර්තනය කරන්න කම්මැලියි.

---------------------------------------------------------------------
ප.ලි. - අපේ නදී අක්කයි මායි මේ ටිකේ ඔට්ටුවක් අල්ලලා තියෙන්නේ මාසයක් ඇතුලත වැඩිම පෝස්ට් ගානක් දාන්ඩ. ඒ ඔට්ටුවට අනුව මේ තමා මගේ පළවෙනිම පෝස්ටුව !

42 comments:

  1. පෙම් පාට, හොරපාට, මුසල පාට, කන පාර ඒවා ගැන මොකද කියන්නේ..

    ReplyDelete
  2. දැන ගන්න ලැබීම සතුටක්

    ReplyDelete
  3. පාට පිරිනු පෝස්ටුවක්. මම නම් ආසම පාට කළු. හි හි……

    ReplyDelete
  4. ඔබට සුභ අලුත් උවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  5. මම කැමති ලා දම්....ඒකත් දම් වලටම නෙව අයිති වෙනවා ඇත්තේ ;)

    ReplyDelete
  6. මම ආස ම පාට දම්! ඒ නිසා ද මන්දා අහවලාත් නිතර ම අඳින්නේ දම් පාට :)

    ReplyDelete
  7. ඔට්ටුව ජයගන්න ලැබේවා .. එහෙම කියලා පොඩි පොඩි පෝස්ට් ඔට්ටු නැතුව ඇති හොදේ .. ඔයා වර්ණ ගැන කියද්දී මට මතක් උනේ අපි කෙනෙක්ට රෝස මලක් දෙනකොට ඒ රෝස මලේ පාට අනුවත් ඔහොම තේරුම් තියෙනවා .. අපි අසනීප වෙච්ච කෙනෙක් බලන්න යනවනම් කොළ පාටට හුරු රෝස මල් පොකුරක් සුදුසුයිලු .. ඔය වගේ ගොඩක් දේවල් ,, අලුත් අවුරුද්ද ජයෙන් ජය වේවා

    ReplyDelete
  8. @රෙහානි එකනේ එයා ලා දම් අහස ලියන්නේ :)

    ReplyDelete
  9. මම කැමතිම දම් පාටටයි, නිල් පාටටයි. මගේ ඇඳුම් ගොඩක් ඒ පාටවලින් තියෙන්නේ. මාත් අද ඇන්දේ දම්පාට...:D

    ReplyDelete
  10. @පව්ලූශා,

    ඒ කියන්නේ කරවෙච්ච පැණිපාට නේ? :D

    ReplyDelete
  11. මේ පාටවලුත් කාලයක්‍ තිස්සේ එන මිනිසුන්ගේ විශ්වාස තමයි! පොඩි බිළිඳන්ට වුනත් රෝස පාට ගෑණු ළමයින්ටත් නිල් පාට පිරිමි ළමයින්ටත් භාවිතා කරනවනේ.
    උඹගේ ඉලක්කය සඵල වේවා කියලා පතනවා!!

    ReplyDelete
  12. ඔට්ටුව් දිනන්න ලැබේවා!

    මම කැමති නිල් පාටට... කහ පාටටත් කැමතියි...

    ReplyDelete
  13. මම ආස නිල්, දුබුරු පාටට, තද පාටවල් වලට කැමතියි

    ReplyDelete
  14. ලා පාට ආස නැ වැඩිය

    ReplyDelete
  15. මගෙත් හිත යන්නේ නම් දම් පාටට වැඩියම ..ලුමිනස් වර්ණ ඇරෙන්න හුඟක් පාට වලට මන් ආසයි. පාට කියන්නේ මගේ ජීවිතයේම කොටසක් වගේ . ලස්සන පාට දකිද්දී හිතට පුදුම හැඟීමක් දැනෙනවා .

    ReplyDelete
  16. ඔන්න ඉතින් අපිනම් කැමති නිල් පාටට..

    ReplyDelete
  17. එතකොට රත්තරන් පාටෙන් මොකද්ද මධුවෝ කියවෙන්නේ?

    ReplyDelete
  18. කළු,සුදු,කහ තමා මාත් ආසම පාට ටික.ඒත් මේ පාර ඉස්සෙල්ලම අඳින්න ලැබුනේ රතු පාට කිට් එකක්....

    ReplyDelete
  19. මගෙත් ආසම පාට දම් පාට .. මොනවහරි ගන්න ගියහම හැමදාම අන්තිමට තොරලා තියෙන්නේ දම් පාට එකක්.. ඒ නිසා දම් පාට ගන්නේ නෑ කියලා හිතාගෙනම තමයි යන්නේ ...

    ඔට්‍ටුවට අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  20. මම කැමති නම් ලා සුදු පාටට. :P
    ඇත්තටම කියනවා නම් මම නම් තනි වර්ණයකට නෙමෙයි ආස. වර්ණ සංයෝජන වලට.

    ReplyDelete
  21. මධුරංගයෝ මන් නම් ආස නිල් පාටට.....ලියන්න ඔට්ටුව්ව දිනන්නම නෙමේ අපිට කියවන්න ....හි..හි...මොනා උනත් ඔට්ටුවට සුබ පැතුම්

    ReplyDelete
  22. මම නම් කැමති සුදු පාටයි නිල් පාටටයි.. මටම ගැලපෙනවනේ නේ..

    ඔට්ටු කෝම වුනත් කමක් නෑ අපට කියවන්න දේවල් ලැබෙනවනම්..

    ReplyDelete
  23. යක්ෂයාගේ පාට කළු උණාට අපි කැමති නම් අහස් නිල් පාටට

    ReplyDelete
  24. හ්ම්ම් කොහොමටත් පාට පාට හීන අතර අපේ ජිව්විතත් දොලනය වෙනවා..

    ReplyDelete
  25. මම කැමතිම අළු පාට... හරිම කම්මැලි පාටක්...

    ReplyDelete
  26. මමත් කැමති නිල් පාටට... ^_^

    ReplyDelete
  27. මම ආස සුදු පාටට, පාටවල්වල තේරුම කියල දුන්න මධු ට ස්තුතියි...ඒ වගේම මධුත් ඉතිං කෙල්ලෙක් එහෙම බලන්න යද්දි රතු පාට සූට් එකක් ඇඳන් යන්න අමතක කරන්න එපා හොඳේ..:P

    ReplyDelete
  28. අර සුදු පාටට තියෙන දේවල් දැක්කාම බය හිතෙනව.. පාර්ලිමේන්තුවෙ අය අදින්නෙත් ඒ පාට.. එතකොට ඇත්තටම ඒ පාට යොදාගන්න තැන් වල ඒ අදහස අපිට දැන්නෙවද අප්පා... නැත්තං ඒ පාටෙ තියෙන වටිනාකමත් එක්කම නැතිකරනවද දන්නෙ නැ...
    -- මධුරංග මේක හොඳ වෙලාවක් මට තියෙන ප්‍රස්නයක් අහන්න.... !!
    අපි දන්නව බෞද්ධ කොඩියෙ පාට 6යි.. හාමුදරුවරුන්ගෙ සිවුරුත් එක එක පාට දැන්, පන්සලේ චිත්‍රවල හැම පාටක්ම පාවිච්චි කරල බොහොම අපූරුවට ඇඳල තියෙනව... බෞද්ධ තොරන් වල විවධ පාට පාවිච්චි කරනව.. රැස්මාලාවලත් එහෙමයි.. වෙසක් කුඩුත් එහෙමයි.. මේ සියල්ලම එක එක පාටින්තියද්දි..
    ඇයි ගිහියෝන්ට පන්සලට සුදු අඳින්න කියන්නෙ.. !!! කවදු ඒහෙම නීතියක් දැම්මේ !! බුදු හාමුදරුවොනම් නෙවේ...
    මේක මට දැනුන ප්‍රස්නයක්.. අර සුදු පාටින් මේක නියෝජනය වෙනව " ලු " නැතිව.. පොඩ්ඩක් හොයමුකො.. මොකද අර මම කියපු තැන් වලදි ඒ ඒ පාටට ඔය තේරුම් ටික දැම්මොත් වෙන අදහස් මතු වේවි...
    --- මට උත්තර 3ක් ලැබුණ එත් ඒව ඇත්තටම උත්තරද මම දන්නෙ නෑ.. ඒකයි බං මම මේ උඹෙන් අහන්නෙ.. ඇයි අපි පන්සල් වලට සුදු ඇදිය යුතුයි කියල මතයක් දාගෙන තියෙන්නෙ.. ?????

    ReplyDelete
  29. කොළ පාට කියන්නේ ආතතිය නැති කරන පාට ලු. ඒක ලු ඉස්පිරිතාලවල කොළ පාට ගාන්නේ.

    ReplyDelete
  30. දේශක යා :
    ඒ පාටවල් ගැන පස්සේ ලියන්නං ! හික්ස් :)
    දේශකයාත් හිතන එව්වා හැබෑට

    වැව් ඉස්මත්ත :
    කියැවීම සතුටක් මට !

    Chathuranga Priyashad :
    මම නං ආස ලා නිලට

    GM- Have a nice day :
    එසේම වේවා ගයනි අක්කේ !

    රෙහානි :
    ලා දමුත් දම් පාට නිසා ඔය තේරුමම ගතෑකි මං හිතන්නේ :)

    ධාරා :
    දම් පාටට කැමති දෙවෙනි කෙනා ඔයා.
    ඔයයි අහවලායි දෙන්නම දම් පාටම අඳින්න. එතකොට මරු !

    අපූර්වී :
    කමෙන්ටුව මරු !
    ඔවු ඔවු. ඔට්ටුවේ නීති රෙගුලාසි අනුව පෝස්ට් එකට අඩුම වශයෙන් වචන 100ක්වත් තියෙන්ඩ ඕනා. කවි පෝස්ටු වලට ඒ නීතිය අදාල නෑ. :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    පාට පෙට්ටියෙත් නැද්ද මන්දා :)

    ReplyDelete
  31. Podi Kumarihami :
    ඔයා එහෙනං නිල් මානෙල් මලක් වාගේ ඇති. හික්ස් :)
    නිල් මානෙල් දම් පාටද ? මට පිස්සු වාගේ :)
    කරවෙච්ච පැණි පාටද පෙම් පාට ? ආහ්... අදමයි දන්නේ ! එතකොට ඔයාගේ මූන තෙල් අල්ලපු කැවුං ගෙඩිය වාගේ ඇති නෙහ් . පෙම් පාට මූන :)

    Chandana Gunasekera :
    ඒකනේ. මිනිස්සුමයි එක එක ඒවා වෙන් කරගෙන තියාගන්නේ.
    සුබ පැතුම් වලට ස්තූතියි :)

    සිතුවිලි සිතූ :
    කහ පාට චාම් පටක් නෙහ්.
    සුබ පැතුම් වලට ස්තූතියි !

    නදී :
    මම නම් ආස ලා පාටට. ලා නිල තමා මගේ ආසම පාට !

    Bindi :
    මම නං ලුමිනස් පාටවල් වලට ආස නෑ... ඇස් වලට අමාරුයිනේ

    රජ වීදියේ උමේෂ් :
    අත දීහං මචං !

    සයුරි :
    අන්න ඒක මිස් වෙලා. හොයලා කියන්නම් අක්කේ !

    Amila Prabath Samarakkodi :
    ඔන්න ඡන්ද කාලේ එහෙම රතු පාට අදිනවා නෙමේ ඕං !
    ජෙප්පෙක් කියලා හිතාවි :)

    තුශානි :
    ඒත් දම් පාටමද ගැනෙන්නේ... ? හිත කැමති පාටනේ තුශානි !
    සුබ පැතුමට ස්තූතියි :)

    chaminda wickramasinghe :
    මං නම් තනි පාටට තමා ඉතිං... :)

    ReplyDelete
  32. ශානු :
    අනිවාර්යෙන්ම... ලියනවා එක්කෝ මලවනවා ! :)

    Dinesh :
    ඒක තමා මල්ලි ට්‍රයි කරන්නේ.. මොනවහරි ලියනවා වගේම ටිකක් හරි වටින දේකුත් ලියන්ඩ එපාය.. නැත්තං වැඩක් නෑ නේ.

    යක්ෂයා :
    මේකා වෙන යකෙක් ! පහලු යකෙක්ද මන්දා ! :)

    සචිත් :
    මට හිතෙන විදිහට අපි සුදු කළු අතර දෝලනය වෙනවා !

    තිසර :
    මගේ බ්ලොග් එකේ පාට.. හික්ස් :)
    ඒ හින්දමද මන්දා මට ලියන්ඩත් කම්මැලි හිතෙන්නේ ! :)

    සිහින මදාරා :
    අපි දෙන්නගේ එකම අදහස් තියෙන්නේ... :)

    Reeza :
    ෆාගෙන් පලවෙනිම කමෙන්ටුව !
    අනිවාර්යෙන්ම මම රතු තමා ඇඳගෙන යන්නේ..

    කුරුළු නිස්කලංක :
    හරි..මාත් ඒ ගැන හොයන්නම්.. සුදු පාටින් චාම් බව නිරූපණය වෙන නිසාද මන්දා පන්සලට සුදු අදින්නේ. බුදුහාමුදුරුවොත් කීවේ සරල දිවි පෙවතක් ගත කරන්න කියලා නෙව. හරියටම දන්නේ නෑ පන්සලට සුදු පාට අඳින එකේ තේරුම.
    හොයලා බලමු !
    සාදරයෙන් පිලිගන්නවා කුරුළු නිස්කලංකව මගේ බ්ලොග් අඩවියට !

    ReplyDelete
  33. කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ඔන්න ඒකත් දැනගත්තා ඔයාගෙන්.. ස්තූතියි ඈ.
    ඒක නෙමේ. ඔබතුමිය ආස පාට මොකද්ද ?

    ReplyDelete
  34. මං කැමති රතු පාටට.. :D

    ReplyDelete
  35. Red Riding Hood :
    ඔයා ඉතිං රතු හැට්ටකාරිනේ... :)

    ReplyDelete
  36. //නිල් පාට තියෙන්නේ අහසෙයි මම මුහුදෙයි නිසා නොසැලෙනබවත් ගැබුරුභාවයත් නිරූපණය වෙනවලු.ඒ වගේම විශ්වාසය, පක්ෂපාතීත්වය, රහස්‍යභාවය, සත්‍යයවාදී බව වගේ දේවල් නිරූපණය කෙරෙනවාලූ.//

    මම ආසම පාට

    ReplyDelete
  37. මේ දවස්වල නං මං කැමති ලා රෝස පාටට. ඊලගට ලා නිල්පාටට කැමති වෙන්නයි බලාපොරොත්තුව...
    සුදුපාටයි කළුපාටයි ඔච්චරම වෙනස් අර්ථ දෙනව නං ඇයි ඉංගිරිසි ක්‍රමේට මගුල් ගෙදරට මනමාලි සුදු අදිද්දි මනමාලය කළු අදින්නෙ...? :)

    ReplyDelete
  38. නිල් පාට තමයි ඉතින් පොඩි කාලෙ ඉදන්ම.. ඒත් ඇඳුම් වලින් නම් කැමති කලු පාට :) අම්මා නම් අඳින්න දෙන්නෙම නැත්තෙත් ඒ පාටම තමයි...

    ReplyDelete
  39. ^_^ මම ආසම පාට නිල් පාට...

    ReplyDelete
  40. //කතෝලික අය මනස්ථාපනයේ පාට විදිහට සලකන්නේ දම් පාට // මේක කතාව නම් බොරුවක් මදු අය්යේ.. මාත් කතෝලික මෙහෙම සීන් එකක් නැනේ..

    මං ආසම පාටත් දම් පාට

    ReplyDelete
  41. මොණර සිතැත්තිට ආපහු පල්ලි යන්න කාලෙ හරි වගේ. මනස්ථාපනයේ කාලය හෙවත් චතාරිකයේදී පල්ලියේ පියතුමාගේ උඩින්ම අදින ලෝගුවේ සහ අල්තාරයට දාන රෙද්දේ පාට හරියටම මතක් කර ගත්තනං... දම් පාට තමයි ඒ කාලෙට පාවිච්චි කරන්නෙ. මධුගෙ කතාව හරි. දම්පාට මනස්ථාපනයේ පාට තමයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.