14 January 2014

ඕලන්ද බලකොටුව සොයා ගිය ගමන

කාළයක් තිස්සේ ආසාවක් තිබ්බා මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සල බලන්ඩ යන්ඩ. ඔය ආසාව මුලින්ම ඇති උනේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මට ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්ඩ වටින තැන් ටික විස්තර කරපු දවසේ. එදා ඒ ආසාව ඇති උනාට යන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ.

ගිය සතියේ තමා ඒ අවස්ථාව උදා උනේ !

අපේ කන්තෝරුවේ මලයෙක් එක්ක තමයි ගමනට සෙට් උනේ. අපේ එකාට මේ ටිකේ විභාග නෙහ්. මගේ ගමන් සගයා වෙච්ච මේ මලයා බස් එකට නැගලා,

"අයියේ, මම සීටීබි බස් එකකට නැග්ගේ. ඔයා වත්තලිං එල්ලෙන්ඩ. බස් එකේ අංකය NA 3061 !" කියලා කෝල් එකක් දුන්නා.මාත් වත්තල බස් නැවතුමට වෙලා බලාගෙන උන්නා ඔය කියන බස් එකේ එල්ලෙන්ඩ. ඊට ටික වෙලාවකට පස්සේ බස් එක ආවා. අපි දෙන්නා පැයකට විතර පස්සේ මීගමුවේ ඉස්පිරිතාලේ නැවතුමෙන් බැහැගත්තා.

බැහැපු හැටියෙම බඩගිනියි !

පන්සල ගාවටම ගිහින් ඒ ලඟ තිබ්බ කඩේකින් උදේ කෑම ගත්තා. කට්ටම කට්ට චූටි නංගි කෙනෙක් උන්නු කඩයක් ඒක. කෑම වල බිල ගෙවලා ඊට පස්සේ පන්සල පැත්තට ආවා.

ඔය පහලින් තියෙන්නේ පන්සලේ නාම පුවරුව !

                                                                                                 පන්සලේ නාම පුවරුව

අඟුරුකාරමුල්ල පන්සල කියලා කිව්වට ඔය පන්සලේ හරිම නම "බෝධිරාජාරාම මහා විහාරය" !

                                                                                   පන්සලේ ඉදිරිපස දර්ශනයක්

                                                                                        හිඳි බුදු පිළිම වහන්සේ

                                                                                          බුදු ගෙයි ඇතුලත දර්ශනයක්

                                                                                 චෛත්‍යය වටා ඉදිකර ඇති වටදාගෙය

                                                                              වටදාගෙයි ඇතුලත ඇති චෛත්‍යය රාජයා

මේ පන්සලේ ලස්සන චිත්‍ර ගොඩක් තියෙනවා. චිත්‍ර වගේම පිළිමත් ගොඩක් තිබුනා. ඒවා වල ෆොටෝ පස්සේ දාන්නම්.

පන්සල බලාගෙන ඊලඟට අපි මීගමු-පුත්තලම් පාරට ඇවිත් මීගමු බස් නැවතුම්පොලට යන බස් එකක එල්ලුනා. බස් නැවතුම්පොලෙන් බැහැලා කලපුව පැත්තට පයින් ගියා. ඒ වෙනකොට උදේ මාළු අල්ලන්ඩ ගියපු බෝට්ටු සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිබුනා.අපි කලපුවේ ටික වෙලාවක් ගත කරලා යන්ඩ අමතක කලේ නෑ.

                                                                                   කලපුවෙන් පිටත්වන බෝට්ටු

                                                                                          කලපුවේ දර්ශනයක්

කළපුවේ ටික වේලාවක් ගත කරපු අපි ඊළඟට ගියේ මීගමුවේ ඕලන්ද බලකොටුව පැත්තට. පහලින් තියෙන්නේ ඕලන්ද බලකොටුවේ රූපයක්. ඒක දැන් මීගමුව බන්ධනාගාරය විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා ඇතුලට යන්ඩ අවසර නෑ. !

                                                                                            ඕලන්ද බලකොටුව

ඕලන්ද බලකොටුව ගාව ලස්සන පල්ලියකුත් තියෙනවා. ඒක පිටරටවල් වල තියෙන පල්ලි වල හැඩේට හදලා තියෙන පල්ලියක් !

                                                                              ඕලන්ද බලකොටුව ලඟ තිබුනු පල්ලිය

පල්ලියත් බලාගෙන අපි ඊළඟට ගියේ පොළ පැත්තට.එතන ටික වෙලාවක් ඉදලා අපි මූදට ගියා.  මූද කිට්ටුව කරෝල වාඩියකුත් තිබ්බා. ඒ අව්ව නං කරෝල වේලන්ඩම හොඳා.. මහ කට්ට අව්වක් !

                                                                           කවුද ඩෝ ෆොටෝ ගහන්නේ !

මේ සේරම බලාගෙන අපි ඊළඟට ගියේ මූදේ නාන්ඩ. කලපුව පන්නලා මූදේ නෑවා ඇස් රතු වෙනකන්ම. නලා ඉවර වෙලා ගොඩට ඇවිත් ටික වෙලාවක් යනකොට ඇඟේ ලුනුත් මිදිලා. මූදේ නාපු අපි ඊළඟට කඩයක් අල්ලගෙන දවාලට බත් කෑවා. බත් කාලා ටික වෙලාවකින් ගෙවල් බලා පිටත් උනා. !

මගේ ගමන් සගයා එහෙම්ම ගෙදර ගියා. මම පුරුදු විදිහට මීගමුවෙන් කොළඹ එන කෝච්චියට ආවා. කෝච්චියෙන් එඩේරමුල්ල ස්ටේෂමෙන් බැහැ ගත්තා.

                                                                                      අපේ ගමේ ස්ටේශම

එඩේරමුල්ල තමා මගේ ගමනේ අවසානය ! ඔහොම තමා එදා සති අන්තය ගෙවුනේ.

20 comments:

  1. මට නම් කොහෙ හරි යන්ට ගොඩක් ප්ලෑන් කරන්ට ඕනි. දෙන්නෙක් එක්ක මෙහෙම කතා කරගෙන , බස් එකේ එල්ලිලා ගිහින් ඕනි තැන් බලාගෙන, කැමති තැන්වලින් කාල, මූදේ ඇතිවෙනකල් නාලා එන්ට පුලුවන් එක කොච්චර හොඳද කියලා හිතුනා කතාව කියෙව්වාම...:)

    ෆොටෝස් දැක්කා මූණු පොතේ. කෝ අර යකාගේ කටේ එක?

    අර කඩේ නංගි 'කට්ටම කට්ට' කීවේ ඇයි?

    ReplyDelete
  2. ගමනක් යන්න ගොඩාක් අය හිටියාම විනෝදෙ වැඩි උණාට ටික දෙනෙක් ඉද්දි ගමන පිළිවෙලයි

    ReplyDelete
  3. ඔහොම ගමන් යත්දිත් පොඩි ෆන් එකක් තියෙනවා නේද??

    අනෙ හප්පේ ඇයි දෙයියනේ අර කඩේ කෙල්ලට කට්ටයි කිවුවෙ? වැඩියෙන් බිල දැම්මද?

    ReplyDelete
  4. බලකොටුවේ සහ පල්ලියේ ඓතිහාසික තොරතුරු ඒ පැත්තේ කෙනෙකුගෙන් අහලා දැම්මනම් ලිපිය තවත් වටිනවා.

    ReplyDelete
  5. වාසනාවට තමා මෙහෙම චෑන්ස් උදා වෙන්නේ..

    ReplyDelete
  6. පොඩ්ඩක් ඒත්තුකාල හරියටත් ඔලුව දාන්න එපැයි,,හොටෙල් සයිඩ් එක නේ මීගමුවේ හොදම හරිය,,නාන්නත් මරු,සුදු අක්කලත් ඉන්නවා

    ReplyDelete
  7. පන්සලේ නම නම් අදම තමා ඇහුවේ...

    ReplyDelete
  8. දැක්කනේද කලාඇස.... නැත්තම් අපිටත් පේන්න එපැයි ඕවා. කීපාරක් කම් මීගමු ගිහින් තියෙනවද....මීගමුවෙ ඉන්න එකෙක්ගෙන් ඇහුවත් උෘ අහයි එහෙම එකක් තියෙනවද කියල

    ReplyDelete
  9. ඔය පැත්තෙ මිනිස්සු බස් වල එල්ලෙනවද :) අපි නම් බස් වලට නගිනව. ඇයි අර කට්ටම කට්ට නන්ගි කෙනෙක් කීවෙ

    ReplyDelete
  10. කපීකේකිJanuary 14, 2014 at 6:55 PM

    කඩෙත් අල්ලගන කාල තියෙන්නෙ පව් :)

    ReplyDelete
  11. එක දවසට ගොඩක් තැන් වල රවුම් ගහල තියෙන්නෙ..

    ReplyDelete
  12. බොලා එඩේරමුල්ලෙද පදිංචිය...ගම්පහ ගම්පහ කියනකොට මම හිතුවෙ ගම්පහ නගරය කිට්ටුව ඉන්න කෙනෙක් කියලා මම වගේ....ඔය පන්සලට මමත් පුංචිම කාලෙ වතාවක් ගියා...එදායින් පස්සෙ තවම ගිහිල්ලා නෑ...මීගමුව කලපුවේ නම් වතාවක් ඔරු පැද්දා...

    ReplyDelete
  13. පන්සල ගැන මම නම් ඇහුවෙත් අදමයි ඔන්න..

    ReplyDelete
  14. ලස්සන් තැනක් මමත් ගිහින් තියෙනවා.. පෝසුව කියෙව්වහම ආපහු යන්න හිතුනා ...

    ReplyDelete
  15. අඟුරුකාරමුල්ලේ පන්සල ගැන අසා තිබුනත් එහි හරි නම දැනගත්තේ අදයි. මලේ ඔය ඉසව්වේම නේද රුක්මනී දේවි කෞතුකාගාරයත් තියෙන්නේ?

    ReplyDelete
  16. පොඩ්ඩි :
    කට්ටියක් එක්ක යනකොට ඕක තමා අවුල.. ප්ලෑන් කරන්ඩ ඕන ගොඩක් දේවල්. ඒ අතින් බලාගෙන ගියහම මෙහෙම යන එක ලේසියි. ඇයි ට්‍රිප් එකට දිනයක් දාගන්ඩත් අමාරුයි. එකෙක්ට පුලුවන් දවස අනෙක් එවුන්ට බෑ. අනෙක් එවුන්ට පුලුවන් දවස තව එවුන්ට බෑ.. එපා වෙනව අප්පා

    යක්ෂයා :
    ගොඩ දෙනෙක් හොයාගන්ඩ නැති උනහම මෙහෙම තමා යන්ඩ වෙන්නේ. :)

    Chathuranga Priyashad :
    ඒ කෙල්ල කට්ටයි නේන්නං. එයාගේ ටිප් එකත් බිලටම සෙට් කරලා ගාන කිව්වේ. :)

    Wicharaka Asami Dakimi Soyami :
    ඒ ටික නං හොයාගන්ඩ බැරි උනා විචාරක තුමෝ. නැත්නම් ඒ දේවල් නොදා ඉන්නේ නෑ.

    ReplyDelete
  17. දේශක යා :
    ඒක තමා.. :)

    ItalyDilan :
    කොහෙද ඉතින් මගේ ගමන් සගයා මීගමුවේ උනාට ඒ කොහේවත් ගිහින් තිබ්බ එකෙක් නෙමේ.

    Amila Prabath Samarakkodi :
    ඔන්න දැන් දන්නවා නෙහ්. ආයේ එහෙම මීගමුව පැත්තේ යන්ඩ ලැබුනොත් ගිහින් එන්ඩ ඈ.

    වැව් ඉස්මත්ත :
    ඒකනේ ඒකනේ.. ඔන්න ආයේ මීගමු ගිය වෙලාවක් අහු උනොත් ගිහින් එන්ඩ ඈ. :)

    ReplyDelete
  18. නදී :
    අපි බස් අල්ලනවා. එල්ලෙනවා !
    කට්ට නංගි කෙනෙක් නේන්නම්.. :)

    කපීකේකි :
    දුප්... යන්ඩ !

    රජ වීදියේ උමේෂ් :
    ඔවු.. පොඩි රවුමක් දැම්මා..

    සිරාගෙ කාමරේ :
    මීගමු කළපුවේ ඔරු පදින්ඩත් ආසයි. ආයේ වතාවක ගිහින් එන්ඩ ඕන. :)

    ReplyDelete
  19. Dinesh :
    ලංකාවට ආපු දවසක යන්ඩ ලිස්ට් එකට දාගමු එහෙනං. ඔය පුත්තලම් දිහෑ යන වෙලේක මීගමුවෙන් හරවලා පොඩ්ඩක් ඔලුව දාලා යන්ඩ පුලුවන් නෙහ්. :)

    තුශානි :
    ශා.. ඔයත් ගිහින් තියේද.. මරුනේ :)

    නිකං :
    ඒක නං දන්නේ නෑ සහෝදරයා. දැනගෙන උන්නා නං ගිහින් එන්ඩත් තිබුනා.

    ReplyDelete
  20. මීගමුවේ කරදිය නාන්න හොදතැන් කිහිපයක් තියෙනවා. එකක් “මෝරවල“. තව පෝරුතොට සතුටු උයනත් හොදතැනක්. එතන ජීවිතාරක්ෂකයොත් ඉන්නවා, සෝදාගන්න මිරිදියත් තියෙනවා අවශ්‍ය නම්.

    මම නම් මීගමු ගියොත් නොවැරදීම තෝසේ කනවා. මොකද වව්නියාවටත් වඩා රස තෝසේ තියෙන තැනක් තමයි මීගමුව.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.