10 January 2014

සති අන්තයට පෙර

අද ජනවාරි 10 වෙනිදා !

අළුත් අවුරුද්ද පටං අරගෙන දවස් දහයකුත් ගෙවිච්ච ඉක්මන.... රතිඥ්ඥා පත්තු කරලා අළුත් අවුරුද්ද පිලිගත්තේ අද ඊයේ වාගේ. අපි හිතනවටත් වඩා ඉක්මනින් කාළය ගත වෙනවා.

මේ සතියට මම එක පිට එක ලිපි තුනක්ම ලිව්වා. මේ ලියන එකත්තෙක්ක හතරයි !

අද පෝස්ට් එකක් ලියන්ඩ හිතුවේ කාළය ගැන කියන්ඩවත් අවුරුද්ද ගැන කියන්ඩවත් නෙමේ. මතකනේ මීට කලින් ලිපි වල ඉති කුමාරි කතා වස්තුව ලිව්වා. ඒ කතාව ලියලා ඉවර කරන්ඩ ලිපි තුනක්ම ගියා. මම තනි කතාවක් කෑලි තුනකට කැඩුවයි කියලා හොඳට අහගන්ඩත් පුලුවං උනා.

ඒවයිං කාරි නෑ..

ඔය ලිපි තුන කියෝපු කට්ටියට ප්‍රශ්නයක් තිබ්බා ඉති කුමාරි කතාවේදී හිටිය දීපංකර බුදු හාමුදුරුවෝ අටවිසි පිරිතේ දී කියැවෙන බුදුහාමුදුරුවන්මයිද කියලා.

අටවිසි පිරිතේ මෙහෙම කියවෙනවා නෙහ්,

තණ්හංකරෝ මහා වීරෝ - මේධංකරෝ මහායසෝ
සරණංකරො ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ


                                                     - අටවිසි පිරිතෙන් -

ඒක විසදගන්න අපේ මකරා සර් මට උදව්වක් කරලා තිබ්බා.

ඒක මෙහෙමයි.... අටවිසි පිරිතේ හැටියට කියවෙන බුදුවරු විසිඅට දෙනාම හිටියේ සාර අසංඛෙයිය කල්ප ලක්ෂය ඇතුලතදී. ඒ කාළෙදිත් දීපංකර කියලා බුදු කෙනෙක් පහල වෙලා තියෙනවා. අටවිසි පිරිතේ කියවෙන දීපංකර බුදු හාමුදුරුවන්ගේ කාළයේදී ගෞතම බුදු හාමුදුරුවෝ ඉදලා තියෙන්නේ සුමේධ තාපස තුමා හැටියට.

 ඊට ගොඩාක් කලින් ඒ කියන්නේ මනෝ ප්‍රණිදාන කාළයේදිත්  දීපංකර කියලා බුදුහාමුදුරුවෝ කෙනෙක් පහල වෙලා තියෙනවා.  පුරාණ දීපංකර බුදු හාමුදුරුවෝ කියලා. මේ කතාව ඒ බුදු හාමුදුරුවන්ගේ කාලේ වෙච්ච එකක්.පුරාණ දීපංකර බුදු හාමුදුරුවන්ගේ කාළෙදි තමා ගෞතම බුදු හාමුදුර්වෝ ඉති කුමාරිය වෙලා ඉදලා තියෙන්නේ.

 පල්ලෙහා චාට් එක බලන්ඩ !

ඔය චාට් එකට අනුව  අපේ ගෞතම බුදු හාමුදුරුවෝ 512,027 බුදුවරු ගණනාවක් දැකලා තියෙනවා.


හරි බණ කතා ඉවරයි...

පොඩි වෙනසකටත්තෙක්ක මේ සති අන්තයේ මම මීගමු යන්ඩ කියලා ඉන්නේ.
මීගමු මුහුදේ නාන්ඩ.. !

වැඩි කවුරුත් යන්නේ නෑ... මමයි තව යාළුවෙකුයි විතරයි.

එහෙනං මං ගියාවේ ! හැමෝටම සතුටින් පිරුණු සති අන්තයක්.... !!!

21 comments:

  1. අදෙ අෆ්ෆා සෑහෙන්න දෙයක් දැන් ගත්තා මධූ.

    මීගමු සති අන්තය ජය වේවා. පරිස්සමෙන්.

    ReplyDelete
  2. ෆට්ට tour එකක් වේවා...!

    ReplyDelete
  3. ඉක්මනට එයි වගේ. මොකද දිනන්න ඔට්ටුවක් තියෙනවනේ :) 

    ReplyDelete
  4. මධුරංග පරිස්සමින් මචෝ..මතකනෙ අපේ එකෙක්ට වෙච්ච් දේ..මීගමුව නියම පැත්ත..හි හි

    ReplyDelete
  5. ගොඩක් දේවල් දැනගත්තා මධු.... ගොඩක් පින් ...

    ReplyDelete
  6. Chathuranga Priyashad :
    අනිවාර්යෙන්ම... පරිස්සමින් ගිහින් එන්ඩයි මාත් බලන්නේ :)

    Amila Prabath Samarakkodi :
    බොහොම ස්තූතියි !

    සිහින මදාරා :
    ඉක්මනට එන්ඩ ඕන නෑ චූටි නෝනේ... මම දැනටමත් දිනාගෙන එන්නේ.. :)

    රජ වීදියේ උමේෂ් :
    අම්මෝ ඔවු.. මොන දේ කලත් පරිස්සමින් කරන්ඩ ඉන්නේ :)

    SilentSahan :
    මොනවා හරි දෙයක් ගන්ඩ ලැබුනා නං ඒක මගේ සතුටයි !

    ReplyDelete
  7. මම මෙව්වා දන්නේ නෑ ඒ මන් බෞද්ධ නොවන නිසා....ඒත් මන් බෞද්ධාගම ගැන දැන ගන්ට මනාපයි......මීගමු යන්නේ මුහුදේ නාන්න නම් පරිස්සමින් මධුවෝ.....ඒක නෙමි බ්‍රවුන්ස් බීච් පැත්තේ නම් යන්නේ මෝය කටත් බලලා එන්න......රන් වැලි හෝටලේ පැත්තේ නාන්න යනවා නම් හොද බුෆේ එකකටත් වග කියන්න පුළුවන් මගේ මතකේ හැටියට

    ReplyDelete
  8. හප්පේ ඔය ඔක්කොම බුදුවරු ඉන්න තිබුනෙ මේ කාලෙ!

    ReplyDelete
  9. එහෙනම් නාගෙන එන්ඩෝ!

    ReplyDelete
  10. පරිස්සමින් නාලා එන්ට එහෙනම්. වැඩිය මූදු වතුර නෑවෙන්නෙත් නැතුව ඇතිනේ...:)

    ReplyDelete
  11. සුනාමියක් ඇවිත් තෝ ගහගෙන පල .....:D

    ReplyDelete
  12. ඒ උණාට තව විස්තර ටිකක් දාන්න තිබබා අර බුදුවරුන් ගැන. වැඩක් නෑ ඉතිං ආයේ ආපුවාමනේ මේක දකින්නෙත්

    ReplyDelete
  13. මටත් දීපංකර බුදුහාමුදුරුවො අටවිසි පිරිතේ දී කියැවෙන බුදුහාමුදුරුවන්මයිද කියලා ප්‍රශ්නේ තිබුනා.. දැන් හරි...

    එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ..

    ReplyDelete
  14. විශ්වීය සංකල්පය වගේ... අවසානයක් හො ආරම්භයක් නෑ වගේම.. ඉමක් කොනක් නෑ වගේ..

    මම යනවා මඟ ඇරුනු කතාවස්තුව බලන්න

    ReplyDelete
  15. මේ තරම් බුදුවරුන් වැඩ හිටිය කාල වල අපිත් ඔය අතරින් පතර ඉන්න ඇති.. ඉතින් බලන්න කරුමෙක මහත.. අපි තාම සංසාරේ දුවනවා..

    ReplyDelete
  16. ශානු :
    අනිවාර්යෙන්ම ගිහින් එන්න ඕන.. ස්තූතියි ඔත්තුවට.. ශානුලාගේ ගෙවල් තියෙන්නෙත් මීගමුවෙද මන්දා... :O

    රාජ් :
    ඒකනේ.. හැබැයි ඉතිං ඒ කාලේ හිටපු එක හොඳා. නැත්නම් මෙවුන් බුදුවරුන්ටත් හිමිහිට ගේම කෝල් කරයි ~

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    හරියෝ... :)

    ReplyDelete
  17. Podi Kumarihami :
    ඒකනේ... ආනවිලුන්දා ගමනෙන් පස්සේ සෑහෙන කාළෙකින් මූදක් දකින්නේ :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    පික්සු ද මාව ගහගෙන යන්නේ නෑ... ගහගෙන ගියොත් බොලාවත් ඇදගෙන යන්නේ.

    යක්ෂයා :
    හිමිහිට ඉදිරි පෝස්ට් වලින්ම දාන්නම්... ඔක්කොම එකපාර අහපුවාම නීරසයි වාගේ නෙහ්.

    ReplyDelete
  18. තුශානි :
    ඔන්න සැකය දුරු කලා. සැකයක් තියාගෙන ඉන්න ඕනැන්නේ නෑ නේ. :)

    සමී :
    සංසාරේ වාගේ. !
    හරි කතා වස්තුව බලලා එන්ඩ.

    Dinesh :
    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ...

    ReplyDelete
  19. පරිස්සමින් ගිහිං වරෙං. තව ගමනක් යන්නත් තියෙනවනේ.. ;)

    ReplyDelete
  20. දැං සති අන්තේ ඉවරයි ගියාද මීගමු මූදු?

    ReplyDelete
  21. ගෝල්ඩ් ෆිෂ් :
    ඒ ගමනත් අපි යමු !
    ඔය ඔක්කෝම ගමන් වලින් පස්සේ අපි හැමෝටම තනි තනිව යන්ඩ ගමනකුත් තියෙනවා නෙහ්... ඒ සසර ගමන !

    දේශක යා :
    ජය වේවා !

    දයානන්ද රත්නායක :
    ගියෙමි.. ඒ ගැන පසුවට.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.