08 January 2014

ඉති කුමාරි කතා වස්තුව - 2 කොටස

පහුගිය ලිපියෙදි මතක ඇතිනේ ඉති කුමාරිය සාමණේර නමකගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අන්න ඒ ප්‍රශ්නයට පිලිතුරක් දෙන බලාපොරොත්තුවෙන් මේ සාමණේර නම විහාරයට වඩිනවා. පහුගිය කොටස බලන්ඩ බැරි කෙනෙක් ඉන්නවා නං මෙතෙන්ට දුවලා ගිහිං බලලා එන්ඩලා..

අද කතාව එතැන ඉදං.......

මේ සාමණේර නම විහාරයට වැඩියට පස්සේ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන විමසලා පිලිතුරක් ලබා ගන්නවා.

ඉති කුමාරියගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා ගත්තට පස්සේ උන්නාන්සේ ආයෙම සිටු මැදුරට වඩිනවා. ඉන් පස්සේ ඉති කුමාරියට පිලිතුර ලබා දෙනවා.

මෙන්න මේකයි පිලිතුර,

 මේ වාගේම දන් පුදන්න. පින් දහම් කරන්න. එතකොට සූ විසි කල්පයක් ගිය තැන බුදු බව ලබාගන්න පුලුවන් කියලා තමයි උන්නාන්සේගේ පිලිතුර වෙන්නේ. මොකද ඉතිං බුදු බව ලබනවයි කියන එක ලේසි පාසු දෙයක් යෑ.. කල්ප කාලාන්තරයක් පෙරුම් පුරන්ඩ එපා ය.

මේ පිලිතුර ගැන ඉති කුමාරිය පැහැදෙනවා ඒ වගේම කුමාරිගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ විතරක් නෙමේ මේ කුමාරිය පහුවදාම දානයත් අරගෙන දීපංකර බුදුහාමුදුරුවෝ වැඩ හිඳින විහාරයට යනවා. ගිහින් දන් පුදලා, වැඳ නමස්කාර කරලා උන්නාන්සෙගෙන් තව දුරටත් ප්‍රශ්න අහනවා.

"අබතෙල් පූජා කරලා තියෙනවට අමතරව මම ගොඩක් පින් දහම් කරලා තියෙනවා. ඒ නිසා මට මේ භවයේදී බුදු බව හිමි වේවිද ?" කියලත් අහනවා.

නමුත් බුදු හාමුදුරුවන්ගේ උත්තරය වෙන්නේ ඔබතුමිය කරපු පින් මදි බුදු බව ලබන්න. ඒ නිසා මේ වාගේම දිගටම පින් දහම්වල නියැලෙන්න. එතකොට මතු ආත්මෙකදි බුදුබව ලැබේවි කියලා. බුදු බව ලබන්න බැරිවෙන නිසා ඉති කුමරියගේ හිතේ ශෝකයක් හට ගන්නවා. බුදු වෙන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑයි කියලා හිතලා මේ කුමරිය බුදු හාමුදුරුවෝ ඉදිරිපිටදිම අබ තෙල් හලාගෙන ඇඟට ගිනි තියාගන්නවා.

නමුත් උන්නාන්සේ ඇයට මැරෙන්න දෙන්නේ නෑ. උන්නාන්සේගේ මෙත් බලයෙන් මේ ගින්න නිවා දමනවා.

ඊට පස්සේ  ඉති කුමාරිය,

"වන ගත වෙලා තවුස් දම් රැකලා බණ භාවනා කරන්න මට පිරිමි ආත්ම භවයක් ලබා දෙන්න. ඊට පස්සේ මට පුලුවනි බුදු බව ලබන්න" කියලා උන්නාන්සේගෙන්ඉල්ලීමක් කරනවා.

ඊට පස්සේ උන්නාන්සේ ඉති කුමාරියට "ඔබට පිරිමි ආත්මයක් ලබා දෙන්න මට පුලුවන් කමක් නෑ. ඔබගේ ස්වාමිපුරුෂයාගේ කටින්ම ඔබට පිරිමි ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කලොත් ඊලඟ ආත්මභවය පිරිමි ආත්මයක් ලැබේවි." කියලා කියනවා.

නමුත් දන්නවනේ ඉති කුමාරි මේ වෙනකොටත් අස්වාමිකයි කියලා. ඒ කියන්නේ ස්වාමිපුරුෂයෙක් නෑ කියලා.

ඉතිං මේ ඉති කුමාරිය,

 "බුදු හාමුදුරුවනේ මට තාම ස්වාමි පුරුෂයෙක් නෑ.. මගේ ස්වාමි පුරුෂයා ඉන්නේ කොහේද කියලා පවසන්න." කියලා ඉති කුමාරිය බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

උන්නාන්සේ ඉති කුමාරිය දිහාවට හැරිලා,

"කුමරිය, අබ නැලියක් අරගෙන ගවුවට එක අබ ඇටය ගානේ දම දමා යන්න. ඔබ අන්තිම අබ ඇටය දමන තැන තියෙන නිවසට යන්න. ඒ නිවසේදි ඔබට ඔබේ ස්වාමි පුරුෂයා හමුවේවි " කියලා ප්‍රකාශ කරනවා.

බුදු හාමුදුරුවෝ වදාලපු විදිහට ඉති කුමාරිය අබ නැලියක් දෝතින් අරගෙන දෙමව්පිය දුක් සුසුම් මැද්දේ ගෙදරින් පිට වෙලා යනවා. මේත් එක්කම බමුණෝ එදා කුමරියගේ නම් තැබීමේ උත්සවේදි කියපු අනාවැකිය සපථ වෙනවා.


ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් අන්තිම කොටස වෙනකන් ඉන්න වෙනවා.

-මතු සබැඳි-

------------------------------------------------------------------
ප.ලි. - අදත් ලිපිය දිග වැඩි නිසා කෑල්ලක් කඩන්න උනා. :(

ප.ප.ලි. - තව කොටසකින් කතාව ඉවරයි. ඒ නිසා උරණ වෙන්නේ එපා.

ප.ප.ප.ලි - මෙන්න කතාවේ තුන්වෙනි කොටසට (අන්තිම කොටසට) යන පාර

18 comments:

  1. ඔය කඩන කැඩිල්ලට අපිට ද්වේශ සිත් ඇතිවෙනවා මධුර-අංගයෝ..

    ReplyDelete
  2. සුද්ද හිංගල අහගන්න ඔය හදන්නේ... යකෝ ජාතක කතා කිව්වට ඕවා ඔච්චර දිගයැ.. අපරාදේ අපේ ආතල් එක කනවා මේකා..

    ReplyDelete
  3. මොනවද අප්පා... එක පාර කියන්නකෝ.

    ReplyDelete
  4. sAm (සෑම්) :
    ද්වේශ සහගත සිතුවිලි වලිං අත මිදෙන්න..
    නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !

    දේශක යා :
    හරියෝ.. අන්තිම කොටස අදම දාන්නම්... සමාවෙන්ඩ දේශකයෝ !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    චුට්ටං ඉන්ඩකෝ දිලිනි. අද හවස ගෙදර ගියහම ඉතුරු කතාව දාන්නම්.

    ReplyDelete
  5. අදයි කොටස් දෙකම කියවන්න හම්බ උනේ.

    ජාතක කතාවක් උනත් මෙහෙම කෑලිවලට කඩන්න ගත්තම නම් මාර ශාන්තියක් දැනෙන්නෙ.

    ReplyDelete
  6. තුක් විතරක්.මෙගා නාට්ටි වගේමනෙ. ආ නෑ නෑ
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.. සාධු සාධු සාආආආආආආ ධු

    ReplyDelete
  7. එතනත් පේනව නේද? පිරිමියෙක්ගෙන් වරම් ලබන්ට වෙනවනේ, පිරිමි ආත්මයක් ලබන්ට. :)

    ReplyDelete
  8. මම කියන්න යන්නේ නෑ. උඩ හොදටම පවසලා නොවැ.

    ReplyDelete
  9. Chathuranga Priyashad :
    ගොඩක් අයට ඒ ශාන්තිය දැනිලා වාගේ... ඊලඟ කොටස අද රෑම දාන්න හිතාගෙන ඉන්නේ. :)

    හරී - පිණිපළස :
    සෙම අප්පා මේ ටිකේ.. මාත් දෙතුන් විඩක් කෙල ගහලා ආවේ.. තුක් විතරක්.. :)
    හරි හරි චූටි ටීචර්... ඉක්මනටම ඉතුරු කොටසත් දෙන්නම්. ඔන්න වේවැලෙන් ගහන්ඩ ඔට්ටු නෑ හරිද..

    Podi Kumarihami :
    පොඩ්ඩිත් අල්ලගන්න තැන් නෙහ්... :)

    යක්ෂයා :
    ඒකනේ...
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !

    ReplyDelete
  10. හ්ම්. හ්ම්.. ඊලඟ කොටසෙදි හම්බවෙමු..

    ReplyDelete
  11. ෂික් විතරක්....ඔහොම හොදද මන් අහන්නේ.....ඉක්මනට දාන්නවා හොදා නැත්තම් ...නැත්තම්.......දෙනවා හොදවයින් ටොක්කක් :)

    ReplyDelete
  12. බණ අහන්න ආව නිසා මුකුත් කියලත් බැහැ ඔබ තුමා කරපු වැඩේ ගැන... !

    ReplyDelete
  13. මධු මේ ඉන්නේ 28 බුදුවරුන්ගේ ලයිස්තුවේ ඉන්න දීපංකර හිමියන් නෙවේ .. පුරාණ දීපංකර නමින් හඳුන්වන බුදු කෙනෙක්.. බුදු වරුන් 5න් ලක්ෂ ගණනකට පෙර උන්නු බුදු වරයෙක් මේ.. දිගටම ලියන් යන්න...අසාවෙන් බලනවා...

    ReplyDelete
  14. කාලෙකින් ගොඩවුණේ..
    මැදැයි තවත් කොටසක් තියෙනවානෙ....

    ReplyDelete
  15. ඊළඟ එකටම කොමෙන්ට් කරනවා...

    ReplyDelete
  16. තුශානි :
    ඔන්න ඊලඟ කොටස ලියලා තියෙන්නේ තුශානි !

    ශානු :
    ටොකු දෙන්න ??? හුහ්... ඒවා හඳේ ඈ... !
    මං කොනිති ගහනවා ඈ.. බලාගන් ! :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    අනේ සාදු... !!!
    නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !

    ReplyDelete
  17. SilentSahan :
    සහන් හරි.. සාර අසංඛෙයිය කල්ප ලක්ෂයටත් එහා උන්නු බුදු හාමුදුරුවෝ තමා මේ. :)

    SN :
    සංසාරේ වගේ නෙහ්.. ඔන්න ඊලඟ කොටස දැම්මා !

    ලහිරු :
    ඔන්න දාලා තියෙන්නේ.. කමෙන්ට් කරන්ඩෝ.. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.