05 December 2013

නිවාඩු දවසේ රඹුටන් ප්‍රශ්නයක්

අද මම නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න දවසක්... අවුරුද්දේ අන්තිම මාසය නිසාත් ඉතුරු කරගත්තු නිවාඩු ටිහිකුත් තිබුන නිසා අද නිවාඩුවක් දැම්මා. ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්ඩ පුලුවං උනා. නිදියන එක තරං සැපතක් තියෙන එකක් යෑ..
(හැබැයි ඉතිං නිදියන්න කලින් ෆෝන් එක සයිලන්ට් දාන්න... නැත්නම් නිදියනවා බොරු. !)

ටිකක් විතර පරක්කු වෙලා ඇහැරිලා මූනකට හෝදගෙන උදේ කෑමත් කාලා ලෑස්ති උනේ මම කලින් දාක ගෙනාපු පොත කියවන්න. පොතේ නම තමා තුංමං හන්දිය... ඔවු ඔවු ඔවු... මහගම සේකර මහත්තයා ලියපු පොත තමා..මේ පොත මම මුලිංම කියෙව්වේ ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන. ඒ මතකයටම මම ආයෙමත් ඒ පොත ගත්තා.

පොත කියවන්න ඉස්සෙල්ලා ඊයේ දවසේ තිබ්බ දේවල් ටික බලාගන්න මූනුපොතටත් ගොඩ උනා.  මූනු පොතෙත් රවුමක් දානකොට මට අපූරු ප්‍රශ්නයක් හම්බ උනා. ඒ ප්‍රශ්නය තිබ්බේ සාමාන්‍ය දැනීම කණ්ඩායමේ.

මේකයි ප්‍රශ්නේ....

ඔන්න යාළුවෝ තුන් දෙකෙන් කඩේකට යනවලු.. ඒක පලතුරු කඩයක් කියමුකො. මේ පලතුරු කඩේට ගිහින් රඹුටන් ගේන්ඩයි කියනවා. රබුටන් ගේන්ඩ කිව්වට මොකෝ ඒ ටික ගේනකොට තුන් දෙනාම හොදටෝම නිදිලූ.

ඊට පස්සේ ටික වෙලාවකින් එකෙක් ඇහැරුනාලු. ඌ රඹුටන් ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා ආයෙම නින්දට වැටුනලු.

ඊට පස්සේ දෙවෙනි එකා ඇහැරුනා ලු. ඌත් අර විදිහට ඉතුරු වෙලා තිබ්බ රඹුටං ගොඩ, තුනකට බෙදලා එක පංගුවක් කාලා නින්දට වැටුනලූ.

දැන් තුන් වෙනියගේ වාරේ.. ඌ නැගිටලා අර විදිහටම ඉතුරු රඹුටන් ටික තුනකට බෙදුවා එයින් එක පංගුවක් කෑවා.

තුන් දෙනාම ඔය විදිහට කෑවට පස්සේ රඹුටන් 8ක් ඉතුරු උනාලු. මුලින්ම තිබ්බ රඹුටන් ගොඩේ රඹුටන් ගණන කීයද කියලා තමා ප්‍රශ්නේ.

උත්තරේ මොකක් කියලද හිතන්නේ ? දාමු බලන්න පහලින් කමෙන්ටුවක් !

මේ ගාන හදන්න ලේසිම ක්‍රමේ තමා අග ඉදලා මුලට යන එක. තුන්වෙනියා කාපු රඹුටන් ටිකෙන් පටන් අරගෙන පලවෙනියා වෙනකන් ගියා නං උත්තරේ අල්ල ගන්න අමාරු නෑ. ඔන්න ඉඟියකුත් දුන්නා. මේක මේ පරිපාලන සේවා විභාගයේ ප්‍රශ්නයක් ය කියනවා නෙහ්.

එහෙනං ඕගෝල්ලෝ ප්‍රශ්නයට උත්තරේ කල්පනා කරන්ඩ.. මම යනවා සේකර මහත්මයාගේ තුංමං හන්දිය කියවන්ඩ.. !

සියළු දෙනාට සතුටින් පිරුණු සුබ දවසක් !
උත්තරේ 27

33 comments:

  1. සුභ දවසක් මචං.. මම ගනං පේල්...

    ReplyDelete
  2. පික්ශු කෙළින්න එපා බොල අපිව අමාරුවෙ දාලා.

    උත්තරේ 27ද කියමු බලන්න. (වැරදී නම් හිනා වෙනවා එහෙම නෙමේ. අපිත් ගණන් ෆේල්) :$

    ReplyDelete
  3. 27යිද ....දැන් උඹ පොත කියවලා එනකං අපි මේක හදාපන්කෝ. ඒයි දැන් වරෙන් පොත කියෙව්වා ඇති.

    ReplyDelete
  4. උත්තර දීල ෙනව

    ReplyDelete
  5. මම කියන්නේ උත්තරේ 50යි.... මුලින් හිටපු එකා කපටියෙක් (මම වගේ) උ ගෙඩි 32ක් විතර කනවා ඊට පස්සේ තුනට බෙදුවා වගේ නිදියනවා

    ReplyDelete
  6. 27 නේද උත්තරය?

    ReplyDelete
  7. ඔලුව වෙහෙසන්නඩ හරි කම්මැලියි බං. ඔය කවුරු හරි හරි උත්තරේ කියයි.ඒක නොවෙයි මුං තුන්දෙනා හරි මෝඩයෝ. සිංහල ක්‍රමේ හැටියට නං මුලින්ම කන එක‍ා රමුටං ලෙල්ලක් වත් ඉතුරු කරන්නෑ...

    ReplyDelete
  8. පරක්කුයි පරක්කුයි පරක්කුයි..අදත් හොඳටම පරක්කුයි ... :(

    ReplyDelete
  9. හෆොයි ගණන් බැරියෝ...

    ReplyDelete
  10. ඔය ඔක්කොම උත්තර දීල තියෙන්නෙ

    ReplyDelete
  11. මටත් හිතෙන්නෙම 27 කියලයි. හැබැයි ගණන් ෆේල් මාත්.

    ReplyDelete
  12. උත්තරේ 27. හොයාගත්තේ ටීචර්ගේ උදව්වෙන්. පිටිපස්සේ ඉඳන් යන්ට කීවනේ.:D

    ReplyDelete
  13. මට ආපු උත්තරේ 27 :)

    ReplyDelete
  14. ඔබේ බ්ලොගය ගණන් පන්තියක් කිරීම සම්බන්ධයෙන් බලවත් විරෝධය! :D

    ReplyDelete
  15. කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවම මෙතන ප්‍රශ්න අහනෝ :D

    ReplyDelete
  16. මාත් ඊයේ නිවාඩු... එත් ගෙදර හිටියෙ නෑ. ඒ නිසා මේ පැත්තේ එන්නවත් බෑරි වුනා..

    ගණන් පාඩමට පරක්කු වැඩිද මන්දා.... උත්තරේ 27 යි

    ReplyDelete
  17. පොඩි පොඩි ගනන් නම් හදන්න මතකත් නෑ. ඕක අනුකලනයෙන් හදල උත්තරේ ගත්තට කමක් නද්ද?

    ReplyDelete
  18. දේශක යා :
    ඒ උනාට උත්සහයක් දාලා බලමු. :)

    Chathuranga Priyashad :
    උත්තරේ හරි !

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    හරි... ඒක තමා උත්තරේ... හිටු. තාම පොත කියවලා ඉවර නෑ... :)

    Anonymous :
    ඇනෝගේ උත්තරේ හරි. !

    රාජ් :
    ඒක නේන්නං !

    සසිදු :
    හරි !

    ReplyDelete
  19. දේශක යා :
    සාධාරණ නෑ... මුන් අසාධාරණ එවුන්..

    Anonymous :
    හරි !

    ශානු :
    ඔයත් හරි !

    S. L. මැලේ රාළ :
    මෙන්න නියම මිනිස්සු ! :)

    Chandana Gunasekera :
    ඔවු ඒක තමා උත්තරේ... :)

    දයානන්ද රත්නායක :
    ඒ අතින් මුන් අනිත් එවුන් ගැනත් හිතනවා...

    ReplyDelete
  20. SilentSahan :
    ඒක නේන්නම්... පරක්කුයි !

    Amila Prabath Samarakkodi :
    අර මොකෝ අර ?

    Damith Gunawaredane :
    හ්ම්.. ඒක නේන්නම් :)

    malmi :
    මල්මි අක්කත් හරි... ඔයත් දක්ෂයි !

    අසෙනි :
    මේ ඉන්නේ දක්ෂ ළමයි... :)

    Podi Kumarihami :
    ඒකනේ.. දක්ෂ ගුරුවරු ඉන්නකොට ළමයි ඉබේටම පාස් වෙනවා... :)

    ReplyDelete
  21. ධාරා :
    ඔයා හරි චූටි නෝනේ !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    අම්මෝ තර්ජනයකුත් දාලා... !
    හරියෝ.. ඊලඟ පෝස්ට් ගණන් නෙමේ !

    Gimhani :
    ගොඩ කාලයක් නෑවිත් ඉදන් ආපුවහම ප්‍රශ්න අහන්ඩ එපෑ.. :)

    තුශානි :
    ආහ්... ඔයා එහෙනම් ඇවිදින්ඩ ගියා නෙහ්.. :)
    උත්තරේ හරි තුශානි... !

    පිස්සු දෙයියා:
    ඒත් කමන් නෑ හරි උත්තරේ එනවා නං... මේකා නං පිස්සුම දෙයියෙක් !

    ReplyDelete
  22. අයියෝ මම හොඳටම පරක්කුයි. මම එනකොට ළමයි උත්තරත් ලියලා, ටීචර් උත්තර පත්තර බලලා, ළකුණුත් දීලා ඉවරයිනේ.

    ReplyDelete
  23. උත්තරේ හොයාගෙන හොයාගෙන යද්දි මටත් නින්ද ගියාලු....දැන් හොදටම නිදිලු...

    ReplyDelete
  24. ඕකනේ කියන්නේ ඉතිං පරක්කු වෙන්න එපා කියලා. දැන් ඉතිං හැමෝම කියලානේ උත්තරේ

    ReplyDelete
  25. අපි එනකොට රඹුටං ඔක්කොම ටිකට වැඩේ දීලනේ .. සික්..
    දෙකෙන් බෙදල තුනෙන් වැඩි කරන්න .. තුන්පාරක් කලාම උත්තරේ ...

    ReplyDelete
  26. උත්තරේ දීලා. මං ඔය වගේ ප්‍රශ්න ගොඩා....ක් දන්නවා....:D

    ReplyDelete
  27. ඇත්තටම මේ පුංචි පහේ කතාවක් එහෙම ලියන්න බැරිද බං? ගනං ලියන්නෙ.. මං නං උත්තර දෙන්නෙ නෑ... ආයෙ ගනං ප්‍රශ්න දැම්මොත් කමෙන්ට් කොටන්නෙත් නෑ එන්නෙත් නෑ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.