27 December 2013

ආනවිලුන්දා අභය භූමියට ගිය ගමන

පහුගිය සතියේ සෙනසුරාදා මට බ්ලොග් බීච් පාර්ටියට එන්ඩ උනේ නෑ. ඒකට හේතුව උනේ මම අපේ යාළුවෙක්ට උන්දෑ ගෙදර එනවයි කියලා කලිං ඉදලම පොරොන්දු වෙලා උන්නේ.. දෙයක් පොරොන්දු උනා නං ඒක ඉටු කරන්ඩ එපැයි.. ඒ නිසාම උන්දෑ ගෙදර ගියා.

යාළුවා ඉන්නේ ආනවිලුන්ඩාවේ !

ආනවිලුන්ඩාව තියෙන්නේ පුත්තලම් කොළඹ පාරේ බංගදෙනියයි බත්තුළුඔයයි අතර මැදක. ඔන්න ඉතිං කියපු දවසේ උදේ අටට තිබ්බ පුත්තලම් කෝච්චියට නැග්ගා ආනවිලුන්දාවට යන්ඩ. පුත්තලම් යනවා නං කෝච්චියක යනවට වඩා බස් එකක යන එක හොඳයි.. බස් එකේ පෑ දෙකක විතර ගමනට කෝච්චියෙන් ගියොත් පෑ 4ක් විතර යනවා.

ඒත් ඉතිං කෝච්චියේ යන එක ජොලි වැඩක් නිසා කෝච්චියට නැග්ගා... මං හලාවතට එනකොට උදේ 11.45ත් පහු වෙලා. හලාවතට ආ හැටියෙම මගේ කැමරාව ඔන් කර ගත්තා කලපුවේ ෆොටෝ ටිකක් ගන්ඩ. එතකොටම මුතු කුමාරි කෝච්චිය නවත්තලා. ඒ නිසා ෆොටෝ ගහන්ඩ උනේ නෑ.


ඔය තියෙන්නේ හලාවත ස්ටේශමේ නවත්තලා තිබුනු මුතු කුමාරිය !

ඒත් ඉතිං මං වැඩේ අතෑරියේ නෑ.. කෝච්චිය ඉවර වෙච්ච හැටියෙම කලපුවේ ෆොටෝ දෙක තුනක් ගහ ගත්තා. ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූරයක්.


ඔන්න ඉතිං ආනවිලුන්ඩාවට ආවයි කියමුකෝ. ආ හැටියෙම දවල් කෑම කාලා ආනවිලුන්දා අභය භූමිය පැත්තෙත් ගියා. හිතපු තරම් ලොකු අභයභූමියක් නෙමේ.. කෝච්චියෙන් බැහැපු ගමන්ම තියෙන පාරේ ගියහම තමා ආනවිලුන්ඩාව අභය භූමියට යන්ඩ තියෙන්නේ.

ඔය ඉහලින් තියෙන්නේ ආනවිලුන්දා අභය භූමියට ඇතුල් වෙන තැනම තිබ්බ නාම පුවරුව.

මේක අන්තර්ජාතික රැම්සා තෙත් බිමක්.. ආනවිලුන්ඩාව අභය භූමියේ වැව් කීපයක්ම තියෙනවා. නමුත් මම ගිය දවසේ ආනවිලුන්ඩාව වැවේ විතරමයි වතුර ටිකක් හරි තිබුනේ.. අනිත් වැව් ටික හිඳිලා. ඒ නිසා ඒ පැත්තේ තිබ්බ කුඹුරු ටික ගොවිතැන් කරන්නේ නැතුව අතෑරලා දාලා. පුරන් වෙලා !

පහලින් තිබ්බ පාරේ තමා අභය භූමිය බලන්න ගියේ...


පහලින් තියෙන්නේ හිදීගිය මයියාව වැවේ දර්ශනයක්.

මයියාව වැවේ වතුර තිබුනු කොටසේ දර්ශනයක්.
පහලින් තියෙන්නේ සුරුවිල වැව පැත්තට යන ගමනේදි ගත්තු පින්තූරයක්.
(අනිත් වැවු ටික තමා පින්කට්ටිය,ඉරක්කවල, වැල්ලවල, ඉහලවැව,සුරුවිල,මරදන්සල සහ මයියාව. ඕකෙන් සුරුවිල වැවටයි මයියාව වැවටයි යා ගත්තා.)

පෑ කිහිපයක් ආනවිලුන්ඩාව අභය භූමියේ ගත කරලා මමයි මගේ යාළුවයි ගියා මුතු පන්තිය පැත්තේ !
මුතු පන්තිය කියන්නේ හලාවත මූදු තීරයට. ඒකත් ලස්සන මුහුදු තීරයක්. මුහුදු තීරයේ ටික වෙලාවක් ගත කරලා ඊට පස්සේ හවස 5.38ට තිබ්බ කෝච්චියට නැග්ගා ආපහු එඩේරමුල්ල පැත්තට එන්ඩ !

එඩේරමුල්ලෙන් බහිනකොට රෑ 9.30යි. ගෙදර එනකොට රෑ දහයයි !

ගානට ඇඳට වැටෙන වෙලාවට ගෙදර ආවා. ඊට පස්සේ ඇඟපත හෝදගෙන මගදි ගත්තු කෑම එකෙන් ටිකක් කාලා නින්දට වැටුනා !

ඔන්න ඔහොමයි මගේ දවස ගෙවුනේ !

--------------------------------------------------------------------
ප.ලි. - ගොඩක් පින්තූරු තියෙනවා. අපොයි සුපියල් පහ වෙන නිසා දැම්මේ නෑ.. :)

35 comments:

  1. ඒ උනාට බීච් පාටියට එන්නයි තිබුනෙ.. මේක නං ආයෙත් දවසක යන්න පුලුවං.. ඒත් බීච් පාටිය ඒම නෙමේනේ..

    ආනවිලුන්දාව කියන නම ඇහුවෙත් අදයි මම නං :)

    ReplyDelete
  2. thawa pics tiyanawa nam dannako apita balanda

    ReplyDelete
  3. මමත් ගිහිං නෑ මෙහේ නං.. තව පිංතුර ටිකක් දාමුද මලේ..

    ReplyDelete
  4. ලංකාවේ තියන්නේ රැම්සා තෙත් බිම් තියෙන්නේ තුනයි නේද. ඒක හින්දා මේකේ වටිනාකම ගොඩාක් වැඩියි. යන්න ඕනේ අනිවා දවසක

    ReplyDelete
  5. මොනාද මදු ගිය එකත් වෙලා හොඳ රවුමක් යන්න එපැයි. අපි නම් බත්තුළුඔය හෙම ගිහින් නාලා මාළු පුච්චලා කාලා (වැව්මාළු) මාළු අල්ලන්න කට්ටියක් වැවේ බැහැලා මම මගෙ කොහේ ගියත් කරන ගස් හඳුනාගැනීමේ පාඩමත් කලා. එහේ ඉන්න කුරුල්ලෝ දැක්කෙත් නැද්ද? අපි යන කාලේ නම් අභය භූමිය වටේ වැව් පිරෙන්නම අර ජපන් ජබර මල් පිපිලා තිබ්බා. ආයෙත් කාලෙක යන්න ඕනේ. ඒත් කවදා යන්න වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  6. හලාවත බීච් එක හරියට ගිහින් තිබ්බට ඔය හරියට නම් ගිහින් නෑ... වෙනස්ම පරිසරයක් වගේ..

    ReplyDelete
  7. හලාවත අවට පහුගිය අව්රුද්දෙ මුල කාලේ කරක් ගැහුවට ඒ කාලේ ආනවිලුන්දාව ගැන අහල තිබුනේ නෑ. අනික දැන් වගේ පින්තුර උණක් ඒ කාලේ තිබුනේ නැ. දැන් නම් ගොඩක් අය කියන විස්තරයි පින්තුරයි නිසා බලන්න යන්න ආසයි.

    ReplyDelete
  8. මධූ හැමදාම මෙහෙම කෝච්චිවල යන ලස්සන කතා ලියනවා. එතකොට හිතෙනවා ඒ වගේ කෝච්චියක ගමනක් ගිහින් බලන්ට. ඔය කියන අභය භූමිය ගැන නම් අහලා තිබ්බේ නෑ.

    ඔක්කොමත් හරි. යාලුවගේ කිසිම විස්තරයක් නෑ.:)

    ReplyDelete
  9. මෙය යලිත් ඇත්තටම අභය භූමියක් ලෙස වර්ධනය වීම සතුටක්. 1988 - 89 භීෂණ සමයේදී මෙය කනත්තක් වුනා. දීර්ඝ කාලයක් තිස්සේ මේ භූමිය විවිධ අපරාධ සහ අකටයුතුකම් සඳහා කුප්‍රකට ප්‍රදේශයක්. දේශපාලුවෝ කීපදෙනෙක් ඒ පසුපස හිටියා. අදත් ඇති. මේ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පවා තිබුනා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ අයවළුන් ගණනාවක් අත්අඩංගුවට ගත් උඩප්පුව ප්‍රදේශය වෙත යන්නෙත් ආනවිලුන්දාව පසුකරගෙනයි.

    ReplyDelete
  10. ලෝබයා... :p

    මේ පැත්තේ අපි ගිහින් නෑ අලී....තව පින්තූරු දාන්ටකො...මන් 5ක් එස් එම් එස් කොරන්නම්... :D

    ReplyDelete
  11. මට ඔහොම යාළුවෙක් හිටිය නං, මම දවසක් දෙකක් නැවතිලමයි එන්නෙ.

    ReplyDelete
  12. අපරාදේ ගෙට්ටුවට එන්ඩයි තිබ්බේ.මේ ගමනත් එච්චර වටින්නේ නැ වාගේ

    ReplyDelete
  13. අපිත් යමුද ආනවිලුන්දාවෙ

    ReplyDelete
  14. ෆොටෝස් ටික නම් ෆස්ට. තව ටිකක් දැම්මනම් තමා මරු

    ReplyDelete
  15. ගිහින් නෑ. අහලත් නෑ. බලමුකො ඒ පැත්තෙ යන වෙලාවක යන්න.

    ReplyDelete
  16. එහෙනම් ලොක්කා ආනවිලුන්දාවට යන්න හේතුව මේකයි. ඔට්ටුයි අභය භූමියක් කිව්වට එක සතෙක් වත් දැක්කෙ නෑ නේද? බල්ලො, පූසෝ, ඌරෝ ඇරෙන්න. මම කෝච්චියෙ යද්දි දැක්ක විදිහට දැන් අභයභූමිය සෑහෙන්න ජනාවාස වෙලා. ටික කාලෙකින් (දැනටම වෙලා) මුතුරාජවෙල අභයභූමියටත් වෙන්නෙ ඔය ටිකම තමයි.

    මුලින් දැක්කෙ ගානට ඇඳිරි වැටෙද්දි ආවා කියලයි. පස්සෙ දැක්කෙ ඇඳ කියලා. අහන්න ගියේ ඔය පැත්තට 10ට ඇඳිරි වැටෙන්නෙ කියලා. එහෙම උනානම් එනවා. :)



    ReplyDelete
  17. මමත් මේ නම අදමයි ඇහුවේ. ලංකාවේ අපි නොගිය තැන් කොච්චර නම් තියෙනවද? මේ පාර ලංකාවට ගියහම ඔය නොගිය තැන් බලන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. උඹට සුභ දවසක්!!

    ReplyDelete
  18. සුපියල් පහ අමතක කරලා අනිත් පින්තූර ටිකත් දාන්න. මරු ගමනක් ​වගේ.

    ReplyDelete
  19. අභය භුමිය ගැන වැඩි විස්තරයක් දෙන්න බැරිද?

    ReplyDelete
  20. මමත් ගිහින් නැති තැනක් ... තව පින්තූර ටිකකුයි විස්තර ටිකකුයි ඉක්මනට දාන්න හොඳේ...

    ReplyDelete
  21. නම ඇහුවෙත් අදමයි එත් උඹට බීච් පටියට එන්න තිබුණා. යන්න ඕන තැනක් ඒ කියන්නේ

    ReplyDelete
  22. බයිට් ලෝබ කමට ෆොටෝ අප්ලෝඩ් නොකිරීම හෙලා දකිමු..!!!

    කොහේ හරි තනියම රවුමක් ගහන්න ආස හිතෙනවා.. දවසක රවුමක් යන්න ඕනි බලන්න නිකමට වගේ ඕවගේ.

    ReplyDelete
  23. මුතු පන්තියට යද්දි පාලම් පාරුවේද ගියේ ?

    ReplyDelete
  24. වටිනා විස්තරයක් මධු.. වෙලාවක යන්න ඕනේ ඉඩක් ලැබුණොත් ... මධු ඇතුළු පවුලේ සියලු දෙනාට සුබ නව වසරක් ...!

    ReplyDelete
  25. කට්ටිය යන්නේ ඔය උඩ දාගෙන කුරුල්ලෝ පොටෝ ගහන්න :)

    යන්න ඕනේ වෙලාවක අපිත්!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. අපරාදෙ වැව් වල වතුර තිබුනනම් මධුරංගට නාගෙනම එන්න තිබුන...හි හි..ෆොටෝ ටික ලස්සනයි මචෝ..

    ReplyDelete
  27. සමී :
    ඒ උනාට මූ මගේ රූමා නේ.ඇරත් මූට මං මාසෙක වෙලේ ඉදන්ම ගෙදර එනවයි කිය කියනේ උන්නේ... :)

    න දී :
    තව පික්ස් දාලා පෝස්ට් එක ලෝඩ් වෙන්න පමාවේ ද දන්නේ නෑ.. ඒකයි නොදැම්මේ..

    Naleen Dilruksha :
    තව පෝස්ට් එකකින්ම පින්තූර ටික දෙන්නම්...

    යක්ෂයා :
    රැම්සා තෙත්බිම් ගැන නම් දන්නේ නෑ.. මේකත් එක රැම්සා තෙත්බිමක්. වෙලාවක ගිහින් එන්න. නිවාඩුවක් ගත කරලා එන්න කියාපුම පොට් එකක් !

    Il mondo di una povera pazza :
    ජපන් ජබර මල් නං පිපිලා තිබ්බා... කොයි ඒ ෆොටෝ ටික ඩිලීට් වෙලානේ.. දුකේ බෑ.. ආනවිලුන්ඩාව වැවේ තමා මල් තිබ්බේ.
    වෙලාවක යමු රංගි !

    සිතුවිලි සිතූ :
    ඔවු.. ශෝක් ගමන.. තව වෙලාවක් ඉන්න තිබ්බා නං කියලා වැඩක් නෑ.. !

    chaminda wickramasinghe :
    මාත් ආසයි පින්තූර ගන්න හැටි ඉගෙන ගන්න.. උත්සහ කරලා බලන්න ඕන ඒ කෝස් එකක් කරන්න.

    ReplyDelete
  28. අර සමියා කියනවා වගේ උඹට ගෙට්ටුවට යන්න තිබුනා මේ ගමන වෙනත් දවසකට දාගෙන...මොකද ගෙට්ටුවක් එන්නෙ බොහොම කාලයකට වතාවක් නිසා...

    ආනවිලුන්දාව කියන නම සෑහෙන කාලෙක ඉදන් අහලා තිබුනට කවදාවත් යන්න ලැබිලා නෑ...අර නෙළුම් කොල කිපය තියෙන ඡායාරූපය මගේ හිත ගත්තා...පුංචි එකා කාලෙ ඉදන්ම නෙළුම් මල්/කොළ ඔය විදියට ජලයෙන් ඉහළට එසවිලා තියෙන දර්ශනයක් දිහා බලා ඉන්න මම හරිම ප්‍රියයි...

    ReplyDelete
  29. Podi Kumarihami :
    යාළුවා ගැන නං කියන්න ඒ හැටි විස්තරයක් නෑ.. මේ බ්ලොග් එකේ පරණ පිටු ටික පෙරලුවොත් ඌ ගැන සෑහෙන්න විස්තරයක් දැන ගත්තෑකි... කොටින්ම ඌ මගේ රූමා !

    ලංකාවට ආපු දවසක යමු පොඩ්ඩි... ඒ එනකොට පොඩි එකෙක් උන්නා නං මරු.. :)

    Wicharaka Asami Dakimi Soyami :
    ඔය විස්තර ටික නං දන්නේ නෑ විචාරක මහත්තයෝ.. ඔබ තුමාගෙන් තමා ඒ ටිකත් දැනගත්තේ...මේ ගැනත් හොයලා බලන්න ඕන.

    රෙහානි :
    හා හා... මම තව පින්තූරු ටිකක් දාපු පෝස්ට් එකක් දාන්නම්කෝ.මම ලෝබ නෑ හරිද :)

    හරී - පිණිපළස :
    ඕ.. මාත් නැවතිලා එන්න හිටියේ. ඒත් කොයි. නත්තල් කටේ තියාගෙන ගිහින් දවස් දෙකක් ඉන්න තමා අමාරු. :(

    අටම්පහුර :
    යාළුවාගේ ගෙදර යන්න හන්දමයි ගියේ.. ඒකා මාසෙක වෙලේ ඉදන් කිය කියා හිටියනේ.

    වැව් ඉස්මත්ත :
    හා යං.. ගිහිං වැවු ඉස්මත්තෙ ඉමු !

    Chathuranga Priyashad :
    කට්ටියගේ සෑහෙන ඉල්ලිමක් ෆොටෝ වලට තියෙනවා වාගේ... :)
    හා හා දාන්නම්කෝ !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ඔවු දිලිනි.. ගිහිං බලන්නකෝ. ඔය කට්ටියක් එකතු කරගෙනම ගියා නං හොඳයි. එතකොට පාලුවක් නෑනේ.

    හරී :
    අර කිව්වත් වගේ කුරුල්ලෝ කීප දෙනෙකුයි එකම එක දඬුලේනෙකුයි ඇරෙන්න සත්තු දැක්කේ නං නෑ.. මේක කුරුළු අභය භූමියක් උනාට වතුර අඩු කාලේ නිසා කුරුල්ලොත් හිටියේ නෑ. :(

    ReplyDelete
  30. Chandana Gunasekera :
    අනේද කියන්නේ.. තව මේ වාගේ ගොඩක් තැන් ඇති අපි නොදැකපු.

    ගෝල්ඩ් ෆිෂ් :
    ඕ... ගමන නං මරු.. ඒක නෙමේ අයියා ගෙට්ටුවට ගියේ නැද්ද ?

    Damith Gunawardane :
    දැනට නං නෑ.. විස්තර ටිකක් හොයලා දෙන්නම් :)

    තුශානි :
    හරි තුශානි. විස්තර ටිකකුයි පින්තූර ටිකකුයි දාන්නම්. :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    හ්ම්... ආයේ දවසක ගෙට්ටුවක් තිබ්බොත් එන්නම්කෝ !

    පැතුම් (රයිටර් ) :
    තනියම රවුමක් දානවා නං කෝච්චියක ගමන මරු. ජනේලයක් ගාව සීට් එකක් අල්ලගත්තොත් ඔහේ පාර දිහා බලාගෙන ගියෑකි. :)

    තීර්ථ යාත්‍රිකයා :
    නෑ.. පාලම් පාරුවක නෙමේ !

    SilentSahan :
    ඔබ තුමාටත් සුබ නව වසරක් වේවා !!

    අඩවි රජ :
    අන්න හරි රජා !
    වැවු පිරිච්ච දාක ගියොත් කුරුල්ලෝ සෑහෙන ගානකගේ පින්තූර ගත්තෑකි.

    රජ වීදියේ උමේෂ් :
    ආහ්.. රජ වීදියේ නමත් වෙනස් වෙලා.. මම මාසෙකට වතාවක් හරි නාලා ඉන්න කොල්ලෙක් හරිද.. :)

    සිරාගෙ කාමරේ :
    ඒක නෙමේ.. සිරා ආස නැද්ද නෙළුම් කොළේ බත් කන්න ? නෙළුම් බට්ටෝ කන්න ? එතකොට නෙළුම් අල උයලා පරිප්පු උයලා මැල්ලුමක් මලවලා පපඩමක් එක්ක බත් කන්න ? හික්ස් :)

    ReplyDelete
  31. මේකේ සත්තු එහෙම නැද්ද හිටියෙ? පාළුවට ගිය අභය භූමියක් වගේ නේද?
    …මාත් පොඩි ටුවර් එකක් ගියා, හිටිංකෝ ලබන සතියෙ විතර දාන්ට!

    ReplyDelete
  32. මේකේ සත්තු එහෙම නැද්ද හිටියෙ? පාළුවට ගිය අභය භූමියක් වගේ නේද?
    …මාත් පොඩි ටුවර් එකක් ගියා, හිටිංකෝ ලබන සතියෙ විතර දාන්ට!

    ReplyDelete
  33. මෙතන ගැන මුලින්ම ඔත්තුව දුන්නේ සිඳු නගා.. තාම යන්නනං උනේ නැහැ...

    හැබැයි ඔය වගේ තැන්වලට කුරුල්ලෝ එන්නේ උදේ පාන්දරමයි.. හවසටයි තමා.. දවල්ට ගිහින් කුරුල්ලන්ගේ පොටෝ අල්ලන්නනං අකුලකට රිංගලා වරුවක් බලං ඉන්න වෙනවා.. උදේ හයත් හතත් අතර වගේනං බඩු ෂුවර්... ආයේ හවස පහ මාරෙන් වගේ පස්සේ.. අවුල තියෙන්නේ ඔය වෙලාවල් දෙකටම ආලෝකය ඒ හැටි මදි වැඩේට.. :D

    කොහොම උනත් වටින කියන ගමන... මැරෙන්න කලින් ඇවිදින්න පුළුවන් තරං ඇවිදින්න ඕන...

    ReplyDelete
  34. බස් එකේ ගියා නම් අපේ ගෙවල් පහු කරලා ඔයියා යන්නේ...ඉතුරු පින්තූරුත් දැම්ම නම් හොදා

    ReplyDelete
  35. මධු මලයට හොදට පින්තූරු ගන්න පුළුවන්නෙ.. අභයභූමියෙ නම ඇහුවෙ නං අදම තමයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.