28 November 2013

කොත්තු රොටි

සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර විනාඩි කිහිපයක් තුළදී සාද ගත හැකි ක්ෂණික ආහාරයකි, කොත්තු රොටිය. මෙයට කොත්තු රොටිය යැයි කීවාට එය ගෝදම්බ රොටි කිහිපයක සංකලනයකි. ගෝදම්බ රොටි එකතු කර සාදන කොත්තුවට කෙටියෙන් රොටි කොත්තුව යැයි ව්‍යවහාර කරන අතර ගෝදම්බ රොටි වෙනුවට ඉදි ආප්ප හෝ බත් ද භාවිතා කළ හැකිය.එවිට එය බත් කොත්තුව හෝ ඉදිආප්ප කොත්තුව නම් වේ.

මා රොටි කොත්තුවට එතරම් ප්‍රියතාවයක් නොදක්වයි. එයට මූලිකම හේතුව වන්නේ රොටි කොත්තු කෑ විට විටින් විට වතුර බීමට සිදු වීමයි. වතුර ගැලුමක් බීවද මේ පිපාසය නම් සංසිදෙන්නේ නැත. රාත්‍රිය මැදින් මැද නැගිට නැගිට වතුර බීමට ද සිදුවේ. මෙය ඉතාම කරදරකාරි තත්වයකි. පිටි කෑම කෝයි එක කෑවත් ඔහොම්මම ය. මේ නිසාම රොටි කොත්තුවට වඩා බත් කොත්තුව ඉස්තරම් ය. වතුර ගැලුම් ගණන් බීමට සිදු වන්නේ ද නැත.

අප පේරාදෙණිය තිප්පොලෙහි සිටි දිනවල මසකට වරක් පිට කඩේකින් ආහාර ගැනීමට යන්නෙමු. ඒ ගිය විට අපේ ජනප්‍රියම කෑම වන්නේ කොත්තු රොටි ය. මසක් පුරාම කැන්ටින් හොද්දත් මෙලෝ රහක් නැති මැල්ලුමත් සමග බත් කෑ අපට මේ කොත්තුව දිව්‍ය භෝජනයට වඩා අගනා කෑමක් විය. මේ නිසාම අප කොත්තුවට ඉතාමත් ඇලුම් කළෙමු.

කොත්තු රොටිය රාත්‍රී කෑමකි.මේ නිසාම රාත්‍රි කෑම කඩවල නොවරදින කෑම අතර කොත්තුවට සුවිශේෂි තැනක් හිමිවේ. කොත්තු රොටි සාදන්නන්ට කොත්තු බාස්වරු යැයි ව්‍යවහාර කරන අතර කොත්තු සෑදීම සඳහා මාත්‍රා හයේ අටේ වේග රිද්ම තාලයක් භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් කොත්තුව හරියාකාරව හැදිය නොහැකි වේ.

ටකට ටකට ටකට ටකට !

මෙය කොත්තු රොටි සෑදීමේ ජනප්‍රියතම වේග රිද්ම තාලය වේ. කනට අමිහිරි තාලයකි. මේ තාලය හැරෙන්නට කොත්තු බාස්වරු  දන්නා වෙන තාලයන් නොමැති නිසා කොත්තු පරිභෝජකයෝ ඉතාමත් අසීරුවෙන් හෝ මේ තාල වාදනය අසා සිටී.

කෑම හා සම්බන්ධ ගීත එකතු කලහොත් ඒ ගීත වලින් වැඩිහරියක් ඇත්තේ කොත්තු රොටි ගැන කියැවී ඇති ගීත වේ. අයෙක් මට කොත්තුත් ඕනේ ලයිමුත් ඕනේ යැයි පවසන අතර තවත් අයෙක් මේ ඔක්කොම රොටි හබක් වෙලා රජ කරන්නේ කොත්තු රොටියලූ යැයි පවසයි.

කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ ජනතාවක් සිටීමත් හැම හෝටලයකින්ම වාගේ ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකි වීම නිසාත් යන කාරණා හේතු කොටගෙන අපේ රට තුල කොත්තු රොටියට පවතින ඉල්ලුම දිනෙන් දින වැඩිවන බව මගේ අදහසයි.

34 comments:

  1. හෆොයි...ගොඩක් හෝටල් වල කොත්තු හදන විදිය දැක්කම කන්න නෙමෙයිි බඩ දඟලනවා...

    නිවාඩු පාඩු වෙලාවක ඇවිත් ගොඩවැදිලා යන්න එන්න.
    www.amila-psx.blogspot.com

    ReplyDelete
  2. සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක් කිව්වට බං ඔය දාන එළවළු සෝස් බිත්තර හෝ මස්, මාළු ඔක්කොම එකතු උනාම කොත්තුවක නිෂ්පාදන වියදම මේ කාලෙ හැටියට තරමක් ඉහළයි. අනෙක රොටි කොත්තුව ක්‍ෂණික උනාට ගෝදුම/ ගෝදම්බ රොටි හදන්නෙ පිටි අනල තියල නිසා සැලකිය යුතු වෙලාවක් යනව. මගෙත් ආස කරන කෑමක්. හැබැයි මම කඩවල්වලින් බිත්තර ඇරෙන්න මස් මාළු නම් කන්නෙ නෑ. ඒ නිසා බිත්තර කොත්තු තමා. බිව්වම වතුර තිබහ වෙන එක ලුණු අධික ආහාරවල හැටියක්මනේ. ඔය අජිනමොටෝ දාපු කෑම කෑවමත් ඔය විදියට වතුර තිබහ වෙන්නෙ.
    ඔය ටකට ටකට සංගීතෙ නැතුව කොත්තුව ගෙදර හදන්නත් පුළුවන්. හැබැයි එළවළු කපන්නයි, රොටි හදන්නයි - රොටි කෑලි කපන්නයි ටිකක් වෙලා ගතවෙන වැඩක්. මම වැඩක් නැති දවස්වලට ඕක ගෙදරදි හදලත් තියෙනව.

    ReplyDelete
  3. අපෙත් ගෙදර හදනවා. සද්දෙ නැතුවට හරිම රහයි.

    ReplyDelete
  4. මටත් කොත්තු මතක් වෙලා කටට කෙළත් ඉනුවා.මෙහෙදි අපි ඉදලා හිටලා ගෝදම්බ රොටී ගෙනල්ලා හීනියට කපලා අනිත් කලමනා දාලා කොත්තු හදනවා. ඒත් ලංකාවේ ඒ තාලයට ගහන කොත්තුවක රස ගන්න බෑ. ලංකාවට ගිය ගමන්ම කොත්තුවක් කන්න ඕනේ.....

    ReplyDelete
  5. මොන සීමිත ද්‍රව්‍යද මධුරංග අයියේ.. අංකල් ජොන්සන් එක්ක හැම නත්තලටම අපි සෙට් වෙලා කොත්තු හදනවනේ..

    ReplyDelete
  6. මොනා දැම්මත් කොතන හැදුවත් කොහොම හැදුවත් කොත්තුව කොත්තුවමයි. හයි ක්ලාස් හොටෙල් එකට වඩා පාර අයිනෙ තියෙන කඩවල් වල කොත්තු රස වැඩියි.

    ReplyDelete
  7. කොච්චර රස උනත් අපෙ මිනිස්සු ගොඩක් ඔය කෑම නිසා ලෙඩ්ඩු වෙන එක නම් වලක්වන්න බෑ. කන්නෙම කොත්තුඉ.. ෆ්‍රයිඩ් රයිස් බිත්තර ආප්ප.. ඉතින් අලි බඩගෙඩි ආඅරල අකාලෙ ලෙඩ්ඩු වෙනවා.

    ReplyDelete
  8. උදේ පාන්දර ම බඩගිනි, අෆ්‍ෆා. යසිත් අයියා ලියපු "හරක් කොත්තුව" කියෙව්ව‍ට පස්සේ තාම කඩෙන් කොත්තු කෑවේ නෑ. ගෙදර හදන ඒවා තමයි කන්නේ. අපේ අම්මා කොත්තු හදන්නේ කඩෙන් පරාට ගෙනල්ලා එළවළු, මස් හොදි ගෙදර දී එකතු කරනවා. එතකොටත් කඩේ කොත්තු වගේ රහ යි :)
    http://www.yasith.net/2013/07/blog-post.html

    ReplyDelete
  9. ඉස්සර නම් කොත්තුව ගහත්දි සද්දෙටම බඩ පිරෙනවා. ඒත් දැන් ගොඩක් කඩ වල දාන්නෙ 'නිහඩ කොත්තුනෙ' කොච්චර උනත් ඒවයෙ කිසි ගති‍යක් නෑ.

    ReplyDelete
  10. මම ඉස්සෙල්ලම කොත්තු කෑවේ කැම්පස් ඕපන් කැන්ටින් එකෙන් ද කොහෙද. මුලින්ම කද්දී රහට දැනුනත් පස්සේ පස්සේ චව් උනා...
    හැබැයි පිලවුස් චීස් කොත්තු කන්න නම් මම තාමත් ආසයි!

    ReplyDelete
  11. මාත් පිටි කෑමට එච්චර කැමති නෑ. මොකද වතුර තිබහ වෙනව. කන්න බැරිව හිටිය කෙනෙකුට මාත් දවසක් ඉඳිඅප්ප කොත්තුවක් හදල දුන්න. ආයෙ කියන්න දෙයක් නෑ නියමෙට ආව!

    ReplyDelete
  12. Amila Prabath Samarakkodi :
    අපොයි ඔවු.. සමහර කඩවල් වලිං කොත්තු කෑවාම සතියක් විතර බඩේ අමාරු අල්ලලා හිටිනවා.. :)

    DDT :
    අම්බෝ මේකාව දැක්ක කල්... කොහෙද මනුස්සයෝ ගිහින් හිටියේ ? මොකද උනේ... ?
    ඔව්.. ඔය කියන දේ හරි.. රොටි හදලා තියෙනවා නං වෙලාව ගත වෙනවා අඩුයි.. රොටි හදන්නත් එක්ක ගත්තහම සැලකිය යුතු කාළයක් යනවා කොත්තු රොටියක් හදන්න.. :)

    හරී :
    වෙලාවක මං හරී ලෑ දිහා එන්නම් :)

    sandunsevana.blogspot.com :
    අනිවාර්යෙන්ම... කමු කමු.. :)

    ReplyDelete
  13. Dinesh :
    කවුද මල්ලි අංකල් ජොන්සන් කිව්වේ ? ඒක නෙමේ.. නත්තල් නිවාඩුවට මේ පැත්තේ එන්නේ නැද්ද ?

    පිස්සු දෙයියා :
    අනේද කියන්නේ.... පොශ් කොත්තුවට වඩා පාරේ අයිනේ තියෙන කඩේ කොත්තුව මරු !

    සරත් ලංකාප්‍රිය :
    රසකාරක කෑම කොයිකත් එකයි අයියෙ.. ඔක්කොම ජාති වලින් කෙරෙන්නේ මිනිස්සුන්ව ලෙඩ කරන එක.. මේ ලඟදි අපේ පැත්තේ වයසක සීයා කෙනෙක් කිව්වා දැන් ඉන්න මිනිස්සුන්ට ඉස්සර හිටපු මිනිස්සු තරං සවි ශක්තියක් නෑ කියලා.. ඒකට ප්‍රධානම හේතුව කන කෑම වෙන්ටෑ..

    ධාරා :
    රහ වගේම තමා පිරිසිඳුවට කෑ හැකි නෙහ්... හරක් කොත්තුව පෝස්ට් එක කියවලා බලන්ඩ ඕන.. ලින්ක් එකට ස්තූතියි දරුවෝ !

    ReplyDelete
  14. Chathuranga Priyashad :
    ඇයි අපේ පැත්තේ කඩයක් තියෙනවා කොත්තුව බදිනවා... තාච්චියක තෙල් ටිකක් අතුරලා කොත්තු රොටිය දාලා බදින එකයි එවුං කරන්නේ :)

    niroshini :
    පිලවුස් චීස් කොත්තු ???
    ඒ මොනවද අප්පේ ඒ... මම නම් උපන්තේකට කාලා නෑ.. ඔසී කෑමක්ද ඒක ?

    රාජ් :
    ඉදිආප්ප කොත්තුවට හොඳි වැඩි උනහම වැඩේ දෙල් වෙනවා නෙහ්... ඒ නිසා මං නම් ඉදිආප්ප කොත්තුවට ආස නෑ..

    ReplyDelete
  15. ඔය වතුර තිබහට හේතුව ඉතින් රස කාරක නේද? සමහර කඩවලින් කෑවමත් ඕක වෙනවනේ.

    ReplyDelete
  16. මගේ නම් එච්චර ලොකු කැමත්තක් නෑ.. ඒත් ඉදලා හිටලා කනවා.

    පිරිසිදුව හදලා තියෙනවද කියලා හොයලා බලාලා කනවනම් තමයි හොඳ..

    ReplyDelete
  17. කොත්තු මගේත් ෆෙවරිට් කෑමක්.... මම මෙහෙත් හදනවා හැබැයි සද්දේ නැතුව

    ReplyDelete
  18. ඒ උඹ අයිස් ක්‍රීම් කොත්තු කාල තියෙනවද බං අයියේ ..?

    ReplyDelete
  19. යසිත්ගේ පෝස්ට් එකෙන් පස්සේ මටත් කොත්තු එපා වුණා..
    ඉස්සර අක්කලගේ ගෙදර ඉන්නකොට කොත්තුවක් කනවා දවස් දෙක තුනකට සැරයක් වගේ

    ReplyDelete
  20. මමත් රස කොත්තුවලට නම් ආසයි.මාතරදි තමයි රසම කොත්තුව කැවෙ

    ReplyDelete
  21. මෙය අයත් වන කැටගරිය කුමක්ද ...? අධ්‍යාපන / සූප වේදී / වාර්තා / පුද්ගල අද්දැකීම් / තාක්ෂණික / දේශපාලන ....?

    ReplyDelete
  22. දැන් නම් බඩගිනියි වගේ

    ReplyDelete
  23. රොටී කොත්තුවට වඩා මම ආසා ඉඳිආප්ප කොත්තුවට,හැබැයි හොදි වැඩිපුර දැම්මොත් වැඩේ සවුත්තු වෙනව ලඟම ඉඳල හොදි දාන්නෙ නැතුව කොත්තුව ගහගන්න ඕනෑ.

    ReplyDelete
  24. කොත්තු කන්න නම් මාත් ආසයි. ඒත් කඩවල හදන විදිය මතක් වෙනකොට නම් කොත්තු එපා වෙනෝ. මේ දවස්වල මගේ ලිවීමේ වේගය බින්දුවටම බැහැලා මලේ. 2013 අවුරුද්ද මට එතරම් සුභ වුනේ නැහැ. මගේ බ්ලොග් එකේ අප්‍රේල් මාසේ ලිපි බැලුවොත් ඔයාට ඒකට හේතුව තේරේවි. ඒත් ලිවීම නතර කරලා නම් නැහැ.

    ReplyDelete
  25. //රොටි කොත්තු කෑ විට විටින් විට වතුර බීමට සිදු වීමයි//

    මෙහෙම වෙන්නෙ අජිනමොටෝ යහමින් දාන නිසා කියලයි මම අහලා තියෙන්නෙ...ඔස්ට්‍රේලියාවෙත් සද්දෙට කොත්තු දාන කඩයක් දැම්මලු...නමුත් එක දවසලු එහෙම කොත්තු දැම්මෙ...අසල් වැසියො පැමිණිලි කරලා හඩ වැඩියි කියලා...දැන් ඒ අය තාච්චි වල නිහඩ කොත්තු දානවලු...තොත්තු දෙන ගමන් තමයි කොත්තු කන්න ඕනෙ...උඹ එහෙම කාලා නැද්ද ?

    ReplyDelete
  26. මන් දන්නේ අදනේ බත් කොත්තු තියනවා කියලා

    ReplyDelete
  27. ඉස්සර දවසක පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ලඟ කඩේකින් කොත්තු රොටියක් කෑවා ..හැදිච්ච එදායින් පස්සේ ආයේ කඩේ කොත්තු කන්නෙම නැහැ ..පරාට හදල ගෙදර හැදුව දවසක් දෙකක් ..කම්මැලි වැඩ . මෙහෙ බසාර් එකකදී ලංකාවේ අය වියට්නාම රයිස් නුඩ්ල්ස් දාල කොත්තු හැදුවා ..මාර විදිහට ඉල්ලුම තිබ්බ .

    ReplyDelete
  28. කොත්තු ගැන ලියවුණු ගීතද ඇති බව මෙය කියවාගෙන යද්දී සිහි විය. ;)

    You know I live for you koththu
    I'd even die for you koththu
    Ever times when laugh for you koththu
    I even cry for you koththu...





    ReplyDelete
  29. ලට්ට පට්ට එකතුකරලා දවසේ ඉතුරු හරිය ,සද්ද බද්ද දාලා හදපු මේක කොත්තු රොටිය

    ReplyDelete
  30. කටට කෙළ උනනෝ..

    ReplyDelete
  31. කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    මන්දා දිලිනි.. පිටිකෑම කොයික කෑවත් ඔහොම්මමයි.. :)

    තුශානි :
    ඒක හොඳයි.. කොයි දෙකත් පිරිසිඳුකම වැදගත් !

    S. L. මැලේ රාළ :
    එලනේ... මැලේසියන් කොත්තු !

    හිස් අහස :
    හෑ.. ඒ මොනවද ඒ ?

    ReplyDelete
  32. රෙහානි :
    දෙතුන් දෙනෙක්ම කියපු නිසා ඒ පෝස්ට් එකත් බලලා එන්න ඕන.. :)

    Damith Gunawaredane :
    මොකද්ද මාතර තිබ්බ ඒ කොත්තු කඩේ ?

    SilentSahan :
    කම්මැලිකමට ලියපුවා කියලා අළුත් කැටගරියකට දාන්න ඕන පෝස්ටුවක් !

    Gihan (ගිහාන්) :
    කමු කමු එහෙනං.... !

    ReplyDelete
  33. Helapa kade :
    හොඳි දැම්මොත් එක ගුලියකට ඇලවෙනවා.. :(

    malmi :
    වෙලාව තියෙන හැටියකට ලියමු !
    නොලිය ඉන්න එපා !

    සිරාගෙ කාමරේ :
    අපට කොයින්ද එහෙම චෑන්ස් එකක් !
    කොත්තු කාලා පැත්ත වැටිලා නිදියාගන්නවා.. :)

    ශානු :
    ඒකනේ... එහෙනම් වෙලාවක බත් කොත්තු කමු !

    Bindi :
    අනේ මන්දා ඒ කෑම ජාති කවදා කන්නද කියලා...

    ReplyDelete
  34. අසෙනි :
    හිහ්.. ඔය අර සිංදුවේ රැප් කෑල්ල නේද ?

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ටකට ටකට ටකට !

    රජ වීදිය :
    එහෙනං නුවර රජවීදියේදි හම්බ වෙමු ! :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.