15 November 2013

අයිසන් වල්ගාතරුව

මේ ටිකේ චෝගම් හන්දා කොළඹ පාරවල් තැන් තැන් වලින් වහලා දමලා. ඒ නිසා සාමාන්‍ය වෙලාවට අමතරව ටිකක් වැඩි වෙලාවක් යනව. ඒ මදිවට සෑහෙන ට්‍රැෆික් එකක් එකතු වෙලා. ඔය නිසා මම අද වැඩට ගියෙත් නෑ. නිවාඩුවක් දාලා ගෙදර හිටියා.

ගෙදර ඉඳන් කරපු එකම වැඩේ චෝගම් බලපු එක !

වැඩේට නං සෑහෙන්ඩ වියදම් වෙලා තියෙනවා වාගේ.... ! ;)

මේ චෝගම් එකක් හන්දා තව ටිකෙං කියන්ඩ ආපු කාරණාවත් අමතක වෙනවා. ඕං මේ චෝගම් අස්සේ අයිසනුත් ඇවිල්ලයි කියන්නේ.අයිසන් කිව්වේ වල්ගාතරුවකට... !

මේ සති දෙක ඇතුලත අයිසන් වල්ගාතරුව බලාකියා ගන්ඩ පුලුවන් ලූ. අද ඉදන් සති දෙකක් පුරාවට පාන්දර පහේ ඉදන් ඉර උදා වෙනකං අයිසන් බලන්ඩ පුලුවන් ලූ. පහලින් තියෙන්නේ අයිසන් වල්ගාතරුවේ පින්තූරයක් !


පත්තරේ තිබ්බේ,

ශ්‍රී ලංකා වාසීන්ට මෙම වල්ගාතරුව නොවැම්බර් මස දෙවන සතියේ සිට නැ‍ඟෙනහිර ක්ෂිතිජයේ දකුණට බරව අලුයම 5 පමණ සිට හිරු උදාවන තෙක් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වේ. කියලා.

සිළුමිණ පත්තරේ තිබ්බ සම්පූර්ණ විස්තරේම කියව ගන්ඩ මෙතන කොටන්න.

මගේ නං ලොකුම ආසාව තියෙන්නේ අයිසන් බලන්ඩ නෙමේ.... හැලීගේ වල්ගාතරුව බලන්ඩ.. ඒ නිසා කොහොමහරි 2061 අවුරුද්ද වෙනකන් පණ ගැට ගහගෙන ඉන්ඩ තමා කල්පනාව. :)

 පිටරට කට්ටියට නං කොහොම පෙනේවිද මන්දා.. ලංකාවේ අපට නම් පේනවයි කිව්වේ. ඔය හන්දම අද (15 වෙනිදා) උදෙම්ම ඇහැරුනත් වැඩක් උනේ නෑ.. වලාකුළු වැඩි නිසා පෙනුන් නෑ.. බලමු හෙටවත් පෙනේවිද කියලා.

හැලීගේ වල්ගාතරුව බලන්ඩ ලැබෙන්නේ නැති එකේ අයිසන්වත් බලන්ඩ ඕන.. කවුද දන්නේ ඔච්චර කල් ඉදීවිද කියලා. :) 

-------------------------------------------------------
ප.ලි. - පත්තරේ විස්තරේ සිංහලෙන්ම තියෙන නිසා මං ආයේ විස්තර කියන්ඩ යන් නෑ.. කට්ටියම පත්තරේ විස්තරේ බැලුවා නං...

23 comments:

  1. අපේ කට්ටියට අයිසන් බලන්න සිහියක් තිබ්බොත් තමයි පුදුමේ.. හැබැයි තව ටික දවසකින් ඔයිට වැඩිය තරු පේන්න ගන්නවා..

    ReplyDelete
  2. මට මේ දවස්වල තරු පේනිලා ඉන්නේ. ඒ හන්දා වල්ගා තරු බලන්ට බෑ...:D

    ReplyDelete
  3. අයිසෙන් ගැන දීපු තොරතුරට ගොඩක් ස්තූතියි... කියනකම් ඒ විත්තියක් දැනගෙන හිටියෙ නෑ.

    හෙට උදේ පාන්දරවත් නැගිටල බලමුකෝ ....

    ReplyDelete
  4. උදේ පාන්දර නැගිටින එක තමයි අමාරුම වැඩේ... ඒ වුණාට වල්ගා තරුව බලන්න නම් ආසයි.. බලමු හෙටවත්..

    ReplyDelete
  5. හැලීගේ වල්ගා තරුව බැලීමට හැකි වේවා! චෝගම් ඉවර වුනාම පේන්න ගන්නෙ අයිසන්ට වඩා ලොකු තරු තමයි...

    ReplyDelete
  6. හප්පෝ... පාන්දර නැගිටින්න බැරියෝ !

    ReplyDelete
  7. ස්තුතියි මතක් කලාට.. බලන්නම්කො ඉතින් නැට්ට

    ReplyDelete
  8. අයිසන් බැලුවේ නැතුවට පාඩුවක් නැතෝ. චෝගම් ඉවර වුණා ම හිටු කියලා තරු පෙනෙයිනේ :D

    ReplyDelete
  9. විස්තරේට ස්තුතියි මධුරංග මලේ! මම ඊයේ රෑත් නිදි මර ගාතේ කොමෙන්ටුවක් කෙටුවා. උදේ බැළුවම පේන්න නෑ. කොයි ලෝකේ ගියාද දන්නේ නෑ. වල්ග තරැව නිසා ඒක බලන්නවත් ගියාද? ඒක නෙමේ අනික් රටවලටත් පේනවද දන්නේ නෑ. හෙට උදේට බලන්න ඕනේ. හැබැයි පෝය ළඟ නිසා හඳ හරිම ප්‍රබලයි. තරැව ඒ එලියට බය වෙලා හැංගෙයිද දන්නේ නෑ. කොහොම උනත් දැක්කොත් කියන්නම්.

    ReplyDelete
  10. සිළුමිණ නිව්ස් එකේ සෑහෙන වටිනා විස්තරයක් තියෙනවා මධුරංග..ස්තූතියි බෙදා ගත්තට ...

    ReplyDelete
  11. විස්තරයට ස්තූතියි මධූ. පෝස්ට් එක නිසයි ඔය කතාව දැන ගත්තෙත්.
    හැබැයි අපෙ උන්දැලා දැන් කොහොමත් බජට එක එනකම් උඩ බලන්ම ඉන්න නිසා ඕකත් දකී.

    ReplyDelete
  12. මට මතක විදියට හේලිගේ වල්ගාතරුව මම 7/8 පන්ති වල ඉද්දි පෑයුවා...ඒ වතාවෙ මම තාත්තා එක්ක ඒ දිහා බලාන හිටියෙ...මේ තරුව ආයෙ පායන දවසක ඔයා ඉදීවි මම නම් නෑ කියලයි තාත්තා එදා කිව්වෙ....ඒ නිසා මට තනියෙන් ඒ තරුව ආයෙම බලන්න ඕනෙ නෑ....

    ReplyDelete
  13. ස්තුතියි මධුරංග. මං අද මේක ගැන දැගත්තෙ.

    ReplyDelete
  14. වලිගෙ නැතුව තරු අපිටනම් පොකුරු පොකුරු පේනවා බෝල...... ගිනි දවාලෙත් ......

    ReplyDelete
  15. ඕකගේ වල්ගේ හොරු අරන්ය කියන්නේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. මේ බඩු මිල වැඩි වෙද්දී ඔයිට වැඩිය ලොකු ලොකු තරු පේන්න ගනීවි ලංකා වාසීන්ට.

    ReplyDelete
  17. Dinesh :
    ඒක හරි.. අයවැය ආවහම ඔයිට වඩා තරු පෙන්නලා ගනියි!

    Podi Kumarihami :
    මේ බැඳපු අළුතම...??? :O

    තුශානි :
    බලන්ඩ බලන්ඩ තුශානි.. ආයේ බලන්ඩ ලැබෙන එකක් යෑ.

    සිතුවිලි සිතූ :
    චූටි නෝනා කම්මැලි වෙලානේ..

    ReplyDelete
  18. සිඟිති :
    ප්‍රාර්තනාවට ස්තූතියි සිඟිති !

    දිලිනි :
    මිස් කෝල් ටිකක් දීලා ඇහැරවන්ඩ ද.. හිහ් :)

    සමී :
    බලන්ඩ බලන්ඩ නැට්ට :)

    ධාරා :
    ඒක නම් එහෙම තමා ධාරා ? ඔයා අග්නි ධාරා ද ?

    ReplyDelete
  19. sandunsevana.blogspot.com :
    පිටරටවල් වලට නම් කොහොමද දන්නේ නෑ... සමහරවිට ඒ රටවල් වලටත් පෙනේවි.

    SilentSahan :
    ඔබතුමා ඉතින් ආකාශ වස්තු ගැන උනන්දු වෙන කෙනා නේ.. :)

    Chathuranga Priyashad :
    බජට් එක විතරක් නෙමේ කන්න නැතුව කොහොමත් උඩ බලාගෙන ඉන්න එකේ ඕක දකීවි.

    සිරාගෙ කාමරේ :
    ඒ කාලෙදි පෑව්වේ නෑ මං හිතන්නේ. අන්තිමෙට පෑව්වේ 1985දී...

    ReplyDelete
  20. දිනිති දීපිකා :
    එහෙනං ඔයත් බලන්න දිනිති.

    මැලේ රාළ :
    හික්ස් :)

    අඩවි රජ :
    අප්පා... එහෙමත් සීන් එකක් ද

    කෝරලේ මහත්තයා :
    අනිවාර්යෙන්ම තරු පෙනේවි !

    ReplyDelete
  21. සමාවෙන්ට ඕනෙ...මමත් ඒ කිව්ව කාලෙ බොහොම පැහැදිලිව පෙනුන වල්ගාතරුවක් දැක්කා...ඒක හේලීගේ එක නොවන වග විකිපීඩියා වලින්ම දැන ගත්තා...එතකොට මම දැකපු එකේ නම මොකක්ද ? ඒ කාලෙ ජනමාධ්‍ය වලිනුත් ඒකට සෑහෙන ප්‍රචාරයක් දුන්නා.

    ReplyDelete
  22. මේ දවස්වල පාන්දරට වහිනවා ඒ හින්දා අහස බලන්න බෑ අනික මහ රෑ ජාමේ වෙනක් ටම්කේ නිදි මරලා ඔය වෙලාවට නැගිටින්න කම්මැලියි.අපරාදෙ දව්ල්ටවත් බලන්න තිබුණනම් :P

    ReplyDelete
  23. ලංකාවේ කට්ටියට විතරනේ...හ්ම්ම්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.