13 November 2013

අප්සැට් මූඩ්

තමන් ලඟින් ආශ්‍රය කරන යාළුවෙක් මොනම හරි ප්‍රශ්නයක ඉන්නවා නං ඒක උගේ මූනෙන්ම පේනවා. වෙනදට හිනා වෙලා ඉන්න එකා මූඩ් ගහලා ඉන්නකොට ඉවෙන් වාගේ දැනෙනවා මූ ඉන්නේ මොකක් නමුත් ලොකු ප්‍රශ්නෙක කියලා. අපිත්තෙක්ක එකට වැඩ කරපු එකෙක් ඊයේ පෙරේදා ඉදන් හෙන අමුතු වෙලා.

කතා කලාට මූන බලං කතා කරන් නෑ. මූනේ හිනා කඳුලක් නෑ. කොයි වෙලේත් කල්පනා කරගත්තු ගමන්මයි. හරියට කෑමක් බීමක් ගන්නේ නෑ.. රැවුලක් කපන්නේ නෑ..

ඔය වගේ නානාප්‍රකාර ඉරියවු දැක්කට පස්සේ අපි නීර්ණය කරගත්තා මූ සපත්තුවක් කාලායි කියලා. දන්න සිංහලෙං කිව්වොත් බූට් එකක් කාලා කියලා !

බූට් මූඩ් එකෙං ඉන්න එකෙක්ට කොච්චරවත්,

ඕවා ගනං ගන්ඩෙපා මචං !
මූදේ ඉන්නේ එක මාළුවද ? අල්ලලා දාපං !
බූට් නං මොනාද බං.. !

වගේ නානාප්‍රකාර දේවල් කිව්වට පිලිගන්නේ නෑ නෙව.මොන දේ කිව්වත් මූ ඉන්න මූඩ් එකෙං ගැලවිලා ඉන්ඩ කැමති නෑ. අපි කියලා මොනා කරන්ඩද ඉතිං.

ඔන්න අද මං උදේ වැඩට එනකොට මූ ජනේලයෙං නුගේගොඩ පාර දිහාව බලාගෙන සෑහෙන්ඩ කල්පනා කරනවා. කතා කරලා වදයක් වෙන්ඩ ඕනැන්නේ නැති නිසා මාත් මූට තනියම කල්පනා කරන්ඩ ඉඩ දීලා ශේප් එකේ දැක්කා නොදැක්කා ගානට ආවා. අද මේකා උදේ වැඩට ආවට එහෙම්ම ගෙදර ගිහිං !

කාලයත්තෙක්ක ඔය සිතුවිලි සේරම මගෑරිලා යාවි.. !

බූට් එකක් කාපු එකෙක්ට කරන්ඩ හොඳයි කියලා කියන ජාති හතක් මට නෙට් එකේ තිබිලා හම්බුනා.

ඒවා තමා,

1. ආපහු එයාව හම්බවෙන්ඩ යන්ඩෙපා. කෝල් කරන්ඩත් එපා.
2. සමාව දෙන්ඩ.
3. ධනාත්මකව හිතන්ඩ.
4. ළඟම යාළුවෙක්ට සියළුම දේ කියලා හිත නිදහස් කරගන්ඩ.
5. අළුතින් මොනවහරි දෙයක් මිලදී ගන්ඩ. ෂොපිං කරන්ඩ කිව්වේ.
6. හිත රීෆ්‍රෙශ් වෙන්ඩත්තෙක්ක කෙටි නින්දකට යන්ඩ.
7. මේ සිදුවීම කාළයට බාර දෙන්ඩ !

එහෙනං අපි ගියාවේ !

34 comments:

  1. 1.හම්බවෙන්න යන්නේ නෑ, මොකද ගියාට එයා එන්නේ නෑනේ... කෝල් ල්කරන්නේ නෑ මොකද රේලෝඩ් දානං සල්ලි නෑ.
    2. එකනම් දෙන්න විදිහක් නෑ , මොකද දීලම ඉවර වෙලා.
    3. ධනවාදීවද ..? ධනාතමක්වද ...? ධනවාදීව හිතන්න දැන් වත් පටන්ගන්න ඕන මොකද මෙච්චර කල් වැඩක් නැතත් හිතුවේ අපි මහා සමාජවාදියෝ කියලනේ.
    4. හොඳට හියෙයි ලංගම යාලුවෙකුට කියනවට වඩා හොඳයි පත්තරේ දාන එක.
    5. ෂොපින් කරන්න නෙවෙයි ,ෂොප් බලන්න තමයි .කොහෙද බෝල ඕවට සල්ලි.
    6. කොහොමත් නින්දෙනේ ඉන්නේ ,ඇහැරලා හිටියනම් මෙහෙම වෙයියයි , දැන්වත් ඇහැරලා ඉන්න ඕන.
    7. එකනේ බං හැමදාම කරේ. කාලයාටත් එපාවෙලා ඉන්නේ අපේ ඒවම බාර අරං .

    ඔන්න ඔහොමලු මට හිතෙන්නේ

    ReplyDelete
  2. එක එක බූට් වලට එක එක බේත් තියෙනව... රෝග ලක්ෂණ අනුව තමයි ලෙඩාට බේත් දෙන්න ඕනෙ.. සමහරුන්ට නං පලු යන්න බනින්න ඕනෙ... සමහරුන්ට බූට් එක තියපු එකාට පේන්න තමන් හොඳින් ඉන්න බව පෙන්නන්න උදවු කරන්න ඕනෙ.. සමහරුන්ට ඇති වෙන්න කියවන්න දෙන්න ඕනෙ... සමහරුන්ට කල්පනා කර කර ඉන්න දෙන්න ඕනෙ... සමහරුන්ට තේරුම් බේරුම් කරලා දෙන්න ඕනෙ...

    ඔන්න මගේ අත්දැකීම්... මං බූට් නං කාලා නෑ.. ඒත් ලවු එකේදි විඳවලා තියෙනව.. එහෙම බැලුවාම තමයි මට හිතෙන්නෙ බූට් එකක් කාපුවම හැමදේම තේරුනත් පිලිගන්න බැරි එක තමයි තියෙන අමාරුව කියල... ඒක නං ඉතිං අඬලම හොඳ කරගන්න ඕනෙ ලෙඩක්... හි හි

    ReplyDelete
    Replies
    1. @ හිරු

      \\\\\\\\\හැමදේම තේරුනත් පිලිගන්න බැරි එක තමයි තියෙන අමාරුව කියල..\\\\\\\\\\\\

      ඔව් මේක තමයි ඇත්ත.. තමා ඉදිරියේ තමා ගොඩ නැගු අනාගතය කඩාගෙන වැටෙද්දී දරන්න අමාරුයි ...


      සියලු දෙනාම පුළුවන් වෙලාවක මේක කියවන්න.. පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?

      Delete
  3. //අළුතින් මොනවහරි දෙයක් මිලදී ගන්ඩ. ෂොපිං කරන්ඩ කිව්වේ.// මේක කොහොම ද වැදගත් වෙන්නෙ?

    ReplyDelete
  4. හිටපු කෙල්ල දාලා ගියා කියන්නේ උණු උණුවෙන් ෆ්‍රෙෂ් පිටම තව ලව් එකක් මග මගම එනවා කියන එක

    ReplyDelete
  5. 1. මම නම් තව එකපාරක් හම්බ වෙන්ට ගිහින් හොඳ කෑමක් අරන් දීලා ස්තූති කරනවා. බැන්දට පස්සේ මේ වගේ දයක් නොකරපු එකට.
    2. උදව්වක් කරපු කෙනෙකුට සමාව දෙන්ට දෙයක් නෑනේ.
    3. කොහොමත් ඉතින් පොඩ්ඩිගේ ඕනිම වැඩක් ධනාත්මකයි.:)
    4. හපොයි ගෑනු ලමයින්ට මේ වගේ දේවල් කීවාම ඉතින් පත්තරේ දැම්මා වගේ තමා.:D:D
    5. ෂොපිං ඉතින් කරගත්තු ගමන්…:D
    6. කෙටි නින්දකට? කොහොමත් දවල් එක, දෙක වෙනකල් විතර නිදනවා…
    7. බාරදීලා අමතක කරලත් ඉවරයි.

    මෙන්න මෙහෙමලු පොඩ්ඩි හිතන්නේ...

    ReplyDelete
  6. කියන්න ලෙසි කරන්න අමාරැයි. නැද්ද?
    හොද වේලාවට. මං ඒත් මේ බැලුවා මධු අයියාගේ මුඩ් අස්පට් වුණේ මොකෝ කියලා.

    ReplyDelete
  7. කියන්න ලේසියි ..කරන්න අමාරුයි ...

    හරි හමන් සපත්තුවක් ලැබිලා නැති නිසා මුකුත් කියන්න බැහැ . බුට් එක ලැබෙන වෙලාව අනුව ලැබෙන හිතේ අමාරුවත් වෙනස් නේ . මගුලක් ගන්න ඔන්න මෙන්න වගේ ලැබෙන බුට් එක ලව් එකේ මුල කාලේ ලැබෙන එකකට වඩා හිතට අමාරු ඇති..ලැජ්ජාවයි ඔකොම එක්ක .

    ReplyDelete
  8. මටනම් හිතෙන්නේ 6 සහ 7 කියලා. ඔහොම ප්‍රශ්නයක් තියෙන කොට නින්ද හොරයි තමයි. ඒත් ටිකක් ඇලවෙලා ඉන්නකොට හිත ටිකක් නිදහස් වෙලා අළුත් සිතිවිලි පහල වෙනවා. අපි මේ මොනවා කිව්වත් තුවාලය තියෙන කෙනා තමයි ඒකේ වේදනාව දන්නේ. ඔබට ජය!! නැවත එන්නම්....

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම් වැදගත් උපදෙස් මාලාවක්

    ReplyDelete
  10. ලව් ඊස් අනියතං බූට් ඊස් නියතං... -_-

    ReplyDelete
  11. ළගදි එකක් වදින්න තියෙනවා. කරලා බලමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. උඹේ ලිස්ට් එකට මමත් කීපයක් එකතු කරන්නම්....

    අරයව මතක් වෙන සිහිවටන වගේ දේවල් නෙත් මානයේ තියාගන්න එපා
    විරහව දනවන සින්දු අහන්නත් එපා
    හැමවිටම දාලාගිය කෙනාගෙ හොද වෙනුවට නරකම දකින්න

    ඕවා තමයි මම ලව් සික ගහපු දවස් වල ආයෙත් උඩට එන්න ඉවහල් වුනු කාරණා.

    ReplyDelete
  13. බොරු කි‍යන්ඩ ඕනෙ නෑනෙ..
    අල්ලගත්ත ක්ලාස් ගිහිං එද්දි .
    කිව්ව ඇඬෙන්න !!

    මිස් කෝල් ගොඩයි ..
    අමතක කරන්ඩනෙ කීවෙ .
    අවුලක් නෑ .. නෑ කීවට අවුල් තමා.. පෙන්නුවෙ නෑ.
    දවසක අගේ තේරෙයි..
    බොන් නෑ මං.. ( ඒ උනාට ඩිංගක් බිව්ව තමයි )
    හිටියට වැඩිය හොදට මං ඉන්නව අද ඉඳං !
    බලාගනිං

    සිටිනා තැනක නුඹ සතුටින් හිඳී නම්..
    මාගෙන් ලැබූ ආදරයත් ලැබේ නම්..
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
    තව කුමකටද දුක් ගී - කල්පනාවන් !

    ReplyDelete
  14. හැබැයි බූට් එකට හොද කල්පනා ලොව මල්වනේ සිහින රජදහන තමයි.

    ReplyDelete
    Replies
    1. එතකොට මට නං උහුලන් නෑ අයියෙ..
      අත්දැකීමෙං කියන්නෙ.
      එකිං එක මතක් වෙනව..

      Delete
  15. කාලය හැම දෙයක්ම විසඳනවලු මධූ අයියේ! යාළුවටත් එහෙම කියන්ට..

    ReplyDelete
  16. අනේ මම දැන් නිදහස් කියලා හිතා ගත්තම මදි වෙයිද?

    ReplyDelete
  17. එක එක්කෙනාට ඒක දැනෙන විදිය වෙනස් මම හිතන්නේ. මේ බූට් එක එහෙම නැත්නම් විරහව ලැබුන හේතුව අනුව දුකත් වෙනස්. තමන්ගේ වැරද්දක් නිසා එහෙම උනා නම් පසුතැවීමත් එක්කම දුකත් එනවා. එහෙම නැත්නම් තමන් අමතක කරලා අනිත් කෙනා වෙන කෙනෙක් ලඟට ගියා නම් අර පලවෙනි කාරණය තමා එයාට දෙන්න ඕන හොදම පිළිතුර.
    කොහොම උනත් තුවාලය තියෙන කෙනාටයි රිදෙන්නේ. හැබැයි " no contact rule" එකෙන් ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න පුළුවන් කාලයත් එක්ක. අපිට රිද්දපු කෙනෙක් පස්සෙන් ගිහින් අපේ දුක කියන එකෙන් නම් වෙන්නේ අපි තවදුරටත් එයාලා ඉස්සරහ පහත් වෙන එක විතරයි කියලා මගේ නම් අදහස.

    යාළුවට කියන්න තියෙන්නේ කාලය හැම තුවාලයක්ම හොද කරනවා. ඒක නිසා ඉවසීමෙන් දරාගනන් කියන එක තමයි.

    ReplyDelete
  18. මම ඔය මොකක් කලේ නැතත් ඇති වෙනකම් ශොපින් කරන එකටයි පැයක් එක හමාරක් විතර නාන එකයි නම් කරනවා. ආයේ නාන්නෙත් නිකම් නෙමෙයි රටේ තියෙන ඔක්කොම බබ්ල් බාත් ටිකත් හලාගෙන ටබ් එක පිරෙන්නම බබ්ල් පුරවගෙන. ඔය වෙලාවට ලාබට ඇහෙන මියුසික් එකකුත් බොහෝ වෙලාවට උදව් වෙනවා. පස්සේ මට අමතකයි බූට් එක මටද අනිත් කෙනාටද කියලා.

    ReplyDelete
  19. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ඒ විදිහට හිතන එකත් වරදක් නෑ.. ඔන්න මම අර ධනවාදී, ධනාත්මක අවුල හැදුවා. පරිවර්තනේ කරන්ඩ ගියහම පැටලුනා..

    රාජ් :
    කොයි එක ද ?

    හිරු :
    බූට් කාලා නැති එක නං හොඳා.. බූට් කාපු එකේ අමාරුව දන්නේ ඒක කාපු වෙලාවටම තමා. අට්‍ර කිව්වත් වගේ එක එක බූට් වලට එක එක පිලියම් කරන්න ඕන :)

    දේශක යා :
    හතේ හත වැදිලා ඉන්නේ. !

    දිලිනි :
    කොහේ හරි ඇවිදින එකත් මූඩ් ෆික්ස් වෙන්ඩ හොඳයිලූ නේ.. කොටින්ම තමන් ආස කරන දෙයක් මිලදී ගන්න එකනේ නෝනේ ඔය කතා කරන්නේ

    ReplyDelete
  20. පැතුම් (රයිටර් ) :
    හික් හික් හික්... ඒක හරි !

    SilentSahan :
    ඔය ලිපියත් කියවලා බලන්ඩ ඕන...

    Podi Kumarihami :
    පොඩ්ඩිලා හිතන්නේ වෙනස් විදිහකට නෙහ්.. මොනා උනත් පොඩ්ඩිගේ කමෙන්ට් මම එන්ජෝයි කරනවා.. නියමයි ! :)

    සිහින මදාරා :
    ඒක හරි.. කියන්ඩ නං ලේසියි.. කරනකොටනේ අමාරුව !
    මම බූට් කෑවේ මීට සෑහෙන කාලෙකට උඩදි චූටි නෝනේ

    Bindi :
    ඒකනේ... කියනකොට ලේසියි කරනකොට අමාරුයි..
    කාලයත්තෙක්ක ඔක්කොම ඇරිලා යයි.. අම්බෝ මෙයාව දකින්ඩ තියෙන අමාරුවක්.. කොහෙදෑ ගිහින් උන්නේ ???

    sandunsevana.blogspot.com :
    ඒකනේ අර සිංදුවකත් තියෙන්නේ... වනේ නැතිව උන් දුක දන්නේ කෝම කියලා.

    ReplyDelete
  21. කෝරලේ මහත්තයා :
    උබලට කොහෙද මෙව්වා වැදගත් වෙන්නේ....හිහ්... :)

    තරුවා :
    සුවර් ඇන්ඩ් සොට් !

    නදී :
    මොකෝ ඉස්කෝලේ නොනේ මේ ??

    අඩවි රජ :
    හා.. එහෙනං කරලා බලමු.. සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    සිරාගෙ කාමරේ :
    මාත් කාලෙකට උඩදි එහෙමයි කලේ.. නැත්තං ඉතින් ඉක්මනින්ම ගොඩ එනවා බොරු !

    පත්තර මල්ලි :
    පත්තර මල්ලිත් මරු පොරක්නේ බලාගෙන ගියහම.. බොලා බඳින්ඩ යනවයි කියලා කකාගේ බොගේ තිබ්බා.. බැන්දද ඉතිං ?

    දයානන්ද රත්නායක :
    ඒකත් මරු ක්‍රමේ.. ඒ උනාට කල්පනා කොර කොරා ඉන්ඩනේ අමාරු !

    ReplyDelete
    Replies
    1. මං බැඳල අවුරුද්දක් බං.ඊට කලිං තමා මේ කැටයං :-)

      Delete
  22. සිතුවිලි සිතූ :
    හරි මං එහෙම කියන්නම්...

    Dinesh :
    ඒක නං මදී... සිරා ලවු එකක් බ්‍රේක් උනාට පස්සේ ඊට වඩා වැඩි ජවයක් ඕන :)

    පුංචි :
    උපදෙස් ටිකට ස්තූතියි ලකියෝ...
    මම ඒ යාළුවාට කියන්නම් එහෙම කරන්නෙයි කියලා. ඒක නෙමේ බොලා ලියන්නේ එහෙම නැද්ද ?

    Il mondo di una povera pazza :
    බබල් බාත් කියන එක අපට ඉතින් අරුම දෙයක් නෙව.. බේසමට වතුර පුරෝලා තමා නාගන්ඩ වෙන්නේ.. මොකද ඉතිං ගොඩක් ගෙවල් වල බාත් ටබ් නෑ නේ :(

    ReplyDelete
  23. අටවෙනි එක කියලා ඉක්මනට වෙන කෑල්ලක් සෙට් කර ගනින් කියලා කිවුවා නම් හරි. ;-)

    ReplyDelete
  24. ඔයිට වැඩිය හොඳටම හරියන මගේ උත්තරය නම් වෙනත් කෙනෙක් හොයා ගැනීම.

    ReplyDelete
  25. සපත්තුව කාපු එකාටලු ඒකේ අමාරුව :P එහෙමයි කියන්නේ...

    ReplyDelete
  26. kandu nagima, sky diving wage ewwa karana ekath hodai mama hithanne :D

    ReplyDelete
    Replies
    1. කන්ද මුදුනටම ගිහින් මහන්සි අරිනකොට හිතෙනවා

      " අනේ අරයත් හිටියනම් මේ වෙලාවේ " කියලා... ඒ නිසා ඕක හරියන්නේ නැහැ සයුරි ...සමහර විට කන්දෙන් පනින්නත් ඉඩ තියෙනවා දුක දරාගන්න බැරුව :(

      Delete
  27. mmm ekath ehemada :( ehenam sky diving thama option eka.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.