04 October 2013

මෙගා නම් අජූතයි

ඒ දවස්වල ප්‍රාසාංගික නාට්ටි කළාවක් වගේම ඒකාංගික නාට්ටි කළාවකුත් තිබ්බා. කාලයක් යනකොට ඒකාංගික නාට්ටි වලට සුවිප් එක ඇදිලා ප්‍රසාංගික නාට්ටි විතරක් ඉතුරු උනා. දැනුත් ඉදලා හිටලා ඒකාංගික නාට්ටියක් දෙකක් පෝයට දවසට යනවා. ඒ ඇරෙන්න මං දන්න තරමින් ඒකාංගික නාට්ටි නෑ.

ප්‍රසාංගික නාට්ටි ටික කාලයක් යනකොට මෙගා බවට පත්වෙලා. මට මතක විදිහට කෝපි කඩේ, දූ දරුවෝ, නෑදෑයෝ වගේ නාට්ටි ඇරුනහම මෙගා රැල්ලක් ආවේ ඉන්දියානු නාට්ටි වලින්.ඉන්දියන් නාට්ටි ගෙඩි පිටින් මෙහෙ ගෙනත් හඬ කවලා පෙන්වන්න ගත්තා. ඒකත් ටික කාලයක් කලැයි කියමුකෝ.

ඊටත් පස්සේ දේශිය කලාකරුවන් නගා හිටුවන්න කියලා පිටරටින් එන නාට්ටි, චිත්‍රපටි වලට බද්දක් ගහන්න ගත්තා. ඒ බද්ද නිසා රජයට අමතර ආදායමකුයි මහජනතාවට රජයට විරුද්ධව කතා කරන්න මාතෘකාවක් ලැබුනා. මේ බද්දෙන් දේශිය කලා නිර්මාණ වලට අත්වෙච්ච සෙතක් තියෙනවද කියලා නම් දන්නේ නෑ.

දැන් නම් මෙගා නාට්ටි ඇරෙන්න වෙන නාට්ටි සෑහෙන අඩුයි. බලන බලන හැම නාලිකාවෙම තියෙන්නේ මෙගා නාට්ටි ඒ විතරක් යෑ බලන බලන හැම නාට්ටියේම ඉන්නේ නෙහාරයි මේනකයි ! මට නම් මුන් දෙන්නගේ රංගනය දැක්කහම බඩ පෙරලි කරගෙන ඔක්කාරෙට වගේ එනවා. රංගනය අජූතයි !

මුන් දෙන්නා වගේම ඔහේ දෙබස් කියවන නළු නිළියෝ වැහි වැහැලා. ඒත් වගේමයි හැම නාට්ටියකම තියෙන්නේ එකම වගේ කතා තේමාවක්. මිනිස්සු කොහොම මේ නාට්ටි බලනවද මන්දා. නාට්ටියක් මෙගා උනාට කමන් නෑ, ඒක බලන මිනිස්සුන්ට අපුලක් නැතුව බලන්න පුලුවන් විදිහේ ගුණාත්මක නාට්ටියක් බිහි වෙනවා නම්.

ඒත් ඉතින් හතු පිපෙන්නා වාගේ බිහිවෙන නාට්ටි වලින් ගුණාත්මක බාවයක් පතන එක අතකට මෝඩකමක් ! ඒකෙන් මේකෙන් වෙන්නේ ප්‍රේක්ෂකයගේ රසවින්දන අවර ගණයේ නිර්මාණයකට කොටු වෙන එක.

අපොයි...මෙහෙමත් නාට්ටි කෙරුවාවක් !

12 comments:

  1. අපි නම් බලන්නේ නැතෝ....

    ReplyDelete
  2. මාත් බලන්නේ නෑ.. අපේ ගෙදර ඈයෝ කටත් බලියන් මෙගා බලනකොට මට ඊට වඩා කේන්ති යන වැඩක් නෑ !!!

    ReplyDelete
  3. ඇයි බොලල්ලා දැන් මෙගා කියලත් මෙගා නාට්ටියක් තියේ නොවැ :D

    පහුගිය කාලෙ තිබ්බෙ ස්වයංජාත කියල එකක් ...අන්න ඒකනම් මන් ආසවෙන් බැලුවා

    ReplyDelete
  4. සාටර් නාට්ටිය බලන එව්වෝ ඒවා බලන්නේ ඇයි කියලා ලක්බිමේ ගිය ලිපියක් මෙතන තියනවා.මං නං යකාගේ පෙට්ටිය පාවිච්චි කොරන්නේ DVD බලන්න විතරයි.

    ReplyDelete
  5. apinam monama nattiyakwath balanne natha.......

    ReplyDelete
  6. වැලක් බලනවා ඊට හොදයි අඩුතරමෙ නියමෙට කෑ ගහන සද්දෙවත් ඇහෙනවා..

    ReplyDelete
  7. මෙගා රැල්ලට තැන ගිහින්.. හොද නිර්මාන වලට තැනක් නොදෙන නාලිකා තියෙන්නෙ..

    මම පටන් ගන්නාව නාලිකාවක් :)

    ReplyDelete
  8. ජාතිකෙ බලන්න.මෙගා උනත් හොද කිපයක් යනව

    ReplyDelete
  9. මාත් කතා බලන එක අත ඇරලා තිබ්බේ.. ඒත් මේ ටිකේ ජාතිකේ යන " ඉස්සරහට යන්න " නම් බලනවා..

    ReplyDelete
  10. රෙහානි :
    අපොයි.... තාම ඒක අපේ අම්මා දැක්කේ නැද්ද කොහෙද. දැක්කා නම් ඒකත් බලයි !

    නිකං :
    යකාගේ පෙට්ටිය නෙමේ ඕක මෝඩ පෙට්ටිය !!!

    S. L. මැලේ රාළ :
    මාත් බලන්නේ නෑ.. මාත් ඒ වෙලාවට පොතක් කියවනවා !


    amila chathuranga :
    අනේද කියන්නේ මාත් ඒ වෙලාවට හෙඩ් සෙට් එක ගහගෙන වැල කෑල්ලක් බලනවා. :)

    ReplyDelete
  11. sAm (සෑම්) :
    අපොයි ඔන්න CSN වගේ එකක් නම් පටන් ගත්තේ නැතුවට කමන් නෑ ඕං !

    Damith Gunawaredane :
    ඔවු ඒකේ විතරයි ටිකක් හරි හොඳ නාට්ටියක් යන්නේ !

    Dinesh :
    මම නම් ඒ බලන්නෙත් නෑ නේ :)

    ReplyDelete
  12. මටත් ඔය කෙරැවාවම නිසයි නෙහාරයි මේනකයි නිසාම නාට්ටි ජීවිතෙන් අයින් කලා....ඒත් අළු බදුන වගේ වෙනස් චරිත මිනිස්සු විශ්වාස නොකරන නමුත් බුදු දහමත් එක්ක ගිය අමුතු එකක් නම් බැලුවා ඒක දැන් ඉවරයි.දැන් ආයෙත් බලන්නෙ නෑ.

    සිත්තමී

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.