09 October 2013

පෑන කෝ ?

සමහර මිනිස්සු තමන්ගේ උවමනාවට ඉල්ලගෙන යන කිසිම දෙයක් වෙලාවට ගෙනත් දෙන්නේ නෑ. ඉල්ලගෙන යනකොට නම් කියන්නේ වැඩේ ඉවර වෙච්ච හැටියෙම ගෙනත් දෙන්නං කියලා. ඒත් සතියක් හමාරක් එක්කෝ මාසයක් විතර යනකන් තියාගෙන ඉන්නවා.

මමම ගිහින් හොයාගෙන එන්න ඕන. එහෙම හොයාගෙන ගියත් අරයා ඉල්ලං ගියා මෙයා ඉල්ලං ගියා කියලා තව කා ලඟට හරි ගිහින් අහන්ඩ ඕන. අන්තිමේදි ඉල්ලගෙන යන්නේ වෙන කෙනෙක් ! ඉල්ලගත්තු දේ තියෙන්නේ වෙන කාලඟවත් !

මම මේ කතා කලේ පහුගිය ටිකේ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එක  එකෙක් ඉල්ලගෙන ගිහින් මාසයක් විතර ලඟ තියාගෙන උන්නා. ඉල්ලගෙන යනකොට නං කිව්වේ සිංදුවක් තියෙනවා ඒක අහලා දෙන්නං කියලා.

ඒ ඉල්ලගෙන යන දේවල් නේ. සමහරු අනුන්ගේ මේස උඩ තියෙන දේවල් තමන්ගේ වගේ අරගෙන ගිහින් තියාගෙන ඉන්නවා. මොකෙක්හරි එකෙක් මම ගේන ගේන පෑන උස්සනවා. එක පාරක් උස්සලා කියලා දැනගත්තහම මම තව පෑනක් ගෙනත් කොල කෑල්ලක නම ලියලා පෑන ඇතුලට දාලා තිබ්බා. ඕං ඒකත් උස්සලා !

ආයේ වතාවකුත්  පෑනක් ගෙනත් නම ගහලා තිබ්බා. ඒකත් ගල් කරලා !

ඔහොම පිට පිට තුන්වතාවක් පෑන් නැති උනාට පස්සේ  මම ආයෙම පෑනක් ගෙනත් ඒකේ නම වෙනුවට "පෑන ගෙනිච්චොත් ගෙනත් තියපං" කියලා කොල කෑල්ලක ලියලා ඒක පෑනේ ඇතුලට දැම්මා.

කියන්ඩ කණගාටුයි ! ඒ පෑනත් උස්සලා !

උස්සලා විතරක් නෙමේ පෑන ඇතුලේ තිබ්බ කොළ කෑල්ල මේසේ උඩ තිබ්බා. ඒකේ මම ලියපු එක යටින් මොකෙක් හරි එකෙක් "හා මචං !" කියලා ලියලා.

ඊට පස්සේ මං හිතා ගත්තා මින් මනත මං පෑන් ගේන්නේ නං නෑ කියලා. පෑන් ගෙනත් පිරිමහන්ඩ බෑ !

20 comments:

  1. මගේ පෑනේ මම ගහලා තියෙන්නේ Steal and Die කියල

    ReplyDelete
  2. හිතන්න එපා පුතා ........... උඹත් පෑනක් ගල් කරපං ....!!! ඒකට කියන්නේ අනුගතවීම කියලා

    ReplyDelete
  3. මම නම් මගේ පෑන කාටවත් දෙන්නේ නෑ...ඔයා ඇවිත් ඉල්ලුවත් ඉතින් එච්චරයි...:D

    ReplyDelete
  4. සිරාම ශුක්‍රාණු වැඩක් නේද වෙලා තියෙන්නේ..............

    ReplyDelete
  5. ආයේ පෑනක් ගෙනල්ලා ඒක ඇතුලට කොළයක් දාන්ඩ මෙහෙම කියලා
    "මම පුක කසන්නේ මේකෙං"

    ReplyDelete
  6. පෑන නූලක ගැටහලා අනිත් කොන මේසේ ගැටගහපං. පුළුවන්නම් සුපර් ග්ලු වලින් නූල අලවපං... නූල ඈදලා පෑන ගන්න හැදුවොත් ගම් ගෑවුන තැනින් පෑන කඩලා යනවා.

    ReplyDelete
  7. පහුවෙලා හරි හොඳ තීරණයක් අරන් තියෙන එක ගැන සතුටුයි ඕක අපේ ඔෆිස් එකෙත් තියෙන ගැටළුවක්

    ReplyDelete
  8. යකෝ උඹ කීවම තමයි මතක් වුනේ මගෙ ළඟත් තියෙනවා බන් ඔය එක එකා නම් ලියලා දාපු පෑන් තොගයක්.උඹට කියන්න ඒවයින් අපි සල්ලි දීලා ගන්න ඒවට වඩා හොඳට ලියවෙනවා.

    ReplyDelete
  9. පෑනෙ පෑන්ටියක් එල්ලපන්

    ReplyDelete
  10. නැති වුන ඒවට හරියන්න පෑනක්වත් උස්සන්න.. නැත්නම් වැඩක් නෑ..

    ReplyDelete
  11. හිහ්.. බොන්ඩ ඕන ප්‍රශ්නයක්.

    ReplyDelete
  12. ඔය ප්‍රශ්නෙ හරියට තියෙන්නෙ එයාර්පෝට්වල. හදිසියේ වැඩේ කරං එලියට යන්න බලන මිනිහට පෑන ගන්න පෝලිමේ ඔක්කොම ඉවරවෙනකල් ඉන්න වෙනවා. එහෙම නැත්නම් පෑන අතෑරලා යන්න වෙනවා.

    ReplyDelete
  13. අපේ නම් පෑනක් නැති වොනොත් වග කිය යුත්තෙක් ඉන්නවා.....කරන්න තියෙන්නෙ මේකාගෙ බෑග්ගේ චැක් කොරන එක විතරයි.....හොරා හිනා වෙනවා......පෑන නැති උන එකා ඉතින් කරන්නෙ ගෙදර අයව මතක් කරන එක....හික් හික්

    ReplyDelete
  14. පැතුම් (රයිටර් ) :
    ඒකත් මරු අයිඩියා එක !

    දිනෙල්ක :
    මින් මනත ඒක තමා මං කරන්ඩ ඉන්නේ... :)

    Podi Kumarihami :
    මං ඉල්ලන් නෑ... පෑන ගල් කරනවා !

    SilentSahan :
    ඔවු ශුක්‍රාණු බල්ලෝ ඉන්නේ... උන් කරන්නෙම ශුක්‍රාණු වැඩමයි !

    දිනුක :
    එලටික් වැඩේ නේ... මරු !

    ReplyDelete
  15. ගෝල්ඩ් ෆිෂ් :
    ඊට පස්සේ පෑන කඩලා දාලා යයි යන්ඩ. මට ආයෙම පෑනක් ගේන්ඩ වෙනවා. :(

    කෝරලේ මහත්තයා :
    කොහෙත් ඕක තමා කෝරලේ මහත්තයෝ !

    sithuwam :
    මේ වගේ එකෙක් එහෙනම් අපේ ඔපීසියෙත් ඇති ! :)

    Anonymous :
    එතකොට කට්ටිය වහ වැටිලා වගේ එයි !

    Dinesh :
    ඔවුවොවුවොව් ! දැන් බලං ඉන්නේ නෑ. දැන් ගේම දෙනවා !

    ReplyDelete
  16. Chinthaka Supun :
    ඔවු.. සිකුරාදා හවස සෙට් වෙමු !

    සරත් ලංකාප්‍රිය :
    ඇයි බැංකු වලත් තියෙනවා. බැංකුවලට මිනිස්සු ආවහම පෑනක් ගේන්නේ නෑ. බැංකුවේ තියෙන පෑන එකෙක් පාවිච්චි කලහම අනිත් උන් පෑන් තියෙන එවුන්ගේ ඒවා ඉල්ලන් වැඩ කරනවා !

    දිලිනි :
    හ්ම්ම්... :)

    අසනි :
    ඉස්කෝලේ යන දවස්වල නම් එහෙම එකෙක් හිටියා. පංතියේ මොනාහරි නැති උනොත් සුවර් ඇන්ඩ් සොට් ඌම තමා ගල්ටික් කරලා තියෙන්නේ !!!

    ReplyDelete
  17. ඕවා ජම්ම ගති...මමත් කැමතිම නැති දේ තමයි ඉල්ලගත්ත දෙයක් අයිතිකාරයා ඉල්ලනකංම ආපහු නොදෙන පුරුද්ද...එතකොට කියන්නෙ අපරාදෙ මම මේ අද ගෙනත් දෙන්න හිටියෙ කියලා...

    ඔය පෑන් අර්බුදයට මම ඉස්සර පෑන ඇතුලට රිංගෙව්වා කොළ කෑල්ලක්...එදායින් පස්සෙ පෑන නැති වුනේ නෑ...ඒකෙ ලියලා තිබුනෙ
    ගත්තොත් ගුටි....කියලා...

    ReplyDelete
  18. බරපතල කේස් එකක් තමයි... අපෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා, හැබැයි නම දැම්ම කොළේ තියෙන නිසා කවුරුහරි දැක්කොත් ගෙනත් දෙනවා!

    ReplyDelete
  19. සිරාගෙ කාමරේ :
    සිරාත් එහෙනං සිරා වැඩ කරලා තියෙනවා :)

    ලහිරු :
    අපේ නම් එහෙම ගෙනත් දෙන්නේ නෑ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.