05 December 2012

පොතක් අහමු.

ඉස්සරම පොත් ආවේ කොළ වල මුද්‍රණය කරලා. ඊට ටික කාලෙකට පස්සේ කොළ වල මුද්‍රණය කරන පොත් වලට අමතරව pdf විදිහට පොත් ප්‍රකාශනයට පත් උනා. කොළ වල මුද්‍රණය කරපු පොත් වගේ නෙමෙයි. මේ පොත් අඩුක් කරලා තියන්න ලොකු රාක්ක ඕනැන්නේ නෑ. ඒ වගේම තමා මුද්‍රණ වියදමකුත් නෑ. වැඩි බරකුත් නැතුව යන යන තැන අරගෙනත් ගියෑකි.

ඒ උනාට මෘදු පිටපත් විදිහට තියෙන පොත් වල ඇති එකම අවාසිය තමයි ඇස් රිදෙනකන් කොම්පීතරයක් ඉස්සරහට වෙලා කියවන්න සිද්ධ වෙන එක.ඊට අමතරව ඕන ඕන වෙලාවට කියවන්නත් බෑ. මොකද ඒ හැම වෙලාවකම කොම්පීතරේ ඔන් කරන්න එපැයි.

දැන් නම් මෘදු පිටපත් විදිහට ප්‍රකාශනයට පත් වෙච්ච පොත් වලට අමතරව ඕඩියෝ පොතුත් තියෙනවා. ගුවන් විදුලි නාට්ටියක් අහන විදිහට පැත්තකට වෙලා ඔහේ පාඩුවේ පොත අහන්න පුලුවන්. තාක්ෂණයත් එක්කම පොත් කියවිල්ලත් කොච්චර සරල වෙලාද ?

මේ ටිකේ වැඩපොලේදි කරන්න තියෙන වැඩ අඩු නිසා මම අන්තර්ජාලේ පීරලා හෙවුවා ෂර්ලොක් හෝම්ස් ඕඩියෝ පොත් ටිකක්. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට ෂර්ලොක් හෝම්ස් සිංහල නාට්ටි කොටස් කිහිපයක් හම්බ උනා.

ටික කාලයකට ඉහතදී සිරස ගුවන් විදුලියේ ඉරිදා 9.30ට සිරස රඟ මඩලෙන් විකාශනය වෙච්ච කොටස් කිහිපයක්. සිරස රඟ මඩල වැඩසටහන තාම විකාශනය වෙනවද කියලා නම් දන්නේ නෑ.

පහතින් තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් ටික. කැමති අය ඉන්නවා නම් බාගෙන අහලා බලන්න. :)

සබ්මැරීනයේ සැනසුම

අවසන් ගැටළුව

 අතුරුදහන් වූ ක්‍රීඩකයා

 ලිපිකරුගේ අභිරහස

රහස් ගිවිසුම 

අතීත අභිරහස

සම්භාවනීය ප්‍රේමවන්තයා 

ඔන්න ඔය ටික තමා හම්බ උනේ. මීට අමතරව පහතින් තියෙන ෂර්ලොක් හෝම්ස් නාට්ටි වල කොටසුත් හම්බ උනා. නමුත් ඒවෑ ඉතුරු කොටස් ටික නෑ.

The Cardboard Box දෙවෙනි කොටස නෑ..


37 comments:

  1. මධු දැන් ඔය කොම්පියුටර් ගාවට වෙලා පැය ගණන් මහන්සි වෙවී කියවන්න ඕනේ නෑ. ටැබ්ලට් වලයි ෆෝන් වලයි ඔය පහසුකම තියෙනවා. මම ගොඩක්ම කියවන්නේ ටැබ් එකකින්. අනික ඇඳේ ඉන්න ගමන් ටී වී බලන ගමන්, බාත් රූම් එකේ ඉන්න ගමන් පාරේ යන ගමන් එහෙම කියවන්න පුළුවන්.

    ඒ උනාට සමහරවිට අපි එන ජෙනරේශන් එකයි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකයි වෙනස් හින්දද මන්දා මට හා තවත් මා දන්න කියන බොහෝ අයට පොතක් පිටු පෙරල පෙරල සුවන්ද විඳිමින් කියවන එක තමයි ආසම ක්‍රමය. ඕඩියෝ බූක් ගැන වුනත් එහෙමයි. කොටින්ම මට ලේසියෙන් යමක් ඇහුවට මතක හිටින්නේ නෑ මම ම කියවලා බලනකම්. මම එක පාරක් පොතක් බැලුවොත් කියෙව්වොත් ඒක කාලයක්ම මතකයි.ඕඩියෝ නම් එහෙම නෑ.

    ReplyDelete
  2. අඩේ ෂර්ලොක් හෝම්ස් ටික නම් පට්ටය

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මධුරංග. මමත් ඉස්සර ඔය සිරසෙ ෂර්ලොක් හෝම්ස් කතා ඇහුව, හෝම්ස්ගෙ හඬ මට තාමත් මතකයි, පස්සෙන් පහු ෂර්ලොක් හෝම්ස් පොත් කියවනකොටත් මම හෝම්ස්ගෙ කොටස කියවන්නෙ අර කටහඬින්. කොහොමටත් ෂර්ලොක් හෝම්ස් කතා ටික ඔක්කොම මට කටපාඩම්.

    පොත් කියවන එක මම ගොඩක් ආසම දෙයක්, ඒත් ඒකෙ නරකම පුරුද්ද මම ඇ‍ඳේ හාන්සිවෙල තමයි කියවන්නෙ. අනික පොතක් අතට අරන් කියවනව වගේ ගතියක් නෑ ඒක වෙන විදියකට අත්විඳිනකොට. කොහොම උනත් අර කතා ටික ආපහු අහල බලන්න ඕන. නිස්කලන්ක රෑක කාමරේ ලයිට් එක ඕෆ් කරල කළුවරේ ජනේලෙන් අහසෙ තරු දිහා බලන් ඇඳේ හාන්සිවෙල ඕක ඇහුවනම් මරු, මම සමහර සිංදු අහන්නෙත් එහෙමයි, ඒක මාරම ෆීලීන් එකක්.

    ReplyDelete
  4. මාත් ආසයි ෂර්ලොක් හෝම්ස් කතා වලට... අහන්න ඕන නිවාඩු පාඩුව...

    ReplyDelete
  5. අහ්... නියමයිනේ.... හිමින් සැරේ ඩවුන්ලෝඩ් කර ගෙන බලන්න ඕනි.... තැන්කු මධුරංග.....

    ReplyDelete
  6. ෂා...මේ ටික නම් නියමයි.ඒ දවස්වල ඇහැව්වා කියල ලාවට මතකයක් තියෙනවා.ආයේ අහන්න ඕනි හරියට.බොහොම ස්තුතියි අයියේ..!!

    ReplyDelete
  7. මේක නම් හොඳ අදහසක්. බස් එකක යද්දී උනත් හැමදාම අහ අහ යන සින්දු වෙනුවට මේ වගේ එකක් අහන්න පුළුවන්...ස්තුතියි මධුරංග..

    මම නම් පොත කියවන්න හරිම කැමතියි. ඒත් දැන් නම් වෙලාවක් නෑ කියවන්න. ගත්ත පොත් තාම කියවලා ඉවර නෑ...

    ReplyDelete
  8. දැන් සොෆ්ට්වෙයාර් තියෙනවා PDF, Doc ඕඩියෝ වලට කන්වර්ට් කරන්න. තාම එච්චරම ස්මූත් නෑ. හැබැයි තව අවුරුද්දකින් දෙකකින් ඔයිට වඩා දියුණු වෙයි.

    කියවන්න වෙලාවක් නැති වෙලාවට, කාර් එක එහෙම ඩ්‍රයිව් කරන් ඔෆිස් යන වෙලාවට කොච්චර ෂෝක්ද පොතක් අහගෙන යන්න තියෙනවනම්.

    ReplyDelete
  9. ඒ උනාට මං නම් ආස පොත කියවන්න..

    ReplyDelete
  10. ෂර්ලොක් හෝම්ස් ලින්ක් ටිකට නම් ස්තුතියි..
    මට තාමත් මතකයි රෑ 9ට මේ කතාව අහන්න රේඩියෝ එක ගාව කැරකි කැරකි හිටි හැටි..

    ReplyDelete
  11. දැන්මම බලනවෝ............. තැන්කු වේවා කිව්වා.

    ReplyDelete
  12. එකත් හොඳයි. රෑට පුංචි අකුරු කියවන්න අමාරු අයට හෙම . ලෝකය දියුණු වෙන වේගය

    ReplyDelete
  13. good work.i will download it..

    ReplyDelete
  14. එකනම් අපි වගේ කම්මලියෝන්ට මාර වටිනවා..

    ReplyDelete
  15. ලෝකේ දියුණු වෙලා තරම........!!.. තව ඉස්සරහට මොන මොනවා ඒවිද දන්නේ නෑ

    ReplyDelete
  16. ඔය සිංහල ඒවාවල සම්පූර්ණ කතාවම තියෙනවද?

    ReplyDelete
  17. මම හරි ආසාවෙන් අහපු කතා ටිකක් තමයි සිරසේ ගිය ෂර්ලොක් හෝම්ස් කතා ටික. මම දැකපු ගමන් ඒ ටික ඩවුන්ලෝඩ් කරගත්තා....බොහොම ස්තුතියි!

    ReplyDelete
  18. ඇත්තටම පොතක් අතට අරන් කියවන තරම් දැනෙන සංවේදී බවක් පරිගණකයෙන් පොත් කියවද්දි දැනෙන්නෙ නෑ. පොතක් රස විදින්න පොත අතට ගත යුතුමය කියලා හිතෙනවා.

    ReplyDelete
  19. ස්තුතියි යාලුවා.. ඊ බුක් කෙහෙල්මල් කියෙව්වට යන්නෙ නෑ ඔලුවට..

    ReplyDelete
  20. මේක නම් නියම වැඩක්.

    මමත් කැමති පොත් කියවන්න. ඒත් ඉතින් පාඩම් වැඩ වල පහසුවට නම් ඊ බුක් පාවිච්චි කරනවා.

    ReplyDelete
  21. සාමාන්‍යයෙන් මම නෙට් එකේ ඉදන් පොත් බලන්නෙ නැහැ.. ඒක මට මහ අමාරු වැඩක්... ඒත් මේ මධුරංග දිල තියන පොත් ටික බලන්නත් ඕනි... අනේ මන්ද....

    හොඳ වැඩක් කරල....ජය

    ReplyDelete
  22. මුවන්පැලැස්සත් තිබුනොත් දාපන්... තාම ගුවන්විදුලියෙ යනවද ඒක...

    ReplyDelete
  23. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  24. දැන් තමයි ඔක්කොම බාලා ඉවර කලේ. ස්තුතියි මධුරංග.

    ඉස්සර (2000දි විතර) තාත්තයි, මායි, අයියයි රේඩියෝ එක ගාවමයි මේක අහන්න. තිබ්බ දවසනම් මතක නෑ.

    ReplyDelete
  25. මිනි ප්‍රොජෙක්ට් එකට මම හැදුවෙත් ඔය විදියට Text to Speech software එකක් :) ම්ම්ම්... මමත් බාගන්නවා ඔන්න! ස්තූතියි කිව්ව!

    ReplyDelete
  26. අඩේ පස්ට ඈ අයියේ...

    ReplyDelete
  27. මචං මධුරංග, මේ කතාවලින් සම්භාවනීය ප්‍රේමවන්තයා, අතීත අභිරහස කියන කතා දෙකේ දෙවෙනි කොටස් විතරයි තියෙන්නෙ, පළවෙනි කොටස නෑ.

    අනෙක අර මුලින් දාලා තියෙන නම ‘සබ්මැරීනයේ සැනසුම‘ ‘සබ්මැරීනයේ සැලසුම‘ වෙන්න ඕන.

    ReplyDelete
  28. මධූරායෝ මාත් ඒ දවස් වල ඔය ඉරිදා රෑ 10 නේද බං ගියේ ඕක අනිවා අහනවා. රංජිත් අමරසේකර මහත්තයා තමා වැඩේ කොළේ.. සර්ලොක් හෝම්ස් නං අනිවා... අනිත් ඒවත් අතරින් පතර. දැං නෑ බං. ඒක. මං මේක බුක් මාක් කරා බං පස්සේ අහන්න. ස්තුතියි ගොඩාක්..

    ReplyDelete
  29. ශා............ මරුනෙ.. තැන්කූ අයියෙ!!!

    ReplyDelete
  30. මොනවා වුනත් පොතක් අතට අරගෙන කියවනවා තරම් දෙයක් නෑ මට නම්. ඔය හෝම්ස්ගේ කතා සියල්ල මම කියවලා තියෙනවා. ඒවා නම් මරේ මරු.

    ReplyDelete
  31. කියවන්න අකමැති, කියවන්න වෙලාව නැති, කියවන්න නොහැකි අයට මේ ක්ර මය ගොඩක් හොදයි... මට නම් පොතක් අතට අරන් කියවන එක තරම් හිතට දැනෙන්නෙ නැහැ අනිත් විධි.....

    ReplyDelete
  32. මොකෝ බන් ලියන් නැත්තේ

    ReplyDelete
  33. රසස්වාදය ලැබිමට ස්පර්ශයත් අවශ්‍යය.එත් ඉතිං මිනිස් සිත විවිධාකාරය.

    මනසින් දිවියට

    ReplyDelete
  34. අනේ මට නම් ඇස් දෙකෙන් කියවනව වගේ නෑ මුකුත්.පොත් කිව්වොත් හොද පොට් එකක් අල්ලගෙන තේකක් හදාගෙන කකුල් දෙක තව පුටුවක් උඩ තියාගෙන රහ බල බලා පිටුවෙන් පිටුව කියවන්න ඕන.විශේෂයෙන්ම ෂර්ලොක් හෝම්ස් වගේ ‍ඩිටෙක්ටිව් පොත්!

    කොහොම වුණත් ස්තූතියි බෙදා ගත්තට..))

    ReplyDelete
  35. පොතක් අහමු කියද්දි මං බැලුවා මොකද්ද මේ කියලා.සැබ්මැරීනයේ සැනසුම බාගත්තා.ස්තූතියි !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.